PDA

View Full Version : සූකර උණ මාරාන්තික නැහැ


Sudantha_s
06-18-2009, 08:37 PM
මේ දිනවල ලොව පුරා පැතිර යන ( A) N1H1 නොහොත් නව ඉන්ෆ්ලූවන්සා A රෝගය මාරාන්තික රෝගයක් නොවන බවත් මෙම රෝගය සහ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස අතර වැඩි වෙනසක් නොමැති බවත් වසංගත රෝග අංශයේ විද්‍යාඥ වෛද්‍ය සුදත් සිරිවර්ධන මහතා අද (18) පැවසීය. මේ පිළිබඳව විවිධ මාධ්‍ය තුළින් වැරදි අදහස් ජනතාව වෙත ලබා දී ඇති නිසා ජනතාව අනිසි බියක් ඇති කර ගෙන ඇති බව ත් ඒමහතා පැවසීය. කෙසේ වෙතත් මෙම රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කඩිනමින් කටයුතු කරන බව වෛද්‍යවරයා අවධාරණය කරයි.

කෙසේ වෙතත් නව ඉන්ෆ්ලූවන්සා A වෛරසය ශරීරගත වූ තවත් රෝගියෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර මීට ප්‍රථම වාර්තා වූ රෝගියාගේ ම ඥාති සොයුරෙකු ලෙස මොහු හඳුනාගෙන ඇත.

මෙම රෝගීන් සඳහා ප්‍රතිකාර කටයුතු කඩිනමින් සිදුකෙරෙන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී ලංකාව තුළ තිබෙන බවත් ඒ මහතා වැඩිදුරත් පැවසීය.