PDA

View Full Version : ඡන්දය සඳහා මුදල් වැය කරන ආකාරය පිළිබද එජාŞ


aji.prasanna79
12-28-2009, 11:40 PM
http://www.sfbalakaya.com/snstory.php?nid=sn20091227_01
ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු සඳහා එජාපෙ මගින් සරත් ෆොන්සේකා මහතා වෙත ලබා දෙන මුදල් වියදම් කරන ආකාරය පිළිබද සැකයක් එම පෙරමුණේ නායකයන් තුල ඇතිවී ඇති බව අප වෙත වාර්තා වේ.

සරත් ‍ෆොන්සේකා මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය සඳහා ඔහු විසින් පත් කර ඇත්තේ ඉතා දූෂිතයෙකු වන සේනක හරිප්‍රිය ද සිල්වා නමැත්තාය. හිටපු යුධ හමුදා නිළධාරියෙකු වන මොහු රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේ දෙමළ පුද්ගලයෙකු පැහැරගෙනයාම හේතුවෙන් යුධ හමුදා සේවයෙන් පහ කරනු ලැබූ අයෙක් වේ. මීට අමතරව මෙහු රුපියල් ලක්ෂ 60 කට අධික වැට් බදු වංචාවක් ද සිදු කර ඇති අයෙක් වේ.
සේනක හරිප්‍රිය වැනි අයෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කිරීම පිළිබදව තම නොසතුට පල කරන එජා පෙරමුණ නායකයින් ඔහු විසින් මේ දක්වා මුදල් වියදම් කර ඇති ආකාරයේ කිසිදු විනිවිද භාවයක් නොමැති බවද පෙන්වා දෙයි. මේ හේතූන් නිසා වහාම ඊට සුදුසු අයෙක් පත් කර ගන්නා ලෙසත් මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වැය කිරීම මීට වඩා විනිවිද ආකාරයකින් සිදුවිය යුතු බවත් සරත් ෆොන්සේකා මහතා වෙත දැනුම් දී ඇත.