PDA

View Full Version : අපි ළඟ හිටිය හොරු ඔක්‌කොම ආණ්‌ඩුවට පැනලා


nasam
01-11-2010, 12:19 AM
අපි ළඟ හිටිය හොරු ඔක්‌කොම ආණ්‌ඩුවට පැනලා
දයාසිරි ජයසේකර (එ. ජා. ප. පා. ම.)

http://www.divaina.com/2010/01/10/p28-2.jpgඑක්‌සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා විපක්‍ෂයේ වේදිකාවේ ප්‍රධාන කතිකයකුද වන දයාසිරි ජයසේකර මහතා සමග කළ සංවාදයකි මේ.

ප්‍රශ්නය - අධි ආරක්‍ෂක කලාප ඉවත් කිරීමට, දෙමළ සිරකරුවන් නිදහස්‌ කිරීමට, හමුදා කඳවුරු 83 වසරේ තිබූ ප්‍රමාණය දක්‌වා අඩු කිරීමට හා බුද්ධි අංශ සීමා කිරීම ආදී කරුණු රැසකට තමා දෙමළ සංන්ධානය සමග එකඟ වූ බව සරත් ෆොන්සේකා ප්‍රකාශ කර තිබෙනවා. මේ පිsළිබඳව බී. බී. සී. සේවය ඔස්‌සේ ප්‍රචාරය වුණා. මේ තීන්දු තීරණ රටේ ඉරණමට කෙසේ බලපායිද?

පිළිතුර - එහෙම ප්‍රකාශයක්‌ කරලා නැහැ. අපි මූලික කරුණු කිහිපයක්‌ පැහැදිලිවම ඉදිරි පත් කළා. පළවෙනි එක කඳවුරු වල ඉන්න අහිංසක ද්‍රවිඩ වැසියන්ව නැවත ඔවුන් සිටින ස්‌ථානවල පදිංචි කරවීම. ඔවුන්ට යම් නීතිමය කටයුතු තිබෙනවා නම් සොයා බලා නඩු පවරන්න. චෝදනා නැතිනම් නිදහස්‌ කරන්න. මේව තමයි සාකච්ඡා කළේ. මීට එහා යන ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ එතුමා ඉදිරිපත් කරලා නැහැ. මේක මහින්ද රාජපක්‍ෂ බලයට එන කොට ජනතාව රවට්‌ටන්න කිව්ව බොරු වගේ නෙමෙයි. මේ අහිංසක ජනතාව නැවත වරක්‌ නොරැවටීම තමයි සරත් ෆොන්සේකාගේ උත්සාහය.

ප්‍රශ්නය - එතකොට අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම හා හමුදා කඳවුරු සීමා කිරීම වැනි එකඟතා ?

පිළිතුර - ඒ ගැන තවම මම හරියට දන්නේ නැහැ. මේ ගැන ෆොන්සේකා මැතිතුමාගෙන්ම ඇහුවොත් තමයි හොඳ. දැනට අපි එකඟවෙලා ඉන්නේ මේ කාරණා ටිකත් සමග පමණයි.

ප්‍රශ්නය - මේ ෆොන්සේකා සිදුකළා. කියන රජයේ හමුදාවන් පාවාදීමේ ප්‍රකාශය පිළිබඳව ඔබේ අදහස මොකක්‌ද?

පිළිතුර - පසුගිය මැයි දහනව වෙනිදා (19) මේ සම්බන්ධව ඉස්‌සෙල්ලම ප්‍රකාශ කළේ කේ. පී.. ඔහු තමයි කිව්වේ මෙහෙම සුදුකොඩි අරන් ගිය පිරිසට වෙඩි තිබ්බාය කියලා. ඊළඟට කතා කළේ පාලිත කොහොන. ඔහු කිව්වා මෙහෙම දෙයක්‌ වෙලා නැහැ. මෙම පිරිසට වෙඩි වැදී තිබෙන්නේ ඉදිරි පසින් නෙමෙයි පිටුපසින් කියලා. මීට කාලෙකට පස්‌සේ තමයි මේ කාරණය නැවත ඉස්‌මතු වෙන්නේ. සරත් ෆොන්සේකා රණවිරුවන් පාවා දුන්නාය කියලා. මේක ආණ්‌ඩුව සහ ආණ්‌ඩුවත් සමග ගිවිසුම් ගහගෙන වැඩ කරන සන්ඩේ ලීඩර් පුවත්පත ගොඩ නගපු කතාවක්‌. මේ වකවානුවේදී හමුදාව මෙහෙයවපු නායකයා තමයි සරත් ෆොන්සේකා මහත්මයා. ඔහු මෙවැනි චෝදනාවක්‌ කළා නම් ඔහුත් එම චෝදනාවේ වගඋත්තරකරුවෙක්‌ වෙනවා. එහෙම නම් ෆොන්සේකා මහත්මය ඔහුවම පාවාදීලා තිබෙනවා. මේ නිසා බොහොම පැහැදිලියි මේක ආණ්‌ඩුවේ අතේ රෝලක්‌.

nasam
01-11-2010, 12:55 AM
හොරැ ටිකට මොනවද වෙන්නේ

rajedeniyage
01-11-2010, 12:32 PM
BAYA GULLA

sirajstc
01-11-2010, 12:34 PM
යුද්දෙ දින්නා, ඇත්ත. ඒකෙ ගෞරවය දෙමු.

වෙන මොනවද?

1] ආර්ථිකය?

* බඩුමිල අඩුද?
* හාල් තියෙනවද? කීයද? මිනිස්සුන්ට කන්න පුලුවන් නාඩු රු.70/80යි
* අල, ලූනු, එලවලු ගාන කීයද? gram 250 Rs.45/-
* බේත්හේත්?
* ඇඳුම් පැලඳුම්?
* රැකියා නැති ලමයි?
* රැකියා අහිමිච්ච මිනිස්සු?
* වැහුනු ෆැක්ටරි?

බන්දුලගෙ බොරු ඇරෙන්න ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

2] අධ්‍යාපනය?

* අනාගන්නෙ නැතුව වාරවිභාගයක් පවත්වපු කාලයක් මතකද?
* ගුරුවරු එක්ක රන්ඩුනොවී ප්‍රස්න පත්තරටික බලවගත්ත කාලයක් මතකද?
* පලමුවෙනි ශ්‍රේණියට ලමයෙක් දාගන්න දෙමව්පියෝ මොනතරම් වදයක් විඳිනවද?
* තවම ඉස්කෝලයක් නැති ලමයි?

ජනාධිපති විධියට මොනවද කරලා තියෙන්නේ?

3] සෞඛ්‍යය?

*ජරා එන්නත්වලින් ලමයි මැරෙනවා
*සේලයින්වල පුස්
*ඉන්ජෙක්ශන්වල කෙස්, වීදුරු කටු
*පැනඩෝල් පෙත්තක් නැති ග්‍රාමීය රෝහල්
*අත්‍යවශ්‍යය ඖශධ හිඟ මහරෝහල්
*ඩෙංගු මරණ
*ඌරු උණ මරණ
*මී උණ මරණ

>>> ඇමතියා මහත්වෙනවා???

මේ බරපතල ප්‍රශ්ණ විසඳන්න ජනාධිපති එක සාකච්ඡාවක් වත් තියලා තියෙනවද?

මේවගේ අසාර්ථක නායකයෙක් කවදාක්වත් මේ රටේ ඉඳලා තියෙනවද?

nasam
01-11-2010, 04:52 PM
BAYA GULLA

කව්ද

akalanka_yapa
01-11-2010, 07:48 PM
ජය වේවා ජෙනරල්

sandun_kg
01-11-2010, 09:50 PM
ජය වේවා ජෙනරල්

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: