PDA

View Full Version : ශ්‍රිලංකාවේ_රාජධානි_1 - අනුරාධපුර_රාජධානිş


Sun_Boy
12-17-2010, 07:22 PM
ඔන්න අද මම හිතුව අපේ රාජධානි ගැන ලිපි ටිකක් ලිව්වොත් හොඳයි කියලා..මම දාන්න විදිහට නම් අපේ රටේ රාජධානි 7 ක් තිබිල තියෙනවා..ඒවා පිලිවෙලින් අනුරාධපුරය,පොලොන්නරුව,දඹදෙණිය,යාපහුව,කුරුණෑගල,ගම්ප ොල,කෝට්ටේ ලෙස..ඉතින් අද මම කියන්න යන්නේ අපේ රටේ පළමු රාජධානිය වන අනුරාධපුරය ගැන..ඉතින් ඔයාලත් බලලා තව එකතු වෙන්න දේවල් එහෙම තියෙනවා නම් කියන්න..ඒ වගේම වැරදි අඩු පාඩු එහෙමත් තියෙනවා නම් කියන්න..එහෙනම් ඔන්න පටන් ගමු...:):)

ඓතිහාසික මූලාශ්‍රයන්හි සහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව ඒහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂ්‍ය ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට ඒපිට කාලය පිළිබද තොරතුරු ඇත්තේ මද වශෙයනි.

අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙය් පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අශ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලෙය්දී අනුරාධපුරෙය් ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටිෙය්ය. වගා කළ හැකි සරු බිම් ඒ වටකොට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.

ක්‍රි.පූ 500-250 අතර කාල පරාසයක විහිදුණ මෑත පූර්ව ඓතිහාසික යුගය වංශකතා ඇසුරින් අධ්‍යයනය කළ හැකිය. නගරද්වාර, වෙළෙඳපොළ ආදිය සහිතව නගරය ක්‍රමිකව සැලසුම් කරන ලද්දේ පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහිය. එසමයෙහි ආසියාවේ පැවති විශාලතම නගරයන්ගෙන් එකක් වූ එය ඒ වන විට වර්ග කිලෝ මීටරයක භුමි භාගයක් වසා සිටින්නට ඇතැයි සිතිය හැක.

ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උ‍දෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බව‍ට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.

නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

හින්දු වීර කාව්‍යයක් වූ රාමායණයෙහි එන අසුර රාජ රාවණයන්ගේ අගනගරය අනුරාධපුරයෙහි පිහිටි බව කියැවේ. පුරාවෘතයෙහි එන පරිදි රාමයන්ගේ අනුගාමිකයකු වූ හනුමන් විසින් නගරය දවාහළු කරනු ලැබීය. හින්දූන් අතර ජනප්‍රිය ඇති පුරාවෘතයෙන් කියැවෙන්නේ, අද වුවද අනුරාධපුරයෙහි කුමන ස්ථානයක කැණීමක් කළත් අළු ස්තරයක් දැකිය හැකිවන බවය.

බුදු දහමේ හඳුන්වා දීමත් සමඟම මෙම නුවර විසල් කැපීපෙනීමක් ලැබුවාක් මෙන්ම මහා ඉඳිකිරීම් යුගයක් ද ඇරඹුනි. මහා වංශය පවසන්නේ කුටකන්‍න තිස්ස රජු විසින් රියන් හතක් උස තාප්පයක් ජල අගලක් ඉදිරියෙන් පවතින පරිදි පලමු තාප්පය ඉදිකළ බවයි. පසුව වසභ රජු විසින් මෙය රියන් 11 සිට රියන් 18 දක්වා උස්කොට තවදුරටත් බලවත් කරන ලදි. එසේම රජු විසින් ශක්තිමත් දොරටු නිවස්න, වාසල් කඩ ඉදි කර ඇති අතර ඒවායෙහි නටබුන් අදද දැකිය හැක. මහා වංශය තව දුරටත් පවසන්නේ ඉදිකිරීම් හිදී නිමිති කියන්නන් සහ වාස්තු විදුවන් ගේ උපදෙස් ලැබූ බවය.

විසල් විහාර මන්දිර සංකීර්‍ණ සහ පැරණි ලෝකයේ උසම ගොඩනැගිලි මහා ගොඩනැගීම් යුගයක් ඇරඹිය. අදටත් ජේතවනාරාම දාගැබ ලොව උසම ගඩොලින් තැනූ ගොඩනැගිල්ල වේ. මහා විහාරය සම්මත ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය වූ අතර එය ක්‍රි.පූ. 249 දී දේවානම් පියතිස්ස රජු විසන් ඉදිකරන ලදි. අභයගිරි විහාරය මහායාන බෞද්ධයන් විසින් පිහිටුවන ලදි. ක්‍රි.පූ. 275-310 රජ කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරය සහ මහා විහාරය අතර ජේතවනාරාම විහාරය ඉදිකළේය. නගරාසන්නයේ අති විසල් ස්තූප සහිත වූ ප්‍රධාන විහාර ඉදිකෙරුණි. මහා විහාරයට අයත් මහා ස්තූපය, ශ්‍රි මහා බෝධිය, ථූපාරාමය ආදිය නගරයට දකුණින් ඇත. අභයගිරිය උතුරින්ද, පුබ්බාරාමය නැගෙනහිරින්ද, තනොවාන ඊසාන දෙසින්ද ගිණිකොන දෙසින් ජේතවනාරාමයද පිහිටා තිබේ. ශ්‍රී දළදා වහන්සේ අනුරපුරයට ගෙන ආවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමන් ගේ කාලයෙහිය. දළදා වහන්සේ වැඩසිටි ගොඩනැගිල්ල දම්මචක්ක ලෙස හැදින්වේ. වසරක් පසා පෙරහරින් එය අභයගිරිය වෙත ගෙන ගොස් දළදා ප්‍රදර්ශණයක් පැවැත්විය.

දිහින් දිගටම දකුණු ඉන්දීය ආක්‍රමණ නිසා අනුරාධපුරය නගරය අත හැර ඊට සාපේක්‍ෂව ආරක්‍ෂිත පොළොන්නරුවට පරිපාලන නගරය ගෙන ගියේය.නගරයට සහ එහි වූ වාරී සංකීරණයට වූ අති මහත් විනාශය හේතුවෙන් එය සම්පූර්ණයෙන් ම අතහැර අවුරුදු දහසකට ආසන්න කාලයක් ජරාවාස වන්නට හැරුණි. පසුව 19 වන සතවසරේදී බ්‍රිතාන්‍ය පරිපාලනය විසින් කැළෑ හෙළි කර නැවත ජනාවාස ඇති කෙරිණි.

:):)

dilrasan
12-17-2010, 07:28 PM
Ammooo diga lipiyak...igena ganna ayata godak watinawa...keep it up:yes:

Sun_Boy
12-17-2010, 07:42 PM
Ammooo diga lipiyak...igena ganna ayata godak watinawa...keep it up:yes:

ඔව් මචන්..ටිකක් දිග වැඩි වුනා..ඒක නිසාම තමා මම පින්තුර දැම්මේ නැත්තෙත්..අනිත් ඒක ඉතින් හැමෝම අනුරාධපුරේ යනවනේ...:D:D

JAASBandara
12-17-2010, 08:14 PM
ela....Vatina Thread Ekak...:D

Sun_Boy
12-17-2010, 08:38 PM
ela....Vatina Thread Ekak...:D

thanx machan....:):)

gudaya
12-17-2010, 08:51 PM
ela kukuwo

Sun_Boy
12-17-2010, 09:05 PM
ela kukuwo

thanx machan...:)

Sun_Boy
12-17-2010, 09:23 PM
bump

bohokal
12-17-2010, 09:24 PM
good work bro

RazorH
12-17-2010, 10:09 PM
Ela ela..

jontyc
12-17-2010, 10:12 PM
වැඩේ එල ඒත්

You must spread some Reputation around before giving it to Sun_Boy again.

Sun_Boy
12-18-2010, 11:42 AM
thanx all....:)

Sun_Boy
12-18-2010, 07:49 PM
:)

gn.karunarathna
12-18-2010, 07:51 PM
maxxa machan....
You must spread some Reputation around before giving it to Sun_Boy again. :(

Silver bird
12-18-2010, 07:53 PM
:)

Sun_Boy
12-18-2010, 09:29 PM
maxxa machan....
You must spread some Reputation around before giving it to Sun_Boy again. :(

thanx machan....:):)

jontyc
12-18-2010, 09:38 PM
ela kukuwo



wade nam ela kukuwo kiwwa eka thama naraka :lol::lol::lol::lol::lol::lol:

Sun_Boy
12-18-2010, 10:55 PM
wade nam ela kukuwo kiwwa eka thama naraka :lol::lol::lol::lol::lol::lol:

:P:P

silentsahan
12-25-2010, 11:51 PM
අපරාදේ අනුරාධපුරේ තියෙන්න තිබ්බේ හම්බන්තොට පැත්තේ...

suse
03-03-2011, 03:29 PM
ශ්‍රී ල0කා පාසල් විෂය මාලාවෙන් ල0කා ඉතිහාසය අතුගා දමා ඇති මෙවන් යුගයක ඔබේ මේ ඉදිරිපත් කිරීම නම් ඉතාම අගනේ ය. මෙය අඛණ්ඩව ඉදිරියට ම කරගෙන යන ලෙස ඉල්ලීමක් කරමි.
බොහොම ස්තූතියි ඔයාට

urajdrlk
03-03-2011, 03:37 PM
Good post :)