nasam
01-07-2010, 03:48 AM
- ඩී. එස්. ද සිල්වා
චමිල කරවිට
http://www.divaina.com/2010/01/07/p20-2.jpgලොව ප්‍රධානතම තරගාවලියක් වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තම රටේ පැවැත්වීමට වාසනාව උදාවී තිබෙන අවස්‌ථාවක එමගින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණුව උදෙසා ක්‍රියා කරනවා මිස එහි විනාශය සඳහා කිසිසේත්ම තමා කටයුතු නොකරන බව ක්‍රිකට් සභාපති ඩී. එස්. ද සිල්වා මහතා "දිවයින"ට" පැවැසීය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩාංගණ සූදානම් කිරීමේදී හා අදාළ තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු නොකිරීම පිළිබඳව වත්මන් ක්‍රිකට් පරිපාලනයට සෘජුව චෝදනා එල්ල වන අතර ඒ පිළිබඳව "දිවයින" කළ විමසීමකදී ද සිල්වා මහතා ඉහත අදහස් පළ කර සිටියේය.
නවසීලන්තය සමග තරගය ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම පිළිබඳව ප්‍රථමයෙන් අදහස් දක්‌වමින්, ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක රටවල් දෙකක් වන ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට තම රටෙන් බාහිරව එක් තරගය බැගින් ක්‍රීඩා කළ යුතු බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීSරණය කර බව සඳහන් කළ ඒ මහතා ශ්‍රී ලංකාවට තබා ඉන්දියාවටවත් එය වෙනස් කර ගැනීමට නොහැකි වුණු බව සඳහන් කර සිටියේය.
"ශ්‍රී ලංකාවේ පවත්වන විශාලම තරගාවලිය තමයි ලෝක කුසලාන තරගාවලිය. මෙහි මෙතරම් ලොකු තරගාවලියක් පවත්වන්නේ ඉතාම කලාතුරකින්. එහිදී තරගාවලිය ඉහළ තත්ත්වයකින් මෙන්ම රටටද වැඩදායී ලෙස සංවිධානය කිරීමට මගේ උපරිමය මම යොදවනවා" යනුවෙන් ඉදිරියේ තිබෙන ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ද සිල්වා මහතා අදහස් දක්‌වා සිටියේය.
ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය ඉන්දියාවේ චෙන්නායිහිදීද තරගාවලියේ සමාරම්භක තරගය වන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය බංග්ලාදේශයේ ධාකාහිදීද පැවැත්වේ.
ක්‍රීඩාංගණ ඉදිකිරීම් සම්බන්ධව අදහස් දැක්‌වූ ද සිල්වා මහතා, ලෝක කුසලාන තරගාවලිය සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අමතරව පල්ලෙකැලේ හා සූරියවැව ක්‍රීඩාංගණ ඉදිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් විවිධ චෝදනා එල්ල වුවත් තමා මෙහි කටයුතු කරන්නේ පිරිසිදු ෙච්තනාවෙන් බව සඳහන් කර සිටි ඒ මහතා, අදාළ ආයෝජන වල ප්‍රතිඵල ඉදිරියේදීම දැක බලා ගැනීමට හැකිවන බවද සඳහන් කර සිටියේය.
"මේ ක්‍රීඩාංගණ දෙක(පල්ලෙකැලේ සහ සූරියවැව) ඉදිකරල අවසන් වුණාම අපිට ඉහළම තත්ත්වයේ පහසුකම් තියෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 4 ක් (ආර්. ප්‍රේමදාස සහ එස්. එස්. සී.) තියෙනවා. ඒක අපිට ඉදිරියට හොඳ ඉතුරුවක්. මෙම වසරේ කොදෙව් දේශයේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට පසුව පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලිය පවත්වන රටක් ලෙස ශ්‍රී ලංකාවත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අපිට මේ තරගාවලිය තනිවම කරන්න හැකි වෙන්නේ ප්‍රමාණවත් පහසුකම් සහිත ක්‍රීඩාංගණ තිබුණොත් පමණයි" යනුවෙන් ඔහු පැවැසීය.
ලබන ලෝක කුසලාන තරගාවලියෙහි ශූරතාව සඳහා පිරිනමනු ලබන කුසලාන ලබන පෙබරවාරි මසදී ශ්‍රී ලංකාවේදී නිරාවරණය කිරීමට නියමිතව බව සඳහන් කළ ඒ මහතා, මෙම වසරේ අගෝස්‌තු වන විට ක්‍රීඩාංගණවල ක්‍රීඩාගාර සහ අනෙකුත් බාහිර ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සලසා ඇතැයි සඳහන් කළේය.
"දැන් බලන්න ඉන්දියාව දිහා. ඔවුන් මෙවර අපි සහ බංග්ලාදේශය සමග එක්‌ව ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කරනවා. ඒත් ඔවුන් දැවැන්තම ක්‍රිකට් තරගාවලියක් වන අයි. පී. එල්. තරගාවලිය තනියම ඉතාම විශිෂ්ඨ අයුරින් පැවැත්වුවා. ඒ වගේ තරගාවලියක් ඔවුන් එසේ සංවිධානය කළා නම් ඉදිරියේදී ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියක් සංවිධානය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. ඔවුන් ඒ දේට ඉදිරියේදී පෙළෙඹේවි. එතකොට අපිත් ඔවුන්ගේ තත්ත්වයේ නොසිටියොත් අපිට ඉතුරු වෙන්න හුළං තමයි."
"ඒත් ඒ වෙනකොට අපිට හොඳ ක්‍රීඩාංගණ තිබුණොත් ඕනෑම වෙලාවක ඉන්දියාව සමගින් වුවත් ඔට්‌ටු වෙන්න හැකියාවක් අපිට තියෙනවා. මේවා ඉදිරියට හොඳ ආයෝජන. මෙවැනි අත්‍යවශ්‍ය පහසුකම් අපි සතුව තිබෙනවා නම් ඕනෑම වෙලාවක කිසිදු පැකිළීමකින් තොරව ඕනෑම තරගාවලියක් පැවැත්වීමේ වගකීම අපිට භාර ගන්න පුලුවන්" යනුවෙන් ඩී. එස්. ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.