PDA

View Full Version : නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ”ලෝක

Nishz
10-11-2011, 09:00 AM
නුවරඑළියෙන් ඇරඹි බලන්ගොඩින් අවසන්වන ”ලෝකාන්තය”

http://img193.imageshack.us/img193/4049/50504927831ef4fbecb1z.jpg

‘‘ලෝකාන්තය’’ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ පිහිටි අපූරු ස්වාභාවික නිර්මාණයකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති ‘‘ලෝකාන්තය’’ පිහිටියේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඉහළ කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්නේය.
මුහුදු මට්ටමින් අඩි 6900ත් 7500ත් (මීටර් 2100-2300) අතර උසකින් පිහිටි හෝටන්තැන්න හෙක්ටයාර් 3160 කින් සමන්විතය. 2010 වර්ෂයේ ලෝක උරුමයක් බවට පත්වූ මේ හෝටන්තැන්නේ කෙළවරක ‘‘ලෝකාන්තය’’ පිහිටා තිබේ.
ක‍්‍රිස්තුවර්ෂ 1831-1837 කාලයේ ශ‍්‍රී ලංකාවේ සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් රොබට් විලියම් හෝටන් මහතා විසින් සබරගමුව රටේ මහත්තයා සමග ගිය ගමනකදී 1836 දී එම ස්ථානය සොයාගෙන ඇති බව ඉතිහාසයේ සදහන්වෙයි.
හෝටන්තැන්නේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000කි. ඉතා ශීතල දේශගුණයක් පවතින මෙහි ඇතැම් කාලවල රාත‍්‍රියට සෙල්සියස් අංශක පහක් දක්වා උෂ්ණත්වය අඩුවෙයි. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක දහතුන සාමාන්‍ය උෂ්ණත්ව පරාසය වන අතර ඇතැම් කාලවල සෙල්සියස් අංශක විසිහතක උපරිමය පෙන්වයි.

අග‍්‍රාඔය, බෙලිහුල්ඔය, උමාඔය, බගවන්තලා ඔය, හෝටන්තැන්නෙන් ආරම්භ වෙයි. නුවරඑළියේ සිට කිලෝමීටර් 32ක දුරක් ලෝකාන්තයට ඇත. අඹේවෙල පට්ටිපොල හරහා ලෝකාන්තයට පිවිසිය හැකිය. ලිදුල ආගරපතන හරහාද පැමිණිය හැකිය. එසේම ඔහිය හරහාද පැමිණිය හැකිය. මේ මාර්ග මධ්‍යම පළාතේ පිහිටා ඇති අතර හෝටන්තැන්නේ වනජීවී කාර්යාල පිහිටි පිවිසුම් ස්ථානය දක්වා වාහනයකින් පැමිණිය හැක. එතැන් සිට පාගමනින් කිලෝමීටර් තුනකට වැඩිදුරක් ‘‘ලෝකාන්තය’’ වෙත පයින් යා යුතුය. එකවරම අඩි 2854ක් හෙවත් මීටර් 870ක මහා ප‍්‍රපාතයට ‘‘ලෝකාන්තය” යැයි කියයි. එතැන සිට තව කෙටිදුරක් බේකර්ස් ඇල්ල දෙසට ගියවිට අඩි 886ක හෙවත් මීටර් 270ක එවැනි කුඩා ප‍්‍රපාතයක් හමුවෙයි. එය ‘‘පුංචි ලෝකාන්තයයි’’.
මේ ‘‘ලෝකාන්තයෙන්’’ පහළ බැලූවිට ගිනිපෙට්ටි ප‍්‍රමාණයට ගොඩනැගිලි කිහිපයක් දිස් වෙයි. ඒ පෙනෙන්නේ නන්පේරියල් වත්තේ ‘‘අපර් ඩිවිෂන්’’ හෙවත් ‘‘උඩ කොටසයි’’. රත්නපුර දිස්ත‍්‍රික්කයේ බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට එම ප‍්‍රදේශය අයත්වෙයි. මේනිසා ලෝකාන්තයෙන් පහළට වැටුනොත් හමුවන්නේ බළන්ගොඩින් යැයි විශ්වාසයක් ජනතාව අතර ඇත.

‘‘ලෝකාන්තය’’ බැලීමට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ද පැමිණිය හැකි මාර්ගයක් තිබේ. ඒ බදුල්ල- කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය සහ පඹහින්න අතර ඇති නන්පේරියල් හන්දියෙන් ඉහළට ඇති නන්පේරියල් වත්ත හරහා පාරයි. මේ පාරේ එනවිට ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල සොයාගත් සැමුවෙල් බේකර්ස් මහතා පදිංචිව සිටි නිවෙසද පසුකර නන්පේරියල්වත්තේ තේ කර්මාන්තශාලාව තෙක් කිලෝ මීටර් 12ක් පැමිණ එතැන් සිට තවත් කිලෝමීටර් 8ක් නැග්රැුක් දක්වා ගොස් එතැන් සිට පයින් කිලෝ මීටර් හතරක් පමණ ගියවිට ‘‘ලෝකාන්තයට’’ යා හැකිය. මෙය ඉතා බැවුම් සහිත අවදානම් මෙන්ම අනතුරුදායක පාරකි. නන්පේරියල් තේ කම්හල තෙක් තරමක් පහසුවෙන් වාහනයක් පැමිණිය හැකි වුවත් එතැන් සිට නැග්රැක් දක්වා වු මග අතිශයින් දුෂ්කරය.

ලෝකාන්තයෙන් පහළට කෙනෙකු වැටුණොත් හොයන්නට යන්නේ මේ නන්පේරියල් වත්තේ උඩකොටස හරහාය. උඩ කොටස තෙක් වාහනයක් යාහැක. එයද දුෂ්කර මගකි. තද බැවුම් මෙන්ම මහ කදුවලින් යුතු පටු මගකි. උඩකොටස වතු නිවාස අසලට පමණක් පයින් යාහැකි අතර එතැන් සිට උඩ බැලූවිට ඉහළින් පෙනෙන්නේ ලෝකාන්තයයි.
ඇතැම් අවස්ථාවල ලෝකාන්තයෙන් පහළට වැටුණු අයගේ සිරුරු සොයා හරස් මාර්ග ඔස්සේ කිලෝමීටර් හතඅටක් පයින් යා යුතුය. ඝෘජුව කන්ද නැගිය නොහැකි නිසා යායුත්තේ හරස් අතටය. හොදින් හිරු එළිය නොමැතිවූ විට මීදුම ගලාවිත් ප‍්‍රදේශයම වැසීයයි. ඒනිසා වෙනත් ප‍්‍රදේශයක මෙන් දිවාකාලයේ පැය හයක් හතක් හැර ඉතිරි කාලය මීදුම නිසා සාමාන්‍ය වැඩවලට බාධා එල්ලවේ.
ඒ නිසා ‘‘ලෝකාන්තයෙන්’’ වැටුණ කෙනෙක් නන්පේරියල් වත්තේ උඩකොටසින් හොයාගෙන තවත් කිලෝමීටර් තිස්පහක් පමණ පහළ පිහිටි බළන්ගොඩ මූලික රෝහලට ගෙනයා යුතුය. ඕස්ටේ‍්‍රලියාවේ සිට සංචාරයකට පැමිණි පනස්තුන් හැවිරිදි ක‍්‍රිස්ටෝපර් ෆිල්ටඞ් යන අය පසුගිය 30 වැනිදා කටුස්සෙකුගේ ඡයාරූපයක් ගැනීමට ගොස් ‘‘ලෝකාන්තයෙන්’’ පහළට වැටී ජිවිතක්‍ෂයට පත්විය. 31 වැනිදා ඔහුගේ සිරුර බළන්ගොඩ රෝහලට රාත‍්‍රී හත හමාර වනවිට ගෙනාවේද මෙකී දුෂ්කර මග ඔස්සේය.:sorry:

නන්පේරියල් වත්ත

http://img213.imageshack.us/img213/8093/img9833l.jpg

http://img214.imageshack.us/img214/6240/img9771s.jpg

http://img600.imageshack.us/img600/9987/img9775z.jpg

Email මගින් ලැබුන ලිපියක් සංස්කරණය කෙරුවෙමි..:)
Comment,rep දීලා යන්න.
බුදු සරණයි..!!!

sudu pusa
10-11-2011, 09:24 AM
පට්ට බං:cool:
මං ගිහින් නෑනේ:sorry::sorry:

Nishz
10-11-2011, 09:31 AM
පට්ට බං:cool:
මං ගිහින් නෑනේ:sorry::sorry:

ලෝකාන්තේ බලන්න ගිහින් නෑ :shocked:
Comment එකට thnx පුස් :yes:

lahirufx+
10-11-2011, 09:33 AM
නියම විස්තරේ:)......යාළුවා ඕකෙන් හදිසියේ එකෙක් වැටුනොත් ඌ අර්තල් එකේ බිත්තරේ පොලවේ ගැහුවා වගේ නන්පේරියල් වත්තට පාත්වෙනවද?:shocked:

kosandpol
10-11-2011, 09:34 AM
හොඳ පෝස්ට් එකක්..

Laknath
10-11-2011, 09:35 AM
elaz :)

coolshano
10-11-2011, 09:37 AM
pattaaaa

Nishz
10-11-2011, 09:39 AM
නියම විස්තරේ:)......යාළුවා ඕකෙන් හදිසියේ එකෙක් වැටුනොත් ඌ අර්තල් එකේ බිත්තරේ පොලවේ ගැහුවා වගේ නන්පේරියල් වත්තට පාත්වෙනවද?:shocked:

වත්තට තමයි වැටෙන්නේ :yes:
ඒත් වැටෙන කෙනාගේ ගන්න කිසි දෙයක් ඉතිරි වෙන එකක් නැහැ මචං:sorry:

Suvin1122
10-11-2011, 09:39 AM
නියමයි...හොඳ ත්‍රෙඩ් එකක්..මමත් මාසෙකට කලින් බලන්න ගිහින් ආවා...:D

kosandpol
10-11-2011, 09:39 AM
නියම විස්තරේ:)......යාළුවා ඕකෙන් හදිසියේ එකෙක් වැටුනොත් ඌ අර්තල් එකේ බිත්තරේ පොලවේ ගැහුවා වගේ නන්පේරියල් වත්තට පාත්වෙනවද?:shocked:

ඌ හයියෙන් දුවගෙන ගිහින් පැන්නොත් නං ඔහොම වෙන්න ඉඩ තියෙයි. නැත්තං ඉතිං ඌ බැම්මෙ වැදිලා, ගස් වල වැදිලා කොත්තුවක් වෙලා තමයි වැටෙන්නෙ.

Nishz
10-11-2011, 09:43 AM
ඌ හයියෙන් දුවගෙන ගිහින් පැන්නොත් නං ඔහොම වෙන්න ඉඩ තියෙයි. නැත්තං ඉතිං ඌ බැම්මෙ වැදිලා, ගස් වල වැදිලා කොත්තුවක් වෙලා තමයි වැටෙන්නෙ.

ගොඩක් වැටෙන,හිතාමතා පනින අයගේ අතපය නැහැලු :sorry:

Kasunrock619
10-11-2011, 09:47 AM
Niymai

BC_Dilum
10-11-2011, 09:47 AM
dawasaka Balangoda paththen World's End yanawamai............

WICKILEAKS
10-11-2011, 09:53 AM
පට්ට බං:cool:
මං ගිහින් නෑනේ:sorry::sorry:

NEDAKIN THOTA GANNA ONI MADU WALIGENDA
HARAK PA YYENDA
NUWARA INDALA WORLDSEND GIHIN NATHIWATA:growl:

Nishz
10-11-2011, 09:55 AM
පට්ට බං:cool:
මං ගිහින් නෑනේ:sorry::sorry:

නියම විස්තරේ:)......යාළුවා ඕකෙන් හදිසියේ එකෙක් වැටුනොත් ඌ අර්තල් එකේ බිත්තරේ පොලවේ ගැහුවා වගේ නන්පේරියල් වත්තට පාත්වෙනවද?:shocked:

හොඳ පෝස්ට් එකක්..

elaz :)

pattaaaa

නියමයි...හොඳ ත්‍රෙඩ් එකක්..මමත් මාසෙකට කලින් බලන්න ගිහින් ආවා...:D

Niymai

dawasaka Balangoda paththen World's End yanawamai............

තැන්ක්ස් මචංලා හෙල්ප් එකට...:yes:

isuruimg
10-11-2011, 10:00 AM
kakul deka daganalawa ban mage nam oka lagata giyama :P paninnamai hithenne :eek:

kosandpol
10-11-2011, 10:01 AM
kakul deka daganalawa ban mage nam oka lagata giyama :P paninnamai hithenne :eek:
පනින්න ද දඟලන්නෙ ? :P

isuruimg
10-11-2011, 10:07 AM
පනින්න ද දඟලන්නෙ ? :P

sirawata ban adiya thiyannamai hithenen ledakda manda . wal paalamaka yanakotath ara hidasakata adiya thiyannamai hithenne mata :sorry::eek:

kosandpol
10-11-2011, 10:12 AM
sirawata ban adiya thiyannamai hithenen ledakda manda . wal paalamaka yanakotath ara hidasakata adiya thiyannamai hithenne mata :sorry::eek:
ඉතිං පැනපංකො බං. live@8 එකෙත් යයි. :D

Nu1Dnk
10-11-2011, 10:27 AM
Nice macahan... ++ dunna

lasa.lasa
10-11-2011, 10:32 AM
thanks machan!

Chrisrg
10-11-2011, 10:33 AM
http://www.amithtours.net/wp-content/uploads/2011/06/hortonplains.jpg
mama machan hortenplins wala lokaanthya balanna gihama kawadawath mage amma hariyata balannn denne ekale.. habai..adatath echra tamai.....mage amma mara bayayi.....habai harima sundara tanak....handawe 4 witara wenkota gonun enawa atha lnagatama......hariyata harak wage....habai 4n passe hortenplins walata yann denn ne...

machan sir.Robert Wilam Horton = sir.Robert Wilmot Horton wiyayuthi...

bakers falls...
http://2.bp.blogspot.com/_z_4Eb93LnLs/SnrwVp7b9DI/AAAAAAAAADM/JTuQ4eS8jcw/s320/z_jun-p04-Baker%E2%80%99s.jpg
Sir Samuel Baker ge nama tama okata damme bakers all kiyala.ohu gaveshakayek...

amtaka karanna epa Polithin wage dewal athulata aran yanna epa...kohomath athulata aran yann denne ne!!

lokanthyen painna yana kattaiya mataka tiyaganna liyumak liyala yanna.. ;)

Kavinda.online
10-11-2011, 10:36 AM
Patttai Patha bea unoth..............

Nishz
10-11-2011, 11:01 AM

Watina karunu tikak apith ekka bedagatthata sthuthie saho :)

Chrisrg
10-11-2011, 11:15 AM
Watina karunu tikak apith ekka bedagatthata sthuthie saho :)
Sahotath bohama sthuthi me wage watina maturakawak ,thorathuru demmata...:)

Dulanzz
10-11-2011, 12:14 PM
http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif valuable post machan thnx 4 sharin wit us ++rep :)

Nishz
10-11-2011, 01:26 PM

Thanks machan :yes:

mcwolfe
10-11-2011, 06:03 PM
එළමචන් රෙප්+

Nishz
10-11-2011, 06:04 PM
Patttai Patha bea unoth..............

:yes:

asankanp
10-11-2011, 06:07 PM
:):):):)

Nishz
10-11-2011, 06:08 PM
එළමචන් රෙප්+

Thanks මචන්.:)

DJANURADHA@mp3
10-11-2011, 06:13 PM
haffa maxsaa machan ela

bathalaya
10-11-2011, 06:18 PM
මාත් ළඟදි ඕකෙන් පනින්න හිතාන ඉන්නෙ:dull::(

Nishz
10-11-2011, 06:20 PM
haffa maxsaa machan ela

Thanks machan :yes:

Nishz
10-11-2011, 06:21 PM
මාත් ළඟදි ඕකෙන් පනින්න හිතාන ඉන්නෙ:dull::(

Ae ai bun? :sorry:

bathalaya
10-11-2011, 06:25 PM
Ae ai bun? :sorry:

ළඟදි ‍කෙල්ලෙක්‍‍ගෙන් අහන්න කියල හිතාගෙන ඉන්නෙ මචන්:yes:
බෑ කිව්වොත් පැන්න:dull:
ඔය කිව්වට කරන එකක් නෑ

88gee
10-11-2011, 06:27 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/261942_10150257246736520_649736519_7611854_5773420 _n.jpg

me thiyenne clear dawasaka hariyatama man lokanthe uda idala pahala pena widiya gathu photo ekak :)

Nishz
10-11-2011, 06:35 PM
ළඟදි ‍කෙල්ලෙක්‍‍ගෙන් අහන්න කියල හිතාගෙන ඉන්නෙ මචන්:yes:
බෑ කිව්වොත් පැන්න:dull:
ඔය කිව්වට කරන එකක් නෑ

;):lol:;)

Djram
10-11-2011, 06:38 PM
pattai machan :D
10+

Hummer
10-11-2011, 06:48 PM
අනිත් එක ඔය උසේ හෑටියට ඕකෙන් පහලට වෑටෙන්නම සතියක් විතර යයි නේද. ඒ නිසා ටික දවසක් ගිහින් තමයි Body එක හොයන්න යන්න වෙන්නේ.:lol::lol::lol:

Nishz
10-11-2011, 06:50 PM
https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc6/261942_10150257246736520_649736519_7611854_5773420 _n.jpg

me thiyenne clear dawasaka hariyatama man lokanthe uda idala pahala pena widiya gathu photo ekak :)

නියම pic එක මෙචිචර Clear එකට Worldsend දැක්කමයි :)

prageeth119lk
10-11-2011, 06:53 PM
නියමයිhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Dinushasankalpa
10-11-2011, 06:55 PM
ape gama belihul oya... kohomath awruddakata serayak ha galei , lokanthei balanna yanawa...
thanks machan..
good post :)

Amandaa
10-11-2011, 07:02 PM
mamath gihillanam na..ahala thibba witharai.. mechchara lassanai kiyala danan hitiye na nish..dan nam yanna asa hithenawa :yes:

Nishz
10-11-2011, 07:19 PM
නියමයිhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

ape gama belihul oya... kohomath awruddakata serayak ha galei , lokanthei balanna yanawa...
thanks machan..
good post :)

Thanks machanla.. :)

Nishz
10-11-2011, 07:22 PM
mamath gihillanam na..ahala thibba witharai.. mechchara lassanai kiyala danan hitiye na nish..dan nam yanna asa hithenawa :yes:

Yanna worldsend balanna...
Thanks Amandaa comment ekata..:)

migaramk
10-11-2011, 07:31 PM
අනිවා යන්න ඕනා තැනක්..... හැබැයි මීදුම නැති දවසක් වෙන්න ඕනා

Chrisrg
10-11-2011, 08:03 PM
machanla worlds end balnna ynawanam Train ekan yanna.colombo kattiya kelliman badulla Train eka aran Pattipolen bahinna..habai ita wada hodai Ohiya yen bahala Pyain yanna puluwanna godak hodai...nettam etana pahala Van ehema tyenwa. e wunata pyain yanawanam hodai .habai kanda tyenwa tikak witara durai. Hortain plains wala Museum ekak ehema tyenwa. ali inna kalekuth tyenwa dawalta.diwiyan,diya ballan wage sattu ehema dakkinan puluwan..kiyala wedak ne gihillama balanna..

Chrisrg
10-11-2011, 08:15 PM
amataka wuna matadeyak tyenwa kiyanna ...habai Train eken yanawanam Dawask witra yanawa..alle stations eka gawa tyenwa one trama nawatainanna ten.

moongirl
10-11-2011, 08:21 PM
gud post gihin na balanna .godak lassani :) :)

Nishz
10-11-2011, 08:24 PM
machanla worlds end balnna ynawanam Train ekan yanna.colombo kattiya kelliman badulla Train eka aran Pattipolen bahinna..habai ita wada hodai Ohiya yen bahala Pyain yanna puluwanna godak hodai...nettam etana pahala Van ehema tyenwa. e wunata pyain yanawanam hodai .habai kanda tyenwa tikak witara durai. Hortain plains wala Museum ekak ehema tyenwa. ali inna kalekuth tyenwa dawalta.diwiyan,diya ballan wage sattu ehema dakkinan puluwan..kiyala wedak gihillama balanna..

amataka wuna matadeyak tyenwa ...habai Train eka yanawanam Dawask witra yanawa..alle stations eka gawa tyenwa one trama nawatainanna ten.

අනිවා යන්න ඕනා තැනක්..... හැබැයි මීදුම නැති දවසක් වෙන්න ඕනා

gud post gihin na balanna .godak lassani :) :)

Thanks wewa kattiyatama :yes:

dj gamaya
10-11-2011, 08:32 PM
Supiri ban rep + Mamath thama giye na

coollifestyle4u
10-11-2011, 08:41 PM
මේ වගේ විස්තරයක් අපිත් එක්ක
එකතු කර ගත්ත එක ගැන සන්තොසයි..

shivantha123
10-11-2011, 08:49 PM
niama post akak machan..supiri.. rep +5 add

LKS007
10-11-2011, 08:55 PM
maru ban9++

සිංහළයා
10-11-2011, 09:23 PM
එළ මචංhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Ritash9001
10-11-2011, 09:48 PM
maxxa

sali07
10-11-2011, 09:54 PM
Thanks for the info macha rep+

Nishz
10-11-2011, 10:12 PM
Supiri ban rep + Mamath thama giye na

මේ වගේ විස්තරයක් අපිත් එක්ක
එකතු කර ගත්ත එක ගැන සන්තොසයි..

niama post akak machan..supiri.. rep +5 add

maru ban9++

එළ මචංhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Thanks for the info macha rep+

Thanks kiwwa okkotama :yes:

lasa.lasa
10-12-2011, 03:59 PM
bump

IPman
10-12-2011, 04:18 PM
:yes:ලස්සන වැඩක්, :yes:වටිනවා.................!

foxrulz99
10-12-2011, 07:27 PM
machan balangoda belihul oya langa tiyana galagaminuth lokantheta short cat ekak tiyanawa...ehariya mara sira....ela post

Nishz
10-12-2011, 10:13 PM
:yes:ලස්සන වැඩක්, :yes:වටිනවා.................!

machan balangoda belihul oya langa tiyana galagaminuth lokantheta short cat ekak tiyanawa...ehariya mara sira....ela post

thanks machanla :yes:

Nishz
10-22-2011, 06:45 PM
Bump

MKLCK
10-22-2011, 10:42 PM
තැන්ක්ස් මචන්. මම මේක කියෙව්වා පත්තරේක වගේ මතක.