PDA

View Full Version : දිග කතාව


amila_90210
01-11-2009, 03:02 AM
ඔන්න අපි ඊයෙ කතා කර ගත්ත විදිහටම දිගට යන කතාව මෙතනින් අරඹනවා......ඔක්කෝටම කලින් www.elakiri.com/forum/showthread.php?t=138302 (http://ww.elakiri.com/forum/showthread.php?t=138302)
ගිහින් මෙ කතාව මොකක්ද කියල දැන කියා ගත්ත නම්........ඉතින් අවසරයි !!!!!

මේ හුය පුළුවන්තරම් පිරිසිදුව තබා ගෙන යොජනා චෝදනා[every thing]සමාන්තර හුය ඒ කියන්නෙ www.elakiri.com/forum/showthread.php?t=138302 (http://www.elakiri.com/forum/showthread.php?t=138302)..දාන්න,මෙ හුයේ යන්නෙ [අපි උත්සාහ කරමු]100% එළකිරි දිග කතාව විතරයි...

සින්හලෙන් ලියන්න මෙන්න මේවා යොදාගන්න කියලා දැනුම් තේරුම් ඇති උදවිය කියන්නෙ.....
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/

ඔන්න මම පටන් ගන්නවා..ඉතුරු ටික ඔයගොල්ලන්ට ඕන විදිහට ලියන්නයි තියෙන්නේ.... වැරදුනා කොටන්නයි තියෙන්නෙ

amila_90210
01-11-2009, 03:19 AM
1.සඳ එළිය හෙමින් සීරුවෙ කවුළුව අතරින් ඇවිත් අමන්දිගෙ කොපුල් වල වැදුනා,ආගන්තුක අහස් කුස පුරා විසිරුනු නුහුරු තාරුකා දුකෙන් වගේ තමා දිහා බලාගෙන ඉන්නවා කියලයි අමන්දිට හිතෙන්නෙ.

amila_90210
01-12-2009, 12:19 AM
2.ජීවීතේ පළමු වතාවට ගෙදරින් පිට ගත කරන රාත්*රිය මෙතරම් පාලු වේ යැයි ඇයට මෙතෙක් හැගී තිබුනේ නැත.

thm14
01-12-2009, 12:51 AM
3. තම යාලුවන් පිරිස සමඟ රාත්*රී කඳවුර ගත කරන්නට ආවත් අමන්දිට පුදුමාකර තනිකමක් දැනුනේ මන්ද යන්න ඇයටත් නොතේරුනු බවකි..

thm14
01-12-2009, 12:54 AM
4.
" නංගීලාත් හිටියනම් අපේ ගිණිමැළ සන්දර්ශනේට මොනවහරි කරන්න තිබ්බා " තමන්ගෙන් සැතපුම් දහස් ගණනක් දුරින් සිටින ඇගේ බාල සොයුරියන් පිළිබඳ සිතමින් උන් ඇය නොදනුවත්වම කඳවුරු භූමියට යාබද ගොවිපළේ ගේට්ටුව ළඟටම පැමිණ ඇත..

DJ ASHAN
01-12-2009, 12:54 AM
hmmmmmmmmmmmm

amila_90210
01-12-2009, 01:06 AM
5.අමන්දි හැදී වැඩුනේ ගෙදරටම වී වාගේය.දුරු රටකට වී නිවසින් ඈත්ව සිටින නැගනියන් තරම් වත් ලෝකය පිලිබද දැනීමක් ඇය තුල නොවීය.

amila_90210
01-12-2009, 01:21 AM
6.පවුලේ පළමු දරුවා වූ නිසාදෝ ඇය වෙත යොමු වූ වැඩි අවධානය ඊට ආසන්නම හේතුව විය. එහෙයින් ඇය මේ ගමන පැමිණියේ බලවත් ආසාවෙනි.එහෙත් යහළුවන්ගෙන් ඈතට මේ තරම් දුරක් තනිවම ගොවිපළ වෙත ඇයව කැදවාගෙන ආවේ අමන්දිටවත් තෙරුම් ගත නොහැකි වු ගුප්ත නිහැඩියාවයි

Doly
01-12-2009, 01:32 PM
7.ඉහලට ඇදගත්තු සුසුම් එහෙම්මම තියෙද්දි අමන්දි අහස දිහා බැලුවා.
පුන්චි තරු කැට අහස පුරාම
අමන්දිට එක පාරටම මතක් වුනේ අම්මව

amila_90210
01-12-2009, 02:17 PM
7. අම්මා අමන්දිට දැක්වූයේ අසීමිත සෙනෙහසක්...අමන්දි එක හොදටම දැනගෙන හිටියා..

Doly
01-12-2009, 02:26 PM
8.තමන්ව මේ ලොකේ වැඩියෙන්ම තෙරුම් ගත්ත කෙනා අම්මා නේද කියලා මතක් වෙද්දි............
නොදනුවත්වම අමන්දිගෙ ඇස් දෙකට කදුඑ පිරුනා

Doly
01-12-2009, 02:32 PM
9. හීන් ඉකියක් හදවත අතුලෙන්ම පටන් ගත්තා. ඒක කදුඑ ගොඩක් බවට පත් වෙන්න වැඩි වෙලවක් ගත උනේ නෑ.
තමන් අද තනිවෙලා නේද කියලා ඇයට හොදටෝම දැනුනා.

Doly
01-12-2009, 05:44 PM
10.අමන්දිට ඔනා උනේ තනිවෙන්න.............හිතුවක්කර විදියට තනිවෙන්න.......
" මට මොකද මේ වුනේ ? "
අමන්දිය අයෙමත් හිතුනා.
ආපසු හැරිලා මිතුරියන් අතරට යන්න හිතුවත්......ඇගේ පාද ඇයටම අවනත නැති බවක් ඇයටම දැනුනා.

අහස තවමත් ඒ වගේමයි. තරු පිරිලා.
එක්වරම මිතුරියන්ගේ හිනා හඩ ලගින්ම ඇසුනා. " එයලා මාව හොයගෙන එනව වගේ "

amila_90210
01-12-2009, 06:31 PM
11.අමන්දි හිතුවක්කාර විදිහට ගේට්ටුව තල්ලු කරල බැලුවා...ක්..රාස් අනුකරනයෙන් ගේට්ටුව ඇරී ගියේ හිත හිරි වට්ටමින්..අමන්දි සිහින ලෝකෙන් නැගිට්ටා..

amila_90210
01-12-2009, 06:34 PM
12.අමන්දි හිටපු තැන ඉදලා Summer Camp එකට වැඩි දුරක් නැති වුනත් ලෝක දෙකක් වගේ....

amila_90210
01-12-2009, 06:39 PM
13.Camp එක ජීවයෙන් පිරිල..මිතුරු මිතුරියන්ගේ සිනා හඩ යාන්තමට වගේ ඇහුනත් තනිකම උතුරන පාලු ගොවිපල දිහාට අමන්දි දෙපා නැගුවා..

nirosh_nuwan
01-12-2009, 07:12 PM
14.නිහැඬියාවයි, ගුප්ත බවයි රජයමින් තිබූ ගොවිපළ තමන්ට හුරු තැනක් බව අමන්දිට හැඟුණා.

Doly
01-12-2009, 07:28 PM
15.ඇය කොහොමත් නිහඩ කැමට කැමතියි.එවැනි මොහොතක අනන්තයටම හිතන්න ඇය ආසා කලා.

"හෙලෝ "
කන ලගින්ම ඇසුන හඩින් ඇය තිගැස්සුනා

amila_90210
01-12-2009, 07:35 PM
16.පිරිමි කෙනෙක්, අමන්දිගෙ පපුව ගැහෙන්න ගත්තා

Doly
01-12-2009, 07:41 PM
17.මේ කවුද මේ???????????????

amila_90210
01-12-2009, 07:43 PM
18. "ආහ්.. ආ...මම.. මම මේ..."අමන්දිට ගොතගැහුනා...

crazycombo
01-12-2009, 07:47 PM
ඔ.. ඔයා කවුද?
අමන්දි එහෙම ඇහුවෙ බොහොම බයෙන්....

Doly
01-12-2009, 07:50 PM
හදවත නැවතිලා වගේ ඇයට දනුනේ.

crazycombo
01-12-2009, 07:51 PM
හිතුවක්කාර ගමනක් ආපු එක ගැන අමන්දි හොඳටම බය වෙලයි හිටියෙ....

amila_90210
01-12-2009, 07:59 PM
22.අදුරෙ ඒ පුද්ගලයා හරියට දැක ගන්න අමන්දිට හැකිවුනේ නෑ.එයාගෙ ඇස් අදුරට යාන්තමින් හුරු වෙවී තිවුනේ...

nirosh_nuwan
01-12-2009, 08:32 PM
23.මීට පෙර නුදුටු මේ අමුත්තිය කවුදැයි විපරම් කරන්නාක් වැනි බැල්මක් හෙළූ ඔහු අමන්දිගේ හිස සිට දෙපතුලට තීක්ෂණ දෙනෙතින් බලා සිටින්නට වුණා.

nirosh_nuwan
01-12-2009, 08:44 PM
24.කොහේදෝ තනි වෙච්ච බස්සෙකුගේ මූසල හඬ පරිසරයේ තිබූ භයන්කාර බව දෙගුණ තෙගුණ කළා.

amila_90210
01-12-2009, 09:09 PM
25."හහ්..හහ්..නෝන දන්නවද කොහෙද ඉන්නේ කියලා මම කවුද අහන්න...හෙහ් හෙහ් .."ගොරහැඩිකටහඩ අයෙත් අවදි වුනා...
"අනේ... මට පාර වැරදුනා...සමාවෙන්න...." අමන්දි වෙව්ලන ස්වරයෙන් පැවසූයේ බියෙන් ගල් ගැහී තිබූ සිත ශක්තිමත් කරගන්න උත්සාහ කරමින්..

nirosh_nuwan
01-12-2009, 10:29 PM
26."සමාවෙන්න......හහ් හහ් හහ් සමාව, මට දැන් ඔය මගුල අහල ඇති වෙලා කෙල්ලේ. මේ වත්තට රිංගන කොල්ලටයි,බල්ලටයි,අරකටයි,මේකටයි සමාව දිදී හිටියොත් මට වෙන වැඩක් කොරන්ඩ බැරි වෙනව ඕං..."

amila_90210
01-13-2009, 05:06 AM
27. හැදි දැඩි ඒ මිනිසා අතතිබූ යකඩ දම් වැල දෙස බියෙන් තැති ගත් අමන්දීගෙ නෙත් යාවී තිබුන හෙයින් ඇයගේ කටින් වචනයක් නම් පිට නොවීය..

amila_90210
01-13-2009, 05:15 AM
28. ප්*රමානයෙන් හයේ හතරේයැයි පැවසියහැකි හැඩි දැඩි සිරුරක්ද,ගොරහැඩි කටහඩක්ද සහිත සුරතේ යකඩ දම්වැලකින් සන්නද්ධව සිටි මෙ නාදුනන මිනිසා ඉදිරියෙ එකුන් විසිවයැසැති හිරිමල් යව්වනියකට කුමක් නම් කල හැකිද?

amila_90210
01-13-2009, 07:27 PM
29."ජේමිස් මාමේ මොකද ඔය....."

amila_90210
01-14-2009, 01:18 AM
30. නෑ සුදු බේබි... මේ කෙල්ලක් මේක අස්සට රිoගලා බිත්තර හොරකන් කරන්නද කොහෙද..."

fzlhmt
01-14-2009, 01:38 AM
31. කෝ බලන්න කව්ද කියලා

fzlhmt
01-14-2009, 01:42 AM
32. අඳුරෙන් මතු වූ ඒ රුව දෙස අමන්දී බලාගෙන සිටියේ පුදුමයෙන් වගේ

fzlhmt
01-14-2009, 01:45 AM
33. මහේෂ් ඔයා?..........

amila_90210
01-14-2009, 02:20 AM
34. අමන්දී...මොකද මේ...මොකක්ද ප්*රශ්නේ....ඔයා මොකක්ද මෙහෙ කරන්නේ??

amila_90210
01-14-2009, 02:26 AM
35. අමන්දී තවමත් පුදුමයෙන් ගල් ගැසී උන් වනමය, ඇයගේ ඇස් වල බිය පහවී ගොස් තිබුනේ නම් නැත.

netlife007
01-14-2009, 02:57 AM
what is this ?????

wick321
01-14-2009, 04:34 AM
ම....මහෙශ් ... ම...ම ...මම යාලුවොත් එක්ක....අමන්දිට කතා කරගන්න බෑහෑ... වචන උගුරෙ හිරවෙනවා වගෙ දෑනෙනව...

fzlhmt
01-14-2009, 04:50 AM
37. මොකද ළමයෝ බය වෙලා වගේ??

naleema
01-14-2009, 04:59 AM
අමන්දි හොදටම බයවෙලා කියල ඔහුට දැනුන...අමන්දිගෙ අහින්සක කම ගන හොදින් දන්න මහෙශ් ට අමන්දි ගැන දුක හිතුනා

wick321
01-14-2009, 05:00 AM
අනෙ මහෙශ් අය්යෙ .. . . මට හරි බයයි . . . මාව . . කෑම්ප් එකට . . එක්ක යන්න... . අමන්දි වචන ගෑට ගහ ගත්තෙ බොහොම සීරුවෙන්..මහෙශ් ගෙ හිතට ලොකු දුකක් දෑනෙන්න ගත්තෙ අමන්දිගෙ ඈස්වල තිබුන අසරණ කම දෑනිලමයි.

fzlhmt
01-14-2009, 10:18 AM
40. කොහෙද ඔයාලගේ කෑම්ප් එක තියෙන්නේ. ඉන්න මම කමිසයක් දාගෙන එන්නම්

amila_90210
01-14-2009, 11:19 AM
41.මහේෂ් ගැන අමන්දිගේ මතකය ටිකෙන් ටික අවදි වෙන්නට විය..

amila_90210
01-14-2009, 11:25 AM
42...මහේෂ් එ දවස්වල හරිම නිෂ්ශබ්ද ළමයෙක්..ඕනම කෙල්ලෙක් ආපහු හැරිලා බලන පෙනුමක් තිවුනත් කෙල්ලෙක් දිහා කෙලින් බලලා කතා කරපු කොල්ලෙක් නෙවේ මහේෂ්...

kasuwa1235
01-14-2009, 11:37 AM
කාලය කොතරම් වේගයෙන් යනවද කියලා අමන්දිට එක මොහොතක සිතුනා.

fzlhmt
01-14-2009, 11:40 AM
44. ``ඒයි කව්ද බන් අර හැන්ඩියා``. නිලූකා එකපාරටම පුටුවෙන් නැගිටල බැලුවේ අමන්දිවත් පෙරලගෙන

kasuwa1235
01-14-2009, 11:44 AM
කෑගහන්න එපා බන් මහේශ්ට අහෙයි

amila_90210
01-14-2009, 11:50 AM
46. එදා මහේෂ් දැකල නිලූකා නටපු පිස්සුව හින්දා හැමෝම ඒ දෙන්නට හිනා වෙච්ච හැටි අමන්දිට අද වගේ මතකයි. අමන්දිට AL class යන දවස් වල පරණ සිද්දියක් සිහියට නැගුනා...

amila_90210
01-14-2009, 12:00 PM
47."මහේෂ් දැන් වෙනස් වගේ..ඉස්සර කෙල්ලො බනිනවා ආඩම්බරයි කියලා..හ්ම්ම්.. ඒත් මහේෂ් මොකද මේ කැලෑවක තනියම නැවතිලා කරන්නේ..." අමන්දි තනියම හිතුවා...

amila_90210
01-14-2009, 12:16 PM
48 .ජේමිස් මාමා අමන්දි දිහා බලබල එහාට මෙහාට ඇවිදිනවා..අර දම්වැල තාමත් අතේ... තඩි කලු බල්ලෙකුත් එකේ කොනක ගැට ගහලා...

d2silva
01-14-2009, 12:23 PM
අම්මො ...බලු තඩියා අමන්දි දිහා බලලා හෙමිහිට ගෙරෙව්වා....:shocked:....

amila_90210
01-14-2009, 12:31 PM
50. ටික ටික අඩු වේගෙන ආපු අමන්දිගේ heart rate එක අයෙත් දෙගුන තෙගුණ වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

amila_90210
01-15-2009, 04:53 PM
51.ජේමිස් මාමා උගුර පාදලා බුලත් කෙල පාරක් ගැහුවා.අමන්දිට දැනුනෙ එක මූණ හරහා ගියා වගේ...

amila_90210
01-15-2009, 04:57 PM
52. "අනේ මහේෂ්...."අමන්දිට කියවුනා

naleema
01-15-2009, 07:32 PM
කමිසය හදමින්ම මහෙශ් මිදුලට පිවිසියෙ එත් එක්කම වාගෙයි.
සුදු බේබි ඉන්න මම මේ නොනව ඇරලන්නම්....ජෙමිස් මාමා සුපුරුදු රලු හඩින් කීය

amila_90210
01-15-2009, 07:46 PM
54."අනේ මහේශ් ,...මම තනියම යන්නම්..කමක් නෑ....."

amila_90210
01-15-2009, 07:52 PM
55."ඔයා තනියම කොහේ යන්නද..මේ රෑ...ඉන්න මම එන්නම්..."

amila_90210
01-15-2009, 07:54 PM
56."නෑ.. නෑ.. සුදු බේබි කොහේවත් යන්නෑ...යනවනම් යන්නෙ මම..."ජේමිස් මාමා කතා කරේ අමුතු තද ස්වරයකින්..

naleema
01-15-2009, 08:06 PM
ජේමිස් මාමේ ... මහේශ් ද ඊට නොදෙවෙනි හඩකින් කතා කලා..
අමන්දිට මහෙශ් ගෙ වෙනස හොදින් දැනුනා...
ඉන්න සුදු බේබි එක්ක මමත් එන්නම්... ජෙමිස් මාමා පහත් ස්වරයකින් පැවසුවා

amila_90210
01-15-2009, 08:11 PM
58."ජේමිස් මාමා මම ඉපදෙන්නත් කලින් ඉදලා අවුරුදු ගානක් ගොවිපල බලා ගන්නව තමයි..ඒත් මෙතනදි මම වැඩ කරන්නෙ මට ඕන විදිහට..."

naleema
01-15-2009, 08:14 PM
කමක් නැ මහෙශ් අපි 3 ම යමු... අමන්දි සියුම් හඩකින් කීය.
ඔවුන් දෙදෙනාටත් කලින්ම ජෙමිස් මාමා බල්ලා ද සමගින් ගොවිපලේ කඩුල්ල පැන සුදානම් උනා......

amila_90210
01-15-2009, 08:15 PM
60."සුදු බේබි මම කරන්නේ රාජකාරියක් නෙවෙ දේවකාරියක්...මම කියන්නෙ මොකක්ද කියලා සුදු බේබි මටත් වඩා හොදට දන්නවා නෙව.."...ජේමිස් මාමා පැවසූයේ උපහාස ස්වරයෙන්..

amila_90210
01-16-2009, 02:50 PM
61.එය ඇසූ විගසම මහේෂ්ගෙ මුහුණ අදුරු වී යනු අමන්දි දැක්කා.

naleema
01-17-2009, 02:38 AM
ඉන්පසු දිගු නිහැඩියාවක් ඇති විය. එය දරා ගැනිමට බැරි වු තැනදි අමන්දි හඩ අවදි කරන්නට විය..

naleema
01-17-2009, 02:41 AM
අපි යමු නේද? දැන් යාලුවො බය වෙලා මාව හොයනවත් ඇති මහෙශ්....... ජෙමිස් මාමා ඉස්සර වු අතර මහෙශ් අමන්දි සමග එක් විය,,

amila_90210
01-18-2009, 08:28 PM
64. "ඔයා තනියම පුදුම දුරක්නේ අවිල්ලා තියෙන්නේ...යාලුවොත් එක්ක එන්න හෙට ගොවිපල බලන්න ඇවිදින්න යන්න ..."මහේෂ්ට කියා අවසන් කරන්න නොලැබුනි.

amila_90210
01-18-2009, 08:32 PM
65. "නෑ නෑ කවුරුවත් මෙහේ ඇවිදින්න නාවට කමක් නෑ...මොකද මේක ආණ්ඩුවේ බූදලයක් කියලා හිතුවද...?"ජේමිස් මාමා ඇගට පතටත් නොදැනී කියූ දෙයින් මහේෂ්ටත් වඩා සලිත වී ගියේ අමන්දි..

amila_90210
01-22-2009, 10:55 PM
66.දැඩි නිශ්ශබ්දතාවයක් ඔවුන්ට ඉදිරිය පෙන්නූ අතර කිසිදූ කතා බහකින් තොරව තිදෙනාම Summer Camp එකේ අලෝකය පෙනෙන මානයට ලඟා විය.

amila_90210
01-22-2009, 11:02 PM
67. "හ්ම්ම්.....දැන් ඉතිරි ටික යන්න අමාරුවක් නෑනේ.....ගියානම් හොදයි නේද? ආයෙ මේ පැත්තේ ඇවිත් කරදරේ වැටෙනවා නෙවේ..." ජේමිස් මාමා උගුර පාදමින් කියනා විට මහේශ් බිම බලා හිටියා මිස මුවින් නොදෙඩූවේය...

dewasmitha
01-22-2009, 11:13 PM
68.ජේමිස් මාමා ඉදිරියේ මහේෂ් ගේ මුනිවත රැකීම අමන්දිට පරශ්නයක් වූනා

amila_90210
01-23-2009, 07:42 PM
69."මහේෂ් අපි තව දවස් දෙකක් camp කරනවා ඔය කැමති නම් මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න..." ඔහු කෙසේ එම ගොවිපලේ ජේමිස් මාමත් සමඟ තට්ට තනියම ඉන්නවා ඇතිද..අමන්දිට මහේශ් ගැන ඇතිවූයේ මහත් කණගාටුවකි.

HimaliL
01-24-2009, 06:00 AM
"Eth mama hariyatama danne nehene eya James mamath ekka mehe thaniyma innawada kiyala. Samaharawita niwaduwata awith nam".
Amandita deweni sithuwillak pahalawuna.

amila_90210
01-24-2009, 08:27 PM
71.මහේශ්ට සමුදුන්න අමන්දි camp එක පැත්තට හෙමින් ඇවිදන් ගියේ දෙගිඩියාවෙන්...පැය කිහිපයකදී සිදුවුනු සියල්ල ඇයට සිහිනයක් වගේ...මහේශ්...ජේමිස් මාමා..එයාගෙ නපුරු බල්ලා...මේ ඔක්කොටම වඩා ඒ ගුප්ත ගොවිපල....
"ම් ම්ම් හ් හ්හ්..." අමන්දි ඉහලට ගත්ත දිග හුස්මක් පහළට හෙළුවා..

wick321
01-25-2009, 01:49 AM
Yaluwo tika Amandi Diha Balagena Hitiye Pudumayen Wage... Hemoma Kalabala Wela...Hamogema muhunu wala Thiyenne Bayata path wechcha gathiyak... E Muhunu Dekkahama Amandige Baya Thawath wedi una...

wick321
01-25-2009, 01:51 AM
A....Ma..N..Di.. Oya ...Oya... Kohe Giyada..??? Surangige hande gab wela thibuna Baya..E..Hadawatha Gahena Sadde Pawa Amandita Ahenawa wage Danuna...

amila_90210
01-27-2009, 10:19 AM
74."බය වෙන්න තරම් දෙයක් වුනේ නෑ කෙල්ලෙ....මම අර ගොවිපළ පැත්තට ඇවිදන් ගියා..උඹට මතකද අර මහේශ්...Chemistry Class ආවේ...ඒක එයාලගෙ මම හිතන්නේ..මහේශ් මාව මෙතනටම ඇරලවලා ගියේ..."අමන්දි ඇයව සනසන අටියෙන් කීවත් සුදු මැලි වූ සුරන්ගී කපා හෙලූ කෙසෙල් කදක් සේ බිම ඇද වැටුනේ අමන්දීවත් සලිත කරමින්...

fzlhmt
01-27-2009, 10:28 AM
75.අනේ ක..ක..කවුරුහරි වතුර ටිකක් ගේන්න කෝ.

fzlhmt
01-27-2009, 10:30 AM
76.අමන්දි ඔයාට ම.. ම... මහේෂ් මු.. මුණගැහුනේ කො.. කො..කොහේදිද. නිලූකා ඇසුවේ බයෙන් වෙවුල වෙවුල.

amila_90210
01-27-2009, 10:37 AM
77."ඇයි......නිලූකා මට තේරෙන්නෑ....සුරන්ගී මහේශ් ගැන අහුවා විතරයි සිහි නැතිව ඇදන් වැටුනා..දැන් ඔයා හොල්මනක් දැක්කා වගේ වෙව්ලනවා...මොකද මේ???"

amila_90210
01-28-2009, 10:27 AM
78." අමා..ඔයාට මො..මොනවත් කරදරයක් නෑ නේද? ඔයා..ඔයා ගොවිපල ගැන කතා අහලා තිවුනේ නෑ නේද?? නිලූකා ගොත ගැසුවේ හිතේ තිවුන දේ හිර කර ගෙන වගේ..

amila_90210
02-02-2009, 04:17 PM
79."අනේ ඔයා මොනවද මගෙන් හන්ගන්නේ....please නිලූකා මට ඇත්තම කියන්න..මට දැන් හොඳටම බය හිතෙනවා...අනේ please...."අමන්දිගේ දෙතොල් බියෙන් සැලුනා.....ගොවිපල ගැන තමා දැන සිටි දෙයට වඩා මොනවහරි යමක් තම මිතුරියන් දැන සිටි බව ඇයට හැඟී තිවුනේ...

amila_90210
02-04-2009, 10:33 PM
80."චමත් අයියේ ඔයාවත් මට ඇත්ත කියන්න...."

එවිට කටහඩ අවදි කරේ මෙතෙක් වේලා නිහඩව සිටි චමත්ය.

"අමා ඔයාට අපි කිව්වෙ නැත්තෙ මේක දැන ගත්තොත් ඔයාලගෙ ගෙදරින් කීයටවත් මේ ගමන ඔයාට එන්න දෙන්නැති නිසා...මේක ඔයා කාටවත්ම කියන්න නම් එපා...."

amila_90210
02-05-2009, 06:08 PM
81. "අපි ආවේ trip එකක් විතරම නෙවේ..ඔයා දන්නවනේ මහේෂ් මල්ලි මගෙත් හොද යාලුවෙක් බව..මහේශ් එක පාරටම අතුරුදහන් වුනා..මාස ගානක් ආරන්චියක් තිවුනේ නෑ..දවසක් මහේශ් මට SMS එකක් එව්වා..එයාලගෙ අම්මලගෙ වත්තෙ ඉන්නව කියලා..එත් මහේෂ්ගෙ අම්මල කිව්වෙ මහේෂ් රට ගියා කියලා...."

amila_90210
02-05-2009, 06:22 PM
82."එත් ඇයි අපි මෙහේට ආවෙ..ඇයි මට කිව්වේ නැත්තේ...මොකද මහේෂ් ගැන කිව්වම සුරන්ගී faint වුනේ.."

amila_90210
02-05-2009, 06:27 PM
83."මහේෂ්ලගේ තාත්තා ලොකු දේශපාලන කෙරුම් කාරයෙක් අමා..." එවර කතා කලේ නිමාලි...

"ඉතින් ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද...එ හින්දද සුරන්ගී faint වුනේ...අනේ මට ඇත්ත කියන්නකෝ"

amila_90210
02-14-2009, 12:26 AM
84."මෙහෙමයි මෙතන ලොකු රහසක් තියනවා..ඒකට අපි හෙට හෙමින් සැරේ සෙට් වෙන්න ලෑස්ති වෙලා හිටියේ ඒත් ඔයා අපට වඩා ඉස්සර වුනා..ඔයා නොදැනුවත්වම ගිහිල්ලා තියෙන්නේ 'වළහා'ඉන්න තැනට..."

Muzain
02-14-2009, 02:00 AM
What is this

amila_90210
02-14-2009, 02:19 AM
85."ඔයාගෙ තාත්ත,එරල් uncle හිටියෙ නැත්නම් අපට මෙතන කෑම්ප් කරන්න වෙන්නෑ...අනෙක කවුරුවත් මේ ගැන සැක හිතන්නෑ ගෑණු ලමයි තුන් දෙනෙකුත් ඉන්න නිසා..එහෙමයි අමා ඔයා මේකට මැදිහත් වුනේ..." අමන්දිගේ ඥාති සොයුරා වූ චමත් එසේ කීවේ එතෙක් අමන්දිට තිබූ සියළු පැන වලට පිළිතුරු සපයමිනි

amila_90210
02-14-2009, 02:40 AM
86."ඒත් ..ඒත් ඇයි 'සුරා' faint වුනේ....ඇයි සුරා..."ඒ වන විට පියවි සිහියට පැමිණ සිටියද සුරන්ගී තවමත් උඩින් වැටුණා සේ අමන්දී දෙස බලා සිටියද කිසිවක් පැවසූයේ නම් නැත.

amila_90210
02-14-2009, 02:47 AM
87. "ඒකටත් හේතුවක් තියනව නන්ගී..ඔයා නොදන්න....මහේශ් London වලදී වෙලා Accident මැරුනා කියලා එයාලගෙ අම්මල funeral එක ලෑස්ති කරනවා....ඒත් මහේශ් ජීවතුන් අතර කියලා අපිට සැකයක් තිවුනා..ඒ සැකය දැන් 99%ක් තහවුරු වෙලා තියෙන්නේ....ඔයා නිසා" චමත් මද නිහැඩියාව බිදිමින් පැවසුවේය.

amila_90210
02-14-2009, 02:56 AM
88. "මහේශ් මැරුණා....එතකොට අර හොල්මන් ගුහාවෙ ඉදලා මාත් එක්ක මෙතන්ට අවේ කවුද?..99% කතාව මොකක්ද? ඕ ගොල්ලො ඔක්කොම එකතු වෙලා ඔක්කොම මේ දේ දැනගෙනද ආවේ..මම විතරද මේ ..මේ.."අමන්දිට ගොත ගැසුනේය.

amila_90210
02-14-2009, 03:05 AM
89. "අනේ නෑ සුදු .. අද රෑ නිවි හැනහිල්ලේ ඔයාට කියන්න හිටියේ.. කොහේද ඕගොලන්ගෙ ගෙදර මේවා කතා කරන්න පුළුවන්ද බිත්ති වලත් කන් තියනවනේ..මම එදත් කියන්න අරන් නැවත්තුවෙ..මතකද.."
නිමාලී අමන්දී සනසන අටියෙන් කීවද අමන්දී තවමත් සීතලවී පිළිරුවක් මෙන් බලා ගත් වන බලා ගෙනම සිටියේය.

amila_90210
02-14-2009, 01:28 PM
90. " කෝ චමත් අයියේ මල්ලියි..චාරකයි..ඒ පාර ඒ දෙන්නට මොනවද වෙලා තියෙන්නේ..." අමන්දි ඇසුවේ කණ්ඩායමේ ඉතිරි සගයන් දෙදෙනා පේන්නට නොවූ නිසාය.

amila_90210
03-02-2009, 09:48 PM
91."ඒ දෙන්නා ගියේ ඔත්තු බලන්න..කෝ මෙයා අපටත් කලින් වැඩ අල්ලලානේ...අපි ගිණි අරන් හිටියේ..." ඒ වනවිට හොද සිහියෙන් සිටි සුරන්ගී සුපුරුදු කෙළිලොල් බවින් කීවේ මද උපහාසයෙනි...

amila_90210
03-02-2009, 09:52 PM
92."දැන් නම් කටගහනවා..මහේශ් කිව්වා විතරයි කෙල්ල බිම..මට දැන් නම් හිනාත් යනවා මතක් වෙනකොට..." නිලූකා කට ඇද කරමින් කීවාය " බලන්න අමා කෙල්ල දැන් ඉන්නේ කොහොමද කියලා..ඉහි ඉහි.."

Amalka101
04-28-2009, 05:16 AM
Amandi wa magadi meet una nisa ara James kiyana miniha ada wadi sodisiyakin inna bari naha. Api kokatath oththu balanna giya ayata apahu camp ekata enna kiyamu. Chamath ge adahasata sawoma ekanga wiya...

hima1141
09-08-2009, 07:32 PM
wheres da rest????

ALii
11-12-2009, 08:59 AM
94. "එයාලා ආවට පස්සේ අපි පොඩි මීටින් එකක් තියමු, අපේ ඉදිරි වැඩ පිලිවෙල ගැන් සාකඡ්චා කරන්න" නිලූකා කීවාය.

amila_90210
11-12-2009, 09:05 AM
95. "මීටිං තියන්නත් ඕන....'දැන් රෑට උයන්නේ පොලීසියෙන්ද.. රෑට කන්නේ බතලද " චමත් ඇසුවේ කෙල්ලන් තිදෙනා දෙස හොරැහින් බලමිනි.

Amalka101
11-12-2009, 09:11 AM
96. ''බතල ඕනෙ අය තම්බගෙන කන එකයි ඇත්තෙ.... හැබැයි ඉතිං බතල හොයන්නත් ආපහු මහේෂ්ගෙ ෆාම් එකටම යන්න වෙයි. කව්ද යන්නෙ?''.... නිලූකා කියත්ම කොල්ලො ටික උඩ බිම බලන්නට විය.

''මේ..... අපි ආවෙ පික්නික් එකක් නෙමේනෙ.... මොකෝ කියන්නෙ කට්ටිය, විනාඩි දෙකේ යුද්දයක් කරලා අපි ආපු වැඩේට බැස්සොත් හොදයි නේද?''....... චමත් ඇසීය

amila_90210
11-12-2009, 09:23 AM
97." යුද්දේ අපි කරාම පිට්ටනිය සුද්ද කරන්න දැන් රෙස්ට් ගන්න අයට කියන්න ..කෙල්ලෝ කොහොමත් වෙඩි වගේ කොල්ලෝ වගේ ඔතෑනි නෑ..ඒයි නැගිටලා එනු ..සනුහරේට අවමං නොකර' සුරංගී අමන්දීගේ අතින් ඇදගෙන එනවිට චමත් පොල් ගෙඩියක් උඩ දමමින් එළියට ගියේ ඉක්මනින් වැඩ අවසන් කිරීමේ බලාපොරොත්තුවෙනි.

Amalka101
11-13-2009, 03:53 AM
98. රාත්‍රී ආහාරයෙන් පසු තරු පිරුණු අහස යට එක් දේවදාර ගසක් පාමුලට රැස් වුණු මිතුරු කැල ඉදිරියට කෙරෙන්නට නියමිත කටයුතු වල සැලසුම් ඇදීම ආරම්භ කලා. සුපුරුදු පරිදි කතාව ආරම්භ කලේ චමත්.

''දැන් අපි පැහැදිලිවම දන්නවනෙ මහේෂ් ජීවතුන් අතර කියලා. ඒක නිසා මිනිහව හොයන්න, බේර ගන්න දැන්ම කරදර වෙන්න ඕනෙ නෑ. ඒත් ප්‍රශ්නෙ බැරෑරුම්ම කොටස පටන් ගන්නෙ දැනුයි''

amila_90210
11-13-2009, 05:15 AM
99.චමත් නිහඩ වෙනවාත් සමගම පරිසරය වෙලා ගත් ගුප්ත නිහැඩියාව එක්වරම උච්ච ස්වරයකින් කෑ ගැසූ නිශාචර පක්ෂියෙකු විසින් බිඳ දැමූවා..ක්‍රෑංං....

amila_90210
11-13-2009, 05:19 AM
100. සළිත වූ සිතින් සැවොම මොහොතක් ගොළුවූ අතර අමන්දි තදින් සුරංගී ගේ අත මිරිකා ගත්තාය..
හමන සීත සුළඟද පහත් වෙමින් තිබූ ඝන මීදුමද පරිසරයට එක් කලේ පාළු ගුප්ත ස්වාභාවයක්...හුස්ම ගන්නා හඩ පවා ඇසෙන නිසල බවක්

Amalka101
11-13-2009, 05:35 AM
101. සැවොම මොහොතකට නිහඩව අවට පරිසරයට ඇහුම්කන් දෙන්නට විය. මිතුරුකැල රැදී සිටින ස්ථානයත් මහේෂ්ව රදවාගෙන සිටින ස්ථානයත් අතර දුර සැතපුමකට නොඅඩුය. ඒ දුර ගෙවාගොස් කෙලින්ම මහේෂ්ව හමුවන්නට විටෙක චමත්ගේ සිත කියයි. ඒත් ඔවුන් කිසිවෙකුටත් නොවැටහෙන ලොකු කුමන්ත්‍රණයක් මෙහි ඇති බව වැටහෙත්ම, දැන දැන තම මිතුරන් අනතුරක හෙළීම ඔහුට කිසිසේත් කල නොහැක.

amila_90210
11-13-2009, 06:00 AM
102.'ම්ම්ම්ම්..කට්ටිය හිතන්න පොඩ්ඩක්,.. මහේෂ් ලගෙ අම්මලා මහේෂ්ව හංගන්න හේතුවක් තියෙන්න ඕන..තමන්ගේ එකම දරුවා මැරුණයි කියලා බොරුවක් ගොතන්න එයාව හැමෝගෙන්ම ඈත් කරලා තියන්න ඇත්තේ මොනවා නිසාද? මහේෂ් පවා ඒ ගොල්ලොන්ට යම් ප්‍රමාණයකට අවනත වෙලා නේද අමා කියන විදිහට...සමහර විට මෙතන ලොකු අභිරහසක් ඇති..' චමත් එසේ කියමින් තම මිතුරන් දෙස බැලීය..

amila_90210
11-13-2009, 06:06 AM
103.කිසිවකු කිසිවක් කීමට ඉදිරිපත් නොවූ අතර චාරක නැඟිට ගිනිමැළයට දරකෝටු එකතු කලේය..ඉහළට නැගුණු ගිනිදැල්ද විසිරෙන ගිනි පුළිඟුද එකිනෙකා පරයා නැගෙන්නට තැත් කරතැයි අමන්දිට නිකමට වාගේ සිතුණී..

Amalka101
11-13-2009, 07:18 AM
104. ''බැලූ බැල්මට නම් මහේෂ් ප්‍රශ්නෙක‍ට මැදි වුණ බවක් පෙණුනෙ නෑ..... ඒත්.... ඒත් දෙන්නම හැසිරුන විදිහට මොකක්හරි ලොකු රහසක් තියෙන බවනම් පැහැදිලියි.'' අමන්දි පැවසුවේ හරිම සංසුන්ව.

Amalka101
11-13-2009, 07:21 AM
105. '' අපි හෙට උදෙන්ම ගොවිපල බලන්න යනවා වගේ එහෙට යමුද?'' දර්ශන මල්ලි යෝජනා කරත්ම....

'' එපා........ ඒකනම් කීයටවත් කරන්න එපා'' අමන්දි පවසන විටත් ඇය හොදටම බියපත්ව සිටින බව සියල්ලන්ටම පැහැදිලි විය.

amila_90210
11-13-2009, 07:43 AM
106.'ළමයි..මේ අහන්න...මෙතන වැඩිහිටියා වගේම ඕගොල්ලොන්ට කරදරයක් වුනොත් වගකියන්න ඕන මම..මං කියන දේ හොදට හිතට ගන්න.මේක හරි අවදානම් දෙයක්.. අපට නොතේරෙන අවදානමක් මෙතන හැංඟිලා තියෙනවා කියල මට දැන් හිතෙනවා..'
චමත් නළල රැළි කරවමින් පැවසුවේ පහත් ස්වරයකිනි

Amalka101
11-13-2009, 08:06 AM
107. ඔව් ඉතිං ලොකු අවදානමක් තියෙනවා තමා, ඒක අපිටත් පේනවා, නැත්තම් මොන ‍අම්ම අප්පද තමන්ගෙ එකම දරුවව එංගලන්තෙ යැව්ව කියලා කැලේක හංගලා ඊට පස්සෙ එහෙදි ඇක්සිඩන්ට් වෙලා මැරුණ කියලා දැන් funeral එකක් ලෑස්ති කරන්නෙ? අවදානමක් තියෙනවා..... ලොකු අවදානමක්.''.... චාරක එක හුස්මට කියාගෙන ගියේය.

amila_90210
11-14-2009, 12:55 AM
108. චාරක චමත් දෙසොහොයුරන් හා මහේෂ්ගේ මිත්‍රත්වය ඔවුන්ට මතක ඇති කාලයක් දක්වා ඈතට දිව යයි.මහේශ් චාරකගේ වයසේ වුවද , එකට ගිටාර් පුහුණු වූ බැවින් චමත් මහේශ්ට සමීප මිතුරෙක් විය.
ඔවුන්ගේගේ ඥාති සොහොයුරිය වුවද අමන්දි මහේශ් ව හඳුනා ගන්නේ උසස් පෙළ කරත්දීය.
නිලූ හා සුරා ඇයගේ හොදම මිතුරියන් වුවද චාරක ගේ හා නිලූගේ මිතුරුකමකට වඩා සම්බන්ධයක් ඇති බව නොරහසක් විය.
පිරිසේ බාලයා වූයේ අමන්දීගේ බාල සොයුරා වූ දර්ශනය.වයසින් බාල වුවද කාර්යශීලීත්වයෙන් නිර්භීත බවෙන් ඔහු ඉදිරියෙන් වුයේ කැඩෙට් භටයකු ලෙස ලැබූ පුහුණුව නිසාය

Amalka101
11-14-2009, 02:17 AM
109. මහේෂ් එංගලන්තයට ගියා කියලා ආරංචි වුණේ උසස් පෙළ විභාගයට මාස දෙකකට කලින්. ඉතාම උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු වල නියැලෙමින් විභාගයට සූදානම් වුන මහේෂ්, විභාගෙ ඔන්න මෙන්න තියෙද්දි සේරම අතැරලා එහෙම ගමනක් ගියේ ඇයි කියලා අමන්දි දහස් වර සිතුවා.

amila_90210
11-15-2009, 10:07 PM
110.තම මිතුරියන් මහේශ්ට ළං වෙන්න හැදූ ආකාරයට වඩා වෙනස් විදිහකින් අමන්දි මහේශ් දිහා බැලුවෙ.යාළුවෙක් විදිහට කෙටි කාලයකදි සමීප වුනත් වයසින් අවුරුද්දක් වැඩිමහල් නිසාත් වරෙක වූ නිශ්ශබ්ද ගුප්ත හැසිරීම නිසාත් ඇය මහේශ්ව හොරෙන්ම නිරීක්ෂණය කරන්න වුනා.

Amalka101
11-16-2009, 06:09 AM
111. මහේෂ් කියන්නෙ මිත්‍රශීලී කෙනෙක්. ඒ වගේම කෙනෙකුට උදව්වක් උවමනා උනොත් කිසි පැකිලීමකින් තොරව උදව් කරන්න ඔහු නිතරම ඉදිරිපත් වුණා. මේ වගේ ගතිගුණ නිසා අමන්දිගේ හිතේ මහේෂ් ගැන පැහැදීමක් තිබුණත් ඇගේ නිරීක්ෂණ වලට අනුව, මොකක් නමුත් බැරෑරුම් රහසක් මහේෂ්ගෙ ජීවිතයෙ තියෙන බව ඇයට දැනුණා.

Amalka101
11-16-2009, 06:24 AM
112. පංතියෙ ඉන්නකම් කොච්චර සුහද උනත් එතනින් එහාට මහේෂ්ගෙ ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන් උනේ සීමිත යාළුවො කීප දෙනෙකුට විතරමයි. චාරක සහ චමත් දෙසොයුරන් ඇතුලත් උනෙත් ඒ සීමිත පිරිසටයි. ඔහුගේ මෙම ගුප්ත ජීවන රටාව ආඩම්බර කමකැයි බොහෝදෙනෙක් වරදවා වටහාගත්හ