BC_Dilum
08-21-2011, 12:00 PM
ඔන්න ගොඩ දවසකින් thread එකක් දාන්න හිතුන.මම මේ ලගදි ඇඹිලිපිටියේ යාලුවෙක්ගෙ ගෙදර ගියා.ඒ වෙලාවේ තමයි මට මඩුවන්වෙල වලව්වට යන්න පුළුවන් උනේ. ඉතින් මඩුවන්වෙල වලව්ව ගැන විස්තර ටිකකුයි photo ටිකකුයි ගෙනාව ඔයාලත් එක්ක බෙදාගන්න.photo ගහල තියෙන්නේ phone එකකින්.ඒක හින්ද පැහැදිලි මදි උනොත් sry වෙන්න ඕනේ.:sorry::sorry::sorry:
ඔයාලට මඩුවන්වෙල වලව්වට යනවා නම් මුලින්ම ඇඹිලිපිටියට යන්න ඕනේ.තමන්ගේම වාහනේක නම් යන්නේ ගොඩක් ලේසි.ඇඹිලිපිටියේ ඉදන් කොලොන්න පාරේ කිලෝමීටර් 22 ක් විතර ආවම ඔයාලට වලව්ව හම්බ වෙනවා.නැත්නං ඔයාලට bus එකක තමයි යන්න වෙන්නේ.ඇඹිලිපිටියේ ඉදන් කොලොන්න,සුරියකන්ද,බුළුතොට ඕනේ bus එකක ආවත් ඔයාලට වලව්ව ගාවින්ම බහින්න පුළුවන්.හැබයි පැයක් විතර bus එකේ එන්න වෙනවා.
ඔන්න එහෙනං සංචාරය පටන් ගමු අපි. bus එකෙන් බැහැල මෙන්න මෙතනින් තමයි වලව්වට ඇතුල් වෙන්න තියෙන්නේ.දැනට මේ ඉඩම්යි වලව්වයි බලාගන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්.
http://farm7.static.flickr.com/6078/6063852247_cee3d8dbf9_b.jpg
http://farm7.static.flickr.com/6069/6064400542_4fbb4cc602_b.jpg
http://farm7.static.flickr.com/6078/6064401612_9812448ceb_b.jpg
මේ ගේට්ටුවෙන් ඇතුළු වෙලා ටිකක් දුර මෙන්න මේ වගේ පාරක ඇවිදගෙන යන්න ඕනේ.වලව්වේ මුළු ඉඩම අක්කර 20 ක් කියල තමයි සදහන් වෙන්නේ.
http://farm7.static.flickr.com/6210/6063855007_d9ae64826e_b.jpg
http://farm7.static.flickr.com/6185/6063856823_5f5a2e53ac_b.jpg
මේ පාර දිගේ දිගටම යනකොට මෙන්න මේ ගල් දොර හම්බ වෙනවා.ඒ ගල් දොරේ තියෙන විශේෂත්වයක් තමයි එච්චර උසට හදල නැති එක.ඒකට හේතුව විදිහට අපිට අහන්න ලැබුනේ ඉස්සර සුද්දෝ අස්සයගේ පිටේ එනකොට නැමිලා එන්න වෙන විදිහට තමයි ලු මේ ගල් දොර හදල තියෙන්නේ.එහෙම සුද්දන්ට නැමිලා එන එකෙනුත් අදහස් කරලා තියෙන්නේ මඩුවන්වෙල දිසාවේගේ තියෙන ප්‍රෞඩත්වය තමයි.
http://farm7.static.flickr.com/6182/6063858419_462867fc0d_b.jpg
http://farm7.static.flickr.com/6086/6063859511_e132c978d9_b.jpg
මෙන්න තියෙනවා මඩුවන්වෙල වලව්වට ඇතුළු වෙනකොට වලව්ව ගැන විස්තර ටිකක්.මේ ටිකත් කියවන්නකෝ.
http://farm7.static.flickr.com/6209/6063860581_3e4f5a28d6_b.jpg
මේ තියෙන්නේ මට අන්තර්ජාලයෙන් හම්බුනා මඩුවන්වෙල වලව්ව ගැන විස්තර ටිකක්.ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන හින්ද එකතු කලා.
මහා දිසාවගේ මුත්තාගේ යුගය ක්‍ර.ව. 1700 පමණ තෙක් දිව යයි. දිසාවගේ මුත්තා 11 වන විමලධර්ම සුරිය රජුට ආයුධ සපයා ඇත. ඔහු වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක නම් අයෙකි. ඔහුට කොඩිතුව්ක්කු නම් නිලනාමය රජු වෙතින් ලැබී ඇත. මඩුවන්වෙල නින්දගම ඔහුවෙත ලැබුනේද විශේෂ හේතුවක් මුල්කරගෙනය. එනම් විමලධර්මසූරිය රජු දඩයමේ ගිය ප්‍රදේශය සූරියකන්දය.
මෙම ප්‍රදේශයේ ගෝනෙකු සිටින බව රජුට ආරන්චි විය. මෙම ගෝනා පන පිටින් අල්ලා ගෙනවිත් දෙන කෙනෙකුට ගම්වරයක් පිරිනම්නේයයි රජු දැන්ම් දුන්නේය.
මෙහිදී මෙම ගෝනා ඇල්ලීමේ අභියෝගය භාරගැනීමට කොඩිතුවක්කු නිලමේ ඉදිරිපත් විය. ඔහු සුදු ගෝනා පනපිටින් අල්ලා රජුට භාරදීමේ කටයුත්ත ඉටුකිරීමේන් අනතුරුව මහත් ප්‍රීතියට පත් රජු මඩුවන්වෙල නින්දගම සන්නසකින් ඔහු වෙක භාර දෙන ලදී. සන්නසේ සඳහන් වෙන ආකාරයට කොළොන්න කොරලේ කොළොන්න ගම්පත්තුවේ මඩුවන්වෙල නින්දගමට හා ඉන් නැගෙනහිරට වලවේ ගඟ ද දකුණු දිගින් ගොඩඋඩ දිය බස්නවද බස්නාහිර දිගින් දහයියාගල කන්දද, උතුරු දිගින් කිතල බොකු ඔයද වේ මෙහි තුල මඩුවෙන් වී අමුණු හැටපහඅමුනේ වපසරියක් වී අඩුත්තු හෙවත් ගහකොළ ගොඩ වල්පිට ඇතුලු ප්‍රවේනි සැලැස්මට භුක්ති විදින රඟට සක වස එක්වාදහස් සසීය විසිතෙක් වූ ඉල්මස පුර හතවක ලත් ගුරු දින මෙ දවස මේ සන්නස දෙවා වදාළහ. II වන විමලධර්මසූර්ය රජු ලබාදුන් නින්දගමේ මේ ආකාරයට මෙම ස්ථානයේම වලව්ව සෑදිමට විශේෂ හේතුවක් වී ඇත. කැලයේ සිට හාවකු නරියෙකු සපු සප ලුහු බැද විත් මෙම ස්ථානයේදී හාවා නැවතී ඇත. ඉන් පසු නරියා බිය වී ආපසු කැලයට දිව ගොස් ඇත. ඒ ආකාරයෙන් මෙය ජය භූමියක් ලෙස සලකා වලව්ව ගොඩනැගීමට තීරණ කර ඇත.
මෙන්න තියෙනවා තවමත් ඉස්සර වගේම ලස්සනට තියෙන මඩුවන්වෙල වලව්ව.මේ වලව්ව මෙච්චර ලස්සනටත් ලොකුවටත් හදල තියෙන්නේ මඩුවන්වෙල දිසාවේ තමයි.ඒ කාලේදී වලව්වේ කාමර 121 ක් හා මැදමිදුල් 21 ක් තිබිල තියෙනවා.ඒත් දැනට ඉතුරු වෙලා තියෙන්නේ කාමර 43 ක් හා මැදමිදුල් 7 ක් විතරයි.
http://farm7.static.flickr.com/6082/6064408984_c140338f73_b.jpg
දැන් වලව්වේ වහලය ගොඩක් අබලන් වෙලා තියෙන්නේ.ඒකට තාවකාලික පිලියමක් විදිහට මේ වගේ ටකරන් වහලයක් හදල තිබුනත් නිසි පිලියමක් තවම කරලා නෑ.
http://farm7.static.flickr.com/6193/6063862193_949e56d835_b.jpg
වලව්වට ඇතුළු වෙනකොට තියෙන සදකඩ පහන. (අලියෙක් ඉන්න හින්ද මේකට කියන්නේ සදකඩ පහනද කියල දන්නේ නෑ ඔන්න.):baffled::baffled::baffled:
http://farm7.static.flickr.com/6205/6063863093_b3caa76d60_b.jpg
http://farm7.static.flickr.com/6069/6064411400_258fc3f460_b.jpg
මේ වගේ පිගන් කටු අල්ලලා කරලා තියෙන ලස්සන නිර්මාණ ගොඩක් වලව්වේ ගොඩක් තැන වල දකින්න පුළුවන්.පිගන් කටු, කාසි, මැණික් ගල් ඔබ්බවල මේ නිර්මාණ කරලා තිබුනත් වර්තමානයේ පිගන් කටු විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.එංගලන්තයෙන් පිගන් නැවක් ගෙන්වල ඒ පිගන් කුඩුකරලා මේ නිර්මාණ කරලා තියෙනවා කියල තමයි සදහන් වෙන්නේ.
http://farm7.static.flickr.com/6071/6063864711_52357a5e02_b.jpg
http://farm7.static.flickr.com/6084/6063865705_0eb72b3596_b.jpg
වලව්වේ ගොඩක් දේවල් ලී වලින් තමයි කරලා තියෙන්නේ.මේ තියෙන්නේ ඒ ටිකක්.
http://farm7.static.flickr.com/6084/6063866469_f998531dd1_b.jpg
http://farm7.static.flickr.com/6066/6063867145_12c2bf7a31_b.jpg
http://farm7.static.flickr.com/6069/6063872339_0f28a44cee_b.jpg
මේ ප්‍රදේශයට මඩුවන්වෙල කියන නම හැදුන එක ගැන මතවාද ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ ඒවලින් ටිකක්.
මෙම ප්‍රදේශයේ තැනිතලා බිම ආශ්‍රිතව කලෑ මී හරකුන් බහුලව සිට ඇත. එවකට මී හරකුන්ට මඩුවන් යන නම භාවිතා කළ බවත් මීහරකුන් බහුලව සිටි වෙළ මඩවන් වෙළ වු බවත් එක් ජන වහරකි.
එක්තරා වකවානුවක මෙම ප්‍රදේශයේ කුඹුරු වැපිරූ ගොවීන්ට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව වී කරල් සහිත ගොයම් ගස් පිදුරු (මැඩුවන්) පමණක් දැකගැනීමට හැකි වී ඇත. එම හේතුවෙන් මෙම වෙල්යාය සහිත ප්‍රදේශය මැඩුවන්වෙල යයි නම පට බැදී පසුව මඩුවන්වෙල වූ බවයි.
තවත් මතවයක් නම් වර්ෂා කාලයක එක්තරා වැසි දිනෙක මෙම ප්‍රදේශයේ වෙල්යායට මඩියෝ නම් මාළු විශේෂයක් වැසි ජලයක් සමඟ වැටී ඇතැයි කියවේ. මඩියන්වෙල පසුව මඩුවන්වෙල වු බවත් තවත් මතයකි.
අතීතයේ මෙම ප්‍රදේශය එක්තරා ස්ථානයකින් කරදිය උල්පතක් මතු වී ඇත. එය ගැටඹේ උල්පත ප්‍රදේශයේ මතු වුයේයයි මතයක් පවතී. එම උල්පතින් මුහුදු මඩුවන් නම් මාළු විශේෂයක්ද මතු වී ඇති අතර එම මසුන් අවට කුඹුරු යායේ තිබූ ගොයම්ද විනාශ කර ඇතැයි පැවසේ. මෙම උල්පත පසුව ඇතින්නියක ලවා පාගා වසා දමා ඇතැයි පැවසේ. එම ආකාරයට මඩුවන් මතු වූ වෙල මඩුවන් වෙල ලෙස ප්‍රචලිත වි යයි මතයක්ද පවතී.
මේ තියෙන්නේ වලව්වේ ඉහල මාලයට යන්න තියෙන තරප්පු පේලිය.සම්පුර්නයෙන්ම ලී වලින් කරලා තියෙන හින්ද ගොඩක් ලස්සනයි.
http://farm7.static.flickr.com/6190/6063868861_cb50790a8a_b.jpg
ගරා වැටුන වහලය
http://farm7.static.flickr.com/6084/6063869695_06567418a3_b.jpg
http://farm7.static.flickr.com/6067/6064418530_ae1fd7b68f_b.jpg
මේ ඉන්නේ මඩුවන්වෙල දිසාවේ.ගොඩක් දක්ෂ පාලකයෙක් උනත් මෙය කරපු වැරදි දේවල් ටිකක් තවමත් අපේ හිත් වල තියෙනවා. ගොඩක් කට්ටිය ඒ ගැන දන්නවත් ඇති.මඩුවන්වෙල දිසාවේගේ පාලන ප්‍රදේශය ඇතුලේ පහත කුලයේ ගැහැනුන්ට උඩුකය වැසෙන්නට ඇදුම් ඇදීම තහනම් කරලා තියෙනවා. තවත් කටවහරේ එන කතාවක් තියෙනවා තමන්ගේ පාලන ප්‍රදේශයේ ගැහැණු දරුවක් වැඩිවියට පත් උනාට පස්සේ මුලින්ම මඩුවන්වෙල දිසාවේට ගෙනල්ල දෙන්න ඕනේ කියල.(ඔන්න කිව්වා මමත් මේවා අහපු කතා විතරයි).:rolleyes::rolleyes::rolleyes:
http://farm7.static.flickr.com/6090/6064420794_cd5eb0a9ed_b.jpg
මඩුවන්වෙල මහ දිසාවට බිරින්දෑවරු දෙදෙනෙකු ඉදල තියෙනවා . ඔහු එම පරපුරේ අවසාන සාමාජිකයා. ඔහුගේ බිරින්දෑවරු දෙදෙනා අතරින් කලවානේ කුමාරිහාමිට දුවක් ලැබුණු අතර ඇයද අංගවිකල තැනැත්තියක්.මේ විදිහට තමන්ගේ පරපුර ඉස්සරහට ගෙනියන්න දරුවෙකු නැති උන එකයි ලැබුන දරුවා අංගවිකල උන එකටයි හේතුව ඉස්සෙල්ල මම කියපු මඩුවන්වෙල දිසාවේ කරපු පව්කාරකම් කියල තමයි ගමේ මිනිස්සු කියන්නේ.
http://farm7.static.flickr.com/6191/6063874227_7c798b0fa2_b.jpg
මේ වලව්ව අවරුදු ගානක් කාගෙවත් අවදානයක් නැතුව තිබිල තියෙනවා.ඒ කාලේ මේ වලව්වේ තිබ්බ වටිනා බඩු සියල්ලක්ම අස්ථාන ගත වෙලා.මගේ යාලුවනම් මට කිව්වේ ගමේ ගෙවල්වල ඒ ඔක්කොම තියෙනවා කියල.:P:P
මේ තියෙන්නේ වලව්වේ තිබ්බ දේවල් වලින් ඉතුරු උන දේවල් ටිකක්.
http://farm7.static.flickr.com/6200/6064422858_1aa058d785_b.jpg
http://farm7.static.flickr.com/6201/6064423918_6fcf5cd2ef_b.jpg
http://farm7.static.flickr.com/6066/6064425080_acf699fea0_b.jpg
http://farm7.static.flickr.com/6191/6064426040_8de51021e3_b.jpg
http://farm7.static.flickr.com/6200/6064427338_aff9c9975a_b.jpg
http://farm7.static.flickr.com/6201/6064428024_1c33e8cbb8_b.jpg
http://farm7.static.flickr.com/6184/6063881975_0806fe8483_b.jpg
http://farm7.static.flickr.com/6069/6064430908_13d602af31_b.jpg
මේ තියෙන්නේ අධිකරණ ශාලාව.මේකේ 100 දෙනෙක්ට එකපාර වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට පහසුකම් තිබිල තියෙනවා.මෙම ශාලාවට ඇතුලුවෙන තැන උස අඩි 5 ක් විතරයි.එහෙම වෙන්න හදල තියෙන්නේ සුදු ජාතිකයෙක්ට උනත් අධිකරණ ශාලාවට එනකොට හිස නමාගෙන එන්න වෙන විදිහට.
http://farm7.static.flickr.com/6196/6063883557_80d6f985a8_b.jpg
මේ තියෙන සිංහ හා අශ්ව ලාංජනය ගාලු කොටුවේ නිල ලාංජනයයි.
http://farm7.static.flickr.com/6080/6064432362_85c85abbc7_b.jpg
සිර මැදිරිය :eek::eek:
http://farm7.static.flickr.com/6192/6063885265_8c73ecb9c1_b.jpg
දිසාවගේ ජීවිත අවසාන භාගය රෝගී තත්වයෙන් ගත කර ඇත. ඔහුලේ පාදයේ කලවේ ඇති වූ විශාල ගෙඩියක් හේතුවෙන් ඔහු බෙහෙවින්ම වේදනා විද ඇත. ශ්‍රී ලංකාවේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික ආර්.එල්.ස්පිට්ල් මහතා මහ දිසාවගේ පාදයේ හටගත් ගෙඩිය පලා බෙහෙත් දමා ඇත. පැයකුත් විනාඩි 07 ක් නිර්වින්දනයෙන් තොරව මෙම ශෛල්‍ය කර්මය සිදුකොට ඇතැයි සඳහන් වන අතර තමා දුටු අපූර්ව මිනිසෙකු හා ධෛර්යය සම්පන්න අරුම පුදුම නායකයෙකු ලෙසින් ස්පිට්ල් මහතා මහදිසාව පිළිබඳ තම වනගත ලංකා නම් පොතේ සඳහන් කර ඇත. මෙම ශෛල්‍යකර්මය සිදුකරනා මෙහොතේ ජුවාමුලාදෑනි හා බුලත් සිංහල රාලහාමි නම් අයද එහි සිට ඇත. මහ දිසාපති තුමාට වේදනාවක් දැනුනේ නැද්දැයි විමසු විට වේදනාව මට දැනුනා ඒත් මම කෙදිරිගෑවා නම් සිංහලයාට ඒක ලැජ්ජාවක් ඒ නිසා මම නිහඩව සිටියා යයි පවසා ඇත. මෙම රෝගී තත්වයද වයස්ගත වීම හේතුවෙන් ද මඩුවන්වෙල මහා දිසාව 1930 සැප්තැම්බර් මස 06 වැනිදා මිය ගොස් ඇත. අද අප වලව්ව භූමියට ඇතුල්වන් ගල් ආරුක්කු දොරටුව දකුණු පසින් පිහිටි සොහොන මහදිසාව මිහිදන් කළ ස්ථානයයි.
http://farm7.static.flickr.com/6204/6063851283_4b7bae80d4_b.jpg
විස්තර ගත්තා - ecopalace (http://www.ecopalace.lk/artical/maduwanwela/maduw_sinha.html)
wikipedia (http://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B 7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD_%E0%B7%80%E0%B6%BD %E0%B7%80%E0%B7%8A%E0%B7%80)
මිගාර අය්යත් කලින් මඩුවන්වෙල වලව්ව ගැන විස්තරයක් දාල තිබ්බ.ඒත් මටත් දාන්න හිතුන හින්ද දැම්මේ.මඩුවන්වෙල වලව්ව ගැන ගොඩක් උනන්දු නම් තවත් විස්තර ඕනේ නම් මෙන්න. Click here (http://www.ecopalace.lk/artical/maduwanwela/maduw_sinha.html)
විශේෂ ස්තුතිය මගේ යාළුවා දිනේෂ්ට.:):):)
http://www.elakiri.com/forum/picture.php?albumid=1138&pictureid=5450