tharinda07
08-20-2009, 10:49 AM
පොලිසියේ තවත් වැඩක් මෙන්න
වඳින්න ගිය දේවාලය ඉහේ කඩා වැටෙයි
කුරුණෑගල - බණ්‌ඩාර
http://www.divaina.com/2009/08/20/news05.html
දරුවකු අතවරයකට ලක්‌වීමේ සිද්ධියක් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පරීක්‍ෂණ සඳහා පැමිණි පොලිස් නිලධාරියෙක් නැවත එම දරුවාට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිස් ස්‌ථානයේ පොලිස් කොස්‌තාපල්වරයකු කුරුණෑගල මහෙස්‌ත්‍රාත් නියෝගයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත.
පොල්පිතිගම පොලිස් ස්‌ථානය වෙත පසුගිය 10 දා පැමිණිල්ලක් ලැබී තිබුණේ නක්‌වත්තාගම ප්‍රදේශයේ පනස්‌තුන් වියෑති පුද්ගලයකු 11 හැවිරිදි දියණියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 12 වැනිදා එම පැමිණිල්ල සඳහා පොල්පිතිගම පොලිස් ස්‌ථානයේ නිලධාරීන් දෙදෙනකු නක්‌වත්ත ගමට ගොස් ඇත.
අතවරයට ලක් වූ බව කියන දියණියගේ වැඩිහිටියන් කියා සිටින පරිදි එක් නිලධාරියකු ඔවුන් රඳවාගෙන කට උත්තර සටහන්කර ගනිද්දී එක් අයෙක් සිද්ධිය වූ ස්‌ථානය බැලීමට යෑයි පවසමින් අලුතින් ඉදිකරමින් තිබූ පාළු නිවසකට දියණිය පමණක් කැඳවාගෙන ගොස් ඇත. මඳ වේලාවක් යනවිට ඒ පිළිබඳව සැක සිතී ඒ දෙසට ගොස් බලද්දී පොලිස් නිලධාරියා දියණිය ග්‍රහණයට ගෙන සිටිනු දුටු බවත්, අනතුරුව පොලිස් නිලධාරීන්ට බැණ වැදී පිටව යන ලෙස පැවසූ බවත් එම වැඩිහිටියෝ කියා සිටිති.
පසුදිනම මහව සහකාර පොලිස් අධිකාරීවරයා හමුවේ මෙම වැඩිහිටියන් තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව පැමිණිලි කිරීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී හපුආරච්චි මහතාගේ නියෝග මත එම නිලධාරියා අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත. මේ මස 28 දා දක්‌වා අදාළ පොලිස් නිලධාරියා රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත. දැනට එම දියණිය කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇත.
:angry::angry: