PDA

View Full Version : ගුවන් හමූදාවට අට වතාවක්ම වැරදුනේ කෙසේද?


tharinda07
11-02-2008, 09:47 PM
* කොටි යානාවල ආගමනය ඉන්දීය හා චීන රේඩාර් පද්ධතිවලට අසූවේ

* එෆ්ඃ7 ප්*රහාරක යානා කොළඹ මූහූදු ප්*රදේශයට නොගියේ ඇයි?

* තමිල්නාඩ විපකෂ නායිකා ජයලලිතාට කොටි මරණීය තර්ජන

* ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට ආරකෂක බලධාරීන්ගේ ප්*රසාදය

* ජෙයපූරම් අක්කරායන්කුලම් සහ නච්චි කුඩා හමූදාව විසින් අත්පත් කරගනී

* ගුවන්යානා නාශක මිසයිල හා නියමූවන් රහිත යානා යූද හමූදාවට ලබාගැනීම වැළැක්වූයේ ඇයි?

* කොටි යානාව කොළඹට පැමිණෙන අවස්ථාවේ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ විදුලි පහන් නිවා පැහැර හැරලා

"අපේ ගුවන් ආරකෂණ පද්ධතිය ඉතා වැදගත් ප්*රදේශ පවා ආවරණය කරමින් ඉතා කාර්යකෂමව ක්*රියාත්මක වෙනවා" ඃ ගුවන් හමූදාපතිවරයා (අගෝස්තු 19 වැනිදා)

ගුවන් හමූදාවේ ගුවන් ආරකෂණ පද්ධතිය කාර්යකෂමව ක්*රියාත්මක වන්නේද නැද්ද යන්න ගැන මෙරට ජනතාවට අවබෝධ වූයේ පසූගිය අඟහරුවාදා රාත්*රියේය. කොටින්ගේ ස්ලින් 143 හෙවත් කුරුම්බැටිටි යානාව එදින රාත්*රි 11.30 ට පමණ කැලණිතිස්ස විදුලි බලාගාරයට බෝම්බ දෙකක් පතිත කර නිරුපද්*රිතව යෑමෙන් ගුවන් හමූදාපතිවරයාගේ කාර්යකෂම ආරකෂණ පද්ධතියේ තත්ත්වය පැහැදිලි විය.

කොටින් කැලණිතිස්ස විදුලි බලාගාරයට ප්*රහාර එල්ල කිරීමට පැයකට පෙර මන්නාරමේ තල්අඩි හමූදා කඳවූරට ද බෝම්බ දෙකක් හෙළා ඇත. මෙම හමූදා කඳවූරට බෝම්බ දමනූ ලැබූවේ එහි ස්ථානගත කර තිබූ මල්ටි බැරල් රොකටි ප්*රහාරක යන්ත්*ර සහ ග්*රාඩ් රොකටි විනාශ කිරීම සඳහා යැයි හෙළි විය. එහෙත් එකී උත්සාහය අසාර්ථක විය. මෙහිදී එක් සෙබළෙක් පමණක් තුවාල ලැබීය. විදුලිබලාගාරයට එල්ල වූ ප්*රහාරයේදී එක් සේවකයෙක් මරුමූවට පත්විය. කොටි යානාවක් මගින් තල්අඩි කඳවූරට බෝම්බ දමා ඇති බවට කටූනායක පිහිටි ගුවන් ආරකෂණ සහ අණදෙන මධ්*යස්ථානය වෙත දැනූම් දීමට හමූදා නිලධාරීහූ ක්*රියා කළහ. එසේ වූවත් ඒ වන විට කොටින්ගේ යානාවක් එන්ටබේ ප්*රහාරක ක්*රමය අනූගමනය කරමින් පූත්තලමට ඔබ්බෙන් පාලාවි මූහූදු ප්*රදේශයේ ඉතා පහතින් කොළඹ දෙසට ආගමනයේ යෙදුණි.

මේ කොටි යානාවේ අරමූණ වූයේ රේඩාරයට හසූ නොවන අයූරින් ඉතා පහතින් පියාසර කිරීමයි. මෙකී කොටි යානාවේ තමන් සිටින ස්ථානය දැන ගැනීමේ ජී. පී. එස්. යන්ත්*රයක් මෙන්ම කොටි නියමූවා රාත්*රිය විනිවිද පෙනෙන නයිටිවිෂන් උපකරණයක් ද පැළඳ සිටි බව සනාථ විය. කෙසේ වෙතත් පූත්තලමේ පාලාවි ප්*රදේශයේදී කොටි යානාව රේඩාරයට හසූ විය. මෙහිදී කටූනායක ගුවන් ආරකෂණ පද්ධතිය හා අණදෙන මූලස්ථානය කළ යූතුව තිබූණේ එකවර යානා කීපයක් අහසට නංවා මෙකී යානාවට එරෙහිව ක්*රියා කිරීමයි. එහෙත් එවැන්නක් සිදුවූයේද?

පාලාවි සිට නාඳුනන යානාවක් පැමිණෙන බවට වාර්තා වූ විගස කොළඹ විදුලිබලය අක්*රීය කෙරුණි. එෆ් ඃ 7 ගුවන් යානාවක් අහසට නැංවීමට ක්*රියාකළ බවද වාර්තා විය. මේ සියලු ක්*රියාදාමයන් මැද කොටි යානාව කැලණිතිස්ස විදුලිබලාගාරයේ පිහිටි 617 ගෑස්ටර්බයින් සංකීර්ණය විනාශ කිරීම සඳහා බෝම්බයක් පතිත කළේය. මෙම ප්*රහාරයෙන් එකී ගෑස්ටර්බයින් යන්ත්*රය ගිනිගනූ ලැබීය. මෙලෙස කොටින් මන්නාරම හමූදා කඳවූරට හා කොළඹට ප්*රහාරයක් එල්ල කරනූ ඇතැයි කොළඹ කොටි අන්තර්ජාල වෙබ් අඩවි මෙහෙයවන්නන් දැන සිටියහ. එකී ප්*රහාරවලින් විනාඩි කීපයකට පසූ එම වෙබ් අඩවි මෙහෙයවන්නෝ, චෙන්නායිහි වාර්තාකරුවකු පැවැසූ බව දක්වමින් කොටි යානා මන්නාරම හමූදා කඳවූරට හා කොළඹ තෙල් ගබඩාවලට ප්*රහාර එල්ල කළ බව කියා සිටියහ.

මෙහිදී නැගෙන ප්*රශ්නය නම් කොටි ඉලක්ක වී තිබූණේ කොළොන්නාව තෙල් පිරිපහදුවද නැත්නම් ජනාධිපති මැඳුරද යන්නයි. කෙසේ හෝ කැලණිතිස්ස විදුලිබලාගාරයට බෝම්බ දැමූ කොටි යානාවට පලා යෑමට හැකි වූයේ එම යානාවේ වේගයට වඩා පස්ගුණයක වේගයක් ඇති යානා ගුවන් හමූදාව සතුව තිබියදීය.

ගුවන් හමූදාවට මෙවර වැරදුණේ නවවැනි වතාවටය. කොටින් මන්නාරම හමූදා සංකීර්ණයට හා කොළඹට ප්*රහාර එල්ල කිරීම සඳහා පැමිණියේ එම ස්ථානවල ජංගම ගුවන් නාශක මිසයිල නොතිබීම හේතුවෙනි. එසේම ගුවන් හමූදාවේ ගුවන් ආරකෂණ පද්ධතිය මෙහෙයවන්නේ නියමූවකු බවත් පූහූණූ වූ ගුවන් ආරකෂණ පද්ධති නිලධාරියකු නැති බවත් කොටි දනී. මෙයට කලකට පෙර මෙකී කොටි ගුවන් යානා තර්ජනය ගැන චෙක් බලධාරීන්ට දැන්වූ අවස්ථාවේ ඔවූන් පැවැසූවේ තම රටෙි නිපදවූ මෙකී ස්ලින් යානා විනාශ කරදීම සඳහා ශ්*රී ලංකාවට කණ්ඩායමක් එවිය හැකි බවත්, ඒ සඳහා ස්ටෙිරලා ගුවන් යානා නාශක මිසයිල පනහක් ලබාදිය හැකි බවත්ය. එහෙත් එවකට කටූනායක ගුවන් ආරකෂණ බලධාරියා ලෙස ක්*රියා කළ නිලධාරියා පැවැසූවේ ස්ටෙිරලා යනූ පැරැණි ගුවන් යානා නාශක උපකරණයක් බවත්, තමන්ට අවශ්*ය වන්නේ නවීනතම ගුවන් යානා නාශක උපකරණ බවත්ය.

tharinda07
11-02-2008, 09:47 PM
එහෙත් අද වන තෙක් ඔහූට නවීනතම ගුවන්යානා නාශක උපකරණ ලබාගත නොහැකි විය. කොටින්ගේ ස්ලින් යානා විනාශ කිරීමට ස්ටෙිරලා ගුවන්යානා නාශක මිසයිල පරණ යැයි ගුවන් හමූදාව කියද්දී කෙටි සංවිධානය කෆීර් සහ මිග් යානා විනාශ කිරීම සඳහා ලබාගැනීමට උත්සාහ කළේද ස්ටෙිරලා ගුවන්යානා නාශක අවියි. කැලණිතිස්ස විදුලිබලාගාරයට කොටින්ගේ කුරුම්බැටිටි යානා බෝම්බ ප්*රහාරය එල්ල වීමෙන් පසූ එකම ප්*රහාරක හෙලිකොප්ටරයක් හෝ අහසේ සැරිසරනූ කොළඹ නගරවාසීන්ට දැකගත හැකි වූයේ විනාඩි කීපයකට පසූවය. මෙය පූදුමයක් නොවේ. ත්*රිකුණාමලයට ප්*රහාර එල්ල වීමෙන් විනාඩි 15 කට පසූ එෆ් 7 ප්*රහාරක යානා දෙකක් ගුවන්ගතවී තිබිණි. එසේ වූවත් ගුවන් යානා නාශක අවිවලින් එල්ල වූ ප්*රහාරයේ ආලෝකය පමණක් දැකගැනීමට හැකි විය. මෙම සිද්ධියේදී විමර්ශනයට ලක් කළ යූතු කරුණූ කීපයක් වේ. පාලාවි රේඩාර් තිරයට කොටි යානාව අසූවී තිබියදී ගුවන්යානා සමූහයක් එකවර අහසට නංවාලීමට ගුවන් හමූදාව ක්*රියා නොකළේ මන්ද? යන්නයි. එසේම ඒ අවස්ථාව වන විට ගුවන් හමූදාවේ ඉංජිනේරු අංශයේ ක්*රියාදාමයද නිරීකෂණයට ලක් කළ යූතුය.

මේ හැර කොටින් අනූරාධපූර ගුවන් හමූදා කඳවූරට ප්*රහාර එල්ල කරන අවස්ථාවේ එහි ගුවන්යානා නාශක මිසයිල නොතිබූ බව විමර්ශන කොමිසම හමූවේ ඉදිරිපත් වූ සාකෂිවලින් අනාවරණය විය. එසේම ගුවන් හමූදාව දැනට භාවිත කරන්නේ 2ෘ නමැති රේඩාර් පද්ධති හා චීනයේ නිපදවා ඇති 3ෘ පද්ධතිය වේ. මේ රේඩාර්වලින් සතුරු යානාවක් එන උස ප්*රමාණය ගැන දැනගත නොහැකි වේ.

ශ්*රී ලංකාවට 2ෘ ඉන්ද්*රා රේඩාර් පද්ධති ලබාදුන් ඉන්දියාව පහතින් එන සතුරු යානා පිළිබඳව සොයා ගැනීම සඳහා ඊශ්*රායල් නිෂ්පාදිත ඒරෝයාටි නමැති රේඩාර් තමිල්නාඩූවේ සවිකර ඇත. මෙරට ගුවන් හමූදාවට මෙවැනි දුෂ්කරතා පැවැතියත් මූලික දුෂ්කරතාව නිසි පූහූණූවක් ඇති ගුවන් ආරකෂණ නිලධාරීන් නොමැති වීමයි.

එසේම කොටි ප්*රහාර එල්ල කිරීම සඳහා යොදාගන්නා රාත්*රි 10.00 ත් අලුයම 4.00 ත් අතර සමයේ අහස්කුස නිරීකෂණයේ යෙදීමක් ද සිදුවී නැත. කෙසේ හෝ කැලණිතිස්ස විදුලිබලාගාරයට ප්*රහාර එල්ලවීම බරපතල ආරකෂක දුර්වලතාවක් නොවන්නේද?

කොටි ගුවන් යානා පසූපස යෑම සඳහා රාත්*රිය විනිවිද පෙනෙන නයිටි විෂන් නැතැයි ගුවන් හමූදාව කලකට පෙර කියා සිටියහ. රජය නයිටි විෂන් ද ලබාදීමට ක්*රියා කළේය. අනතුරුව ගුවන් හමූදා බලධාරීහූ පැවැසූවේ කොටි යානාවලට ගුවනේ සිට මිසයිල ප්*රහාර එල්ල කිරීමට සූදුසූ යානා නැති බවයි.

ඉන්පසූ චීන නිෂ්පාදිත එෆ් ඃ 7 ප්*රහාරක යානා සමූහයක් ගුවන් හමූදාවට එක්විය.

දැන් එෆ් ඃ 7 ප්*රහාරක යානා තිබූණත් කොටි කුරුම්බැටිටි යානාවට පලා යෑමට හැකි වී තිබේ. මෙකී ප්*රහාර ගැන නිදහසට කරුණූ දක්වමින් ගුවන් හමූදාව පසූගිය කාලයේ කොටින්ට දැඩි ලෙස ප්*රහාර එල්ල කිරීම නිසා ඊට ප්*රතිචාර ලෙස කොටි මෙම ප්*රහාරය එල්ල කළා යැයි ප්*රකාශ කිරීමට ඉඩ ඇත.

මෙම ප්*රහාරයෙන් අනාවරණය වන තවත් කරුණක් වන්නේ මෙයට පෙර කොළඹට හා වෙනත් හමූදා කඳවූරුවලට ප්*රහාර එල්ල කිරීමට කොටින් ස්ලින් යානා දෙකක් එවන අතර මෙවර එවා ඇත්තේ එක් යානාව බැගිනි. කොටි යානාව කැලණිතිස්සට ප්*රහාර එල්ල කරන අවස්ථාවේ කටූනායක ගුවන් තොටූපළ වෙත පැමිණෙමින් තිබූ මගී යානා දෙකක් චෙන්නායි ගුවන් තොටූපළ වෙත යොමූ කෙරිණි.

tharinda07
11-02-2008, 09:48 PM
මෙකී ගුවන්යානා මූලතිව් වෙත ගෙන ආ සූජී ගුණපාලන් නමැත්තා ආරකෂක විමර්ශකයන් වෙත පවසා ඇත්තේ යානා තුනක් මෙරටට ගෙන ආ බවයි.

මෙම ප්*රහාරය සිදුවී විනාඩි 10 කට පසූ කොටින්ගේ යූරෝපා වෙබ් අඩවිය පැවැසූවේ කොළඹ තෙල් ටැංකි සමූහයකට ප්*රහාර එල්ල වී ඇති බවයි. ශ්*රී ලංකා ගුවන් හමූදාව කිලිනොච්චියේ සිවිල් වැසියන්ට ප්*රහාර එල්ල කිරීම නිසා තිදෙනකු මියගොස් අටදෙනකු තුවාල ලබා ඇතැයි කොටින් තවදුරටත් ප්*රකාශ කර ඊට ප්*රතිචාර ලෙස මෙම ප්*රහාරය එල්ල කළ බව පවසා ඇත. එහෙත් රජය එම චෝදනාව ප්*රතිකෙෂ්ප කළේය.

එසේම තම ප්*රහාරක යානා ආපසූ නිරුපද්*රිතව පැමිණි බවද කොටි පවසා ඇත. මේ අතර කැලණිතිස්ස විදුලිබලාගාරයට හානි සිදු වූයේද යන්න විමර්ශනය කිරීම සඳහා මාධ්*ය කණ්ඩායමක් ද එකී ස්ථානය වෙත ගෙන යෑමට බලධාරීහූ ක්*රියා කළහ. මොවූන් අතර සිටි චරපූරුෂයකුගෙන් කොටි වෙබ් අඩවි මෙහෙයවන්නන්ට සියලු තොරතුරු ලැබිණි.

මෙහිදී හෙළිවූයේ ගෑස්ටර්බයින් දෙකකට හානි සිදුවී ඇති බවයි. මේ අන්දමේ වාතාවරණයක් මැද මෙරට ජනතාවට මතුවී ඇති බරපතල ප්*රශ්නය නම් නව වතාවක්ම කොටි යානා විනාශ කිරීමට නොහැකි වීමේ තත්ත්වයයි. මූලින්ම 2007 මැයි 26 වැනිදා කොටි ගුවන්යානා දෙකකින් කටූනායක ගුවන් හමූදා කඳවූරට බෝම්බ දැමීමෙන් භටයන් තිදෙනකු මරුමූවට පත්විය. අනතුරුව අප්*රේල් 23 වැනිදා පලාලි හමූදා කඳවූර අසල බංකරයකට බෝම්බ දැමීමෙන් හමූදා සෙබළුන් හයදෙනකු ද මියගියහ. කොටි යළිත් අප්*රේල් 24 වැනිදා කොළොන්නාව තෙල් පිරිපහදුව හා මූතුරාජවෙල ගෑස් සංකීර්ණයට ද, ඔක්තෝබර් 27 වැනිදා අනූරාධපූර ගුවන් හමූදා කඳවූරට ද බෝම්බ දැමූහ. මේ වසරේ අප්*රේල් 27 වැනිදා වැලිඔයටද ඉන්පසූ ත්*රිකුණාමලයට හා වවූනියාව ගුවන් හමූදා කඳවූරටද බෝම්බ ප්*රහාර එල්ල විය. මේ වන විට හෙළිවී ඇති තොරතුරුවලට අනූව වවූනියාවේ පිහිටි ඉන්ද්*රා රේඩාර් පද්ධතිය විසින් එදින රාත්*රි 10.08 ට කොටි යානාවේ ආගමනය හසූකරගෙන තිබිණි. නමූත් මේ හැර කොටි යානාවේ ආගමනය කොළඹ සමීපයේ ස්ථානගත කර තිබූ චීන 3 ෘ රේඩාර් පද්ධතියටද හසූවිය. ඉන්දීය රේඩාර් පද්ධතිය විසින් කොටි යානාව පැමිණෙන දිශාව පෙන්නූම් කරද්දී චීන ත්*රිමාණ රේඩාරය විසින් එකී යානාව පැමිණෙන්නේ කොපමණ උසකින්ද යන්න සඳහන් කර තිබේ. මෙලෙස ඉන්දීය හා චීන රේඩාර් පද්ධති විසින් කොටි යානාව සොයාගනූ ලැබූවත් කටූනායකින් ගුවන්ගත වූ එෆ් ඃ7 යානාවේ රේඩාරයට එකී යානාව හසූවී නැත. මේ නිසා ගුවන් යානා නාශක මිසයිලය ක්*රියාත්මක වී නැත.

මේ සම්බන්ධව ගුවන් හමූදා බලධාරීන් විසින් ආරකෂක බලධාරීන් වෙත දන්වා කොටි උෂ්ණත්වය පසූපස හඹා යන මිසයිලවලට ප්*රතික්*රියා දැක්විය හැකි උපාංග ලබාගෙන ඇති බව කියා සිටි බව වාර්තා වේ. එහෙත් ගුවන්යානා නාශක මිසයිල වැළැක්වීමට හැක්කේ අධික උෂ්ණාධික ප්ලේසාර්ස් නම් වූ ආලෝක ධාරාවලට පමණි.

tharinda07
11-02-2008, 09:49 PM
මෙහිදී නැගෙන බරපතල ප්*රශ්නය නම් ගුවන් හමූදා මූලස්ථානයේ හා ගුවන් ආරකෂණ කේන්ද්*රස්ථානයක ඉග්ලා මිසයිල ඇතත් එම මිසයිල යොදවා කොටි යානාවට ප්*රහාර එල්ල නොකළේ මන්ද යන්නයි. මෙයට පෙර කොටි කොළොන්නාව තෙල් පිරිපහදුව වෙත බෝම්බ දැමීමට එද්දී ඉග්ලා මිසයිලවලින් සමන්විත ප්*රහාරක නිලධාරියකු සිටියත් කුමක් හෝ හේතුවක් නිසා ඔහූට කොටි යානාවට ප්*රහාර එල්ල කිරීමට නොහැකි විය. එසේම මෙවර කොටි යානාව මෝදර මූහූදු ප්*රදේශයෙන්ම පැමිණ ආපසූ පිටත්ව ගොස් ඇත්තේද එම මාර්ගයෙන්ම යැයි හෙළි විය.

මේ නිසා කටූනායකින් ගුවන්ගත වූ එෆ් ඃ 7 යානා නියමූවන් මූහූදු ප්*රදේශය වෙත නොගියේ මන්ද? එහෙත් දැන් ගුවන් හමූදා නිලධාරීහූ පරීකෂණ අරඹා ඇත. යූද හමූදාව පසූගිය බදාදා ඒ ඃ 9 මාර්ගයේ බටහිර පිහිටි ජෙයපූරම් ගම්මානය සිය පාලනයට ගනූ ලැබීය. ජෙයපූරම් අල්ලා ගැනීමට සතියකට පෙර ප්*රභාකරන් පැවැසූවේ කිලිනොච්චියේ කිසිම නගරයක් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බවයි.

පළමූ බළකාය ජෙයපූරම් නගරය අල්ලා ගනිද්දී 57 බළසේනාව විසින් අක්කරායන්කුලම් වැව් බැම්ම ප්*රදේශය මූළුමනින්ම සිය පාලනයට ගෙන තිබිණි. එසේම පසූගිය බදාදා සවස් යාමයේදී තුන් පැත්තකින් ඉදිරියට ගිය පළමූ බළකාය විසින් කොටි කේන්ද්*රස්ථානයක් වූ නාච්චිකුඩා ප්*රදේශයද අල්ලාගනූ ලැබීය. නාච්චිකුඩා ප්*රදේශය අල්ලා ගැනීමත් සමගම මන්නාරම පූනරින් මාර්ගයේ කොටි සැපයූම් බලය බිඳවැටිණි. ජෙයපූරම් නගරය ආරකෂක හමූදාවට අල්ලා ගැනීමට හැකිවීම කොටි සංවිධානය මූහූණපෑ දැඩි අසීරුතාවක් වෙයි.

අක්කරායන්කුලම්, නාච්චිකුඩා සහ ජෙයපූරම් ප්*රදේශ හමූදා පාලනයට නතුවීමේ සිද්ධිය කොටි ප්*රචාරක ජාලය විසින් කොළඹ ද්*රවිඩ ජනතාව වෙත වසන්කර හමූදා සෙබළුන් හැටක් මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට ප්*රචාරය කළහ.

කෙසේ වෙතත් නාච්චිකුඩා ප්*රදේශයේ දරුණූ සටන් පැවැති බව වාර්තා වේ.

ටී. එම්. වී. පී. පකෂයේ නායක විනයගමූර්ති කරුණා සහ පිල්ලෙයාන් අතර යළි ගැටූම් ඇතිකිරීමේ කුමන්ත්*රණයක් දියත් වූයේද මේ සතියේය. කරුණා පකෂයෙන් පහ කළ බවට නිවේදනයක් ද ප්*රකාශයට පත්විය. ඒ අතරේ පසූගිය අඟහරුවාදා අලුයම කොටි කණ්ඩායමක් මඩකලපූවේ චෙන්කලඩි පිහිටි කරුණාගේ පකෂ කාර්යාලයට කඩාවැදී එහි සිටි සිව්දෙනකු ඝාතනය කර තවත් පස්දෙනෙක් පැහැරගෙන ගියහ. කොටින්ගේ ජාත්*යන්තර ජාලය මේ සතියේදී තමිල්නාඩූ විපකෂ නායිකා ජයලලිතා ජයරාම්ද මරණ බවට තර්ජනය කරමින් මැලේසියාවේ සිට ලිපියක් එවා තිබිණි. ලෝක ජගත් ද්*රවිඩ වාර්ගික ආරකෂක කමිටූවේ තායිලන්ත ශාඛාව නමින් මෙම මරණීය තර්ජනය සඳහන් ලිපිය එවා තිබූණේ වී. තමිල්වාන්නන් නමැත්තෙකි.

"ඔබට එවන අවසාන නිවේදනය මෙයයි. ලෝකයේ කවූරුන් හෝ කොටි සංවිධානයට එරෙහි වූවොත් අපි ඔවූන්ව විනාශ කර දැමීමට පසූබට නොවන්නෙමූ" යැයිද එකී තර්ජනාත්මක ලිපියේ සඳහන් කර තිබිණි.

තමාට එල්ල වූ මරණීය තර්ජන ගැන ජයලලිතා මදුරාසි අධිකරණය වෙත පැමිණිලි කර තිබේ. මේ සතියේ ආරකෂක කරළිය තුළ මෙවැනි තොරතුරු අනාවරණය වෙද්දී ශ්*රී ලංකාව තුළ ක්*රියාත්මක වන ජාත්*යන්තර සංවිධාන විවිධ රජයේ නිලධාරීන් ලවා විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි අනාවරණය විය.

මෙය තවදුරටත් සනාථ වූයේ සෝආ සංවිධානය සහන සේවකයන් දෙදෙනකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා මඩකලපූවේ රජයේ නිලධාරිනියක ලවා රෙකමදාරුවක් ලබාගෙන එය ආගමන විගමන බලධාරීන්ට එවීමයි.

එහෙත් එම ඉල්ලීම ප්*රතිකෙෂ්ප විය. යූද හමූදාවද මෙයට කලකට පෙර නිරීකෂණ කටයූතු සඳහා නියමූවන් රහිත යානා මෙන්ම ගුවන් යානා නාශක මිසයිල ලබාගැනීමට උත්සාහ කළත් ගුවන් හමූදාවේ විරෝධය මැද එය නතර විය. මේ නිසා තම මෙහෙයූම් කටයූතු ගුවන් හමූදාව මතම රැඳී ඉටූ කිරීමට යූද හමූදා බලධාරීන්ට සිදු විය.

මෙයට කලකට පෙර නාවික හමූදාව ගුවන් ඒකකයක් පිහිටූවීමට කටයූතු කරද්දී ගුවන් හමූදාව මැදිහත් වී එකී වැඩපිළිවෙළ කඩාකප්පල් කර දැමීය. මෙය පූදුමයක් නොවේ. ප්*රභූන් ගෙන යන හෙළිකොප්ටර්වල සේවය කළ නිලධාරියකු ගුවන් ආරකෂක නිලධාරියා වී සිටියි. ඔහූ ගුවන් ආරකෂාව ගැන පූහූණූව ලබා ඇත්තේ කුමන රටෙිද? ආරකෂණ හේතූන් මත හෙළිකළ නොහැකි කරුණූ රැසක් ඇත. කොටි යානාව මූහූදු ප්*රදේශය හරහා ආපසූ වන්නියට යද්දී එෆ් ඃ 7 යානා මූලතිව් ගියේ කුමකටද? තම වැරදි වසා ගැනීම සඳහා ගුවන් හමූදාව ආරකෂක බලධාරීන් නොමග යවන බව දැන් පැහැදිලිය.

කීර්ති වර්ණකුලසූරිය

tharinda07
11-02-2008, 09:49 PM
http://www.divaina.com/2008/11/02/defence.html

buddhika19
11-02-2008, 10:06 PM
ammmmmmmmmmmo

rukshankb
11-02-2008, 10:28 PM
plain ekak ahasata nagganwa kiyanne oya nikan threewheel ekak start karanwa wage newey, danna deyak katha kara nam honday. ape moral eka bassanne nathiwa imu. mistakes wenna puluwan. eth nodanna dewal walata engili nogahana tharamata honday.

tharinda07
11-02-2008, 10:39 PM
plain ekak ahasata nagganwa kiyanne oya nikan threewheel ekak start karanwa wage newey, danna deyak katha kara nam honday. ape moral eka bassanne nathiwa imu. mistakes wenna puluwan. eth nodanna dewal walata engili nogahana tharamata honday.
plan ekak naggann laesi nae kiyala mamath dannawa,mama moral bassanna maeka dannme nae,mama maeka damme mama dakka ek eka godak kattiya maeka gaena eka eka kath kiyanawa, egollanta eththa mokadda kiyala daenaganna daemme