කිඹුලා බනිස්
05-09-2011, 04:10 PM
ඉස්සර පුරාණ සිංහලයා, කැලෑවකට ඇතුල්වෙද්දි කොළ අත්තක් කඩල ගහක එල්ලලා තමාට කිසිදු අතුරු ආන්තරාවකින් තොරව මේ ගමන ගිහින් එන්න ලැබෙන්න කියලා හිතාගෙන, කැලේට අරක් ගෙන ඉන්නවා කියල කියන අයියනායක දෙවියන්ට භාරයක් වෙනවා කියලා මම අහල තියෙනවා. ඒ වගෙම අද සයිබර් යුගයේ සිංහලයෙක් වෙච්ච මට, සිංහල බ්ලොග් අවකාසෙට ඇතුල් වෙන්න කලින්, දිවා රෑ නොබලා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණවලින් සයිබර් අවකාසේ රකින ජාති(ක)වාදී™ දේශහිතෛශී™ දේශමාමක™ සයිබර් ආරච්චිලාගෙන් හා ගම්බට්ටලාගෙන් අවසර ගන්න වෙලා තියෙනවා.
ඒක නිසා මින් පස්සේ ලියන හැම පෝස්ට් එකක් පටන් ගන්න කලියෙන්, මෙන්න මේ විදිහට අවසර ගන්නයි මම හිතාගෙන ඉන්නේ.
සිංහල බ්ලොග් අවකාශය අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණවලින් බේරා ගැනීම සඳහා නොපැකිළී, නොනැවතී අනවරතව කැපවී සිටින ජාති(ක)වාදී™ දේශහිතෛශී™ දේශමාමක™ සයිබර් ආරච්චිලාගෙන් හා ගම්බට්ටන්ගෙන් අවසරයි.
ගැත්තාට බය බෝයි..!
——————————————
ඉස්සර හිටියා ලොකු අයියා කෙනෙක්, නම දීප්තී.
(ඒ අයියා දැන්නම් කොහේ ඉන්නවද මම දන්නේ නැහැ)
ඒ අයියා වටේ මල්ලිලා, නංගිලා ගොඩාක් උන්නා.
කට්ටිය රත්මලානට වෙලා
“කිරි කිරි බෝලේ, රැලි රැලි මාලේ” කර කර තමයි හිටියේ.
ඔය දීප්ති අයියයි, එයාගේ මල්ලි බබාලයි, නංගි බබාලවයි ඇදින්නුවේ (se)’X කණ්ඩායම’ කියලා, ඒ ගොල්ලෝ ගැහුවා මැගසීන් එකක්.
නම “ලන්ඩොන්”
මම ඔය කියන කාලේ වෙනකොට දීප්ති අයියගේ ඔළුව උඩින් කපුටෙක් තියා දෙවියෙක් වත් යන්නේ නැහැ. එයා ඒ තරම් බලගතුයි. කොටින්ම දීප්ති අයියා ගහයි කියලා බයට ඔය දවස් වල රීරී යකා රෑ මැද්දට ඒලියට බහින්නේත් නැහැ.
“නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපා”කියලා මනුස්ස ලෝකෙ කතාවක් තියෙනවනේ. “දීප්තිට ගහලා දලේ වරද්ද ගන්න එපා” කියලා නාග ලෝකේ කතාවක් තියෙනෙවා කියලා, වැඩිහිටියෝ කතාවෙනවා මට හොඳට මතකයි.
කොහොමහරි ඔය දවස් වල දීප්ති අයියා අද කාලේ මහින්ද මහත්තයා තරම්ම බලගතුයි (මහින්ද මහත්තයගේ විස්කම් ගැන මෙතනින් කියවන්න (http://samsoldblog.blogspot.com/2010/01/blog-post_19.cfm)). ඒ කෙන්ම හිතාගන්න පුළුවන් නේද දීප්ති අයියා කෙතරම් බලගතුද කියලා.
මම අහල තියෙන විදිහට ඒ කාලේ “ටයිම්” සඟරාවේ බලගතු ලිස්ට් එකක් හදලා නැත්තේ දීප්ති අයියා තරම්ම අනිත් මිනිස්සු බලගතු නැති නිසාලු. ඒ කියන්නේ දීප්ති අයියා අංක එක වෙනකොට ඒට පස්සේ බලගතුම පුද්ගලයව ගනින්න වෙන්නේ 501 වැනි අංකේ ඉදගෙනලු.
අලුතින් වාහනයක් ගත්තම කතරගම දෙවියන්ට භාර වෙනවා වගේ, ඔය කාලේ කවුරු හරි කලා කාරයෙක් මොකක් හරි නිර්මාණයක් කරලා මුලින්ම පෙන්නනේ අපේ ඔය දීප්ති අයියට තමයි. එහෙම පෙන්නගන්න එකත් ලේසි වැඩක් නෙමෙයි ඕං. හරියට අර එළියන්ත වයිට් දොස්තර මහත්තයට පෙන්නව වගේ තමයි.
ඉතින් දීප්ති අයිය ඒක බලලා කිව්වොත් “මරු” කියලා, ආයේ අහන්න දෙයක් නැහැ ඒක ඉතින් සුපර් හිට් තමයි, සම්මාන පිට සම්මාන ලබන්නේ. එයා මුකුත් නොකියා හිටියොත් ඒත් අවුලක් නැහැ.
හැබැයි බැරි වෙලාවත් එයා ඒකට අකමැති වුනොත්,
ඉවරම ඉවර තමයි. කෙළින්ම කුණු බක්කියට.
———————————————
“මචන්, ‘ඉර මැදියම’ ෆිල්ම් එකේ විචාරයක් තියෙනවා, යමුද?”
එහෙම අහන්නේ මගේ විස්ස විද්‍යාල ගජයා මුදිත.
“යමු, කවුද කරන්නේ?”
“දීප්ති කුමාර ගුණරත්න” ඔහු කිව්වේ ගැඹුරු හඬින්.
“එළකිරි, යමු යමු”
මට එහෙම කියවෙන්නේ දීප්ති කියන අයියව අපි වගේ බයියන්ගේ ඇස් දෙකෙන් බලා ගන්න ලැබෙන එකත් ලොකු චාන්ස් එකක් නිසා.
මේ ගමනට වෙන ෆැකල්ටි එකක් ඉගනගත්තත් අපේ ෆැකල්ටියෙ වැඩි කාලයක් නාස්ති කරපු, පාර්ට් ටයිම් ඉගෙන ගන්න ෆුල් ටයිම් ජීවත් වෙන එරන්දත් එකතු වෙනවා. (මම දන්නවා උබ මේක කියවනවා කියලා, හැබැයි කමෙන්ට් නම් කරනවා හෙම නෙමේයි පුතෝ)
කොහොමහරි දේශනේ පටන්ගන්න තිබ්බේ හතරට, චන්ද්‍රිකාගේ වෙලාවෙන් සුපුරුදු පරිදි අපි මහවැලි කේන්ද්‍රය ලඟට යද්දි හතරාමාරට විතර ඇති.
ගේට්ටුව ලඟ මහ කලබලයක්, විස්සක විතර සෙනගක් එහෙට දුවනවා මෙහෙට දුවනවා. එක විකාරයයි. අපි මූණෙන් මුණ බලාගත්තා.
“මොකෝ බන් මේ?”
ගේට්ටුව වහලා, ඉබ්බෙකුත් දාලා.
අපි ඒ සෙට් එක පහු කරගෙන කෙළින්ම ගියා සිකුයුරිටි අයිය ලඟට.
“ඇයි දේශනේ නැද්ද?”
“දේශනේ තියෙනවා මල්ලි, ඒත් ඔය එළියේ ඉන්න කට්ටියව ඇතුලට ගන්න එපා කියලා අපිට කිව්ව. ඒක නිසා දැන් කාවවත් ඇතුලට ගන්න වෙන්නේ නැහැ”
මලා දැන් මොකෝ කරන්නේ?
අපිත් හිමීට කිට්ටු වුනා අර දඟල දඟල ඉන්න කාණ්ඩේ ලඟට.
කොණ්ඩේ කපපු අක්කලා, කරාබු දාපු අයියලා, චේ ගුවේරා, බොබ් මාලේ.
කැපිච්ච පණුවෝ වගේ.
“මුන්ට මොකෝ බන් වෙලා තියෙන්නේ” මම ඇහුවා මුදිතගෙන්
“මොකක් හරි ලොකු අවුලක්නම් තියෙන පාටයි”
“දීප්තී දැන් අපි ද්‍රොහියෝද එතකොට?”
“උබ අපිට මෙහෙමයි නේද සළකන්නේ?”
මහවැලි කෙන්ද්‍රය දිහාට අත් දික්කර කර ඒ අය කෑගහනවා.
මේ නාඩගමට අපිට හිනා යන්න ආවත් අපිත් සද්ද නැතුව ඉන්නවා බලාගෙන.
“හොඳ වෙලාවට පරක්කු වෙලා ආවේ” එහෙම කිව්වේ එරන්ද
“ඇයි ඒ?”
“ඇතුලට ගියානම් මේ ආතල් නෑනේ”
විනාඩි පහක් විතර යද්දි අපිටත් එහෙන් මෙහෙන් කොනක් අල්ලගන්න පුළුවන් වුනා. (se)”X කණ්ඩායම” දෙකට කැඩිලා, මේ ඒළියේ ඉන්න සෙට් එක දීප්ති අයියා එයාගේ කණ්ඩායමෙන් එළවලා.
මේ සෙට් එක ඇතුලට අරන් නැහැ, අළුයම ලූ කෙළ පිඩක් වගේ ගේට්ටුවෙන්ම කපලා දාලා.
දිවෙන් දිව ගාගෙන හිටපු අයනේ පවු දුක ඇති. ඒකයි මෙච්චර දගලන්නේ.
ඔහොම ටික වෙලාවක් දගල දගල ඉදලා, හිටි හැටියේ එක හාදයෙක් ගොඩවුනා මහවැලි කෙන්ද්‍රයේ කොට තාප්පේ උඩට. මැයි දින කථාවක් වගේ මහා හයියෙන්, පොර මොනවදෝ මොනවදෝ කියොගෙන ගියා. කථාව ඉවරයි කට්ටිය අත්පුඩි ගැහුවා, අපිත් අත්පුඩි ගැහුවා.
තව එකෙක් ගොඩවුනා, පොරත් මොනවදෝ මොනවදෝ දෙඩෙව්වා, බැස්සා,
කට්ටිය අත්පුඩි ගැහුවා, අපිත් අත්පුඩි ගැහුවා.
තවත් එකෙක් ගොඩවුනා, පොරත් මොනවදෝ මොනවදෝ දෙඩෙව්වා, බැස්සා,

ඊට පස්සේ ගොඩවුනා කොන්ඩේ බොකුටු බොකුටු උස කොල්ලෙක්.
“අම්මට හුඩු වන්ගීශයා” මුදිත කෑගහුවා
“කෑ ගහන්න එපා මෝඩයෝ, අනිත් එවුන් හිතයි අපි හෙන ගොඩයෝ කියලා”
“යකෝ වන්ගීශයා බන්”
“කවුරු?”
“මුගේ තත්තා තමයි අහවල් පත්තරේ කර්තෘ, අහවලා” ඔහු සිංහලබෞද්ධ ජාතික පුවත් පතක කර්තෘ කෙනෙක්ගේ නමක් කිව්වා.
කොණ්ඩේ බොකුටු බොකුටු කොල්ලා කථාව ඉවර කරලා බැස්සා,
කට්ටිය අත්පුඩි ගැහුවා අපිත් අත්පුඩි ගැහුවා.
“කමෝන් වන්ගීශ”
කොන්ඩේ බොකුටු බොකුටු කොල්ලට මුදිත කෑගහපු එක ඇහුනා,
“අඩෝ මුදිතයා” එහෙම කියාගෙන පොර අපි ලඟට ආවා.
කාටද ආඩම්බර දේශකය දැන් අපි ලඟ. ඊටත් හපන් අහවල් පත්තරේ අහවලාගේ පුතා.
“මේ මචන් මාලන්, මේ එරන්ද”
“හලෝ”
“හලෝ”
දැන් අපිත් නිකන් මේ සෙට් එකේම කට්ටිය වගේනේ.
කවි කථා වාරය යන අතරේ,
“ඉවරයි ඉවරයි, කට්ටිය එළියට එන්නයි හදන්නේ” එකෙක් කෑගැහුවා.
ඕන් ඉතින් ආයේ සෙට් එක කලබල වුනා.
දේශනේ ඉවරයි.
ඈතින් දොරෙන් එළියට එන දීප්ති අයියාය,
මෑතින් පුක කැඩුනු කඩියන් මෙන් දඟලන ද්‍රොහීන්ය,
ආයෙත් ඈතින් සක්මන් ගමනින් එන දීප්ති අයියාය.
මෑතින් පොළවේ පස් කන ද්‍රෝහීන්ය.
“මචන් ඇක්ශන් ෆිල්ම් එකක හීරෝට දැනෙනවා වගේ හැඟීමක් මට දැනෙන්නේ” එරන්ද කිව්වා
“කටවගෙන හිටු, ගුටි කන්නේ නැතුව”
සක්මන් ගමනින් දේශන ශාලාවෙන් එළියට ආපු දීප්ති අයියත් අපිත් අතර තිබ්බේ මීටර් පනහක විතර දුරක්, එයා තාම ඇතුළේ, ද්‍රොහීන් තාප්පෙන් එළියේ.
ඊට පස්සේ නවත්වලා තිබ්බ සුදු පාට කාර් එකට එයා ගොඩවුනා, දෙපැත්තෙන් තවත් දෙන්නෙක් එයාව මැදි කරගෙන වාඩි වුනා. හරියට මනාල මහත්තයව මැදි කරගෙන නගින දෙවන මනමාලයෝ වගේ.
[පහත සිදුවීම ස්ලොමොශන් සිදුවෙතැයි උපකල්පනය කළ යුතුය]
ගේට්ටුව ඇරියා,
කාර් එක හීමීට හිමීට ගෙට්ටුව දිහාට එනවා.
ද්‍රෝහින් ගේට්ටුව දෙසට කෑගහමින් දුව යනවා
හීමීට එන කාර් එක
වේගෙන් ඒ දෙසට දුව යන ද්‍රොහීන්
ගෙට්ටුව – කාර් එක – ද්‍රොහීන් (මාරුවෙන් මාරුවට ඡේදනය)
කාර් එක ගේට්ටුව පහු කළා,
විහාරමහා දේවී උද්‍යනාය ඉදිරියෙන් දිවෙන ආනන්ද කුමාරස්වාමි මාවත අද්දරට ආවා.
පාරට ලම්බකව කාර් එක, කාර් එකට සමාන්තරව අපි
(ඒ කියන්නේ අපිත් පාරට ලම්බකයි )
අපි සහ දීප්ති අයියා මෙහෙම මෙහෙම.
දීප්ති අයියා හිටියේ ඉදිරිය බලාගෙන (හැමදාම වගේ)
ඊට පස්සේ එයා මුහුණ හැරෙව්වා,
අංශකෙන් අංශකේ අපි දිහාට.
හරියට අර කැරකෙන ටේබල් ෆැන් එකක් වගේ.
දඩින් දඩින් දඩින් (පසුබිමින් කුහුල දනවන සංගීතය)
අපිට පිටු පසින් කාර් එක දිහාවට වේගෙන් (ඒත් ස්ලො මෝශන්) දුවගෙන එන ද්‍රොහීන් සෙට් එක.
දීප්ති අයියා අපිදිහා බැලීමත්, ද්‍රොහීන් අපි හිටපු තැන පහු කරගෙන ගියෙත් එකම මොහොතක.
ඒ මොහොත තමයි අම්මපා මොහොත,
මුළු ආනන්ද කුමාරස්වාමි මාවතම කළු කුහරයක් වුනා, මම හිතුවා විහාරමහා දේවී පාක් එකම ඒක ඇතුලට ඇදිලයයි කියලා.
(හරියට අර අපේ චාමිට අප්සරා හමුවෙච්ච මොහොත (http://reargate.blogspot.com/2010/10/blog-post_21.html)වගේ)
“දී ප් තී ..ඉ ..ඉ ..ඉ ..ඉ ..ඉ ”
ඒත් එක්කම කාර් එක රුන්ගාලා ඉදිරියට ඇදිලා ගියා.
මේ සියල්ලටම ගත්වුනේ එක් අන්ශුමාත්‍රයක් විතරයි.
මහා වැස්සක් වැහල පෑයුවා වගේ,
ඊට පස්සේ
හිස්කම…
මචන්, උම්බල දන්නවද ඔය දීප්ති අයියා හදිස්සියේ කොහෙද ගියේ කියලා?” එරන්ද නිහැඩියාව බින්දා.
“කොහෙද?”
“සිරස රන් දෙපැය බලන්න”
එතකොට වෙලාව හතට පහයි.
ඊට පස්සේ අපි රහුමානියා එකෙන් පරාටා කාලා ගෙදර ආවා.
http://malansamarawickrama.wordpress.com/2011/04/22/dkg/