View Full Version : දිගු දුර විහිදුම් බළකාය පාවාදීමේ සිද්ධිය
David Webb
09-16-2009, 08:12 AM
http://www.divaina.com/2009/09/16/udugam.jpg
හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොල
දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුගම්පොල නමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළිවී ඇත. මේ පොලිස් නිලධාරියා බලයෙන් උමතු වී සිටි බව සනාථ වූවේ අතුරුගිරියේ චාරිකාවක යෙදෙන බව එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලි්ස් අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට නොදැන්වීමයි. මේ හැර මෙකී කණ්‌ඩායම අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට පවා දැන්වීමට උඩුගම්පොල ක්‍රියා කළේ නැත. දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ දේරා්හී ක්‍රියාව සිදුවී මේ වන විට වසර 7 1/2 ගත වී ඇත. ජාතික පොලිස් කොමිසම විසින් උඩුගම්පොලට එරෙහි චෝදනා විස්‌සක් අඩංගු චෝදනා පත්‍රයක් යවා ඇති අතර චූදිතද ඊට ප්‍රතිචාර එවා ඇතැයි පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි. එසේනම් මෙරට ආරක්‍ෂක හමුදා ක්‍ෂේත්‍රය තුළ මහත් ආන්දෝළනයකට ලක්‌වූ මේ සිදුවීම ගැන ජාතික පොලිස් කොමිසම කඩිනමින් ක්‍රියා නොකිරීම මවිතයක් නොවන්නේද.
මිලේනියම් සිටි දුරදිග මෙහෙයුම පාවාදීමේ ලිපිගොනුව අතුරුදන්. සැප්තැම්බර් මස 13 ලදිවමිණ.ල
මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම පාවාදීම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමයි. 2002 ජනවාරි 2 වැනිදා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොල තමන් උසස් නිලධාරීන්ටද නොදන්වා අතුරුගිරියට පැමිණ සිදුකළ මෙම ක්‍රියාදාමය නිසා මෙතෙක් රහසිගතව ක්‍රියාත්මක වූ ලෝන් රේඡ් ගෘෘප් හෙවත් දිගුදුර විහිදුම් බළකාය මෙහෙයවන්නේ කවුරුන්ද හා ඊට සම්බන්ධ ද්‍රවිඩ චර පුරුෂයන්ගේ රහස්‍යතාව හෙළිවිය.
එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද?
David Webb
09-16-2009, 08:14 AM
පොලිස් මූලස්‌ථානයේ විනය හා කල්ක්‍රියා පිළිබඳ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ජාතික පොලිස් කොමිසමේ ලේකම්ගේ චෝදනා 20 ක් යටතේ චෝදනා පත්‍ර කෙටුම්පත්කර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා යොමුකරනු ලැබීය. මොහුට චෝදනා පත්‍ර භාරදී ආයතන සංග්‍රහය ප්‍රකාර විනය පරීක්‍ෂණයන් පවත්වන්නැයි නැවතත් නිර්දේශ කර තිබුණි. එසේම මේ වසරේ ජුනි මාසයේදී යළිත් වරක් විනය හා කල්ක්‍රියා නියෝජ්‍ය පොලිස්‌පතිවරයා උඩුගම්පොලට එරෙහිව විනය පරීක්‍ෂණය කොළඹ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ පැවැත්වීමට යෝජනා කළේය.
එහෙත් ජාතික පොලිස් කොමිසම ඒ ගැන කඩිනමින් ක්‍රියා කළේද? දැන් පොලිස් කොමිසම අහෝසි වී තිබේ. උඩුගම්පොලට චෝදනා පත්‍රයන් යෑවූ කොමිසම මෙතෙක් කල් එනම් වසර 3 1/2 ක් කුමක් කළේද යන්න බරපතල ප්‍රශ්නයකි.
පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග දක්‌වන අන්දමට මේ පාවාදීමට අදාළ කොමිසමේ ඇති ලිපිගොනුව පවා එහි නිලධාරිනියක්‌් විසින් වසා දමා ඇතැයි වාර්තා වේ.
මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් උඩුගම්පොලට එරෙහිව කපිතාන් නිලාම්ගේ දිගුදුර විහිදුම් බලකාය පැවරු මානව හිමිකම් නඩුවේ තීන්දුව පවා 2004 ජනවාරි 30 වැනිදා ප්‍රකාශයට පත්වීමත් පොලිස් කොමිසම ක්‍රියා නොකිරීමත්ය.
මේ මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කරගන්නා ලෙස ඉල්ලමින් එකී දිගුදුර විහිදුම් කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔව්හු ඊට එකඟ වූයේ නැත. මෙහිදී අධිකරණය තීරණය කළේ සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 750000 ක් බැගින් ගෙවිය යුතු බවත්ය උඩුගම්පොලද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු යයි අධිකරණය විසින් නියෝග කෙරුණි. දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීමත් සමග කොටි විසින් ද්‍රවිඩ බුද්ධි කණ්‌ඩායමක් ඝාතනය කෙරුණි. මේ එම ගඩාපි. 2002 ජනවාරි විද්‍යාදරන් හෙවත් නිකී, 2002 පෙබරවාරි 9 කැලරි හෙවත් ගඩාපි, 2002 ජුලි 22 අරින්ජාන් හෙවත් යමින්ද රාජන්, 2002 දෙසැම්බර් ගනේෂමූර්ති හෙවත් නිලන රාජන්, 2003 ජනවාරි 3 නාසියර් හෙවත් පුලේන්ද්‍රරාජා, 2003 මාර්තු 18 රගුපන් හෙවත් රගු, 2003 අප්‍රේල් 13 රංජන් හෙවත් වර්ධන්, 2003 අප්‍රේල් 26 අශෝන් දේවරාජා, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්, 2002 අගෝස්‌තු 14 දේවදාස්, 2002 දෙසැම්බර් 2 අසිස්, 2003 අප්‍රේල් 23 යශෝධරන්, 2003 මැයි 19 සූරියන්, 2003 අගෝස්‌තු 3 රිල්වාන්, 2003 අගෝස්‌තු 8 ශන්මුගරාජා, 2003 සැප්තැම්බර් 14 සබාරත්නම්, 2004 ජනවාරි 31 යෝගරාජා හෙවත් එලොට් මොහාන්.
David Webb
09-16-2009, 08:15 AM
සහකාර පොලිස් අධිකාරි උඩුගම්පොල විසින් දිගුදුර විහිදුම් කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නතර වූයේ නැත. ඔහු එවකට යුද හමුදාපතිවූ ලයනල් බලගල්ලේට හා බුද්ධි ප්‍රධානි කපිල හෙන්දා විතාරනට එරෙහිවද නඩු පවරනු ලැබීය. එකල කොටින්ගේ වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ලද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත. මේ පිළිබඳව පැවැති විශේෂ ජනාධිපති කොමිසමේදී උඩුගම්පලගේ ක්‍රියාදාමය අනාවරණය විය. ලතමාල දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට පැමිණියේ අධිකරණ නියෝගයක් මත යයි උඩුගම්පොල පැවසුවත් එම නියෝගය ඔහු කිසි විටෙක පෙන්නුම් කළේ නැත.
දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී උඩුගම්පොල නමැත්තා ක්‍රියා කළේ කෙසේද යන්න වැඩිදුරටත් හෙළිවී ඇත. මේ පොලිස් නිලධාරියා බලයෙන් උමතු වී සිටි බව සනාථ වූවේ අතුරුගිරියේ චාරිකාවක යෙදෙන බව එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලි්ස් අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට නොදැන්වීමයි. මේ හැර මෙකී කණ්‌ඩායම අත්අඩංගුවට ගත් බව මානව හිමිකම් කොමිසමට පවා දැන්වීමට උඩුගම්පොල ක්‍රියා කළේ නැත. දිගුදුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමේ දේරා්හී ක්‍රියාව සිදුවී මේ වන විට වසර 7 1/2 ගත වී ඇත. ජාතික පොලිස් කොමිසම විසින් උඩුගම්පොලට එරෙහි චෝදනා විස්‌සක් අඩංගු චෝදනා පත්‍රයක් යවා ඇති අතර චූදිතද ඊට ප්‍රතිචාර එවා ඇතැයි පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියි. එසේනම් මෙරට ආරක්‍ෂක හමුදා ක්‍ෂේත්‍රය තුළ මහත් ආන්දෝළනයකට ලක්‌වූ මේ සිදුවීම ගැන ජාතික පොලිස් කොමිසම කඩිනමින් ක්‍රියා නොකිරීම මවිතයක් නොවන්නේද.
මෙහිදී අතුරුගිරිය මිලේනියම් සිටි දිගු දුර විහිදුම් බළකාය අත්අඩංගුවට ගැනීමට වගකිවයුතු කුලසිරි උඩුගම්පොල බේරා ගැනීම සඳහා එදා සිටි රජය දැඩි ලෙස උත්සාහ කළේය.
උඩුගම්පොලගේ ඥතියකු රුවන් ජයවර්ධන යන අන්වර්ථ නාමයෙන් දිගුදුර විහිදුම් බලකාය අත්අඩංගුවට ගැනීම සාධාර”කරණය කිරීමටද උත්සාහ ගත් නමුත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක විය. මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් රටේ හමුදාපතිත් බුද්ධි අංශ ප්‍රධානියාත් අධිකරණයට ගෙන යමින් අතිශය රහස්‌ගත බළකායක අනන්‍යතාවය හෙළි කිරීමට වගකිවයුතු පොලිස් නිලධාරියකු පිළිබඳව පොලිස් කොමිසම තම කටයුතු ප්‍රමාද කර ඇති බව සක්‌සුදක් සේ පැහැදිලිය. මේ නිසා ස්‌වාධීන යයි හඳුන්වන මෙම පොලිස් කොමිසමකින් ඇති ප්‍රතිඵලය කුමක්‌ද යන්න ජනතාවට ප්‍රශ්නයකි.
මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ බලධාරීන් කුමක් පැවසුවත් එය නිදහසට කරුණක් නොවේ. මෙරට නීතිය චෝදනාවන්ට ලක් වූ පොලිස් භටයකුට හා සහකාර පොලිස් අධිකාරිවරයකු යනුවෙන් දෙවිධියකට ක්‍රියාත්මක නොවේ. එසේ නම් දිගුදුර විහිදුම් බළකාය පාවාදීමට මුල් වූ පොලිස් නිලධාරියාට එරෙහිව ක්‍රියාත්මක වීම ප්‍රමාද වූයේ කෙසේද?
මෙය ජනාධිපති සහ ආරක්‍ෂක ලේකම්ගේ දැඩි අවධානයට යොමුවිය යුතු කරුණකි.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/09/16/sports05.html
GayanSV
01-19-2012, 01:52 PM
:dull::oo:
ucakila
01-19-2012, 02:26 PM
ela machan +5 added
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.