PDA

View Full Version : WISHES TO OUR HEROES


Sali
11-18-2008, 02:47 PM
http://i34.tinypic.com/x420s5.jpghttp://www.malkoha.com/content/data/proudtobe.gifhttp://i267.photobucket.com/albums/ii284/militarism/SLA.jpghttp://i267.photobucket.com/albums/ii284/militarism/SLA4.jpghttp://i267.photobucket.com/albums/ii284/militarism/SLA9.jpghttp://i267.photobucket.com/albums/ii284/militarism/SLA8.jpghttp://img238.imageshack.us/img238/5981/10r01pw0.jpghttp://www.tamilsfordemocracy.org/independence.jpg
<object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/uoO-FBaRFNE&hl=en&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/uoO-FBaRFNE&hl=en&fs=1" type="application/x-shockwave-flash" allowscriptaccess="always" allowfullscreen="true" width="425" height="344"></embed></object>

Sali
11-18-2008, 03:05 PM
I wish to all the best for my nation heroes. They will bring peace soon. I wish every minute for them.

budhusaranai !

Pentagram
11-18-2008, 03:09 PM
I wish to all the best for my nation heroes. They will bring peace soon. I wish every minute for them.

budhusaranai !
yep!..they will bring peace to this country very soon!http://www.elakiri.com/forum/images/icons/sq/1.gif

Sali
11-18-2008, 03:20 PM
yep!..they will bring peace to this country very soon!http://www.elakiri.com/forum/images/icons/sq/1.gif

yep.....Bro:yes: :D :yes:

Pentagram
11-18-2008, 03:27 PM
yep.....Bro:yes: :D :yes:i changed ma siggy..tnx 4 d pic!:D

Billl Gates
11-18-2008, 03:27 PM
my wishes also

Sali
11-18-2008, 04:02 PM
I' am proud all of my dearest heroes. Your job is never equal to anyone & most valuable in the world. I request u to save our small land from terrorism and distribute the harmless peaceful among of the innocent people in SL.U will get power & energy & courage for it. Best luck my heroes!

kalanaweerlk
11-18-2008, 04:26 PM
Tx for the picS.. JAYAWEWA!! APE WIRUWANTA.. :)
waiting till u wipe out LTTE from Mother Lanka.. :)

VICTORY NOT FAR AWAY.. :D

Sali
11-18-2008, 04:27 PM
http://img296.imageshack.us/img296/5134/mapfc6.jpg

Thawa Poddai...........

kalanaweerlk
11-18-2008, 04:35 PM
http://img296.imageshack.us/img296/5134/mapfc6.jpg

Thawa Poddai...........

niyamai.. cant wait.. finally...im looking forward with more hopes more than ever.. we could do dis.. :) JAYAWEWA!!! :)

yasitha_o3
11-18-2008, 04:45 PM
our heroes can do this
we r always with them

viranjan87
11-18-2008, 04:46 PM
Ohoma yan ohoma yan.....

Sali
11-18-2008, 05:15 PM
our heroes can do this
we r always with them

yes...bor "we r always with them":D

Sali
11-18-2008, 05:30 PM
පිළිම නෙළා නැති විරුවනි, ඔබ වෙත...

යුද්ධයක දී සෙබළා මුහුණදෙන බිහිසුණු අත්දැකීම් සෙසු ලෝකයා වෙත නිරාවරණය වන්නේ නැත. හැම මෙහෙයුමක් ම බිහිසුණු අත්දැකීම් ගොඩකි. පුනරීන් ජයග*්*රහණය වනා හී එබඳු දුෂ්කර සටන් රැසකින් සමන්විත උද්වේගකර මෙහෙයුමකි. දුෂ්කරතා අතර ප*්*රධාන වන්නේ භූමිය පිළිබඳ ගැටලු ය.

පුනරීන් යනු විශාල වගුරුබිම්, කටුලැහැබ්, මූකළාන්, එරුම්, දිය අගල්, ගංගා, ලොකු – කුඩා වැව්, හා හුණුගල් සහිත වැල්ලෙන් ද සමන්විත බහු - රූ සහිත භූ - කලාපයෙකි. ඒ හැරෙන්නට මෝසම් වැස්ස ද පවතී. මේ ප*්*රදේශයෙහි භූ- විෂමතාව හා දේශගුණය හඳුනාගෙන උපාය මාර්ගිකව සටන් කිරීමේ වැඩි වාසිය ඇත්තේ කොටි සංවිධානය වෙත ය. ඊට හේතුව නම්; පුනරීන් වසර ගණනාවක සිට ඔවුන් යටතේ පැවතීම ය.

මන්ඩෙකල් ආරු මේ ප*්*රදේශයට අයත් ප*්*රධාන ගංගාව වේ. අද එහි ජල ඝනත්වය වැඩි ය. සැඩ පහර ද බෙහෙවින් තද ය. අඩි විසි ගණනක් ගැඹුරට ජලය පිරී ඇති බව දැනගන්නට ලැබේ. දිගුදුර විහිදුම් බළකායට අයත් කොමාන්ඩෝ භට පිරිසක් ගඟ තරණය කොට සතුරු බල කොටුවට පහර දුන් හ. ගඟ තරණය කිරීම සඳහා භටයන් යොදාගෙන ඇත්තේ අපූරු උපක*්*රමයෙකි.

ඔව්හු තම කබා ගලවා එකිනෙක ගැට ගසා පටියක් සාදා ගත්හ. එක් භටයෙක් එය ඉණෙහි ගැට ගසා එගොඩට පිහිනන්නට විය. ගඟ මැද දී මිනීමරු කිඹුලෙක් ඔහු ගොදුරු කරගන්නට පැමිණ ඇත. කිඹුලා සමඟ පොර බැදූ භටයා ඌට පිහියෙන් ඇන මරා එගොඩට පිහිනා ගොස් ඇත. මේ පුනරීන් සටනේ එක් ජවනිකාවක් පමණි.

ඊශ*්*රායලයේ යුද වීරයකු වූ මෝසේ දයාන් වරක් කියා සිටියේ සටනක ජය – පැරදුම තීරණ වන්නේ සෙබළා ගේ අධිෂ්ඨානය, පුහුණුව හා උපාය මාර්ග අනුව බව ය. ශ*්*රී ලංකාවේ ආරක්ෂක සේනාවට අයත් සෙබළුනට ද මනා පුහුණුවක් තිබේ. දැඩි අධිෂ්ඨානයක් ද තිබේ. එමෙන් ම උපාය මාර්ග අතින් ද ඔව්හු වෙනදාට වඩා ඉදිරියෙන් සිටිති. කොමාන්ඩෝ භටයන් මේ අතින් ප*්*රධාන වේ.

ඔවුන් ගේ පුහුණුවෙහි අඩිතාලම වැටී ඇත්තේ “ නො හැක්කක් නැත” යන තේමාව යටතේ ය. නිසි පුහුණුව ලද කොමාන්ඩෝ භටයකුට පා - පහරකින් වුව සතුරා මරා දැමිය හැකි ය. තමා අවට ඇති ඕනෑ ම දෙයක් ආයුධයක් ලෙස පරිහරණය කොට සතුරන් පිරිසක් මෙල්ල කිරීමේ ශිල්ප ක*්*රම ද ඔවුන් සතුය.

ශ*්*රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් වනා හී කි*්*රයාන්විත යේ දී ඉහළ දක්ෂතා ප*්*රකට කරන මනා විනයගරුකභාවයකින් රාජකාරියෙහි යෙදෙන බළකායකැ’යි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවා පිළිගෙන තිබේ. ආසියා – පැසිපික් කලාපයේ ඒකාබද්ධ අණදෙන නිලධාරියා මෑතක දී කියා සිටියේ එල්.ටී.ටී.ඊ. ගරිල්ලන් මුළුමනින් ම පරාජය කිරීමේ ශක්තිය හා හැකියාව ශ*්*රී ලංකා හමුදාවට ඇති බව ය.

කොංගෝ රාජ්*යයේ කින්ෂාසා නුවරින් ලැබෙන ප*්*රවෘත්තිවලට අනුව එරට ගරිල්ලා සංවිධානවලට මුහුණදීමේ ශක්තිය කොංගෝ හමුදාවට නැත. සූඩානයේ හා ඇෆ්ඝනිස්තානයේ තත්ත්වය ද එය ම වේ. ඉතිහාසයේ් ඇතැම් වකවානු තුළ ශ*්*රී ලංකාවේ ආරක්ෂක හමුදා කොටි සංවිධානයට පැරැදී ඇත. එහෙත් අනාගතයේ එවැන්නක් සිදු නොවනු ඇත.

මෙරට හමුදාවන් සටන් කරනුයේ බරපතළ අරමුණක් ඇතිව ය. එම අරමුණ නම්; මව්බිම දෙකඩවීමෙන් බේරාගැනීම ය. මව්බිම නැත්නම් මරණය ඔවුන් ගේ සටන් පාඨය වී තිබේ. කිසිදු යුද සෙබළකු ළඟ ජාතිවාදයක් ඇතැ’යි අපි විශ්වාස නො කරමු.

ඔවුන් ආගමික සිද්ධස්ථානවලට පහර දෙන්නේ නැත. පාසල්වලට පහර දෙන්නේ නැත. ආයුධ රහිත සියලු සිවිල් ජනයාට හමුදාව වෙත පැමිණිය හැකි ය. එපමණක් නො ව හමුදාවේ සත්කාරය ද ලැබිය හැකි ය. හමුදාවට වෙඩි තැබූ කොටි කාන්තාවන් තිදෙනෙකු ජීවග*්*රහණයෙන් ගෙන ඔවුනට සත්කාර කොට පුනරුත්ථාපනය සඳහා යැවූ කතාවක් මෑතක දී අසන්නට ලැබිණි. විනය ගරුක හමුදාවක ස්වාභාවය එයයි.

අපගේ ආරක්ෂක හමුදාවල වැඩි දෙනා දුප්පත් පවුල් පසුබිම් ඇත්තෝ වෙති. ඇතමකුට ස්ථිර නිවාස නැත. තවෙකකුට බිම් අඟලක අයිතියක් නැත. එහෙත් ඔව්හු උදාර පරමාර්ථයක් වෙනුවෙන් දිවි දෙවෙනි කොට සටන් වදිති. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් මෙතෙක් දිවි පුදා ඇති ගණන විශාල ය. ආබාධිත තත්ත්වයේ පසුවන අය ගේ ගණන ද විශාල ය.

ඔවුන් ජාතියේ හා දේශයේ විරුවන් ලෙස සැලකීම අපගේ යුතුකම වනු ඇත. සෝවියට් දේශ ය ගොඩනැඟීමට දායක වූ රතු හමුදා භටයෝ අදටත් ලොව පුරා බුහුමනට ලක් වෙති. ඔව්හු ඉතිහාසයක් නිර්මාණය කළ අය වෙති. චීනයේ, වියට්නාමයේ, කියුබාවේ එබඳු විරුවෝ සිටිති. මව්බිම වෙනුවෙන් සටන් කරන ශී*්*ර ලංකා හමුදාව ද අත්*යන්තයෙන් ම වීර ගණයට වැටේ.

මෙහිලා සමාජය අමතක නො කළ යුතු කාරණයක් තිබේ. එනම්; රණවිරුවන් සටන් වදිනුයේ සමස්ත මිනිස් සමාජය ම වෙනුවෙන් බව ය. රණවිරුවාට සමාජයේ නිසි ගෞරවය හිමි විය යුත්තේ ඔහු පොදු සටනක යෙදී ඇති බැවින් ය. දකුණේ අප නිදහස භුක්ති විඳින්නේ රණවිරුවා ගේ කැපවීම නිසා ය. මතු යම් දිනෙක අනාගත පරම්පරාව නිදහස භුක්ති විඳින්නේ ද අද රණවිරුවා කරන කැපවීම මත ය.

මේ අතින් බලන විට සමාජය සෙබළා සම්බන්ධයෙන් යහපත් ප*්*රතිචාර දක්වන්නේ ද යනුවෙන් විමසා බැලිය යුතුය. කෙසේ වුව රණවිරු සතියක් පැමිණ තිබේ. එහි දී රණවිරුවාට උපරිම ගෞරවය හා සහයෝගය ලබාදීම මුළු මහත් ජාතියේ වගකීම බව සටහන් කර තබමු.

දිනමිණ ඇසුරෙනි