View Full Version : අලූත් රටක් හදන්නේ මේ....... දේශපාලනඥයන් සමගද?
David Webb
06-24-2009, 01:42 PM
තමන් නූසූදුසූ යැයි දැන දැනම ඉහළ තනතුරු බදා ගන්නා නිලධාරින් යැයි කියන බොහෝ දේශපාලන හෙන්චයියන් තමන්ට වඩා ඉහළ සූදුසූකම් ඇති එහෙත් පහළ තනතුරු දරන නිලධාරින් කෙරෙහි බියක් දක්වන බව නොරහසකි. එයට හේතුව තනතුරට නියම සූදුස්සා තමන් නොවන බව ඔවූන් හොඳාකාරවම දන්නා හෙයිනි. කෙසේ හෝ එවැනි දේශපාලන අඳ බාලයන් නිතරම කැස කවන්නේ සූදුස්සාට වළ කැපීමටය. උන්ගේ එකම අභිප්‍රාය තනතුර රැක ගනිමින් වරදාන, වරප්‍රසාද විඳීමය. නූසූදුසූකමින් හෝ දරන තනතුරේ කාර්ය භාරයට වඩා බඩ වඩා ගැනීමේ අලජ්ජි පිළිවෙත ඔවූන්ට ප්‍රියය. දේශපාලනය ඔස්සේ ලංකාවේ ඕනෑම කෙෂ්ත්‍රයක තනතුරු දැරීමට. ඕනෑම මැටිටකුට අවකාශ තිබේ. ආයතන සංග්‍රහය හෝ මූදල් රෙගුලාසි හෝ යූක්ති ධර්මය හෝ අවලංගු කළ හැකි බලය දේශපාලනය තුළ නිර්මාණය වී තිබේ. මේ අධම ක්‍රමය වඩාත් සමාජගත වූයේ 1977 න් පසූවය. ඊට පෙර රටෙි යම් ප්‍රමාණයක නීතියක් හා යූක්තියක් තිබූණූ බව කිව යූතුය.
මැතිවරණයකදී පෝස්ටර් ටිකක් මූද්‍රණය කර පාප්ප ගා තාප්පවල ඇලවීමද අද තනතුරකට සූදුසූ කමකි. බලවතාගේ අභිමතය නීතිය නොවූවද ක්‍රියාත්මක වන්නේ එයයි. මේ රටෙි සංවර්ධනයට හා ඉදිරි ගමනට ප්‍රධාන බාධාවක් වී තිබෙන්නේ දේශපාලන මිත්‍රත්වයයි. කිසිම සූදුසූකමක් නැති අයකුට ඇමැති උපදේශක ධූරයක් ලබා ගැනීමට මේ රටෙි බාධාවක් නැත. ඒ භයානක දේශපාලන සෙල්ලම ගැන නිදසූන් සොයා බැලීම අපි දේශපාලන අධිකාරියට පවරමූ.
දැන් අපි එයට නිදසූන් කර දැක්විය හැකි එකම සිද්ධියක් පිළිබඳ විමසා බලමූ. අධ්‍යාපනය යනූ රටෙි අනාගතය ජාතියේ සංවර්ධනය භාරව තිබෙන එක් ප්‍රබල ආයතනයකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ඉතා ප්‍රකට නිදසූන් තිබෙන බව ඇත්තය. එහෙත් ඒවා නිවැරදි කිරීම සඳහා සිදුවූ දේවල් සමස්ත අධ්‍යාපනයටම ගෙන දුන්නේ අයහපත් ප්‍රතිඵල බව අප පිළිගත යූතුය. අපගේ මෙම පූර්විකාව හේතු වූයේ වයඹ පළාතේ වත්මන් පළාත් අධ්‍යාපන අධ්‍යකෂ ධූරය සඳහා කරන ලද පත්වීමකි. එම ධූරයට පත්ව සිටින ජ්‍යෙෂ්ඨ පූරවැසි අශෝක ජයසිංහ මහතා පිළිබඳ අපට පෞද්ගලික ප්‍රශ්නයක් නැත. අධ්‍යාපන කෙෂ්ත්‍රයේම ආරංචි මාර්ග අනූව ඒ මහතා දැන් හැට තුන්වන වියට එළඹීමටද ආසන්නය. දේශපාලනයට වයස් සීමාවක් නැති වූවද රාජ්‍ය සේවයට වයස් සීමාවක් තිබේ. ඒ සඳහා පවතින නීතිය වන්නේ වයස 60 දී විශ්‍රාම යාමයි. විශ්වවිද්‍යාලය, අධිකරණය, ඇතුළු කෙෂ්ත්‍ර කීපයක් එයට අදාළ නොවේ. අනෙක් අතට රාජ්‍ය සේවයේ පරිණතව සිට විශ්‍රාම ගිය අයෙක් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසූවෙත් නම් ඔහූට උපදේශක තනතුරක් දීමටද බාධාවක් නැත.
David Webb
06-24-2009, 01:50 PM
කුමන දේශපාලන ක්‍රමවේදයක් පැවතිය ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනූමැතියකින් තොරව විශ්‍රාමික ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ද ඇතුළු සියලුම දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරින් එම සේවාවන්ට අයත් තනතුරුවල කුමන පදනමකින් හෝ සේවයේ යෙදවීම නිත්‍යානූකූල නැත. ඒ අනූව ඔවූන් වෙත යම් ගෙවීමක් කරනූ ලබන්නේ නම් ඒවාද බල රහිත වන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2008 වසරේ දෙසැම්බර් මස 30 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන්කර ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සියලුම ප්‍රධාන ලේකම්වරුන් හා සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යකෂවරුන් වෙත මෙම චක්‍රලේඛය යවා තිබේ. හැටතුන් වැනි වියට පා තැබීමට ඔන්න මෙන්න කියා සිටින අශෝක ජයසිංහ මහතාට ද මෙම චක්‍රලේඛය ලැබී ඇතුවාට සැකයක් නැත. වයඹ පළාතේ වත්මන් අධ්‍යකෂවරයා අවූරුදු හැටෙන් පසූවත් තවදුරටත් එම ධූරයේ වසරක් රැඳී සිටීමේ ආශාව ඉටූ කර ගත්තේ පළාත් කැබිනටි මණ්ඩලයේ හා ආණ්ඩූකාර තිස්ස ආර්. බලල්ල මහතාගේ නිර්දේශය මත මධ්‍යම රජයේ කැබිනටි මණ්ඩල අනූමැතිය ලබා ගැනීමෙනි. එලෙස ලබා ගත් කැබිනටි අනූමැතිය අනූව ජයසිංහ මහතාට එම තනතුර දැරිය හැකි කාලය මේ වන විට අවසන් වී ඇත. පසූගිය මාර්තු මස 20 වැනි දින සිට මේ දක්වා අශෝක ජයසිංහ මහතා පළාත් අධ්‍යකෂ ධූරය දරමින් සිටින්නේ නීති විරෝධීවය. වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතා ප්‍රමූඛ පළාත් කැබිනටි මණ්ඩලය කුමන අනූමැතියක් ලබා දුන්නද දීප ව්‍යාප්ත සේවාවන්ට එය අදාළ නොවේ. අධ්‍යාපන පරිපාලන සේවයේ පළමූ ශ්‍රේණියේ තනතුරක් වන පළාත් අධ්‍යාපන අධ්‍යකෂධූරය සඳහා කිසිවකු පත් කිරීමට පළාත් කැබිනටි මණ්ඩලයට නීතිමය වශයෙන් හැකියාවක් නැත. මධ්‍යම රජයේ කැබිනටි මණ්ඩලයේ අනූමැතියකින් හෝ තොරව අශෝක ජයසිංහ මහතා තවදුරටත් එම ධූරයේ කටයූතු කරමින් වරප්‍රසාද භුක්ති විඳීම සූදුස්සන්ට කරන බලවත් අසාධාරණයක් බව එම කෙෂ්ත්‍රයේම බොහෝ අයගේ චෝදනාවකි.
අශෝක ජයසිංහ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා කිසිදු අනූමැතියක් ලබා දී නැති බව වයඹ පළාත් ආණ්ඩූකාර තිස්ස ආර්. බලල්ල මහතාද "දිවයින" සමග ප්‍රකාශ කළේය. ජයසිංහ මහතා තවදුරටත් පළාත් අධ්‍යකෂධූරයේ කටයූතු කිරීම නීතිය අමූ අමූවේ උල්ලංඝනය කිරීමක් වන්නේද එනිසාය. අධ්‍යාපන කෙෂ්ත්‍රයේ තීන්දු තීරණ ගැනීමේ තනතුරුවල දේශපාලන පළිගැනීම් සහන යටතේ අධ්‍යාපන පරිපාලන සේවයට පත්ව සිටින මෙවැනි පූද්ගලයන් තවදුරටත් රඳවා ගැනීමෙන් අධ්‍යාපනයට රටට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද? එවැන්නක් නිසා සිදුවන විනාශය හා නාස්තිය රටකට දැරිය හැකිද? තරග විභාගවලට පෙනී සිට විධිමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට පත්ව සිටින නිලධාරිහූ වයඹ පළාතේ හිඟ නොවෙති. ඔවූන්ට අද සිදු වී ඇත්තේ දේශපාලන ගොටිටන්ට "සර්" කියා ඇමැතීමේ ෙ€දවාචකයට මූහූණ දෙන්නටය.
David Webb
06-24-2009, 01:52 PM
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් තවදුරටත් පැණි මූලේ ඇඹලයකු සේ පළාත් අධ්‍යකෂ ධූරයේ කටයූතු කිරීමට ජයසිංහ මහතාට අවකාශය සකස්කර දෙන්නේ මෙරටෙි ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රියාවලිය මගිනි. මේ අමන ක්‍රියාවලිය පිළිබඳව කතා කරමින් ජයසිංහ මහතා තවදුරටත් පළාත් අධ්‍යකෂධූරයේ රැඳී සිටීමේ නීත්‍යානූකූලභාවය පිළිබඳ ප්‍රශ්න කරන "දිවයින"ට පිළිතුරු දීමට වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතා ඉදිරිපත්ව සිටීම පූදුමයක් නොවේ. ඡන්දයේදී තමාගේ පියකරු මූහූණ මූද්‍රණය කර පාප්ප ගා තාප්පවල ඇල වූ පූද්ගලයන්ට සැලකිය යූතුය. වයඹ පළාතේ ප්‍රධාන ඇමැතිවරයා වශයෙන් පමණක් නොව අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන්ද අතුල විජේසිංහ මහතා ඒ "වගකීම" අකුරටම ඉටූ කළේ හූදු දේශපාලන ඇයි හොඳයි කම් නිසාම නොවේද?
ජයසිංහ මහතාට එම ධූරයේ කටයූතු කිරීමට රජයේ කැබිනටි මණ්ඩල අනූමැතිය ලැබී නැතත් එවැනි අනූමැතියක් ලැබී ඇතැයි ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කරමින් වයඹ ආණ්ඩූකාරවරයාගේ අනූමැතියද ඒ සඳහා ලැබී ඇතැයි කීම හාස්‍ය දනවන්නකි. මන්ද ආණ්ඩූකාරවරයා එවැනි අනූමැතියක් ලබා දී නැති හෙයිනි. තවද කැබිනටි මණ්ඩලයේ තීන්දුවලට කිසිවකුටත් අභියෝග කළ නොහැකි යැයිද අතුල විජේසිංහ මහතා පවසයි. අඳොමැයි..... ප්‍රධාන ඇමැතිවරයකුගේ දැනූමක තරම.
හිටපූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමූඛ කැබිනටි මණ්ඩලය ගත් තීරණයකට අනූව විකුණන ලද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ගනූදෙනූව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගුකර තවම තුන් මසක්වත් ගෙවී නැත. කැබිනටි මණ්ඩල තීරණයක් අභියෝගයට ලක්වූ මූල් හා එකම අවස්ථාව එය නොවේ. සූප්‍රසිද්ධ වෝටර්ස් ඒජ් සිද්ධියද ප්‍රධාන ඇමැතිවරයාට මතක් කර දීමට කැමැත්තෙමූ. හිටපූ ජනාධිපතිනයට රුපියල් දශ ලක්ෂ තුනක දඩ මූදලක් ගෙවීමට නියෝග කරන ලද්දේද කැබිනටි මණ්ඩල තීරණයක් අභියෝගයට ලක් කරමිනි. වයඹ පළාතේ අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් අවම වශයෙන් මෙවැනි සාමාන්‍ය දැනූම පිළිබඳව හෝ අවබෝධයක් ලබා සිටීම අතුල විජේසිංහ මහතාට වැදගත්ය.
කෙසේ වූවද මේ වර්ගයේ දේශපාලන පත්වීම් වලට අභියෝග කිරීමට මෙන්ම ඒවාට අනූබල දෙන අයට දඬූවම් කිරීමටද සවිබල නීතියක් අවශ්‍යය. විශ්‍රාමලත් අගවිනිසූරු සරත් එන් සිල්වා මහතා එබඳු ඓතිහාසික තීන්දු මගින් ජනතාවගේ අයිතිය රැකදී තිබේ. ඒ සඳහා නීතිමය උපදෙස් දීමට ස්වාධීන නීතිඥ පිිරිසක්ද වූවමනාය. නීතිය ඉදිරියට යාමට වූවද මූදල් ප්‍රතිපාදන අවශ්‍යය.
අනෙක් අතට පොදු කටයූතු සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යන අයද අඩූ වෙති.
අප කවූරුත් පූරුදු වී සිටින්නේ ඕහේ ඕවායින් අපට වැඩක් නැත. අපට පණං හතරක් ලැබූණොත් කාල ඇඳල ඉන්න පූළුවන් යන පිළිවෙතටය. එහෙත් අද රට වෙනස් වෙමින් තිබේ. අලුත් රටක් හා අලුත් හෙටක් වූවමනාය. ඒ අලුත් රටට හා අලුත් හෙටට බාධා කරන අලජ්ජී දේශපාලන විදූෂකයන් හඳුනා නොගෙන අපට මේ ගමන යා නොහැක. මේ රට එක්සත් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඊළඟ සංග්‍රාමය බවට පත් විය යූත්තේ මේ දූෂිත දේශපාලන අධිකාරිය බිඳ දැමීමත් එහි නිරත වන අය එලවා දැමීමත්ය. ඒ ආදර්ශය ජනාධිපතිවරයාගෙන් රටට ලැබිය යූතුය. ජනතාව ඉල්ලා සිටින්නේද එයයි.
නිලන්ත මදුරාවල
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.