sutherland.g.m
01-13-2010, 08:19 PM
සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න තමන් සභාපතිත්වය දරන ඇමෙරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි “Hicorp International (http://www.hicorp.us/)” නම් යුද්ධෝපකරණ සැපයුම් සමාගම හරහා ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාව වෙත ආයුධ සැපයුම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බවත් මේ දිනවල එම ගනුදෙණු පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල විවිධ චෝදනා එල්ල වන බැවින් සමාගමේ සභාපති ලෙස ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා එහි නිළ වෙබ් අඩවිය වෙත ධනුන තිලකරත්න විශේෂ ප්‍රකාශයක් සිදුකර ඇත.
මෙම ප්‍රකාශය පල කරමින් ධනුන තිලකරත්න පවසන්නේ සමාගමේ සභාපතිවරයා ලෙස තම සමාගම සිදුකල සියලුම ගණුදෙනු සඳහා තමන් වග කියන බවයි.
තම සමාගම ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් පිළිබඳව විස්තර එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා අදාල ටෙන්ඩර් මණ්ඩල වල සභාපතිවරයා ලෙස දැනුවත්ව සිටි බවත් ඉදිරිපත් කල ටෙන්ඩර් සඳහා අනුමැතිය තම සමාගම වෙත ලැබුණේ තමන් සහ සරත් ෆොන්සේකා අතර ඇති ඥාති සම්බන්ධතාවය මත නොවන බවත් තමන් විශ්වාස කරන බවත් එම ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වේ.
ධනුන තිලකරත්න Micorp International සමාගමේ ප්‍රධානියා ලෙස තවදුරටත් පවසන්නේ සරත් ෆොන්සේකා මහතාටද මෙම සමාගමේ අයිතියක් පවතින බවයි.
මේ අතර ජනවාරි 5 වන දා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී බිමල් රත්නායක මහතා ආණ්ඩු පක්ෂයට අභියෝග කලේ ධනුන තිලකරත්නට අයත් Micorp International ආයතනය හරහා මකන කෑල්ලක් හෝ ගෙන්වා ඇත්නම් ඔප්පු කරන ලෙසයි. නමුත් මේ වන විට ධනුන තිලකරත්න එය රටටම ඔප්පුකර හමාරය.
තවද සරත් ෆොන්සේකා පසුගියදා සිරස රූපවාහිනිය සමඟ කරන ලද සාකච්ඡාවකදී පැවසූයේ තම බෑනා වන ධනුන තිලකරත්නට ආයුධ සපයන කිසිදු සමාගමක අයිතියක් නැති බවත් ඔහු පොඩි ළමයෙකු බවත්ය. http://www.sfbalakaya.com/img/Hicorp.jpg
http://www.sfbalakaya.com/img/Hicorp1.jpg