djdush
12-30-2009, 09:36 AM
2000 ක් වූ තාලිබාන් යුද සිරකරුවන් ඝාතනය වූ ඇෆ්ගනිස්‌ථානයේ ද්‍රdෂට් ලෙයිලි නම් කාන්තාරයේ තිබී හමු වූ සිරුරු කොටස්
"ඇමරිකානු සහාය මත ක්‍රියාත්මක වූ හමුදාව විසින් සිදු කරන ලද බවට චෝදනා නැඟීs ඇති ඇෆ්ගනිස්‌ථානයේ තාලිබාන් යුද සිරකරුවන්ගේ මරණ ගැන විමර්ශනය කිරීමට පදනමක් නැහැ.
- ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ නිලධාරීහු
මේ යුද අපරාධය ගැන සෙවීම ව්‍යර්ථ කිරීම සඳහා එවකට පැවැති ජෝර්ඡ්- බුෂ් පාලනය ඒකාබද්ධ ක්‍රියාදාමයක නිරත වුණා.
- විමර්ශක නකාතියෙල් රේමන්ඩ්
ලෝකයේ සැබෑ යුද අපරාධකරුවා වූ ඇමරිකාව යුද අපරාධ කළ බව මේ සතියේදී අනාවරණය විය.
යුද අපරාධ ගැන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා යොමු කළ සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්a ද මේ ඇෆ්ගන් යුද අපරාධය සම්බන්ධයෙන් කට අරින්නේ නෑ.
එසේම ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ ගැන ගතු කීමට ඇමරිකාවට ගොස් බ්ලේක් හමුවූ මෙරට සාම වෙළෙඳුන් දෙදෙනාද නිහඬය. ඇමරිකානු රජයේම ලියවිලිවලට අනුව 2001 නොවැම්බර් මාසයේදී ඇමරිකානු හා ඇෆ්ගන් හමුදා විසින් ඒකාබද්ධව දියත් කළ මෙහෙයුමේදී යටත් වූ තාලිබාන් සිරකරුවන් 2000 ක්a කන්ටේනර් ට්‍රක් රථවලට ඇතුළු කරනු ලැබූ අතර එකී රථවලදී හුස්‌ම ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් සියලු දෙනාම මරුමුවට පත්වී ඇත.
පසුව මේ තාලිබාන් යුද සිරකරුවන්ගේ සිරුරු ඇෆ්ගනිස්‌තානයේ ඩාෂට් ලෙයිලි කාන්තාරයේ රහසිගතව වළදමා තිබේ. මේ සමූල ඝාතනයට ඇමරිකානු සී. අයි. ඒ. ඔත්තු සේවාවේ නියෝජිතයකු වූ ඇෆ්ගන් ජනරාල්වරයකු වූ අබ්දුල් රජිද් වොස්‌ටම් සම්බන්ධ යෑයි පසුව හෙළිවිය.
යුද සිරකරුවන් 2000 ක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තෙවරක්‌ම පරීක්‍ෂණ පැවැත්වීමට ඇමරිකානු අධිකරණ අංශ උත්සාහ කළත් ඒ සෑම උත්සාහයක්‌ම ජෝර්- බුෂ් පාලනය විසින් වැළැක්‌වූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් අනාවරණය කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංවිධානය කළ ඉල්ලීමක් සමඟම ඇමරිකානු බලධාරීන් චන්ද්‍රිකා ඡායාරූප පවා විකෘති කර ඇතැයි අනාවරණය විය.
මෙම සමූල ඝාතනය සිදුවූ බව කියන ඩාෂට් ලෙයිලි නම් වූ ස්‌ථානයට ගිය එක්‌සත් ජාතීන්ගේ වෝහාරික කණ්‌ඩායමක් සිරුරු 15 ක කොටස් සොයාගෙන තිබේ.
මේ නිසා මෙකී සමූල ඝාතනය ගැන මනාව විමර්ශනය කළ යුතු බවත් එය සිදුවූ ස්‌ථානය ආරක්‍ෂා කළ යුතු බවටත් වෛද්‍යවරුන්ගේ සංවිධානය විසින් තවදුරටත් ඔබාමා රජයෙන් ඉල්ලීමක් කෙරිණි.
මෙහිදී ඊට ප්‍රතිචාර දැක්‌වූ ඔබාමා රජයේ නිලධාරීහු පැවසුවේ සිදුවූ බව කියන ඝාතනවලට සම්බන්ධවී ඇත්තේ විදේශිකයන් බවත් ඒවා සිදුවී තිබෙන්නේ විදේශ රටක බවයි.
හිටපු ජනාධිපති ජෝර්- බුෂ්ට එරෙහිව මෙලෙස සමූල ඝාතන චෝදනා එල්ලවන අවස්‌ථාවේ ඝාතන සිදුවී ඇති ස්‌ථානයේ. පිහිටීම වෙනස් කිරීමත්, සාක්‍ෂිකරුවන් සිව්දෙනකු ඝාතනය වී ඇති බවටත් වාර්තා විය.
මෙම සාක්‍ෂිකරුවන් හෙළි කර ඇත්තේ නැව් බඩු ප්‍රවාහනය කෙරෙන කන්ටේනර්වලට ඇතුල් කළ සිරකරුවන් හුස්‌ම ගැනීමට අපහසු වීම හා සෙබළුන් විසින් එකී කන්ටේනර්වලට වෙඩි තැබීම නිසා මරුමුවට පත්වී ඇති බවයි.
ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය රාජ්‍ය දෙපාර්තමේන්තුව හා රතුකුරුස සංවිධානය මෙකී මිනිස් ඝාතනය ගැන පරීක්‍ෂණ කිරීමට සූදානම් වුවත් බුෂ් පාලනයට සම්බන්ධ නිලධාරීහු ඊට ඉඩ දුන්නේ නැත. මෙයට හේතු වූයේ ජනරාල් ඩෝස්‌ටට් ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය විශේෂ බළකාය සමග එක්‌ව ක්‍රියා කිරීම නිසා යෑයි ටයිම්ස් පුවත්පත හෙළි කර ඇත.
මෙයට ප්‍රතිචාර දැක්‌වූ ජනරාල් ඩොස්‌ටම් පැවසුවේ 2001 දී තාලිබාන් කණ්‌ඩායමක් ඇමරිකානු හමුදාවට හා උතුරු ඇෆ්ගන් සන්ධානයේ හමුදාවට යටත් වූ බවයි.
සුදු කොඩි ඔසවාගෙන තාලිබාන් පිරිස් යටත් වූ බව හිටපු ඇමරිකානු ඔත්තුසේවා නිලධාරියකු වූ බ්‍රයන් ග්ලිස් ද සනාථ කර ඇත.
එසේ වුවත් බරක් ඔබාමා රජය මේ ඇෆ්ගන් යුද අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම පරීක්‍ෂණයක් පැවැත්වීමට එකඟ වී නැත. මේ යුද අපරාධ චෝදනාවලට පදනමක් නැත යෑයි ඔබාමා රජයේ නිලධාරීහු පවසා ඇත.
ද්‍රdෂට් ලෙයිලි ප්‍රදේශයේ සිදුවූ සමූල ඝාතනය සෙවීමට පදනමක් නැතැයි කියන ඔබාමා රජය ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව කියමින් පරීක්‍ෂණ පැවැත්වීමට සූදානම් වන්නේ කෙසේද?
ඇෆ්ගන් තාලිබාන් යුද සිරකරුවන් 2000 ක් ඝාතනය වීමේ සිද්ධිය ඇෆ්ගනිස්‌ථානයේ ඇමරිකානු හමුදා බලධාරීහු සහ සී. අයි. ඒ. ඔත්තු සේවාව නොදන්නේ යෑයි විශ්වාස කළ හැකිද?
මෙලෙස ඇමරිකානු හමුදා සමඟ එක්‌වී තාලිබාන් යුද සිරකරුවන් ඝාතනය කළ බවට ජනරාල් ෙද්‍රdස්‌ටම්ට චෝදනා එල්ල වෙද්දී ඇෆ්ගන් රජය විසින් ඔහුව එරට නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ලෙස පත් කරනු ලැබීය.
මේ ඇෆ්ගන් නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ජනරාල් ෙද්‍රdස්‌ටම්ගේ සහයකයන් වූයේ ආරක්‍ෂක ලේකම් ඩොනල්ට් රම්ස්‌ෆීල්ඩ් හා නියෝජ්‍ය ලේකම් යෝල් වුqල්සෝවිට්‌ස්‌ය.
මෙම ඇමරිකානු නිලධාරීන් දෙදෙනා යුද අපරාධකරුවන් නොවන්නේද?
මෙලෙස බුෂ් පාලනයට එරෙහිව යුද අපරාධ සම්බන්ධ චෝදනා ගැන ඇමරිකානු එෆ්a. බී. අයි. පොලිසියේ විශේෂ නියෝජිත ස්‌ප්‍රි ඇතුළු කණ්‌ඩායම විසින් ගුන්aතනාමෝවේ සිරකඳවුරට ගොස් එහි සිටින තාලිබාන් සිරකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත. එහෙත් එකී ප්‍රශ්න කිරීම් වහාම නතර කරන්නැයි ඇමරිකානු බලධාරීහු එම එෆ්. බී. අයි. නියෝජිතයාට නියෝග කර ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියා සිටියි.
කෙසේ වෙතත් හත් වසරකට පසු මෙම විශාල මිනිස් ඝාතනය පිළිබඳ තොරතුරු යළි මතුවී ඇත.
ඇමරිකානු මාධ්‍ය විසින්ම මෙම මිනිස් ඝාතනය බුෂ් පාලනය වසන් කළ බව කියා සිටියි. ඊමිය adපසබ - ජදඩැරුd ඹඡ Aෙටැබ ඵ්ssaටැ එහෙත් රොබට් බ්ලේක්aලා සහ මානව හිමිකම් නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් හා මානව හිමිකම් කොමසාරිස් නව්පිල්ලේ, බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් මෙන්ම ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් මෙන්ම නෝවීජියානු අමාත්‍ය එරික් සෝල්හයිම්ලා එකී ඇෆ්ගන් යුද අපරාධය ගැන හඬක් නඟන්නේ නැත.
ජිනීවා මානව හිමිකම් ගැන පවසන විදෙස් සංවිධාන ද මේ සම්බන්ධයෙන් නිහඬ වීමෙන් මොවුන්ගේ දෙබිඩි පිළිවෙත සනාථ නොවන්නේද?
මෙරට හිටපු තානාපති රොබට් බ්ලේක් විසින් ශ්‍රී ලංකා රජයට එරෙහිව රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කළ වාර්තාවට පදනම් වූයේ අතරමැදියන්ගේ රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රකාශයන්ය.
පිලිප් ඇල්ස්‌ටන් ශ්‍රී ලංකා රජයෙන් යුද අපරාධ ගැන විමසුවේ මාධ්‍ය අඳ බාලයකුගේ කේළමක් සම්බන්ධයෙනි. එහෙත් ඇෆ්ගන් මිනිස් ඝාතනය ගැන තොරතුරු සනාථ වී තිබියදී ඔබාමා පාලනය කියන්නේ විමර්ශන පැවැත්වීමට පදනමක් නැති බවයි.
මෙය හාස්‍යජනක ප්‍රකාශයක් නොවේද?
කීර්ති වර්ණකුලසූරිය