pepsi992
02-01-2010, 10:36 AM
ජනපතිවරණ පරාජය සහ ඇඹුල් මිදි (http://panhinda-samaga.blogspot.com/2010/01/blog-post_30.html)
http://www.4marks.com/galleries/articles/s225/2982.jpg (http://www.4marks.com/galleries/articles/s225/2982.jpg)
ජනපතිතුමා ජනපතිවරණය ජයගෙන ඇත. ඒ 57% ක වැඩි ඡන්ද ප්‍රමාණයකිණි. සංඛ්‍යාත්මකව එය ඡන්ද මිලියන 1.8කි. අතීතයේ නම් පැරදුණු පක්ෂය සෑම විටම ගැසුවේ එකම තැටියකි. එනම් හොර ඡන්ද දැමූ බවයි. මෙවර වැඩි ඡන්ද පරමානය නිසා එවැන්නක් කීමට තබා සිතීමටවත් නොහැක. එමෙන්ම 2005 මැතිවරණයේ වාදනය කල "උතුරු-නැගෙනහිර ජනයා ඡන්දය ප්‍රකාශ කළා නම් එ.ජා.ප. දිනනවා" තැටියද මෙවර වාදනයෙන් ඉවත් කරන්නට සිදු වී ඇත. ඒ උතුරු - නැගෙනහිර ප්‍රකාශ නොකළ ඡන්ද මිලියන 0.7 - 0.8 ප්‍රමාණය සම්පූර්ණයෙන් ෆොන්සේකා මහතාට ලැබුණත් පරතරය ඡන්ද මිලියනයකට ආසන්න බැවිණි. තවද, අන්තර්ජාතික නිරීක්ෂකයන්, පැෆ්රල් වැනි සංවිධානද, වෙනෙකක් තබා විපක්ෂ නායකයාද මේ මැතිවරණය සාමකාමී හා නිදහස් එකක් බව පිළිගෙන ඇත. එබැවින් දැන් පරාජයේ ඇඹුල් මිදි වැළදීම වෙනුවට වෙනත් ක්‍රම සොයා ගත යුතුය. මංගල සමරවීර මහතා, වෙබ් අඩවි, ෆෝරම් හා බ්ලොග් අඩවි හරහා එළියට එන කටකතා වලින් උත්සාහ කරන්නේ මේ ඡන්දය දූෂිත බව පෙන්වීමටයි.
මේ කට කතා වලට අනුව ආණ්ඩුව ඡන්ද මංකොල්ලය කර ඇති ආකාර කිහිපයක් ඇත.
1. ඡන්ද ගණන් කරන විටදි (http://www.elakiri.com/forum/showthread.php?t=419470#top) එක් එක් අපේක්ෂකයාට පළ කළ ඡන්ද පත්‍රිකා එකට මිටි බඳිනු ලැබේ. ෆොන්සේකා මහතාගේ ඡන්ද මිටි බැන්දීමේදි, ඡන්ද පත්‍රිකා 100 ගොඩකින් ඉහළම හා පහළම ඡන්ද පත්‍රිකා ඉවත් කර ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශිත ඡන්ද පත්‍රිකා යොදවා එය රාජපක්ෂ මහතාගේ ඡන්ද පත්‍රිකා මිටියක් ලෙස පෙන්වීම.
2. මැතිවරණ කොමසාරිස් නිවාස අඩස්සියේ රඳවා, පරිගණක ගත ඡන්ද ප්‍රතිඵලය වෙනස් කිරීම. (http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5430:2010-01-28-10-23-27&catid=34:2008-10-13-08-28-51&Itemid=27)
මේ කටකතා පතුරුවන්නනේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය ගැන අබමල් රේණුවක් වත් නොදන්නා මෝඩයන්ය. මංගල සමරවීර වැන්නන් ඒ දැන සිටියත්, අප ගොන්නුන් යයි සිතා එවැනි ප්‍රකාශ කරනවා විය හැක. පාඨක ප්‍රයෝජනය උදෙසා ඡන්ද ගණනය කරන අයුරු සැකෙවින් පහත දක්වමි.
සෑම ඡන්ද පොළකටම ඡන්ද පොළ නියෝජිතයින් ඇත. මොවුන් පත් කරනු ලබන්නේ එක් එක් පක්ෂ වලිනි. ඡන්ද පොළට යැවීමට පෙර ඔවුන් ඉදිරියේ ඡන්ද පෙට්ටිය විරුත කරවා එය හිස් බව පෙන්වනු ලබයි. අනතුරුව පෙට්ටිය මුද්‍රා තබනු ලැබේ. මෙයට විවිධ පුද්ගලයන්ගේ විවිධ මුද්‍රා භාවිත වේ. එක් එක් ඡන්ද පොළට යනතුරුම මේ ඡන්ද පෙට්ටි මැතිවරණ කොමසාරිස් නියෝජිතයින් විසින් ආරක්ෂා කරනු ලබයි. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ පෙට්ටි ගණන් කිරීමෙ මධ්‍යස්ථාන වෙත ඉහත නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ගෙන එනු ලබයි. සියලුම පක්ෂ නියෝජිතයන් ඉදිරිපිටදී පෙට්ටියේ මුද්‍රා පරීක්ෂා කර පෙට්ටිය විවෘත කර නොමැති බවට සහතික කරවා ගත් පසු එය විවෘත කරයි. ඉන්පසුව පෙට්ටියේ ඇති ඡන්ද සියල්ලම ගණිනු ලැබේ. එය ඡන්ද ලේඛණයට අනුව ප්‍රකාශිත ඡන්ද ගණනට සමාන විය යුතුය. නැත්නම් එම ඡන්ද පොළ ශූන්‍ය කිරීමේ බලතල කොමසාරිස් වරයාට ඇත.
ඉන්පසුව ඡන්ද ගැනීම සිදුවන අතර ඉහත පරිදි එක් එක් අපේක්ෂකයාගේ ඡන්ද පත්‍රිකා මිටි බැඳීම සිදු කරයි. මෙය සිදු වන්නේ එක් එක් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ නිරීක්ෂණය යටතේය. එක් පක්ෂයකින් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නියෝජිතයන් 5 - 10 දක්වා යවා ඇති නිසා මේ මිටි බැඳීම සිදු වන්නේ අතිශයින්ම සුපරික්ෂාකාරීවය. මධ්‍යස්ථානයක ඡන්ද සියල්ලම ගැන අවසන් කළ පසු එහි ප්‍රතිඵලය පිටපත් තුනකින් සකසා, වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයන් දෙදෙනාගේ නියෝජිතයින් හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන භාර ප්‍රධාන නිළධාරියාගේ අත්සන් යොදනු ලබයි. එක් පිටපතක් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත යවන අතර අනෙක් පිටපත් දෙක ප්‍රධාන පක්ෂ වල නියෝජිතයන්ට භාර දෙනු ලබයි.
දැන් අපි මේ ගොන් කතා කියන අමන රෑනට ප්‍රශ්න කීපයක් අදිරිපත් කරමු. ඔවුන්ගේ කතාවේ ඇත්ත නැත්ත ඉන් හෙළි වනු ඇත.
1. ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදී සරත් ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් එහි සිටියාද? (ඔව් / නෑ)
2. ඉහත ප්‍රකාශයට උත්තරය නෑ නම්, එවැනි පිරිසක් ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිනියාද? (ඔව් / නෑ)
3. ඉහත 2 ප්‍රශ්නයට උත්තරය ඔව් නම් ඔවුන් පළවා හැරීම සිදු වූවාද (ඔව් / නෑ)
4. ඔවුන් පළවා හැරියා නම් ඒ ගැන පැමිණිලි කර තිබේද? (ඔව් / නෑ)
දැන් අපි කරුණු විමසා බලමු. ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නියෝජිතයන් පත් කිරීම සරත් ෆොන්සේකා මහතා කර නැත්නම් ඔහුගේ නියෝජිතයන් ගණන් කරන විට නොසිටිනු ඇත. එසේ නම් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් පත් නොකිරීමේය. එසේ නොකළා නම් ෆොන්සේකා මහතා එහි වගකීම දරා ගත යුතුය. මෙවැනි වැදගත් දෙයක් අත පසු කළා නම් ඔහු ජනපති ධුරය වැනී වගකීම් සහිත ධූරයකට කොහෙත්ම සුදුසු නැත. එම නියෝජිතයන් පත කර තිබියදී ඔවුන් මධ්‍යස්ථාන වලට නොපැමිණියේ නම් වරද ඇත්තේ ඒ නියෝජිතයන් අත ය. ඔවුන්ට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණීම වැළැක්වූයේ නම් හෝ ඔවුන්ට බාධා එල්ල වූයේ නම් ඔවුන් ඒ ගැන පැමිණිළි කළ යුතුය. සුළු පැමිණිලි කීපයක් හැරෙන්නට එවැනි පැමිණිලි කිසිත් ලැබී නැත. එනිසා ෆොන්සේකා මහතාගේ නියෝජිතයන් ඉදිරියේ ඡන්දය ගණින ලද බව පැහැදිලිය.
ඡන්ද පත්‍රිකා මිටි බැඳීමේදි යම් වරදක් සිදු වූයේ නම් මේ නියෝජිතයන් ඒ දැකිය යුතුය. එක්කෝ ඔවුන් අන්ධ විය යුතුය. නැතිනම් මිටි බඳින්නා මැජික් ශූරයකු විය යුතුය. නැතිනම් නියෝජිතයන් 15-20 ඉදිරියේ ඉහත ක්‍රියාව කලේ කෙසේදැයි සිතා ගත නොහැක. එලෙස යම් අක්‍රමිකතාවක් සිදු වූයේ නම් උක්ත නියෝජිතයන් ප්‍රතිඵල ලේඛණයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ යුතුය. එවැන්නක් ද සිදු වී නොමැත. එබැවින් ඡන්ද ගණන් කිරීම නිසි පරිදි සිදු වී ඇති බව සුපැහැදිලිය.
අවසන් ප්‍රතිඵල ලේඛණය සකසන විට මැතිවරණ ලේකම් කාර්‍යාලයේදි "විජ්ජාවක්" හෝ "ජිල් මාට්" එකක් සිදු වී ඇතැයි යන තර්කය අපි සලකා බලමු. එසේ නම් ෆොන්සේකා මහතාහෙ ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයන් කළ යුත්තේ ආසන මට්ටමින් ඔවුනට ලභා දුන්, ඔවුන් විසින් අත්සන් තබා සහතික කළ, ප්‍රතිඵල ලේඛණ රැගෙන විත් එය ඔප්පු කර පෙන්වීමය.එවැන්නක් ද මේ වන තුරුත් සිදු වී නොමැත. ඇත්ටෙන්ම කටකතා කීම පහසුය. ඒවා ඔප්පු කිරීම මර කැඩෙන වැඩකි.
ෆොන්සේකා ෆෑන්ස් ලා ඔවුන් පැරදී ඇති බව දැන්වත් වටහා ගත යුතුය. ජයගත් පසට බොරුවට බැණීමට වඩා තම දුර්වලතා හඳුනා ගෙන හැකි නම් මහ මැතිවරණය දිනීමට ඔවුන් ඉටා ගත යුතුය. පදනම් විරහිත බොළඳ තර්ක ගෙන ඒමෙන් ඔවුන් රටේ බුද්ධිමත් ජනයාගේ සිනහවට ලක් වීම සිදු වන අතර, ඔවුන්ගේ ප්‍රතිරූපය වැනසීයාමද සිදු වේ.