aji.prasanna79
12-28-2009, 11:29 PM
http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091227_03
“සන්ඩේ ලීඩර්” පුවත් පතේ කතුවරිය තමා ඉදිරියේ හඬා වැලපුන නිසා තමන් එකවරම එම පුවත්පතට එරෙහිව දැඩි තීරණයකට නොයන බව විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි. එනමුත් තමන් කල ප්‍රකාශයක් විකෘතිකර පුවත්පතේ පල කිරීම හේතුවෙන් ළඟදීම එම පුවත්පතටත් එහි කතුවරියටත් එරෙහිව නීති මඟින් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පුවත්පතේ පලකර ඇති ආකාරයට තමන් එවැනි ප්‍රකාශයක් නොකල බවත් තමන් කල යම් ප්‍රකාශයක් විකෘතිකර එම පුවත්පතේ පලකර ඇතිබවත් පසුදින සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. මේ අතර අදාල පුවත්පතේ කතුවරිය විද්‍යුත් මාධ්‍ය වෙත ප්‍රකාශකර සිටියේ සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශකල දෑ කිසිදු වෙනස් කිරීමකින් තොරව පුවත්පතේ පලකල බවයි.
අදාල පුවත්පතේ කතුවරිය වන ෆෙඩ්‍රිකා ජෑන්ස් ඉතා පහත් ගැහැණියක් බව පවසන සරත් ෆොන්සේකා තමන්ව අපකීර්තියට පත් කිරීමට සඳහා ඇය රජයේ කොන්තරාත්තුවක් ඉටු කල බව ඔහු පවසයි.
“සන්ඩේ ලීඩර්” පුවත්පෙත සහ එහි ප්‍රධාන කතෘ ෆෙඩ්‍රිකා ජෑන්ස් ගෙ ඉතිහාසය සලකා බැලීමේදී ඔහුන් කිසිකලෙක එජනිස ආණ්ඩුවේ කොන්තරාත්තුවක් ඉටු කල අය නොවේ. පැහැදිලිවම මෙම පුවත්පත එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යායපත්‍රයන්ට අනුකූලව හැසිරුණු මාධ්‍යයන්ය. මෙය සනාත කිරීම සඳහා ඕනෑවටත් වඩා සාක්ෂි ඇත. රනිල් වික්‍රමසිංහ හා රුක්මන් සේනානායක අතර ගැටුම් තිබෙන අවදියේ “සන්ඩේ ලීඩර්” පුවත්පත ඉතා පහත් ලෙස රුක්මන් සේනානායක ට ප්‍රහාර එල්ල කරන ලදී. දිගින් දිගටම කරනු ලැබූ මඩ ප්‍රහාරයන් දරාගැනීමට නොහැකි වූ රුක්මන් සේනානායක කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ අමතා මෙසේ ප්‍රකාශ කළේය. “ඔබ තුමාගේ කීමට මට සන්ඩේ ලීඩර් එක දිගටම ගහනව. කරුණාකරල සන්ඩේ ලීඩර් එකට කියන්න මට මඩ ගහන්න එපා කියල”.
රුක්මන් සේනානායක ගේ ඉහත ප්‍රකාශය හරහා පැහැදිලි වන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න වන්නේ සන්ඩේ ලීඩර් පුවත්පත පැහැදිලිවම රනිල් වික්‍රමසිංහට අවශ්‍යය පරිදි හැසිරෙන බවයි. දෙවැන්න නම් තමන්ට විරුද්ධව යන එක්සත් ජාතික පක්ෂයේ ම අයෙකුට හෝ වුවත් රනිල් වික්‍රමසිංහ සන්ඩේ ලීඩර් පුවත්පත හරහා ප්‍රහාර එල්ල කරවන බවයි. මින් බැට කෑ එකම පුද්ගලයා රුක්මන් සේනානායක නොවේ. සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර සහ S.B දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රනිල් වික්‍රමසිංහ සමඟ ගැටුන සෑම අවස්ථාවකදීම සන්ඩේ ලීඩර් පුවත්පත ඔවුනට ද දැඩි ප්‍රහාර එල්ල කලේය.
මෙම පසුබිම අනුව බලන කල සරත් ෆොන්සේකාටත් සිදුවී ඇත්තේ රුක්මන් සේනානායකලාට සජිත් ප්‍රේමදාසලාට, රංජිත් මද්දුමබණ්ඩාරලාට සහ S.B දිසානායකලාට සිදුවූ දෙයමදැයි සැකයක් පවතියි.