rolecoaster
02-17-2011, 03:14 PM
බි‍්‍රතාන්‍යයේ පලවන ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත විසින් 2011 වසරේ ලොව පුරා සංචාරකයන් අතර ඉහළ ආකර්ශණයක් සහිත රටක් ලෙස ශී‍්‍ර ලංකාව නැවතත් නම්කර තිබේ. ලෝක කුසලාන කි‍්‍රකට් තරග නැරඹීම, ලොව උසස්ම තේ රස බැලීම, සුන්දර වෙරළ තීර ඇතුළු සංචාරකයන් ආකර්ශනය කර ගන්නා හේතූන් රැසක් එම පුවත්පත සඳහන් කර ඇත. බි‍්‍රතාන්‍ය - ඉන්ඩිපෙන්ඩන් පුවත්පතේ ඊයේ පළ වූ එම වාර්තාවේ මාතෘකාව වූයේ 2011 වසරේ උණුසුම් සංචාරක මධ්‍යස්ථාන සහ ශ‍්‍රී ලංකාවේ දී සංචාරකයන්ට ලැබිය හැකි අත්දැකීම් යන්නයි. එමගින් සංචාරකයන්ට මග පෙන්වන ලෝන්ලි - ප්ලැනට් වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව පිළිබඳව පල කළ සටහන ද උපුටා දක්වා තිබේ.
එම වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව හැදින්වූයේ ඉන්දීය සාගරයේ මාණික්‍යයක් ලෙසය. මේ වසරේ දී සංචාරකයන් හත්ලක්ෂයක් ගෙන්වා ගැනීමට සහ වසර 2016 වනවිට මිලියන 2.5 ක සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට ශී‍්‍ර ලංකාවේ පවතින සැලසුම් ද ඉන්ඩිපෙන්ඩන් පුවත්පත පැහැදිලි කර තිබේ.