PDA

View Full Version : අපේ බිතු සිතුවම්


sooryaputhraya
04-28-2011, 08:36 PM
අපේ බිතු සිතුවම්

බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප්‍රධාන සංකේත තුනකි. බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී ඇත. ලංකාවට බුදු දහම පැමිණීමට පෙර සිටම මෙරට චිත්‍ර කලාවක් පැවති බවට බලි චිත්‍ර කලාව ආදී දේශිය චිත්‍ර කලාවන් ගෙන් පැහැදිලි වේ. බුදු දහම ලංකාවට පැමිණි පසු බුදු සිරිත හා ජාතක කතා ආශ්‍රය කොට ගෙන චිත්‍ර කලාව වැඩි වර්ධනය විය.


ආදිම බෞද්ධ චිත්‍ර

අනුරාධපුර යුගයේ මුල් යුගයේ සිතුවම් දැනට විද්‍යමාන නොවීම මත පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වී එකල චිත්‍ර කලාව පිළිබද විමසීම දුෂ්කර වේ. නමුත් බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් විමසීමේදී බෞද්ධ භික්ෂුන් වහන්සේද බෞද්ධ කලා ශිල්ප පෝෂණය කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් සිදු කර තිබේ. චුල්ල වග්ගයේ සේනාසනක්ඛන්දයේ දැක්වෙන පරිදි භික්ෂු ආරාමයන්හි සුදු පාට හා ගුරු පාට වර්ණ ආලේප කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව පෙනී යයි. බෞද්ධ චිත්‍ර කලාවේ මුල් අවස්ථා මෙම වර්ණ භාවිතය තුළ දැකිය හැකිය. මෙසේ වර්ණාලේපිත ඔපමට්ටම් කළ බිත්ති මත මල්කම් ලියකම් ආදී ස්වභාවික දර්ශන සිතුවම් කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ථේර ගාථා අටුවාව අනුව බිම්බිසාර රජු විසින් බුද්ධ චරිතාපදානය සිතුවමට නඟා තම මිතුරකුට යැවූ බව සදහන් වේ. ජාතක තථා තුළද සිතුවම් කලාව පිළිබදව විස්තර සදහන් බව කුස ජාතකය ආදිය මගින් පෙනී යයි. මෙවැනි සිතුවම් කලාවන් මහින්දාගමනයත් සමගම ලංකාවට දායාද කොට ලැබිණි. සංඝමිත්තා තෙරණියගේ දේහය ආදාහනය කරන ලද්දේ ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි චිත්‍ර ශාලාව ආසන්නයේ බව මහා වංශයේ සඳහන් වේ. මෙය බොහෝවිට චිත්‍ර සඳහා වෙන්කළ ගොඩනැගිල්ලක් විය හැක. ලෝවාමහාපාය තැනීම පිළිබද විස්තර කරනු ලබන වංශය තුළ රහතන් වහන්සේ විසින් දේව විමානයක් හිදැගුලෙන් වස්ත්‍රයක ඇඳ රජුට ඉදිරිපත් කළ බව දක්වයි. පස්වන සියවසේ බුද්ධඝෝෂ අටුවාචාරින් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගයෙහි කුරණ්ඩක ලෙනෙහි සත්බුදුවරුන්ගේ අභිණිෂ්ක්‍රමණය සිතුවම් කර තිබු බවත් එය ඉතාම මනරම් බවත් සඳහන් වේ.


සීගිරි බිතු සිතුවම්

ලංකාවේඇති පැරණිම සිතුවම් ලෙස පස්වන සියවසට අයත් සීගිරි චිත්‍ර හදුන්වනු ලැබේ. මල් ලියකම් සහිත අලංකාර ශීර්ෂාභරණයෙන් සැරසුන හිස් ඇති විවිධ ඉරියව් වලින් යුත් උඩුකය පමනක් දැක්වෙන නාරි රූප මෙම චිත්‍ර මගින් දැක්වේ. කාශ්‍යප රජුගේ බිසෝවරු හා සේවිකාවන් පිදුරංගල විහාරයට මල් පූජාව සඳහා යන අයුරු මෙම චිත්‍ර මගින් නිරූපනය කරන බවද ඔවුන් අප්සරාවන් බවද ඔවුන් විජ්ජුලතා හා මේඝලතා නිරූපනය කරන බවටද විවිධ මත පළ වී ඇත. මෙම සිතුවම් දඹදිව අජන්තා විහාරයේ බෞද්ධ සිතුවම් ගුරු කොට ගෙන නිර්මාණය කර ඇති බවටද මතයක් පල වී ඇත. දැනට සිතුවම් 21ක් පමණක් දක්නට ලැබුණද එහි සිතුවම් පන්සිය ගණනක් තිබූබව සීගිරි කුරුටු ගී ඇසුරෙන් පෙනි යයි. සිරුරේ ව්‍යුහය පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව මෙම චිත්‍ර නිර්මාණය කර ඇති බව පෙනි යයි. රටේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතරම් ලාලිත්‍යකින් යුත් සුන්දර සිතුවම් හමු වී නැත. චිත්‍ර ඇදීම සඳහා ගල්තලය පිළියෙල කර ඇත්තේ මැටි,කිරිමැටි,දහයියා හා කොහුබත් වලින් සකස් කර ගෙන ඇති මිශ්‍රනයක් ආලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා පිරිමැද රතු පැහැයෙන් ආකෘති ඇද තිබේ. ඉන් පසු කහ,රතු හා කොළ වර්ණ යොදා චිත්‍ර සම්පූර්ණ කර ඇත. ශරීරයේ හා අඟපසග වල හැඩය පෙනෙන පරිද්දෙන් රේඛා භාවිතා කර තිබේ. විශේෂයෙන්ම අත් ඇගිලි නිරෑපනය කිරීමේදි ඉතා සියුම් ලෙස රේඛා හසුරුවා ඇත. සිහිනිඟ හා පියයුරු වලින් මෙම චිත්‍ර වලට වඩාත් සජීවි බවක් ලැබී ඇත.

http://upload.wikimedia.org/wikipedia/si/thumb/b/b3/Sigi.jpg/222px-Sigi.jpg

http://upload.wikimedia.org/wikipedia/si/d/d8/Sigiri.jpg

http://www.mysrilankaholidays.com/gallery/sigiriya-7.jpg

http://upload.wikimedia.org/wikipedia/si/5/5f/Sigiriya2.jpg

http://www.goonabreak.com/gt/photogallery/upload/sigiriya/Sigiriya%7Ef.jpg

http://t3.gstatic.com/images?q=tbn:ANd9GcQRgwbvQ0GRAMyuER_DlUBOpKBZrMS1T _ghUS8kC1yRWvZmv6dC&t=1

http://upload.wikimedia.org/wikipedia/si/4/48/Tn_Sigiriya_SriLanka_Fresco.jpg

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSyGp-aXpmZJxyWfU5wUpFEjkI8K-4katV5YmEcQGDkt90qxZo4nQ&t=1

sajithf
04-28-2011, 08:38 PM
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

+rep

Mozilla
04-28-2011, 08:39 PM
පට්ට මචං

sooryaputhraya
04-28-2011, 08:40 PM
හිඳගල චිත්‍ර


සීගිරි චිත්‍ර සම්ප්‍රදාය ගුරු කරගත් චිත්‍ර මහනුවර ආසන්නයේ හිඳගල විහාරයේ දක්නට ඇත. ක්‍රි.ව. 7 වන සියවසට අයත් මෙම චිත්‍ර දැන් මැකී ගොස් තිබේ. සීගිරි සිතුවම් වලටත් වඩා ප්‍රාණවත් බවක් රේඛා භාවිතය තුළින් මෙම චිත්‍රවලට ලැබී ඇත. මිනිස් රූප නොයෙක් ඉරියව් වලින් දැක්මට මෙම සිත්තරා සමත් වී ඇත.මිහින්තලේ දාගැබක දාතු ගර්භය තුළින් හමුවු දේවතාවන් වළාකුළු වලින් මතු වන අයුරු දැක්වෙන සිතුවමද සීගිරි චිත්‍රවල ලක්ෂන දරා ඇත. ආකෘතික රේඛා පමණක් දක්ණට ඇති මෙම චිත්‍ර 8 වන සියවසට අයත්ය.


http://visitkandysrilanka.com/wp-content/uploads/2009/09/hindagala_temple_kandy_sri_lanka_thumb2.jpg


http://upload.wikimedia.org/wikipedia/si/thumb/5/50/Hindagala_paints.jpg/800px-Hindagala_paints.jpg


http://upload.wikimedia.org/wikipedia/si/thumb/d/d9/Hid.jpg/800px-Hid.jpg


http://upload.wikimedia.org/wikipedia/si/b/b1/Hindagala.jpg


http://upload.wikimedia.org/wikipedia/si/f/f2/Hindagala2.jpg

Kasmadumala
04-28-2011, 08:43 PM
good post...........:D

sooryaputhraya
04-28-2011, 08:46 PM
පොළොන්නරු යුගයේ බිතු සිතුවම්

පොළොන්නරු යුගයේ චිත්‍ර කලාව ඉතා දියුණු තත්වයක තිබුණු බවටත් රජ මාළිගා හා සරස්වතී මණ්ඩපය සිතුවම් වලින් අලංකාර කර තිබුබවත් චූලවංශයේ සඳහන් වේ. පොළොන්නරු යුගයේ පැරණිම චිත්‍ර 1වන විජයබාහු රජ සමයට අයත් වන අතර එය මහියංගනය ථූපයේ ධාතු ගර්භයෙන් හමු වී තිබේ. රේඛා වලින් රූප සටහන් ඇඳ වර්ණ සංයෝජනය කර ඇති මෙම චිත්‍ර මගින් අනුරාධපුර යුගයේ චිත්‍ර ශිල්පය අඛන්ඩව පොළොන්නරු යුගයට පැමිණි බව සනාථ කරයි. මාර පරාජය පිළිබදව තේමා කොට ඇති මෙම චිත්‍ර පැහැදිළි රේඛා භාවිතය මගින් උසස් ස්ථනයක් ලබා ගෙන තිබේ. සීගිරි චිත්‍ර සිහිගන්වන සුළු මනහර රේඛා භාවිතයකින් දෙවිවරුන්ගේ සිරුරු නිර්මාණය කර ඇති අතර රතු,කළු,කහ හා සුදු වර්ණ වලින් නිමා කර ඇති මෙම චිත්‍ර උසස් සෞන්දර්යකින් යුක්ත වේ. දිඹුලාගල විහාරයේ චිත්‍රද පොළොන්නරු යුගයේ චිත්‍ර අතර වැදගත් තැනක් හිමිකර ගනී.මේ චිත්‍ර අතර සස ජාතකය, දේවදත්ත තෙරුන් ආශ්‍රිත කථා පුවත්ද දැකිය හැකි අතර ඒවා දැන් මැකී යමින් පවතී. දිඹුලාගල පර්වතය ආශ්‍රිත පුල්ලිගොඩ පර්වත කුහරයක ඇති සිතුවම්,පොළොන්නරුව ගල් විහාරයේ හා ලංකාතිලක විහාරයේ ශේෂ වී ඇති සිතුවම්ද පොළොන්නරු යුගයේ චිත්‍ර කලාවේ සුවිශේෂි ලක්ෂණ පිළිබඹු කරයි.


මහියංගන විහාරයේ බිතු සිතුවම්

මෙම චිත්‍ර අතරින් විශාලම චිත්‍රය ලෙස සැළකිය හැක්කේ බුදුරදුන් බෝ මුල අබියස වැඩ සිටින ආකාරයත් ඒ අසළින් තාපස ලීලාවක් දක්වන අයෙකු වාඩි වී සිටින ආකාරයත් දැක්වෙන චිත්‍රයයි. බුද්ධත්වයට පත්වීම දැක්වෙන චිත්‍රයේ බුදුරදුන් වැද පුදා ගැණීමට තුන් ලොවින් පැමිණි දෙවියන්ද මල් අතින් ගත් විෂ්ණු දෙවියන්ද මාරයා පැරදී පලා යාමද දක්නට ලැබේ. චිත්‍රකරණය සඳහා යොදාගෙන ඇති වර්ණ අතර රතු, කහ, සුදු, දුඹුරු යන වර්ණ උපයෝගී කරගෙන ඇත. පොළෙන්නරු යුගයේ සාම්ප්‍රදායික රේඛා චිත්‍ර අතර පැරණිතම චිත්‍ර වශයෙන් මෙම චිත්‍ර හැදින්විය හැකිය. එකොළොස්වන ශත වර්ෂය තරම් පැරණි යුගයක කලා කරුවෙකුගේ තෙළිතුඩින් සිත්තම්ව මිනිස් ඇසට නොපෙනී වර්ෂ දහසකට නොඅඩු කාලයක් තැන්පත්ව තිබුණු මේ අග්‍රගණ්‍ය කලාකෘති මුළු ලොවටම ප්‍රදර්ශනය වන ආකාරයෙන් වර්තමානයේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත.


http://upload.wikimedia.org/wikipedia/si/2/29/Mahiyana.jpg


http://upload.wikimedia.org/wikipedia/si/8/8b/Mahiyana1.jpg




තිවංක පිළිම ගේ බිතු සිතුවම්

පොළොන්නරු යුගයේ විශාලතම චිත්‍රාවලිය තිවංක පිළිම ගෙය තුළ දක්නට ලැබේ.මෙහි ගන්ධකුටියේ ඇති චිත්‍ර විශාල වශයෙන් බුද්ධ චරිතය නිරූපනය කරන අතර අන්තරාලයේ සිතුවම් වලින් ජාතක කථා නිරූපණය කරයි. මට සිළිටු කළ වියළි බිත්ති මත රතු පැහැයෙන් චිත්‍රවල බාහිර රේඛා නිරූපනය කර ඇති අතර රතු,කහ හා කොළ වර්න යෙදා චිත්‍ර සම්පූර්ණ කර තිබේ. ගැලපෙන පරිදි රේඛා නැමීමෙන්ද, රේඛාවල මහත අඩුවැඩි කිරීමෙන්ද,කුඩා සිහින් ඉරි කැබලි යෙදීමෙන්ද සිතුවම්වල වටකුරු බව ලබාගෙන තිබේ. අජන්තා චිත්‍ර සම්ප්‍රදාය අඛන්ඩව ලංකාවේ 12 වන සියවස දක්වාම පැවති බව තිවංක පිළිම ගේ බිතු සිතුවම් මගින් පැහැදිළි වේ. බුදුහිමි දෙව්ලොව සිට සංකස්ස පුර වෙත වැඩම කිරීම,විශාලා මහනුවර තුන්බිය දුරලීමට වැඩම කිරීම පිළිබද සිතුවම් අදද පැහැදිලිව හදුනා ගත හැක. සංකස්ස පුරයට වැඩම කිරීම පිළිබද සිතුවම අජන්තා සිතුවම් වලට වඩාත් සමීප බවක් දක්වයි. අන්තරාලයේ සිතුවම් වලින් සස ජාතකය විදහා දැක්වෙන සිතුවම පැහැදිලිව හදුනා ගත හැක. හාවෙකුව උපන් බෝසතුන් සක් දෙවියන්ට තම ඇඟ මස් දන් දීම හා ඒ සිද්ධිය සිහි වීමට සඳ මත හාවෙකුගේ සිතුවමක් සිතුවම් කිරීම දැක්වෙන මෙම සිතුවමට අමතරව වෙස්සන්තර ජාතකය,ගුත්තිල ජාතකය,සාම ජාතකය,කුස ජාතකය,මහා උම්මග්ග ජාතකය, පිළිබිඹු කරන චිත්‍ර ද මේ සිතුවම් අතර දක්නට ඇත. ගර්භ ගෘහය හා අන්තරාලය අතර ඇති බෝසතාණන් වහන්සේට මිනිස් ලොව උපත සඳහා ආරාධනා කරනු ලබන චිත්‍රය මගින් විවිධ මුහුණු හැඩ ඇදීමේ නිපුණතාවය විදහා දක්වයි. මෙහි බෝධිසත්ව රූපය අජන්තා ගුහාවල එන "පද්මපාණී"බෝසත් රුවට යම් සමානත්වයක් දක්වන බව පෙනී යයි. එක් එක් පුද්ගලයන්ගේ ඇදුම්,ආභරණ නිරූපනය මහත් උනන්දුවකින් සිදුකර ඇති කලාකරුවා ඉතා සියුම් මෝස්තර නිරූපණය කිරීමට යොමු වී ඇත. අජන්තා චිත්‍ර සම්ප්‍රදාය අවසන් වරට දක්නට ලැබෙන පොළොන්නරු යුගයේ බිතු සිතුවම් ලොව කිසිදු චිත්‍ර සම්ප්‍රදායකට දෙවනි නොවේ.


http://upload.wikimedia.org/wikipedia/si/d/d4/Thiwanka_s.jpg


http://upload.wikimedia.org/wikipedia/si/0/0f/Po.gif


http://upload.wikimedia.org/wikipedia/si/a/a8/Tiwanka_pilimage.jpg

sooryaputhraya
04-28-2011, 08:53 PM
මහනුවර යුගයේ බිතු සිතුවම්

පොළොන්නරු යුගයෙන් පසු දඹදෙණිය,යාපහුව,ගම්පොල, කෝට්ටේ,සීතාවක රාජධානි බිහි වූවත් ඒ යුගවල චිත්‍ර කලාව පිළිබදව අද වන විට කිසිදු සාධකයක් ඉතිරිව නොමැත. වරින් වර සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ගඩලාදෙණිය,ලංකාතිලකය,දඹුල්ල,රිදීවිහාරය, කෝට්ටේ,කැලණිය වැනි කලා නිකේතන තුළ අද දක්නට ලැබෙන්නේ 16 වන සියවසෙන් පසුව අදින ලද සිතුවම්ය. මහනුවර රාජධානි සමයේ සිංහල රාජාවලියේ අවසන් රජු වන වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු විසින් දළදා මාළිගාවේ දෙමහල් පායක් සාදා ඊට ඇතුළු වන දොරටු චිත්‍ර මගින් අලංකාර කළ බවට සදහන් වූවත් අද වන විට එම චිත්‍ර දක්නට නැත. ඉන් පසු ශ්‍රී විජය රාජසිංහ රජ සමයේ උපසම්පදාව සමඟ සියම් රටෙන් පැමිණි ශාසනික ප්‍රබෝධය සමඟ උඩරට විහාරාරාම අලුත්වැඩියා කර ඒවා චිත්‍ර වලින් අලංකාර කර ඇත.කීර්ති ශ්‍රී රාජසිංහ රජ සම‍යේ ඇති වූ චිත්‍ර කලාවේ දියුණුව පිළිබඳ ශේෂ සටහන් දෙගල්දොරුව,දඹුල්ල,රිදීවිහාරය,කැලණිය(පරන විහාරය),තුළ අද ද දැකිය හැක. මහනුවර යුගයේ බිතු සිතුවම් ඉතා විශිෂ්ඨව සුරැකී දෙගල්දොරුව,රන්ගිරි දඹුලු විහාරය,රිදීවිහාරය තුල දක්නට ඇත.මෙම චිත්‍ර රැසක්ලෙන් තුළ සිතුවම් කර තිබීම මත ඒවා ස්වභාවිකවම ආරක්ෂා වී ඇත.

දෙගල්දොරුව විහාරයේ බිතු සිතුවම්

මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ලෙන්විහාරය තුළ ‍ශෛලමය බිත්ති මඟින් විහාර ගෘහය වෙන් කර තිබේ. ලෑලි වලින් සාදා ඇති සිවිලිම මත අලවන ලද රෙද්දක පළා පෙති,ජ්‍යාමිතික හැඩතල වලින් යුත් වියන් මෝස්තරය ඇඳ ඇත. විහාරයේ ඉදිරි බිත්තිය සම්පූර්ණයෙන්ම ජාතක කථා සිතුවම් වලට වෙන් වී තිබේ.බිත්තියේ තීරු වශයෙන් හෙවත් සිතියම් පටි ලෙස ජාතක කථා නිරූපනය කර තිබේ. අඛන්ඪ කථන ක්‍රමය හෙවත් කථා නායකයා කීප වරක් පුනපුනා පෙනෙන පරිදි එකම කථාවේ සිද්ධි කීපයක් එකට දැක්වීමේ ක්‍රමය මෙහිදී සිත්තරා අනුගමනය කර ඇත.නූතන චිත්‍රපටයක් මෙන් කථාව දිගටම දිග හැරෙන ලෙස වෙස්සන්තර ජාතකය, සීලව ජාතකය, සුතිසෝම ජාතකය හා සත්ත භුත්ත ජාතක කථා නිරූපනය කර තිබේ.වෙස්සන්තර ජාතකයේ චිත්‍ර පහත දැක්වෙන පරිදි නිරූපනය කර ඇත.

01. සිවි රට සඳ මහ රජානෝ රජ කරන වග.
02. බිහි වූ කෙනෙහි මවු දේවීන්ගෙන් දාන වස්තු ඉල්ලු වග.
03. රාජාභිෂේක කළ වග.
04. ඇලි ඇතා දන් දුන් වග.
05. වෙසතුරු රජානෝ දශරාජ ධර්මයෙන් රාජ්‍ය කළ වග.
06. හසුන් ගෙනවුත් සැල කළ වග.
07. සත්සතු මහදන් දුන් වග.
08. වංක ගිරියට වඩින්න අවසර ගත් වග.
09.අසුන් දන් දුන් වග.
10. දෙවියෝ රථය ඇදපු වග.
11. නැවත රථය දන් දුන් වග.
12.12. තිස් යොදුන් දුර ගෙවා චේතිය රට ජයතුරා නුවර ශාලාවට වැඩිය වග.
13. චේතිය රජ හට අමාත්‍යයන් සැල කල වග.
14. චේතිය රජු ඇතුලු දහසක් රජ්ජුරුවෝ සුලුවන ගෙවා ගොස් මහ වනයට පාර කියා වැඩිය වග.
15. ජූජකයාගේ අඹුව ළිදට ගොස් කලහ වූ වග.
16. දැසි දසුන් ගෙනෙන්නට යන වග.
17. වැදි මුදලියා විසින් විදින්නට තැනූ වග.
18. ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනා දන් දුන් වග.
19. අච්චුත තාපසයන් පාර කියූ වග.
20. මද්‍රී දේවී හඬා වැටුන වග.
21. දෙදෙනාම ඉසිවෙස් ගෙන පැවිදි වූ වග.
22.මද්‍රී දේවී සිහිමුලා වී වැටුන වග.
23.දෙවියෝ දෙමාපිය වෙස් ගෙන වනාන්තරයේදී උදවු කරන වග.
24. සඳ මහරජානෝ ක්‍රිෂ්ණජිනාවන්ගේ බරට කිරා රන් මසු දුන් වග.
25. රස බොජුන් අනුභව කර ජූජකයා මරණ ප්‍රාප්ත වූ වග.
බුදු ගෙහි ඇතුළු පියැස්ස බදාමයෙන් වසා චිත්‍ර ඇදීමට භාවිතා කර ඇත. පියැස්ස මධ්‍යයේ මාර පරාජය දැක්වෙන චිත්‍රයක් ඇත.මෙම දෙගල්දොරුව හා මහනුවර යුගයේ අනිකුත් චිත්‍ර පොළොන්නරු සම්ප්‍රදායෙන් දැඩිව වෙනස් වේ. මහනුවර යුගයේ චිත්‍රවලින් මුහුනෙන් සිතුම් පැතුම් ප්‍රකාශ කිරීමට හෝ අත්වල මුද්‍රා වලින් අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ නොකරයි. රූපවල ශරීර හෝ අංගෝපාංගවල වටකුරු බව හෝ එළිය අඳුර දැක්වීමට හෝ පර්යාලෝකය දැක්විමක්ද සිදු නොකරයි. නමුත් මෙම චිත්‍ර පාඨකයාගේ ඇස පිනවයි.


http://upload.wikimedia.org/wikipedia/si/thumb/6/61/Degaldoruwa.jpg/800px-Degaldoruwa.jpg


http://upload.wikimedia.org/wikipedia/si/thumb/d/da/Deg.jpg/800px-Deg.jpg


http://upload.wikimedia.org/wikipedia/si/3/31/%E0%B6%AF%E0%B7%99%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B 6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80-1.jpg

http://upload.wikimedia.org/wikipedia/si/d/d1/%E0%B6%87%E0%B7%85%E0%B7%92_%E0%B6%87%E0%B6%AD%E0% B7%94%E0%B6%B1%E0%B7%8A_%E0%B6%AF%E0%B6%B1%E0%B7%8 A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8..jpg

http://t0.gstatic.com/images?q=tbn:ANd9GcT_iWBSca8iHf7irHShPBxA8d1GryAYI c0PwkROxMcpqWHK8eaXrr53cRI

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcQXEXR7OPipVq63l4lbs7GOSmB72ME46 NzEZsycAq4cJSovnGmuU6x9VUOR

http://www.lakehouse.lk/budusarana/2010/02/28/z_p19-sithuvam3.jpg



මීට අමතරව බොහෝ බිතුසිතුවම් දක්නට ලැබෙන අතර ඒවා පෞඪ ලාංකීය ඉතිහාසය ලොවට විදහා දක්වන නිහඬ මූලාශ්‍ර වේ.



Wikipedia ඇසුරෙනි

chika009
04-28-2011, 09:06 PM
ela machoo

sooryaputhraya
04-28-2011, 09:14 PM
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

+rep

පට්ට මචං


ස්තූතියි... :)

sooryaputhraya
04-28-2011, 09:22 PM
ඓතිහාසික බෞද්ධ සිතුවම්

මහින්දාගමනයෙන් පසුව බුදුදහමත් සමඟ මුසු වූ චිත්‍ර කලාව ශ්‍රී ලාංකේයයන්ගේ් හදවත් තුළ මෛත්‍රී සහගත හැඟීම් ජනිත කරවන්නට සමත් විය. පෙරදිග බෞද්ධ සිතුවම් අතරින් පැහැදිලිව ප්‍රදර්ශනය වන සිතුවම් රැසක් මෙරට විවිධ පෙදෙස්හි විහාර හා ගල්ලෙනි ආශි‍්‍රතව දක්නට ඇත. ඒ අතරින් සිතුල් පව්ව, කරඹගල, වෙස්සගිරිය, දිඹුලාගල, මිහින්තලේ හා මහියංගන සිතුවම් ඉතා පැරැණිය. විසල් වනයක් මැද පිහිටි සිතුල්පව්ව ලෙන් සිතුවම් සහිත පූජනීය ස්ථානයකි. මෙම ලෙනෙහි දකුණු පස කෙළවරෙහි ධම්මචක්ක මුද්‍රාවෙන් යුතුව අඳින ලද බුද්ධ රූපයක් හා මුවෙකුගේ රූපයකි.
එම සිතුවම්හි රේඛා රතු පාටින් ඇඳ ඇත. ස්වල්පයක් ලෙස ඉතිරිව ඇති නමුත් සිතුල්පව් සිතුවම් උසස් කලා ලක්ෂණයන්ගෙන් යුතුව ක්‍රි.පූ දෙවැනි සියවසේදී ඇද ඇත.
අම්බලන්තොට ආසන්නයේ වූ රිදියගමට නුදුරින් කරඹගල පුරාණ විහාරය පිහිටා ඇත. සිතුල්පව් සිතුවම් හා සමකාලීන වූ බෞද්ධ සිතුවම් කීපයක් කරඹගලින් හමු වී ඇත. එයින් බෝසත් රූපයක සිතුවමක් හා අප්සරාවකගේ සිතුවමක් නිරූපිතය. දුඹුරු පැහැති තද බදාමයක් මත ඇඳි මේ සිතුවම් විනාශයට පත්ව ඇත.
වෙස්සගිරියද අතීත බෞද්ධ සිතුවම් ඇඳ තිබූ වැදගත් විහාරස්ථානයකි. එහි අවසාන කාලය වන විට ශේෂව පැවතියේ වර්ණ පදාසයන් හා රේඛා සටහන් කිහිපයකි. කහපාට පසුතලය මත ගුරු පැහැයෙන් ඇඳි රේඛා වලින් මතු වූ දේවරූප මෙහි සිතුවම් කරන්නට ඇතැයි සැලකේ. කකුලක් ඉදිරියට දිගුකරමින් අනෙක් කකුල නවාගත් ආකාරය පෙන්වන චිත්‍රයක්ද වෙස්සගිරි සිතුවම් අතර දක්නට ඇත.
ලක්දිව, වැදගත් සිතුවම් කිහිපයක් දිඹුලාගල පර්වතයක වූ ලෙනක බිත්තිය මත එම සිතුවම් ස්වල්පයක් දක්නට ලැබී ඇත.
ඉතිහාස කථා අනුව එහි මෙට්ටයක් වැනි ඇතිරිල්ලක වැඩ හිඳින බුදුරුවක් සිතුවම් කොට ඇත. තවත් ලෙන් බිත්තියක සස ජාතකයෙහි සඳහන් වන ශක්‍ර දේවේන්ද්‍ර හාවාගේ රුව සඳමත අඳින ආකාරය නිරූපිතය. සක්දෙවිඳුගේ එක් අතක වර්ණ ඵලකයකි. අනෙක් අතෙහි පින්සලය දක්වා ඇත. මෙම ලෙනෙහිම අන් තැනෙක පසුපස ගාත් නවාගෙන සිටින ඇතෙකුගේ රූපයක් ද සිතුවම් කොට තිබූ බව සඳහන්ව ඇත.
ලංකාවෙන් හමු වූ බෞද්ධ සිතුවම් අතර, මිහින්තලේ අම්බස්තල චෛත්‍යයේ ධාතුගර්භය තුළ තිබී හමු වූ සිතුවම්ද විශේෂ තැනක් ගෙන ඇත. එම සිතුවම් හි නිරූපණය වන්නේ් බුද්ධ වන්දනාවෙහි යෙදෙන දෙවිවරුන්ගේ් සිතුවම් කිහිපයකි. ඔවුන් මහත් වූ ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව දොහොත් මුදුන් දී වැඳගෙන සිටින අයුරින් ඇඳ ඇත. රේඛා භාවිතයෙන් තෙල් සායමින් ඇඳි මෙම සිතුවම් රතු හා කළු පැහැය උපයෝගී කොට වර්ණ ගන්වා ඇත. එහි නිරූපිත දෙවිවරු අතකින් මානෙල් මල් දරා සිටින අවස්ථා ද දක්වා ඇත. ඔවුන් වලාකුළුවලින් මතු වී ඇති ආකාරයක් දර්ශනය වී ඇත.
අනතුරුව එළඹෙන්නේ පොළොන්නරු යුගයට අයත් බෞද්ධ බිතුසිතුවම් කලාවයි. මහියංගන ධාතු ගර්භයෙන් හමු වූ සිතුවම්, ගල්විහාර සිතුවම්, ලංකාතිලක බිතුසිතුවම්, පුල්ලිගොඩ ගල්ලෙන් සිතුවම් හා තිවංක පිළිමගෙයි බිතු සිතුවම් ඒ අතර විශේෂත්වයක් ගෙන ඇත.
මහියංගන දාගැබේ ධාතු ගර්භයෙන් හමු වූ චිත්‍ර මනා ලාලිත්‍යමය රේඛාවෙන්ද පැහැපත් වර්ණ සංකලනයෙන්ද යුක්තය. බුදුරජාණන් වහන්සේ බෝරුකට පිට දී වැඩහිඳිමත් බ්‍රහ්ම, විෂ්ණු, ශිව සහ දෙවිවරුන්ගේ රූපයනුත් එහි සිතුවම්ව ඇත. මාර යුද්ධයද චිත්‍රණය ‍ෙකාට ඇත. බුදුරුවට පසෙකින් සිටින දේවතා රුවෙහි එක් අතෙක නෙළුම් මලකි. රූප බොහෝ සේ රිද්මයානුකූ®ලය. නම්‍යශීලීය. දැනට තහවුරු කළ එම සිතුවම් අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

දිඹුලාගල පර්වතයට අනෙක් පැත්තෙන් ගල පාමුල පිහිටි ගල් ගුහාවෙහිද පුල්ලිගොඩ සිතුවම් නමින් ප්‍රකට වූ සිතුවම් කිහිපයක් විය. මෙහි හිස් පලඳනා හා ප්‍රභාමණ්ඩල සහිත දේවතා රූප යැයි සිතිය හැකි රූප තුනක් සිතුවම් කොට ඇත. එක් දේවතා රුවක් මඳක් අඳුරු නිල් පැහැයෙන් යුක්තය. දසන් දක්වා තිබීමද එහි විශේෂත්වයකි. සෑම දෙව්රුවකම මාල, වළලු උරහිස් පළඳනා අලංකාර ලෙස දක්වා ඇත.
පොළොන්නරු ගල් විහාරයේ විද්‍යාධර ගුහාවේද බෞද්ධ සිතුවමක ශේෂයක් ඉතිරිව ඇත. එහි එක් තීරුවක මල් මෝස්තරයකි. පහලින් නෙළුමක් අතින් ගෙන සිටින මහළු, ප්‍රතාපවත් රුවකි. මෙයින් මහා බ්‍රහ්මයා නිරූපණය වන බව විචාරක මතයයි. එහිදිගු උඩු රැවුලකි. පළල් නළල් තලයකි. දිගු නාසයකි. එම මහළු රුවට පහළින් දේවරූප හා ප්‍රභාමණ්ඩලයක සිතුවමක කොටසකි.
පොළොන්නරු යුගයේ සියලු කලා ශිල්පයන් සඳහා හින්දු කලා ආභාෂය මද වශයෙන් හෝ ලැබී ඇත. එවන් කලා නිර්මාණ රැසක් දායාද කොටගත් මැනවින් සුරුකුණු සිතුවම් සහිත පිළිමගෙයක් පොළොන්නරුවේ ඇත. එනම් තිවංක පිළිම ගෙයයි. වඩා සම්භාව්‍ය වූත් උසස් කලා ලක්ෂණයන්ගෙන් හෙබියා වූත් සිතුවම් තිවංක පිළිම ගෙය තුළින් හමුවේ. තිවංක පිළිමගෙයි චිත්‍ර ශෛලීන් දෙකකි. ගර්ග ගෘහයට ප්‍රවේශවන අන්තරාලයෙහි සහ ගර්භ ගෘහය තුළ එම ශෛලීන් දෙකට අයත් චිත්‍ර ඇඳ ඇත.
ඒ අතරින් වඩාත් අලංකාර වූත් සෞම්‍ය වූත් සිතුවම් වන්නේ ගර්භ ගෘහය තුළ නිර්මිත ‘දේවාරාධනය’ හා ‘සංකිස්ස පුර වැඩීමයි’.
දේවාරාධනය චිත්‍රයෙහි වන දෙවිවරුන් වඩාත් නම්‍යශීලී සුන්දර හැඟීම්බර ස්වභාවයකින් සිත් පහන්කරවන ස්වභාවයකින් ඇඳ ඇත. එහි රූප රිද්මයානුකූ®ලය. නිර්මාණාත්මකය. සන්සුන් වූ මුහුණින් ද ශ්‍රද්ධා භක්තිය පෙන්වන ඉරියව් වලින්ද යුතුය. ගර්භ ගෘහය පුරා නිදහස්ව ඇඳ ඇත. දේවත්වය මැනවින් ප්‍රකාශිතය. ලාලිත්‍යමය රතු රේඛාකරණය විශේෂය. සමාජයේ හා කලාකරුවාගේ නිපුණතාවය ප්‍රදර්ශනය වේ. මෙහි දේවරූප තුළින් සිහිපත් වන්නේ අජන්තා බෝධිසත්ව රූපයයි.
එම ගර්භ ගෘහයෙහිම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩම වීම සිතුවම් කර ඇත. මෙහි බුදුරුව විශාලව දක්වා රන් හිනිමග පසුපසින් පෙන්වා ඇත. රන් හිණෙන් බසින බුදුරජාණන්වහන්සේට ගෞරවය පිණිස ඡත්‍රයක් ඔසවා ඇති ආකාරයද චිත්‍රයට නගා ඇත.

hansa1018
04-28-2011, 09:35 PM
වැදගත් තොරතුරු රැසක්.........
ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට.............

Chooty malli
04-29-2011, 12:02 PM
wow.Great Thread
Keep it Up

asankanp
04-29-2011, 04:35 PM
VALUABLE THREAD ............
THANKS.............++++++++++++REP

sooryaputhraya
04-29-2011, 07:41 PM
ela machoo :)

වැදගත් තොරතුරු රැසක්.........
ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට............. ස්තුතියි සහෝ..

wow.Great Thread
Keep it Up :yes: Thanks