PDA

View Full Version : WANNI OPERATION


sindukade1
09-26-2008, 10:18 AM
වන්නි ගැටුම් දැඩි වේ, හමුදා සේනාංක ඒ 9 මාර්ගය අභියස

වන්නි මෙහෙයුමේ නිරත ආරක්ෂක හමුදා ඊයේ (සැප්තැම්බර් 24) වන විට කිලිනොච්චි සහ වව්නියා උතුරු යුද පෙරමුණු වලින් එල්.ටී.ටී,ඊ. ත්*රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් යාපනය-නුවර (ඒ 9) මාර්ගයේ ආසන්නයට පැමිණ සිටින බව වන්නි ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම යුද පෙරමුණු වල ඉදිරියට ගමන් කරන 57 වන සේනාංකයේ භට පිරිස් කොකාවිල් දෙසටත් කාර්ය සාධක බළකා 2 හි සෙබලුන් මාන්කුලම් දෙසටත් ළඟා වෙමින් සිටින බවද වාර්තා තහවුරු කරයි.

මුලතිව් මහ කොටි බලකොටුව දෙසට ගමන් කරමින් සිටින 59 වන සේනාංකයේ සෙබලුන් සහ කොටි ත්*රස්තවාදීන් අතර ආන්දන්කුලම් ප්*රදේශයේදී දිනය පුරා ගැටුම් පැවති බව යුද පෙරමුණෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි. මෙම ගැටුම් වලදී ත්*රස්තවාදීන් 05 දෙනෙකු මිය ගොස් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් ත්*රස්තවාදීන් 17 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කෙරේ. යුද හමුදා සෙබලුන් 04 දෙනෙකුද මෙම ගැටුම් වලදී තුවාල ලබා ඇත.

යාපනය මුහමාලේ යුද පෙරමුණේ රාජකාරියේ නියුතු භට පිරිස් ඊයේ රාත්*රියේ දී යුද හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට ඉදිරියෙන් වූ ප්*රදේශයේ සිටි ත්*රස්ත කණ්ඩායමකට ප්*රහාරයක් එල්ල කර ඇත. ප්*රහාරයෙන් පසුව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ත්*රස්තවාදියෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට යුද හමුදාව සමත් විය. එල්.ටී.ටී.ඊ. පණිවිඩ හුවමාරු වලින් අනාවරණය වී ඇති පරිදි හමුදා ප්*රහාරයෙන් ත්*රස්තවාදීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පසුව අනාවරණය වී තිබේ. ආරක්ෂකත වාර්තාවන්ට අනුව ප්*රදේශයේ සිදු වූ වැඩි දියුණු කළ බෝම්බ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් ඇති අතර සිදු වූ පුද්ගලනාශක බෝම්බ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු තුවාල ලබා ඇත.

මෙහෙයුම් තව දුරටත් ක්*රියාත්මකයි.

http://www.youtube.com/watch?v=ktT3PZfWuI4



http://i3.ytimg.com/bg/zkA9pAVjIIzBSArnWOR0yg/default.jpg?app=bg&i=3166768
http://www.defence.lk/orbat/Default.asp

msanjeewa
09-26-2008, 10:20 AM
thanks for the info

kinkon
09-26-2008, 10:29 AM
Thanks for the info.

max4uall
09-26-2008, 10:29 AM
thanx machan....me para denawa bate!!!!

thm14
09-26-2008, 10:48 AM
Elazzzz.....
ME para Apa nathi karanawa sure.....
ThnXx fo d info machnzzz

indika_sam
09-26-2008, 10:50 AM
thanx bro.

ape kollo ikamanatama kilinochchiyath allanawa