PDA

View Full Version : චාල්ස්‌ ඇන්තනි බළකායේ ප්‍රබල කොටියකු අල්


tharinda07
08-31-2009, 11:37 AM
චාල්ස්‌ ඇන්තනි බළකායේ ප්‍රබල කොටියකු අල්ලයි


චමින්ද සිල්වා

http://www.divaina.com/2009/08/31/news02.html



කොටි සංවිධානයේ චාල්ස්‌ ඇන්තනි බලකායේ වසර 19 ක්‌ සිටි ප්‍රබල කොටි නායකයකු ගල්කිස්‌ස කොට්‌ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

මෙම ප්‍රබල කොටි සාමාජිකයා විදේශගත වීම සඳහා ගල්කිස්‌ස හෝටලයක රැඳී සිටියදී පොලිසියට ලද තොරතුරක්‌ මත අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ප්‍රබල නායකයා යුද හමුදාවට එරෙහිව කොටි සංවිධානය කළ ප්‍රහාර හතකට ද සහභාගි වී ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළිකරගෙන ඇති අතර හමුදා ප්‍රහාරවලින් තුවාල ලබා ප්‍රතිකාර ලැබූ බවද පවසා ඇත. මොහුගේ ශරීරයේ ස්‌ථාන කිහිපයකම වෙඩි වැදී සුවවූ තුවාල තිබෙන බවද පොලිසිය පවසයි.

සැකකාර කොටි ප්‍රබලයා විදේශගත කිරීම සඳහා පසුගිය මහ මැතිවරණයට ස්‌වාධීන කණ්‌ඩායමින් තරග කළ අපේක්‍ෂකයකු විසින් රැගෙන ආ බවට හෙළිකරගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.
මෙම ප්‍රබල කොටි නායකයාට නවාතැන් ලබාගැනීමට උපකාර කළ ද්‍රවිඩ ජාතික සැකකරුවන් දෙදෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ අධිකාරි එල්. සී. ගුණවර්ධන, මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක මහේෂ් පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ගල්කිස්‌ස කොට්‌ඨාශ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්‌ථානාධිපති කුමාර නලවංශ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ වැඩිදුර විමර්ශන සිදු කරති.

Ravinduran
08-31-2009, 11:59 AM
:):):):):):):):):):):):):):)

The_CN
08-31-2009, 12:13 PM
අ‍ඩේ එ වැඩේ නම් නියමයි.....:):):):):)