guamini
12-22-2009, 09:02 PM
බිමල්ට බයේ විමල් බෑ කියයි
2009 දෙසැම්බර් 22 වෙනි අඟහරුවාදා, 22:03
අද සිරස රූපවාහිනී නාලිකාවේ පැවැති "සටන" දේශපාලන සංවාදය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා සහභාගීවීමට නියමිතව තිබුණු නමුත් හදිසියේ ඇති වූ තත්ත්වයක් හේතුවෙන් ලාල් කාන්ත මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සම්බන්ධ වී ඇත.
නමුත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරංවශ මහතා ආණ්ඩුව වෙනුවෙන් නියෝජනය කරන අනෙක් පාර්ශවය ලෙස සම්බන්ධවී ඇති අතර, මෙහිදී බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සංවාදයට සම්බන්ධවීමට තමන්ට නාහැකි බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා නාලිකාවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
මේ අවස්ථාවේදී අදාල ප්‍රධානීන් පවසා ඇත්තේ මෙසේ සිදු කළ හොත් එය තම නාලිකාවට ප්‍රශ්නයක් විය හැකි බවයි. මේ අවස්ථාවේදී අදාල ප්‍රධානීන්ට විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කිරීම කිසිසේත්ම කළ නොහැකි බවයි. පසුව නාලිකාවේ ප්‍රධානීන් තමන්ට ලබාදෙන නමට වෙනුවෙන් ආදේශක නම් සාකච්ඡාව වෙනුවෙන් සම්බන්ධ කළ නොහැකි බව පවසමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයාට අදාල සාකච්ඡාවට සහභාගී වීමේ අවස්ථාව ලබා දී නොමැත.
කෙසේ වෙතත් මෙම සටන සංවාදයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජාතිය පාවා දුන් ද්‍රෝහියෙකු ලෙස තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සාකච්ඡාවට සම්බන්ධවය ඇති අතර, බිමල් රත්නායක මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ විදේශ අංශයට සම්බන්ධව කටයුතු කරන බැවින් එය එම තර්කය බිඳලීමට අදාල තොරතුරු සහිත බැවින් සිය තර්කය ඉදිරිපත් කිරීමට නොහැකිවේ යැයි බියෙන් මේ ආකාරයෙන් බිමල් රත්නායක මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බව අදාල සිදුවීමට සම්බන්ධ ආයතන ප්‍රධානියෙකු අප හා පැවසීය.