View Full Version : ඉපැරණි සිවු හෙළයේ 'රොඩියෝ'
x-pert
06-27-2009, 10:28 AM
ඈත අතීතයේ, සිවු හෙළය (වර්තමානයේ ශ්‍රී ලංකාව ) විවිධ කුළ වලට අයත් ජන කොටස් බහුල ලෙස ජීවත් වූ රටකි. රොඩියන් ඒ අතරින් පහත්ම කුළයක් වශයෙන් හැඳින්වූ බව පත පොතේ සඳහන් වෙයි. යාක්ශ, නාඝ, රාක්ෂ සහ අසුර ගෝත්‍ර වල සම්මිශ්‍රණයක් ඔවුනුත් සතු බැවින් ඔවුනුත් සිවුහෙළයේ අපගේම ආදි වාසීන් බව පැහැදිලි වෙයි. මේ කෙටි විස්තරය ඔවුන්ගේ සම්භවය සහ ජීවන රටාව ගැනයි.
සෙසු දියුණු යැයි සැලකුණු ජනාවාස වලින් ඈත්ව වෙසුනු මේ ජන කොටස ජීවත් වුනු වාස භූමි අද සොයා ගැනීම තරමක දුශ්කර කටයුත්තකි. එනමුදු, ඔවුන් මධ්‍යම කඳුකරයේ කුඩා ගම්මාන වල සාම්ප්‍රදායික නිවෙස් වල ජීවත් වුනු බවට සාක්ශි ඇත. මොවුන්ගේ ප්‍රධාන ජීවිකා වී ඇත්තේ සත්ව සම් වලින් බෙර සෑදීම, බෙර වාදනය, විජ්ජා හා සාස්තර දැක්වීමයි. රොඩියන්ගේ සම්භවය ගැන ජන ප්‍රවාද බහුලය.
http://upload.wikimedia.org/wikipedia/en/a/a8/Rodiya_People.jpg
එකොළොස් වැනි සියවසේදී එක්තරා වැද්දෙක් පරාක්‍රමබාහු රජ වාසළට නිතර ගෝන මස් ගෙනාවේය. (මෙහි සඳහන් වන පරාක්‍රමබාහු රජ, පොළොන්නරුව රාජධානිය කරගෙන සිටි මහා පැරකුම් ද නැද්ද යන්න ගැන සාක්ශි නොමැත.) නියං සමයක එක් දිනක් ගෝනෙකු හෝ මුවකු දඩයම් කිරීමට නුපුලුවන් වූ හෙයින්, රාජ උදහසට ලක්වෙතැයි බිය වුනු වැද්දා අසළ තිබුනු ගම්මානයක ළමයකු මරා ඒ මස් රජ මාළිගයට ගෙන ගොස් ඇත.
එම මසෙහි රසය දැඩි ලෙස ප්‍රිය කර ඇති රජුගේ සුරූපී දියණිය (නවරත්න වල්ලී), හැම දාමත් ඒ මස් වර්ගයම ගෙනෙන ලෙස වැද්දාට නියෝග කළා ය. ටික කලක් යන විට අසල ගම් වල කුඩා ළමුන් අතුරුදන් වන්නට වූයෙන් මිනිසුන් බෙහෙවින් කලබලයට පත් වූහ. දිනක් රජුගේ කරණෑවෑමියා (කොන්ඩය කපන්නා) ගේ ළමයාද අතුරුදන් වූයෙන් ඔහු ඒ බව රජුට සැලකරනු වස් රජ මාලිගයට ගියේය. එදා සිරිතට අනුව මොහුටත් රජ මාළිගයේ අහාර පාන වලින් සප්පායම් වීමට අවස්ථාවක් ලැබී ඇත. තමන්ගේ අතට ලැබුනු මාලු පිණි සහිත බත් පතේ තම දරුවාගේ අතක තිබුනු විකෘති ඇඟිල්ලක් දැකීමෙන් බියට පත්ව මොහු එතැනින් පළා ගොස් ගමේ මිනිසුන්ට විස්තරය පැවසීය.
සිද්ධිය රජුට සැළ වීමෙන් පසුව, රජු වැද්දාගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඇත්ත හෙළිදරවු කළේය. දැඩි ලෙස කෝපයටත්, කළකිරීමටත් පත් වුනු රජතුමා තම දූගේ ස්වර්ණාභරණ සියල්ල ඇගෙන් ඉවත් කර ඇයව වැද්දාට භාර දී, දෙදෙනාවම නගරයෙන් පන්නා දමන ලදී. ඔවුන්ගෙන් පැවතෙන අනාගත පරම්පරා සියල්ලම අඩු කුළයකට අයිති වන බවත් ඔවුනට වෙනත් මිනිසුන් මෙන් රැකි රක්ශා කිරීමට වරම් නැති බවත් ඔවුන් ගෙයින් ගෙට ගොස් හිඟමන් ලබා ගෙන ජීවත් විය යුතු බවත් රජු නිවේදනය කලේය. ඔවුන්ගේ සෙවනැල්ලක්වත් වෙනත් මිනිසුනට නොවැටෙන්නට ඔවුන් වග බලාගත යුතු බවත් ඔවුනට අනෙක් මිනිසුන්ගේ ළිං වලින් වතුර බීමටද අවසර නැති බවත් රජ තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙලෙස පන්නා දැමුනු සුරූපී නවරත්න-වල්ලී ගෙන් සහ එම වැද්දාගෙන් පැවත එන්නෝ රොඩී කුළයට අයත්හු බවට ජන ප්‍රවාදයෙහි සඳහන් වෙයි. රොඩී යන්නෙන් අපවිත්‍ර යන අරුතක් පළ වෙයි.
ඉහත ජනප්‍රවාදයට ඉතාමත් සමීප ප්‍රවාදයක් නුවර යුගයේ සිරකරුවෙකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් ගේ පොතක සඳහන් වෙයි. එකම වෙනස වන්නේ එම ප්‍රවාදය තුල නවරත්න-වළ්ලී නොමැති වීමයි. එනම්, රජුට මස් සැපයූ වැදි කොටස මිනී මස් සැපයූ බව දැනගත් විට, ඔවුන් එම කුළයෙන් නෙරපා දමා එම පරපුර එතැන් සිට රොඩීන් ලෙස සැළකූ බවයි. කෙසේ හෝ වේවා ඓතිහාසික ග්‍රන්ථ වල වැඩි වශයෙන් සඳහන් වන්නේ මා මුලින් ගෙනහැර පෑ ජන ප්‍රවාදයයි.
පහත රූපයේ පරිදි එදා පහත් කුළයක් ලෙස සැලැකූ බැවින් රොඩී කාන්තාවන් උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීමට වරම් නොලද්දෝය. එනමුදු රාජකීය ලෙයකින් එන්නන් බැවින් ඔවුන්ගේ රූපසෞන්දර්යය රජවාසළ කුමාරිකාවන් පවා පරාද කළ බව ඉතිහාසය සාක්ශි දරයි. ඔවුන් නැට්ටුක්කාරියන් ලෙසද දැඩි කීර්තියක් ලබාගෙන සිටි බවත්, රූපය නිසාම ධනවතුන් ඔවුන්ව ගණිකාවන් ලෙස යොදා ගත් බවත් සඳහන්වෙයි.
http://img23.imageshack.us/img23/4402/rodi1.jpg
http://img23.imageshack.us/img23/341/rodi2.jpg
http://img36.imageshack.us/img36/6403/rodi3.jpg
http://img23.imageshack.us/img23/1619/rodi4.jpg
Contd...
x-pert
06-27-2009, 10:29 AM
මොවුන් ඉනා ගුරුකම්, හදි හූනියම් වලටත් ප්‍රසිද්ධියක් ඉසිලූ බව සඳහන් වේ. ඊට අමතරව එක පසෙකට ගෝන සමක්ද, අනෙක් පසට වඳුරු සමක්ද යොදා බෙර සෑදීමේ මනා නිපුණත්වයක් දැක්වූවෝය. රොඩී තරුණියන් බොහෝ දෙනා රන්වන් පැහැ සමක් ඇති රූමතියෝ යැයි කියති. ප්‍රාදේශීය නායකයින් පිනැවීම සඳහා මේ රොඩී තරුණියන් හොර රහසේ ගෙන්වා ගැනීමේ සිරිතක් අනාදිමත් කාලයක සිට පැවැති බව ප්‍රකටය. මේ හේතුව නිසාම රත්නවළ්ලියගේ සම්භවය හුදු ජනප්‍රවාදයක් වූවත්, රොඩියන් තමන්ගේ නහර වල රාජකීය ලේ ඇතැයි කියන කතාවේ එතරම් පුදුමයකුත් නැති බව අර් එල් ස්පිට්ල් මහතා වරක් කීය.
බෙර, නැටුම්, හදි හූනියම් කොතරම් කළද, ඉතිහාසයේ ලැබුනු රාජ අණ පරිදි මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ හිඟමනය යි. ඔවුන්ගේ කුළය ද කියා පාමින් යාදින්නක් ආකාරයට "හාමුදුරුවනේ... මේ අහිංසක රොඩියාට පිනට යමක් ලැබෙන්ට..." වැනි කෙටි ආයාචනයකින් පිනට යමක් ඉල්ලීම මොවුන්ගේ දීර්ඝ කාලීන සිරිතක්ව තිබුනු බවට ඉතිහාසය අපට කියා පායි. (මෙහි මුල් පදය හාමුදුරුවනේ නොව 'හාන්දුරුවනේ' යැයි ඇතැමෙක් කියති. කුළයෙන් උසස් අය සැලැකෙන්නේ හාන්දුරුවන් යනුවෙන් බවද ඇතැම් අය සළකති.)
1911 දී අවසන් වරට කුළ වෙන් වෙන්ව කරන ලද ජන සංගණනයේදී රොඩියන් 1,572 ක් සිටි බව සැළකේ. කාලයා ගේ ඇවෑමෙන් අද වන විට මෙම අසාධාරණයට ලක් වූ ජන කොටස සහමුලින්ම වඳ වී ගොස් හෝ උසස් යයි සැළකෙන කොටස් සමඟ සම්මිශ්‍රනය වී හෝ ඇතැයි සිතමි.
- ධනුෂ්ක ද සිල්වා.
(Copyright Creative Commons Australia - feel free to share)
මූලාශ්‍ර: මෙහි ඇතැම් කොටස් වෙනස් කිරීමකින් තොරවම 'වන වැදුණු දොස්තර' ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී. (Surgeon of the wilderness - ක්‍රිස්ටීන් ස්පිට්ල්. පරිවර්තක ප්‍රේමචන්ද්‍ර අල්විස්.)
Historical Relation of Ceylon' 1681, Robert Knox
Ratnavalli’s Children, Myth and Mystery of the Rodi by Richard Boyle
ඡායාරූප අන්තර්ජාලයෙනි. Originally, 'පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම්' ග්‍රන්ථයෙනි, මාර්ටින් වික්‍රමසිංහ.
-----------------------------------------------------
For non-unicode members:
Iparani helaye 'Rodiyo'
http://img79.imageshack.us/img79/9656/rodiyasinhala.jpg
kasuncj
06-27-2009, 10:31 AM
thanx 4 da info machaa
kosandpol
06-27-2009, 10:35 AM
um.. this was briefly discussed on the "maha sinhalaye wansha kathawa"
A theory put forward there was that the "rody" tribe specifically followed the concept of not owning land because they didnt want to fight with anyone over land as owning prime land was major reason for fighting among the other tribes.
TakurZ
06-27-2009, 10:36 AM
ස්තූතියි ගොඩාක්..! දැනගෙන ඉන්න එක වටිනවා.
BRAINY
06-27-2009, 10:39 AM
ahh.. machan... ela post ekak...
me photos tika thiyenne.,, "puraana sinhala sthreenge endum" kiyala pothaka, Mr. Martin Wickramasinghe ge... honda pothak, ithihase gena igena ganna ayata godak watinawa,...
x-pert
06-27-2009, 10:40 AM
um.. this was briefly discussed on the "maha sinhalaye wansha kathawa"
A theory put forward there was that the "rody" tribe specifically followed the concept of not owning land because they didnt want to fight with anyone over land as owning prime land was major reason for fighting among the other tribes.
I see... :) Ya possible :D
But personally I don't believe that a tribe didn't want to have their own lands... In fact in that book Surgeon of the Wilderness, they talk about a meeting they've had to discuss Rodiya's issues. Their main 2 concerns was some land for them and cotton wool.
kosandpol
06-27-2009, 10:43 AM

That is the later day Rodiya. They were discussing the earliest tribe long before Vijaya landed here.
amila_90210
06-27-2009, 10:48 AM
බොහෝමත් ස්තූතියි..රත්න වල්ලී කතාව ආයේ මතක් කර දුන්නට,...විෂේශයෙන්ම
kosandpol
06-27-2009, 10:53 AM
බොහෝමත් ස්තූතියි..රත්න වල්ලී කතාව ආයේ මතක් කර දුන්නට,...විෂේශයෙන්ම
what ? no thanks for the boob shots ?
:P :lol:
amila_90210
06-27-2009, 10:54 AM
what ? no thanks for the boob shots ?
:P :lol: ඔය ෆොටෝස් මම දැක ඇත්තෙමි...:P
x-pert
06-27-2009, 01:39 PM
ස්තූතියි ගොඩාක්..! දැනගෙන ඉන්න එක වටිනවා.
Thank you for the comment :D
ahh.. machan... ela post ekak...
me photos tika thiyenne.,, "puraana sinhala sthreenge endum" kiyala pothaka, Mr. Martin Wickramasinghe ge... honda pothak, ithihase gena igena ganna ayata godak watinawa,...
ela machan.
Ah thanks machan thibunu hari place eka kiyuwata. mama hoyala baluwa hari source eka mokakda kiyala. but meh ape un internet eke dewal daanne hariyatathamunge ewa wagei... so kauruwath source ekak deela thibune naha.
Thanks machan :D
x-pert
06-27-2009, 01:54 PM
That is the later day Rodiya. They were discussing the earliest tribe long before Vijaya landed here.
ha? Before Wijaya it was the 4 tribes basically. Hell yes they were not as violent as modern day helaya I assume. They had a higher state of mind according to some buddhism scholars. Even that's why some say that Buddha preached the 1st Abhidharma to Hela Tribes because of their higher state of mind. So yes. I don't think they were land-hungry or had a lust for wealth.
But if somebody is trying to match them and say thy were the Rodiya people, then I have a doubt as to how credible that information was. (or possibly my poor knowledge)
බොහෝමත් ස්තූතියි..රත්න වල්ලී කතාව ආයේ මතක් කර දුන්නට,...විෂේශයෙන්ම
No worries machan. :D
kosandpol
06-27-2009, 02:34 PM
ha? Before Wijaya it was the 4 tribes basically. Hell yes they were not as violent as modern day helaya I assume. They had a higher state of mind according to some buddhism scholars. Even that's why some say that Buddha preached the 1st Abhidharma to Hela Tribes because of their higher state of mind. So yes. I don't think they were land-hungry or had a lust for wealth.
But if somebody is trying to match them and say thy were the Rodiya people, then I have a doubt as to how credible that information was. (or possibly my poor knowledge)
What they said was that even during the time of the 4 tribes (pre vijaya), there was a tribe of people who, by choice, didnt own any land and wondered from place to place, even from villages belonging to the 4 tribes but never stays at any place for long. What they said was the rodiyas that you described in the first post comes from these people.
The reason that earliest tribe didnt want to own land was due to the fact that they got disappointed with the other tribes that fought over land.
nwnbs
06-27-2009, 02:47 PM
Thnx X-PERT
amila_90210
06-27-2009, 10:10 PM
රත්නවල්ලි පරපුරට උරුම වුන පින්න මලක් වැනි පිපුනු කැළේ
ගිගිරි සලා එන රුවේ අසිරි දැක සතුටු සිනා රැළි මෝදු කෙරේ
- ජානක- වික්‍රමසිංහ -
amila_90210
06-27-2009, 10:13 PM
රත්නවල්ලි දෝ යෞවනියේ
නුඹ පහන් තරුව වූ ගාඩි රැහේ
සීන් සිනිඳු වැරැහැළි සේ මං
පරවී යන්වා ඳූවිල්ලේ
දුර ඇවිදින අතරේ සංසාරේ....
- දිවුල්ගනේ -
amila_90210
06-27-2009, 10:24 PM
http://si.wikipedia.org/wiki/
රොඩී ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකාවේ පහත් යයි සලකනු ලබන ජන ප්‍රජාවකි. ඔවුන් හට 'හුලවාලි'සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි. ජනප්‍රවාදයේ ලෙස රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැබේ. රත්නවල්ලී ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය යයි කියනු ලැබේ.මේ මූලාශ්‍රය කියන්නේ මහා පැරකුම්බා කියල ..සත්‍ය අසත්‍යතාව හරියට ම කියන්න බෑ X-PERT කිව්වා වගේ
ඔවුන් විසින් කරනු ලබනු යයි සැලකෙන බලවත් මන්ත්‍ර ලෙස 'නීච කුල බන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැබේ. පුරාණ රජදවසේ පටන් රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට හෝ ගම්වැද ජීවත්වීමට හෝ අවසර තිබූණේ නැත. එහෙත් පසුකාලීන ව, ඔවුන්ට ම වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැබේ.
තාමත් පත්තරවල මෙ රොඩී බන්ධන ගැන දැන්වීම් යනවා..ඒ වගේම ඒවා අදත් ඇතැම් ප්‍රදේශවල ප්‍රැක්ටිස් වෙනවා කියලා මම අහලා තියනවා..
සිංහලයට ගුබ්බෑයම වචනේ ආවේ මේතනින් වෙන්න පුළුවන්..
මූලාශ්‍රය: ඇස්. ආර්. දියොනිස් සහ රවින් කල්‌දේරා.:yes:
ChuttaFX
06-27-2009, 11:46 PM
අය්යා ගොඩක් මහන්සි වෙලා. අර "ටොප්ලස්" කතාව ඇරෙන්න අනිත් ගොඩක් ඒවා දැනං හිටියෙ නෑ.
බොහොම තැන්කූ. :D
rodiyo radio wagea dakke kalin
sanath ekanayake
06-28-2009, 12:25 AM
thanks.very good post.
mawella
06-28-2009, 12:34 AM
hmmmmmmmmmmmmmmm niyamai :#
djanuradhaxxx
06-28-2009, 12:38 AM
ela ela....
djanuradhaxxx
06-28-2009, 12:41 AM
ek porn dammata
http://img23.imageshack.us/img23/341/rodi2.jpg
gt ta mama messege kara!!
(jke machan)
Amalka101
06-28-2009, 01:29 AM
Thanx 4 the info
Renesas
06-28-2009, 01:36 AM
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
හොද ලිපියක් ... ස්තූතියි:)
sandun thilaka
06-28-2009, 02:10 AM
හොඳ මාතෘකාවක් සහෝදරයා... ගොඩක් ස්තුතියි..... " රත්න වල්ලි" කතාව නම් කලින් දැනන් උන්නෙ...
ronsilva
06-28-2009, 05:51 AM
සිංහල ඉතිහාස වංශකතාවේ බහුතරයක් නොදන්නා පැත්තක් පිලිබද තොරතුරු ගෙනඒම්ත්...එමගින් අපේ නුතන පරපුර දෑනුවත් කිරිම ගැනත් මගේ අවංක ස්තුතිය ඔබ වෙත......
ඉතිහාසය මත යැපිය යුතු නැතැයි ගිරිය පුප්පන්නන්ට් අඩු තරමේ සිවු හෙළයන් ගැනවත් දෑනුවත්වි සිටිම වටිනේ යැයි මේ ලිපිය සාක්ශි දරයි...
ඉතිහාසයෙන් හා ඉතිහාසයේ වැරදුන තැන් ගැන විමසා බැලිම අනාගතය සාර්තකව සකසා ගැනිමට පිඹුරුපත් සැකසිමේදි බොහෝ දුරට ඉවහල් වෙනවා ඇත....
x-pert
06-28-2009, 10:07 AM
What they said was that even during the time of the 4 tribes (pre vijaya), there was a tribe of people who, by choice, didnt own any land and wondered from place to place, even from villages belonging to the 4 tribes but never stays at any place for long. What they said was the rodiyas that you described in the first post comes from these people.
The reason that earliest tribe didnt want to own land was due to the fact that they got disappointed with the other tribes that fought over land.
Can't say its impossible :)
If that theory is true, then we can solve a lot of issues because falk tales clearly attributes the birth of Rodiya generation to Ratnawalli princess, the daughter of King Parakumba. So is we use the law of transitivity, if one can prove the story you're telling, it in fact is enough to prove that Helaya was a civilized nation long before Wijaya's invasion.
Thnx X-PERT
No worries nwnbs :D kaalekin dakke oyawa :)
http://si.wikipedia.org/wiki/
මේ මූලාශ්‍රය කියන්නේ මහා පැරකුම්බා කියල ..සත්‍ය අසත්‍යතාව හරියට ම කියන්න බෑ X-PERT කිව්වා වගේ
තාමත් පත්තරවල මෙ රොඩී බන්ධන ගැන දැන්වීම් යනවා..ඒ වගේම ඒවා අදත් ඇතැම් ප්‍රදේශවල ප්‍රැක්ටිස් වෙනවා කියලා මම අහලා තියනවා..
සිංහලයට ගුබ්බෑයම වචනේ ආවේ මේතනින් වෙන්න පුළුවන්..
:yes:
ඔව් මමත් දැකල තියෙනව රොඩී බන්ධන පත්තරේ දැන්වීම් නම් යනවා.. නමුත් ඉතින් ඕවා කොච්චර දුරකට ඇත්තෙන්ම රොඩී බන්ධනද කියලා නම් මං දන්නේ නැහැ. මොකද ඉතිං අද ගොඩක් දේවල් මිනිස්සු කරන්නේ සල්ලි හොයන්න විනා ඉතිහාසය රැකගැනීම සඳහා නෙවෙයිනේ...
ස්තූතියි මචං සිංහල විකිපීඩියා එකේ තිබුනු ඒවත් දැම්මට.
ඔවු අද භාවිතා වෙන සිංහල වචන ඇත්තෙන්ම ඉපැරණි හෙල වචන/ රොඩී / කින්නර වචන, ලන්දේසි, පෘතුගීසි වචන වල මිශ්‍රනයක්නෙ මචං
x-pert
06-28-2009, 10:14 AM
අය්යා ගොඩක් මහන්සි වෙලා. අර "ටොප්ලස්" කතාව ඇරෙන්න අනිත් ගොඩක් ඒවා දැනං හිටියෙ නෑ.
බොහොම තැන්කූ. :D
rodiyo radio wagea dakke kalin
ස්තූතියි මචං බලලා කොමෙන්ට් කළාට...
අයියෝ මොන මහන්සියක්ද මචං... විනෝදාංශය වෙනුවෙන් අමුතුවෙන් මහන්සි වෙන්නේ නැහැනේ... hehe
:lol: ඔවු ඉතින් ටොප්ලස් නම් උඹටත් ඉතින් අම්මෝ... :P
thanks.very good post.
Welcome machan :)
hmmmmmmmmmmmmmmm niyamai :#
Ela machan.
ela ela....
kiri kiri.... :)
ek porn dammata
gt ta mama messege kara!!
(jke machan)
:lol: Porn damme naththam uba balanne nathi hindai ehema eewa tikak damme :P thawa thiyenawa oonida? :rofl:
x-pert
06-28-2009, 10:16 AM
Thanx 4 the info
Thanks nago :)
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
Moko case eka?
හොද ලිපියක් ... ස්තූතියි:)
ස්තූතියි මචං බලල අදහස් දැක්වූවට.
Amalka101
06-28-2009, 10:24 AM
Thanks nago :)
Moko case eka?
ස්තූතියි මචං බලල අදහස් දැක්වූවට.
Any time...... :)
x-pert
06-28-2009, 10:24 AM
හොඳ මාතෘකාවක් සහෝදරයා... ගොඩක් ස්තුතියි..... " රත්න වල්ලි" කතාව නම් කලින් දැනන් උන්නෙ...
තුති මචං බලලා අදහස් දැක්වූවට. තව මෙතන සඳහන් නොවුනු ඔයා දන්න දේවල් තියෙනවනම් සඳහන් කරන්න මිත්‍රයා.
සිංහල ඉතිහාස වංශකතාවේ බහුතරයක් නොදන්නා පැත්තක් පිලිබද තොරතුරු ගෙනඒම්ත්...එමගින් අපේ නුතන පරපුර දෑනුවත් කිරිම ගැනත් මගේ අවංක ස්තුතිය ඔබ වෙත......
ඉතිහාසය මත යැපිය යුතු නැතැයි ගිරිය පුප්පන්නන්ට් අඩු තරමේ සිවු හෙළයන් ගැනවත් දෑනුවත්වි සිටිම වටිනේ යැයි මේ ලිපිය සාක්ශි දරයි...
ඉතිහාසයෙන් හා ඉතිහාසයේ වැරදුන තැන් ගැන විමසා බැලිම අනාගතය සාර්තකව සකසා ගැනිමට පිඹුරුපත් සැකසිමේදි බොහෝ දුරට ඉවහල් වෙනවා ඇත....
බොහොමත්ම ස්තූතියි මිත්‍රයා අදහසට සහ දිරි ගැන්වීමට.
ඔව්. මොනයම් හෝ හේතුවක් මත ඔය සිවු හෙළයාට ඉතිහාසයේ ලැබිය යුතු තැන නැති වෙලා ගිහිල්ලා කියලා නම් පැහැදිළිවම පේනවා නේද?
අනිවර්යෙන්ම මමත් එකඟයි ඔබ එක්ක. ඉතිහාසය මත යැපෙනවා වෙනුවට අඩු තරමින් ඉතිහාසයෙන් පාඩම් වත් ඉගෙනගෙන අනාගතය සුභදායී කරගන්න, ඉන්න ලොකු යයි කියනා හෝ හිතාගෙන ඉන්නා උදවිය තේරුම් ගන්න ඕනේ.
Renesas
06-28-2009, 10:39 AM
Thanks nago :)
Moko case eka?
ස්තූතියි මචං බලල අදහස් දැක්වූවට.
ube lipiya hodhai machan. ne machan mama me kalpana kare oya rodi aya sinhala jathiyata aithi wenna be. african samprrdhayawal thibuna kotasak wage. eththatama sampuranayenma apen wenas u jana kottasayak kiyala mata hithenne. :yes:
kosandpol
06-28-2009, 10:55 AM
Can't say its impossible :)
If that theory is true, then we can solve a lot of issues because falk tales clearly attributes the birth of Rodiya generation to Ratnawalli princess, the daughter of King Parakumba. So is we use the law of transitivity, if one can prove the story you're telling, it in fact is enough to prove that Helaya was a civilized nation long before Wijaya's invasion.
That is exactly what the professors said as well. :yes:
What they said was that they have found evidence of a wandering tribe that predates Vijaya and they said that this tribe is what could be the origin of the Rodiyas and that Ratnawalli may not be the true origin of the Rodiyas.
x-pert
06-28-2009, 12:15 PM
ube lipiya hodhai machan. ne machan mama me kalpana kare oya rodi aya sinhala jathiyata aithi wenna be. african samprrdhayawal thibuna kotasak wage. eththatama sampuranayenma apen wenas u jana kottasayak kiyala mata hithenne. :yes:
mama meh lipiya damme saadaka athuwa machan :)
Oya kiyanawa nam African sambhawayak thiyenawa kiyala, eekata saadaka labunoth apita pennanna :D
habai mehemai, Lankawe minissu African ayata sameepayi. apith ehemai. mokada Africa walin athi wunu (nigroid) aya thamai madetarenian and anthimata indo - aryan wela thiyenneth DNA evidence walata anuwa. eeka gana lipiyak passe daannam :D
Danata ithin methanin kiyanne Rodiyo kiyanne apema kotasak kiyala. and mama eeka piligannawa mokada piliganna puluwan saadaka thiyena nisa.
x-pert
06-28-2009, 12:18 PM
That is exactly what the professors said as well. :yes:
What they said was that they have found evidence of a wandering tribe that predates Vijaya and they said that this tribe is what could be the origin of the Rodiyas and that Ratnawalli may not be the true origin of the Rodiyas.
aha.. Now it makes perfect sense why They're going to create a theory like that.
Well..., then I'd like them to succeed most definitely! hehe:D
Yes. More than 80% falk tales says that the origin is ratnawalli. But they all are 'falk tales' still. No hard core proof which most scholars want to prove something.
Future looks bright! let's see :)
kosandpol
06-28-2009, 12:20 PM
Yes. More than 80% falk tales says that the origin is ratnawalli. But they all are 'falk tales' still. No hard core proof which most scholars want to prove something.
Future looks bright! let's see :)
Meh, Mahawansa is wrong in certain places. Folk tales certainly can be false as well.
thelaa rox
06-28-2009, 01:25 PM
නියමයි !
thanks :yes:
amila_90210
06-28-2009, 02:04 PM
habai mehemai, Lankawe minissu African ayata sameepayi. apith ehemai. mokada Africa walin athi wunu (nigroid) aya thamai madetarenian and anthimata indo - aryan wela thiyenneth DNA evidence walata anuwa. eeka gana lipiyak passe daannam
Danata ithin methanin kiyanne Rodiyo kiyanne apema kotasak kiyala. and mama eeka piligannawa mokada piliganna puluwan saadaka thiyena nisa.
අපේ මින්නිසුන් ගේ ස්වාභාවික කැමැත්ත ආර්ය වෙන්න හෝ ශාක්‍ය වෙන්න.. :P ඒවා විශ්වාස කරද්දි පිළි ගන්න මූලාශ්‍ර හරි 100% නිවැරදි කියලා තරයේ විශ්වාස කරනවා..ඒත් අනික් මූලාශ්‍ර ප්‍රබන්ධ ලෙස බැහැර කරනවා..පිළිගන්න මැලී වෙනවා..
මොකකවත් 100% නිවරදි ඉතිහාසයක් තියනවා කියලා පිළි ගන්න අමාරුයි ..විශේෂයෙන්ම කට වහර ..කාලයත් එක්ක විපර්යාස වලට භජනය වෙනවා..
ඒ අතින් බැලුවම සමකාලිනව ලියවෙන සෙල් ලිපි/ග්‍රන්ත වල නිවැරදි බාවය පසු කාලීනව ලියැවෙන පොත් හා ග්‍රන්ත වලට වඩා reliable..ඒකයි මහාවංශය වුනත් ඇතැම් තැන් වලදී වැරදී කියලා ඉතිහාසඥයෝ පිළි ගන්නේ..ඒක වැඩක් නෑ...:rofl:
රොඩීන් ගැන ගත්තාම ඉතිහාස කතා වැඩී solid facts ( මම් හිතන විදිහට: වැරදි නම් නිවැරදි කරන්න :) ) වලට වඩා
මාත් පෞද්ගලිකව පිළිගන්නේ කොහෙන් හෝ පැමිණියාට වඩා අපේන්ම කැඩී ගිය ජනකොටසක් කියලා..
ඒත්
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් කියන කතාව ඇත්ත නැත්ත
ඉන්දියවේ හිටපු රොඩීන් ගැන සාහිත්‍යයේ කියැවෙනවා මේ අය අතර සම්බන්ධයක් තියනවද?මේ කරුණු දෙක ගැන මට ප්‍රශ්නයක් තියනවා..එක්ස්පර්ට් මේකට පිලීගත හැකි පිළිතුරක් දෙයි කියලත් විශ්වාස කරනවා :D
ps : අහ්..ඉන්දු ආර්යන් ගැන් කියනකොට මැක්ස් මුල්ර් පොට වරද්ද ගත්ත බව ප්‍රසිද්ද රහසක් නේ :P...නොමෑඩ්ස් ල ගැන පස්සෙ ලිපියෙම කතා කොරමු
gazaly
06-28-2009, 03:33 PM
'වන වැදුණු දොස්තර'
Ehenam Apey elakiri Eke inna Wara wal Doctor ta Rodiya kiyana eka Hari thamai Eyath Rodiyek thamai..
amila_90210
06-28-2009, 10:25 PM
Ehenam Apey elakiri Eke inna Wara wal Doctor ta Rodiya kiyana eka Hari thamai Eyath Rodiyek thamai..
kawu ganada machan me kiyanne ? :rolleyes:
tharinda07
06-28-2009, 10:36 PM
karunu tikata bohoma sthuthiy
m3pium
06-29-2009, 02:32 AM
ගොඩක් ස්තූතියි මේ විස්තර අපිත් එක්ක බෙදා ගත්තට...........
මං ආර්.එල්. ස්පිට්ල් ගේ වන වදුනු දොස්තර පොත කියවලා තියෙනවා......
ඒ වගේම ලක් බිමේ තවත් යුගයක්,සුදු වැද්දා, සුදු ගෝනා..... මේ පොත් වලත් අපේ ආදී වාසික පරම් පරාව ගැන වැදගත් තොරතුරු රැසක් සදහන් වෙනවා
x-pert
06-29-2009, 09:39 AM
අපේ මින්නිසුන් ගේ ස්වාභාවික කැමැත්ත ආර්ය වෙන්න හෝ ශාක්‍ය වෙන්න.. :P ඒවා විශ්වාස කරද්දි පිළි ගන්න මූලාශ්‍ර හරි 100% නිවැරදි කියලා තරයේ විශ්වාස කරනවා..ඒත් අනික් මූලාශ්‍ර ප්‍රබන්ධ ලෙස බැහැර කරනවා..පිළිගන්න මැලී වෙනවා..
මොකකවත් 100% නිවරදි ඉතිහාසයක් තියනවා කියලා පිළි ගන්න අමාරුයි ..විශේෂයෙන්ම කට වහර ..කාලයත් එක්ක විපර්යාස වලට භජනය වෙනවා..
ඒ අතින් බැලුවම සමකාලිනව ලියවෙන සෙල් ලිපි/ග්‍රන්ත වල නිවැරදි බාවය පසු කාලීනව ලියැවෙන පොත් හා ග්‍රන්ත වලට වඩා reliable..ඒකයි මහාවංශය වුනත් ඇතැම් තැන් වලදී වැරදී කියලා ඉතිහාසඥයෝ පිළි ගන්නේ..ඒක වැඩක් නෑ...:rofl:
රොඩීන් ගැන ගත්තාම ඉතිහාස කතා වැඩී solid facts ( මම් හිතන විදිහට: වැරදි නම් නිවැරදි කරන්න :) ) වලට වඩා
මාත් පෞද්ගලිකව පිළිගන්නේ කොහෙන් හෝ පැමිණියාට වඩා අපේන්ම කැඩී ගිය ජනකොටසක් කියලා..
ඒත්
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් කියන කතාව ඇත්ත නැත්ත
ඉන්දියවේ හිටපු රොඩීන් ගැන සාහිත්‍යයේ කියැවෙනවා මේ අය අතර සම්බන්ධයක් තියනවද?මේ කරුණු දෙක ගැන මට ප්‍රශ්නයක් තියනවා..එක්ස්පර්ට් මේකට පිලීගත හැකි පිළිතුරක් දෙයි කියලත් විශ්වාස කරනවා :D
ps : අහ්..ඉන්දු ආර්යන් ගැන් කියනකොට මැක්ස් මුල්ර් පොට වරද්ද ගත්ත බව ප්‍රසිද්ද රහසක් නේ :P...නොමෑඩ්ස් ල ගැන පස්සෙ ලිපියෙම කතා කොරමු
Max Muller, David Frawley gana api himin katha karamu issarahata ;)
oyage karunu 2 gana Raghavan sadahan karanawa machan.... mama eka ooni kaminma maga hariya meh lipiya liyaddi...
Anyway api katha karamu passe... (mata exams wagayak meh tike :) eewa iwara karala sawistharawa kiyannam)
x-pert
06-29-2009, 09:41 AM
Ehenam Apey elakiri Eke inna Wara wal Doctor ta Rodiya kiyana eka Hari thamai Eyath Rodiyek thamai..
Uba potha kiyawala naha ne?
Wana wadunu dosthara pothe thiyenne R L Spittle ge jeewitha kathaawa. Miniha wedakama karana gaman kale gihin waddo gana research karapu manussayek.
Walbada gana mama danne naha. namuth ooth, mamath, ubath kohen hari sambandayi rodiyanta witharak newei eeta kalin hitapu yaksha, naagayontath.
Thanx Bro 4ur valuble info
amila_90210
06-29-2009, 01:01 PM
Max Muller, David Frawley gana api himin katha karamu issarahata ;)
oyage karunu 2 gana Raghavan sadahan karanawa machan.... mama eka ooni kaminma maga hariya meh lipiya liyaddi...
Anyway api katha karamu passe... (mata exams wagayak meh tike :) eewa iwara karala sawistharawa kiyannam)ok mach no hurry :D
Sakibura
10-03-2009, 11:13 AM
මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය
සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න
amila_90210
10-03-2009, 06:56 PM
මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය
සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න
සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් කියන කතාව ඇත්ත නැත්ත
ඉන්දියවේ හිටපු රොඩීන් ගැන සාහිත්‍යයේ කියැවෙනවා.අපේ රොඩීන් හා මේ අය අතර සම්බන්ධයක් තියනවද?
මේ කරුණු දෙක ගැන පැහැදිළි කරන්න පුළුවන්ද
somadasa
10-03-2009, 06:59 PM
good thread machan!thanks!!!
x-pert
10-30-2009, 05:46 AM
මුල් පින්තුරයෙ ඉන්නෙ රොඞී නෙවේ නයිපනික්කි. අනිත් පින්තුර ඔක්කොම රොඞී ව්ිදිහට හදපු ඒව. රොඞී කාන්තාවන් ඔය විදිහට රෙද්ද අදින්නෙ නැහැ. කවුරු හරි කුප්පිඞ්කමට රෙඞී කාන්තාවන් අගෞරවයට ලක්කරන්ඩයි මෙය ලියා තියෙන්නෙ
රොඩි තැන පළමුවෙන් ලියන්නෙ ඇමි ඞී රාඝවන් හැන්ඞ්සම් බෙගර්ස් පොතේ නම
ඊලගට ලියන්නෙ කොලට් සේනානායක සහ ඇන්ටී කරුණාතිලක ගාඩි වංශය
සත්‍යය දැනගන්ඩ ඒ පොත් බලන්න
Pinthooru gana echchara thakanna epa mithraya. anthargathaya witharak hithuwama athi. Pinthooru uputaagaththe antharjaalaye palawela thibunu Martin Wichramasinghe ge grantha moolaashrayakin.
Ow. Raaghawan liyapu Handsome beggars potha mul karagena thamai R L Spittle eyage potha liyala thiyenne wadi wisthara sahithawa saha Rodee diyunuwath ekathuwa.
x-pert
10-30-2009, 05:46 AM
good thread machan!thanks!!!
Thanks machan and thanks for the +rep too :D
Really Interesting !
thanks for the Info :)
x-pert
01-12-2010, 12:38 AM
Really Interesting !
thanks for the Info :)
Happaa... Sorry wenna oni. Godak kal gihin oyata Thanks kiyanna baluwata :D
Thanks nangi.
vBulletin® v3.8.6, Copyright ©2000-2013, Jelsoft Enterprises Ltd.