PDA

View Full Version : ලොක්කන්ගේ පණ්ඩිතකම් නිසා අපේ කුරුඳු හිරව


hemantha33
10-22-2008, 08:05 PM
10/22/2008 16:34

මූල්*ය අර්බුදය නිසා කුරුඳු මිලත් පල්ලම් බහී
ඔක්,22,(විමසුම) ලෝක ආර්ථික අර්බුදයෙන් බැට කෑ ලංකාවේ කුරුඳු කර්මාන්තය රජයේ නිළධාරීන්ගේ පණ්ඩිත කම් නිසා තවත් ඇද වැටී තිබෙන බව අපනයන කරුවෝ පවසති.




කුරුඳු නිෂ්පාදනය තවමත් සාම්ප්*රදායික ක්*රියාවලියකි
කුරුඳු අපනයන කරුවන් වෙනුවෙන් විමසුම ට අදහස් දැක්වූ ශ්*රී ලංකා කුළු බඩු සංගමයේ හිටපු සභාපති සාරද සිල්වා පැවසුවේ ලංකාවේ කුරුඳු අපනයන කරුවන්ට යුරෝපයට කුරුඳු යැවීමට බැරි ප්*රමිතියකට කුරුඳු යැවිය හැකි බවට කෘෂි අපනයන දෙපාර්තමේන්තුව යුරෝපීය සංගමයට දැනුම් දීමක් කර තිබෙන බවයි.

ලංකාවෙන් යුරෝපීය සංගමයට යවන කුරුඳුවල තිබෙන සල්ෆර් ඩයොක්සයිඩ් ප්*රමාණය පිළිබඳව නව ප්*රමිතියක් මේ අනුව කෘෂි අපනයන දෙපාර්තමේන්තුව විසින් යුරෝපීය සංගමයට යවා තිබෙන බව හෙතෙම කීය.





මෙම ප්*රමිතියට ලංකාවේ කුරුඳු නිෂ්පාදනය කළ නොහැකි බවත්, එය රසායනාගාර පහසුකම් තිබෙන කෘෂි අපනයන දෙපාර්තමේන්තුවට පමණක් කළ හැක්කක් බවටත් හෙතෙම චෝදනා කළේය.

මේ නිසා, මෙම ප්*රමිතියට නොමැති ලංකාවේ කුරුඳු යුරෝපීය සංගමයට යැවීමට නොහැකි වී තිබෙන බවත් මේ නිසා ලංක*ාවේ කුරුඳු කර්මාන්තයට මරු පහරක් වැදී තිබෙන බවත් සාරද සිල්වා මහතා සඳහන් කළේය.



හොඳම කුරුඳු ලංකාවෙන්
මේ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුව හරහා යුරෝපීය සංගමයට දැනුම් දුන් බවත් ඒ පිළිබඳව පිළිතුරක් එනතෙක් නොඉවසිල්ලෙන් පසුවන බවත් හෙතෙම විමසුම ට පැවසීය.

මෙම හේතුවට අමතරව, ලෝක මූල්*ය අර්බුදය හමුවේ ලංකාවේ කුරුඳු මිල ගණන් අඩුවී තිබෙන බවත් මෙක්සිකෝව වැනි ගැනුම්කරුවන් ගෙවීම් පරක්කු කර තිබෙන බවත් හෙතෙම කීය.




මේ නිසා, රුපියල් 800 ත් 900 ත් අතර මිලකට අලෙවි වූ සී වර්ගයේ කුරුඳු කිලෝවක් මේ වනවිට රුපියල් 650 ත් 700 ත් අතර මිලකට වැටී තිබෙන බව සාරද සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරව, රුපියල් 650 ක් පමණ වූ ගොරෝසු වර්ගයේ කුරුඳු කිලෝවක් රුපියල් 550 කට පමණ පල්ලම් බැස තිබෙන බව හෙතෙම කීය.

Pentagram
10-22-2008, 08:07 PM
tnx 4 d info bro!