PDA

View Full Version : චෙක් පතේ උපත.


nalinweer
07-09-2012, 11:18 AM
චෙක් පතක දැන් කවුරුන්වත් අත්සනට පෙර මෙයට ඔබේ ආදරණීය මිතුරා කියා ලියන්නේ නැහැ. එහෙත් මුල් කාලයේ එහෙම ලියන පුරුද්දක් තිබුණා. ඒ මීට අවුරුදු 300කට පෙරයි. ඒ කාලයේ තමයි, බැංකු ක‍්‍රමය පටන් ගත්තේ. ඒ කාලේ එංගලන්තයේ වෙළෙන්දන් ඔවුන්ගේ මුදල් ආරක්ෂාවට තැන්පත් කළේ ලන්ඩන් නගරයේ පිහිටි ප‍්‍රසිද්ධ සිරගෙදරයි. එකල එංගලන්තයේ විශාල වශයෙන් රැකවරණ යොදා තිබුණු තැන එයයි.

1640 දී මුදල් හිඟයෙන් නිතර පෙළුණු දෙ වන චාර්ල්ස් රජතුමා හිරගෙදර තිබූ වෙළෙඳුන්ගේ මුදල් තැන්පතුවලින් රන්පවුම් දෙ ලක්ෂයක් රාජකීය භාණ්ඩාගාරයට ඇද ගත්තා. වෙළෙන්දන් ඉන් කලබලයට පත් වුණා. මුදල් තැන්පත් කරන්නට වෙනත් ආරක්ෂිත ස්ථානයක් සොයන්නට පටන් ගත්තා. ඒ කාලයේ පොහොසතුන් තමන්ගේ වටිනා පිඟන් බඩු හා මැණික් ආදිය ආරක්ෂාවට තැබුවේ රන්රිදී බඩු තනන්නන් ළඟයි. වෙළෙන්දනුත් මේ ක‍්‍රමය අනුගමනය කරමින් රන්රිදීකරුවන් ළඟ මුදල් තැන්පත් කරන්න පටන් ගත්තා.

http://1.bp.blogspot.com/-d5po4PM2Tbc/T9UfhTPqz4I/AAAAAAAACv4/mFwNeJR-kZI/s320/3.jpg

ලැබුණු මුදලට වෙළෙන්දාට කුවිතාන්සියක් ලැබුණා. ඒ කුවිතාන්සියේ ලියා තිබුණේ එය ඉදිරිපත් කළ විට බාර දුන් මුදල ආපසු දෙන බවයි. බැංකු නෝට්ටුවේ එහෙමත් නැත්නම් චෙක් පතේ උපත සිදු වුණේ මෙහෙයි.

චෙක් පත වෙනුවට ඒ කාලයේ නිකුත් කළේ ලියුමකි. එහි ලියා තිබුණේ අසුවලාට අසුවල් ගණනක් දී පොතේ ණය තීරුවේ ඒ බව සටහන් කර තබන්න. කියායි. මේ ලියුම අවසන් වුණේ මෙයට ඔබේ ආදරණීය මිතුරා කියායි. අද කාලේ බැංකුව ඒ කාලේ පටන් ගත්තේ එහෙමයි.

ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ බැංකු ඇර තබන, ගනුදෙනු කරන, වේලාවන් ගැන සම්මතයක් තිබුණේ නැත.

1689 දී ලක්සම්බර්ග්හී මෙයට ඔබේ ආදරණීය මිතුරා කියා මෙයට ඔබේ ආදරණීය මිතුරා කියා බෝෆෝට් ආදිපාදිනියගෙන් ඇගේ මුදල් තැන්පත් කරුවාට මේ විදියේ ලියුමක් යැව්වා. අප හමු වන්න බෝෆෝට් වලව්වට අද හවස හයට එන්න. ඒ එන විට පවුම් සියයකුත් රැගෙන එන්න. වලව්වේ හාමුදුරුවෝ සනීපයෙන් ඉන්නවා.

(මින් වසර 48කට පෙර එස්. පී. පෙරේරා විසින් සංස්කරණය කරන ලද දැනුම සඟරාවක පළ වූවකි.)

අද චෙක් පතත් අභාවයට යමින් තියනවා. ඒ වෙනුවට වෙනත් විකල්ප ඇවිත්!

nalinweer
07-09-2012, 11:18 AM
:eek::eek::eek::eek:

Mr.Truth
07-09-2012, 11:20 AM
patta machang :D

navodwickra
07-09-2012, 11:20 AM
තැන්කු මචෝ. බුම්ප්

G-Man
07-09-2012, 11:23 AM
nodanna deyak danagatta.. Rep+

nalinweer
07-09-2012, 04:35 PM
තැන්කු මචෝ. බුම්ප්

:D:D;)

Mr.Truth
07-09-2012, 04:47 PM
bump

Pink panther
07-09-2012, 05:14 PM
TFS Bro....:D
+6

rangathusith
07-09-2012, 05:19 PM
වටිනවා මචෝ... එළ...!



Rangathusith
E +++
P Added

danlix
07-09-2012, 07:56 PM
Great Post

chathura19900223
07-10-2012, 06:29 PM
thanks 4 sharing

Wild-EYE
07-10-2012, 07:06 PM
Good Post macho..:) rep+ ;)

SAC911
07-10-2012, 07:07 PM
rep2+

Tharaka1220
07-10-2012, 07:13 PM
good post

bigsmoke239
07-10-2012, 09:23 PM
ela

nalinweer
07-11-2012, 03:42 PM
වටිනවා මචෝ... එළ...!



Rangathusith
E +++
P Added

Thank..Machoo

nalinweer
08-23-2013, 10:27 AM
Bump

sandaru1rox
08-23-2013, 11:44 AM
BUMP