PDA

View Full Version : ජාතියට නිගාකල JVP ය බුද්ධාගමටත් පහර ගසයි ....


Treveen
01-21-2010, 01:33 PM
ලබ්බට තැබූ අත පුහුලටත්..

ජාතියට නිගාකල JVP ය බුද්ධාගමටත් පහර ගසයි .........

(යටත් විජිත සමයේදී හා ඉන් පසු ඕල්කට්තුමා හා අනාගාරික ධර්මපාල වැනි අයගේ බලපෑමෙන් යුතුව ශාසනය ප්‍රතිසංවිධානය වද්දී එය රෝමානු කතෝලික ආගමික ව්‍යූහය අනුකරණය කරන ආකාරයක් දක්නට ලැ‍බේ. ඒ අනුව, භික්ෂුනීන්ට බුදු සසුන තුළ හිමි වූ සම තැන අහිමි කර කතෝලික කන්‍යා සොයුරියන්ගේ තත්වය හා සමාන්තර තත්වයක් ඇති කරන ලදී. භික්ෂුනී ශාසනය වෙනුවට 20වන සියවස මුලදී බුරුම අභාසයෙන් දස සිල් මාතා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුවේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි.


ඕල්කට් විසින් හඳුන්වා දෙන ලද බටහිර අනුකාරක ආකල්ප අනුව හැඩගැසුණු පුරුෂාධිපත්යයෙන් යුත් භික්ෂු සංස්ථාව තුළ භික්ෂුනීන්ට භික්ෂූන් සමග සම තත්වය හිමි නොවේ. ලංකාවේ ඕල්කට්වාදීන්ගේ ආගම සිංහල බුදු දහම නම් ඇදහිල්ලක් මිස බුදුන්ගේ බුදු දහම නො වන බවට මෙය තවත් එක් සාක්කියකි.)


ලෙස සදහන් කරමින් පලවන JVP බොලොග් එකක පලවී ඇත.