PDA

View Full Version : ජන්ද මගඩි


msanjeewa
01-26-2010, 12:39 PM
වව්නියාවේ අවතැන් කඳවුරුවල වෙසෙන 25,000 කට අධික ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මැණික්ෆාම් හා කිලිනොච්චි ඇතුළු ප්‍රදේශවල බැවින් එම කඳවුරුවල වෙසෙන ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ප්‍රවහන පහසුකම් සපයන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. මේ නියෝගයට අනුව අද උදෑසන වව්නියාව අවතැන් කඳවුරේ සි‍ට බස් රථ 3 ක් පිටත්ව ඇති අතර, මෙම පිටත් වූ බස් රථ හා අනෙකුත් බස් රථ සියල්ල මේ වන විට යුධ හමුදා පොලිසිය හෙවත් CCMP ය විසින් සඟවා ඇතැයි අප වව්නියාව වාර්තාකරු පවසයි.

"විශේෂ මැතිවරණ රාජකාරි" යනුවෙන් සඳහන් බස් රථ කිහිපයක් මෙම අවතැන් ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම වෙනුවෙන් ප්‍රවාහයට යොදවා තිබිණි. මෙම අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවගෙන් බහුතරයක් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන බව සැළවීමත් සමඟම හමුදාවේ උසස් නිලධාරීන්ගේ නියෝගයක් අනුව මේ වන විට එම බස් රථ CCMP ය විසින් සඟවා ඇත.

අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවෙන් මැණික්ෆාම් හි ඡන්ද මධ්‍යස්ථානය වෙත කිලෝමීටර් 5 ක පමණ දුරක් ඇතැම් ඡන්දදායකයින් මේ වන විට පා ගමනින් යන බවත්, කිලිනොච්චියේ ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඡන්දදායකයින් සිය ඡන්දය පාවිච්චි කිරීමට නොහැකිව සිටින බව අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් අදාල අංශ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති නමුත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

tharindu143
01-26-2010, 12:42 PM
ජය නියතයි SF!!!!!

msanjeewa
01-26-2010, 12:57 PM
හඟුරන්කෙත ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් පළවා හරිමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිසක් පිළිබඳව මේ වන විට වාර්තා වේ. මෙම ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පිරිස් මෙහෙයවමින් සිටින්නේ එස්.බී.දිසානායකගේ සොහොයුරා වන සාලිය දිසානායක විසිනි. ඔහු අවි ආයුධ සහිත මැර පිරිසක් සමඟ පැමිණ ඡන්දපොළවල සිටින ඡන්දපොළ නියෝජිතයින් පළවා හරිමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත.

මේ අතර නාවලපිටිය ප්‍රදේශයේද වත්මන් රජයේ අමාත්‍යවරයෙකුගේ මෙහෙයවීම මත පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට හා පොලිසියට පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

Treveen
01-26-2010, 03:30 PM
ජය නියතයි SF!!!!!
කෝ මල්ලි පෙ‍ාරට ඡන්දස නෑනෙ.....හුටා...

Y2K
01-26-2010, 04:21 PM
Tamil vote for LTTE koti so now MR victory is certian

pjayampathi
01-26-2010, 04:22 PM
MR apee new president