PDA

View Full Version : රස ගුණ පිරි පියසිරි


tharinda07
08-29-2009, 09:38 AM
රස ගුණ පිරි පියසිරි



ඉකුත් සෙනසුරාදා (22දා) මේ තීරුව වෙන් වූයේ ජාතික නිදහස්‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංස්‌කෘතික ඇමැති පියසිරි විඡේනායක වෙනුවෙනි. අධික කුලියක්‌ ගෙවමින් ඔහු වෙනුවෙන් සුඛෝපභෝගී නිල රථයක්‌ ගැනීම ගැන එදා අපි ඔහු විවේචනය කළෙමු. අප එදා මේ තීරුවට යෙදූ මාතෘකාව "මෙලෝ රහක්‌ නැති මිනිහෙක්‌" යන්න ය. එහෙත් සතියක්‌ තුළ ඒ පියසිරිම රස ගුණ පිරි පියසිරි කෙනකු බවට පත්වී තිබේ. එයට හේතුව ගත වූ සතිය තුළ මේ රටේ දේශපාලන සංස්‌කෘතිය වෙනස්‌ කිරීමට පියසිරි විඡේනායක දායක වීම ය. නැතහොත් පුරෝගාමී වීම ය.

පළමු කොට ඒ වාහනය පරිහරණය කිරීම ගැන ඔහු රටෙන් සහ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේ ය. දෙවනුව ඒ වාහනය වෙනුවෙන් ගෙවීමට ඇති මුදලක්‌ වෙතොත් ගෙවීමට පොරොන්දු විය. මේ බව පුවත්වල තිබෙනු දුටු අපි පුදුමයෙනුත් පුදුමයට පත්වීමු. 1977 න් පසු මෙබන්දක්‌ සිදු වූ පළමු වැනි අවස්‌ථාව මෙය විය යුතු ය. තමන් අතින් සිදු වූ වරදක්‌ පිළිගෙන ජාතියෙන් සමාව ගත් කිසිදු දේශපාලනඥයෙක්‌ මේ කාල පරාසය තුළ සිටියේ නැත.

තම සාක්‌කුවෙන් මුදල් ගෙවා ජාතියට වූ පාඩුව මැකීමට සූදානම් වූ කිසිදු දේශපාලනඥයකු සිටියේ නැත. හෘද සාක්‍ෂියට එරෙහිව දේශපාලනයෙහි නියෑළීමට නො හැකි වීම නිසා බලය අත්හැර ගිය එකම එක දේශපාලනඥයකු ගැන අපට මතක තිබේ. ඒ ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ කෘෂිකර්ම ඇමැතිවරයා වූ ගාමණී ජයසූරිය ය. ඔහු ඉන්දු - ලංකා ගිවිසුම හා 13 වැනි සංශෝධනයට විරුද්ධ වී එ.ජා.ප. ආණ්‌ඩුවෙන් ඉල්ලා අස්‌විය. දේශපාලනයෙන් ද ඉවත් විය.

1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය බලයට පත් වීම මේ රටේ ප්‍රගතිශීලී පෙරමුණේ ජයග්‍රහණයකි. එහෙත් 1971 අප්‍රියෙල් කැරැල්ල මර්දනය කර ශ්‍රී ලංකාව ජනරජයක්‌ බවට පත් කිරීමෙන් පසු රටේ ප්‍රගතිශීලී කොටස්‌වලින් වැඩි හරියක්‌ ප්‍රතිගාමීන් බවට පත් වූහ. 1977 මහ මැතිවරණය එළැඹෙන විට බණ්‌ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්‌ඩුව පිරිහී ඉදී බෙරිවී එල්ලෙන වැළ ගෙඩියක්‌ බවට පත්ව තිබිණි.

ඉදී බෙරි වුණු වැළගෙඩිය බිමට වැටුණු විට කැබලි වී පළාතම ගඳ ගස්‌වයි. එහෙත් 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව ඉතා පරෙස්‌සමෙන් ගසට නැග, ලණුවකින් වැළගෙඩිය බිමට බා තම හිතවතුන් අතර බෙදා දුන්නේ ය. එතැන් සිට ඒ ආණ්‌ඩුවේ බලවත්තු ධනවාදයේ සහ ප්‍රතිගාමීත්වයේ වැළ රසය අත් විඳින්නට පටන් ගත්හ. රටේ දේශපාලන සංස්‌කෘතිය විනාශ විය.

1980 ජුලි වර්ජනයේදී කම්කරුවන්ගේ බඩට පිහියෙන් අනින ලදී. එම වර්ජනයේ වෘත්තීය සමිති නායකය= වූ අලෙවි මවුලානාට ................. ගේ මැරයන් විසින් පිහියෙන් ඇන්න විට අතුණු බහන් පිටතට ආවේ ය. හරි නම් ඒ වර්ජනයේදී රටේ කම්කරු ඇමැති වු සී. පී. ඡේ. සෙනෙවිරත්න ඉල්ලා අස්‌විය යුතු විය. එහෙත් එය සිදු වූයේ නැත. ඊළඟට 1983 න් පසු කොටි ත්‍රස්‌තවාදී කණ්‌ඩායමක්‌ මඩකලපුවේ සිරගෙය කඩාගෙන පැන ගියහ.

මේ රටේ නිවැරැදි දේශපාලනයක්‌ තිබිණි නම් එවකට සිටි අධිකරණ ඇමැති නිශ්ශංක විඡේරත්න ඉල්ලා අස්‌විය යුතුව තිබිණි. එහෙත් එබන්දක්‌ තියා ඒ සිද්ධිය ගැන අධිකරණ ඇමැති වශයෙන් වගකීම භාර ගැනීමක්‌වත් නිශ්ශංක විඡේරත්න මැතිතුමා අතින් සිදු වූයේ නැත. 1983 ජාතිවාදී ගිනි ජාලාවේ වගකීම ඡේ. ආර්. ජයවර්ධන මහතා භාර ගත යුතු ය. එදා එය ජවිපෙ පිට පටවා ඇඟ බේරා ගැනීමෙන් දුන් ආදර්ශය ඉතා නරක ය.

දේශපාලනඥයන් උදෙසා දේශපාලන චර්යා ධර්ම ඇති බව මතක්‌ කර දීමෙන් පියසිරි විඡේනායක සමාජයට යහපත් උදාහරණයක්‌ සපයා දී තිබේ. මෙයට වසර කිහිපයකට පෙර ජනතා විමුක්‌ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ උද්යෝගිමත් ගිනි පුපුරක්‌ව සිටි විඡේනායක තමා වසාගෙන සිටි පුස්‌ බැඳුණු කබොල්ල ඉවත් කර දමා ඇති සෙයක්‌ පෙනේ. මේ අවස්‌ථාවේදී අපි විඡේනායක සමඟ සිටිමු. එහෙත් ඊ ළඟ වතාවේ දී ඔහු අතින් අකටයුත්තක්‌ සිදු වන්නේ ද, දැඩි ප්‍රහාර එල්ල කරමු.


http://www.divaina.com/2009/08/29/editor.html