yehank
01-29-2010, 03:42 PM
ත්‍රස්තවාදයට නායකත්වය දුන් කරුණා අම්මාන්ට කොමාන්ඩෝ ආරක්ෂාව ලබා දෙන මහින්ද රාජපක්ෂ විසින් රට වෙනුවෙන් කැප වූ ජෙනරාල්ට විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල් දෙදෙනෙකු ලබා දී ඇති බවත්, රාජපක්ෂගේ දේශප්‍රේමය මෙයදැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා විමසීය. ඒ මහතා මේ අදහස් පළ කළේ අද කොළඹ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිවසේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
"ත්‍රස්තවාදය වපුරපු, මේ රටේ අහිංසක ජීවිත විනාශ කළ, කොටි සංවිධානයට නායකත්වය ලබා දුන් කරුණා අම්මාන්ට කොමාන්ඩෝ බලකායේ හා විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට වෙනුවෙන් සිය දිවිය කැප කළ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඉවත් කරල. දැන් විශ්‍රාම ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ලබා දීල තියෙනව. අපි අහනව රාජපක්ෂගේ දේශප්‍රේමය මේකද කියල.
අද උදේ අපේ පක්ෂයේ නායක සෝමවංශ සහෝදරයට දුරකතනයෙන් කතා කරපු ගෝඨාභය රාජපක්ෂ සෝමවංශ සහෝදරයට මරණිය තර්ජණය කරල. 'උඹගේ ලංකා එක අපි ගිනි තියනව. උඹත් පරිස්සම්වෙලා හිටපන්' කියල කියල තියෙනව. අපි ගෝඨාභයට මතක් කරල දෙනව ජනතා විමුක්ති පෙරමුණ හරි ජෙනරාල් සරත් ෆොන්සේකා හරි කියන්නේ තර්ජනවලට බල වෙලා වැඩ කරන අය නෙමෙයි. අපිට මීට වඩා තර්ජන ආව.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ ගෝඨාභය සෝමවංශ සහෝදරය හම්බ වුණේ හොටු පෙරාගෙන. අඬාගෙන. බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක තමයි හමු වුණේ. මට ඕනෙ නම් ඒ නිවසේ ලිපිනයත් කියන්න පුළුවන්. එහෙම අඬාගෙන ආපු ගෝඨාභය එකම ඉල්ලීමයි කළේ. ඒ සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන්නෙ නැතුව ආණ්ඩුවට එක් වෙන්න කියන එක.
එහෙම කරපු ගෝඨාභය අද වීරයෙක් වගේ අපිට තර්ජනය කරනව. අපි නැවතත් කියනව ජනාතා විමුක්ති පෙරමුණ තර්ජනවලට බයේ දේශපාලනය කරන්නෙ නැහැ කියල.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන්ද සහභාගී ව සිටියහ.
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/january_/28/SF05.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/january_/28/SF04.jpg
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/january_/28/SF03.jpg
source:http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5439:2010-01-28-18-25-40&catid=35:2008-10-13-08-30-14&Itemid=27