View Full Version : • ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •
Planthis
02-01-2010, 09:05 PM
ශ්‍රී ලංකාවේ සර්පයෝ
http://farm3.static.flickr.com/2659/4188086822_1a6b4fc479.jpg
පොල්මල් කරවලා
අප රටේ සර්ප විශේෂ 96 ක් පමණ හමුවන අතර ඉන් 35 දෙනෙකු පමනක් විෂ සහිතය. එනම් ඉතිරි සර්ප විශේෂ 61 ම විෂ රහිත හෝ මිනිසාට හානි කල නොහැකි තරම් අඩු විෂ සහිතය.
සර්පයන් අප අවට පරිසරයේ තුල්යතාව කෙරේ විශාල බලපෑමක් ඇති කරයි. එනම් පරිසර සමතුලිතතාව කෙරේ ඔවුන්ගේ ඇති බලපෑම අති මහත්ය.
" විෂගෝර සර්පයා, දෑක නෑර මෝඩයා " යන්න අප සමාජයේ ප්‍රකට කියමනක් වන අතර එය මුලින්ම ප්‍රකාශ කල කෙනා සැබැවින්ම අදහස් කලේ කුමක්ද යන්න පිලිබදව අදටත් වාද විවාද පවතී. අයෙක් පවසන්නේ විෂ සහිත සර්පයා දුටු තැන මරා නොදමන්නේ මෝඩයන් බවය. තවත් අයෙක් එය එසේ නොවන බවත් විෂ සහිත සර්පයා මග නොහැරීම මෝඩ කමක් බව පවසති. තවත් විවිධ ආකාරයේ විග්‍රහයන්ද මේ වටා පවතී...
කෙසේ නමුත් අප සමාජය සර්පයා නමින් හදුන්වන මේ උරග ජීවියා කෙරෙහි දක්වන්නේ අතිමහත් බියකි. එම නිසා දුටු දුටු තැන මෙම සතුන් මරා දැමීම බොහෝ දෙනා සර්පයන් කෙරේ අනුගමනය කරන පොදු ක්‍රමයයි. මාද අත්විද ඇති පරිදි එය සත්යකි.
දිනක් මා වෑන් රියක ගමනක් යමින් සිටියදි මහා මාර්ගය හරහා ගැරඩියෙකු ගමන් කරමින් සිටි අතර රියදුරැ මහතා මට පැවසුවේ " ගැරඩියෙක් නිසා මග හරිනවා නයෙක් පොලගෙක් වගේ නම් ඔලුව උඩින්ම රෝදෙ අල්ලන " බවයි. තමන්ගේ පාඩුවේ ගමන් කරමින් සිටි සර්පයෙක් මරා දැමීම මහා වීරකමක් ලෙස පෙන්වීමට ඔහු උත්සාහ කලේය. මෙය බොහෝ තැන්වලට සත්ය තියරියකි..
බොහෝ දෙනා සර්පයන් මරා දමන්නේ නිවසේ වත්තේ හෝ පාලු වත්තක උන් සැගවී සිටින අවස්තාවලයි. එසේම සර්පයා මරා දමන්නේද ඉතා කෘර ආකාරයටයි. කොටින්ම සර්පයාගෙන් පලිගැනීමට මෙන් කිසිදු වග විභාගයකින් තොරවය. විෂ සහිත මෙන්ම විෂ රහිත සර්පයන්ද මේ දඩුවමට බොහෝ අවස්ථාවල හසුවේ... අප හදවත් තුලට කාවද්දා ඇති Anaconda භීතිකාවදෙ මෙයට එක් හේතුවක් වන්නට ඇත. එනම් සර්පයින් සොයා විත් පලිගන්නා බවයි. නමුත් ඔවුන්ට එතරම් බුද්ධි මට්ටමක් නොමැත..
කෑ ගසා තම වේදනාව පල කිරීමට නොහැකි වුවත් ඔවුන්ටද අන් සතුන්ට මෙන්ම වේදනාව දැනෙන බව ඔබත් අවබෝධ ක්අරගත යුතුය...
තමන්ගේ වත්ත පිරිසිදුව තබා නොගෙන මීයන් වැනි සතුන්ට අතවනා අඩගසා ගන්නා අය ඊලගට ගැරඩියෙක්, නයෙක්, පොලගෙකුගේ පැමිණීමද බලාපොරොත්තු විය යුතුය. මන්ද යත් සර්පයන්ද සාමාන්ය ජීවී කාණ්ඩයක්ම වන අතර ඔවුන්ද ආහාර සොයා ගමන් කරන නිසාය...
කෙසේ හෝ ඉවක් බවක් නැති ගාතනයන්, වැඩිවන ජනගහනය, පරිසර වෙනස්වීම් ආදිය නිසා දැනටත් අප භූමිය ( ශ්‍රී ලකාව ) තුලින් සර්ප විශේෂ දෙකක් සම්පූර්ණයෙන්ම වද වී ගොස් ඇත. තවත් විශේෂ 5ක් වද වී යාමේ තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 13ක් දුර්ලභ තත්වයට පත්වී ඇත. විශේෂ 41ක් තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 37 කගෙ තොරතුරැ සොයා ගැනීමට අපහසු තත්වයට පත්වී ඇත...
එනම් ලංකාවේ දැනට සිටින සියලුම සර්ප විශේෂ තර්ජනයට ලක්වී ඇති ජීවීන් බවයි...
ලංකාවේ වසරකට සර්පයන් නිසා වසරකට මරණ 600 ක් පමන සිදුවේ. එයින් 97%ක් ටම වග කිව යුතු වන්නේ නයා, තිත් පොලගා, තෙල් කරවලා යන සර්පයන්ය. මෙයිනුත් මරණ බොහොමයක් වාර්ථා වන්නේ වියලි කලාපයෙනි.
කෙසේ නමුත් පෙරෙත් මා සදහන් කල පරිදි සර්පයා යනු ගුප්ත ජීවියෙක් වුවත් මේ පාරිසරික තුල්යතාවයටත්, ස්වභාව සෞන්දර්යටත් අත්යාවශ්ය ජීවියෙක් බවයි. මාගේ මේ සටහන් වල අරමුණ මේ වටිනා ජීවී කොට්ටාශය වටා ඇති සත්ය තොරතුරැ පිලිබද ඔබව දැනුවත් කර ලංකාවේ සර්පයින් පිලිබදව ප්‍රමාණවත් දැනුමක් ( එදිනෙදා ජීවිතයට අවැසි තරමේ ) ලබා දීමයි...
මේ සටහන දිග හැරෙන්නේ අප ස්වභාවධර්මයාගේ විශිෂ්ට නිර්මාණයක් වූ ශ්‍රී ලංකා භූමියේ දැනට වාසය කරන සර්පයින් පිලිබදවය...
නමුත් ඒ තවත් එක් ජීවී කාණ්ඩයක් වෙනුවෙන් විතරක්ම නොවේ....
Killing an innocent takes only few minutes but.....
kavishad
02-01-2010, 09:06 PM
shaaaaaaaa maru ..........
Planthis
02-01-2010, 09:16 PM
පෙරත් මා සදහන් කර ඇති පරිදි ලංකාවේ සර්ප විශේෂ 96ක් පමණ හමුවන අතර ඉන් 35 දෙනෙකු පමණක් විෂ සහිතය.
මෙම විෂ සහිත සර්පයන් විෂෙහි ස්වභාවය අනුව කොටස් 2කි.
උග්‍ර විෂ සහිත සර්පයන්
මද විෂ සහිත සර්පයන්
මොවුන් අතරින් එදිනෙදා හමුවිය හැකි සතුන් පමණක් මෙහි පින්තූර සහිතව ඉදිරියට ඉදිරිපත් කරන අතර එමගින් ඔවුන් නිසි පරිදි හදුනා ගෙන ඔවුන්ගෙන් ආරක්ෂා වීමටත්, එමෙන්ම ඔවුන්ව ආරක්ෂා කිරීමටත් ඔබට හැකිවනු ඇතැයි සිතමි....
Planthis
02-01-2010, 09:21 PM
උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 20ක් මෙරට තුල හමුවේ. මෙයින් 13ක්ම කරදියවාසී වන අතර මුහුදු සර්පයන් / වාලක්කඩියන් නම්වේ. ලංකාව තුල දෂ්ට කිරීම් වාර්ථා වීම ඉතා දුලබය. ගොඩබිම වසන අනෙක් සර්පයින්ට වඩා ඉතා විෂ සහිතය..
http://museumvictoria.com.au/bioinformatics/snake/images/platslive3.jpg
http://zoltantakacs.com/zt/im/screencapture/enroute/uw/sea_snake_Laticauda_colubrina.jpg
Planthis
02-01-2010, 09:26 PM
ලංකා භූමිය තුල බහුලව හමුවන උග්‍ර වීෂ සර්පයන් ගණන 7කි. ඔවුන් නම්
වැලි පොලගා
තිත් පොලගා
තෙල් කරවලා
මුදු කරවලා
නයා
දෙපත් කලුවා
පොලොන් තෙලිස්සා
ඔවුන් පිලිබදව මීලගට දැක්වේ...
Planthis
02-01-2010, 09:36 PM
වැලි පොලගා - Saw scalle viper
http://lib.store.yahoo.net/lib/basegear/img159.gif
http://www.northwestwildlifeonline.com/SawScaleCloseup1cmp.JPG
http://z.about.com/d/goafrica/1/0/P/I/sawscaledviper.jpg
cMP08b3VNRI
නිශාචරයි. උග්‍ර විෂ සහිතයි කිපෙන සුලු ගතියක් ඇති සර්පයෙකි. එසේ කිපුනු අවස්ථාවල ශරීරය එකට අතුල්ලා පිඹිනවා වැබි ශබ්දයක් නිකුත් කරයි.
වියලි කලාපයේ බහුලයි. මන්නාරම සිට යාපනය දක්වා වෙරලබඩ කලාපයේ සුලබව ඇත. කටු පදුරැ සහිත පරිසර වලට වඩා කැමැත්තක් දක්වයි.
අඩි 2ක් පමණ වේ.
හදුනාගැනීමට
හිස මතුපිට ඇති ඊතලයක් වැනි සලකුණ
සම මතුපිට ඇති අලුවා කැට වැනි සලකුණු උදව් කර ගත හැක.
Planthis
02-01-2010, 09:46 PM
shaaaaaaaa maru ..........
:yes:
BUB123
02-01-2010, 09:56 PM
valuable thread
if u have more,post them pls
thx!
thilzz
02-02-2010, 12:14 AM
thank u for this great thread , keep updating :D
ela_eluwa120
02-02-2010, 12:32 AM
sarpayo gana kiyawanna
http://vanceofprincouver.blogspot.com/2010/01/how-casualties-of-snake-bites-can.html
m3pium
02-02-2010, 12:54 AM
Nice thread Bro.
Keep it up....:)
ela_eluwa120
02-02-2010, 12:55 AM
Nice thread Bro.
Keep it up....:)
akki..sarpayo gana more details methana thiyanawa..
http://vanceofprincouver.blogspot.com/2010/01/how-casualties-of-snake-bites-can.html
m3pium
02-02-2010, 02:27 AM
akki..sarpayo gana more details methana thiyanawa..
http://vanceofprincouver.blogspot.com/2010/01/how-casualties-of-snake-bites-can.html
Thanks malliyo.:P
Planthis
02-02-2010, 10:12 AM
thank u for this great thread , keep updating :D
එකිනෙක ඉදිරිපත් කරන්නම්...
valuable thread
if u have more,post them pls
thx!
එකිනෙක ඉදිරිපත් කරන්නම්...
Nice thread Bro.
Keep it up....:)
අදහස් ඉදිරිපත් කලාට සියලු දෙනාටම බොහොම ස්තුතියි...
DiLakshika
02-02-2010, 10:19 AM
interesting post!
your efforts shows through the post itself...
thanks for the compilation...keep updating
Planthis
02-02-2010, 10:22 AM
තිත් පොලගා - Russell's Viper
http://www.naturephoto-cz.com/photos/sevcik/russell%27s-viper--daboia-russelii.jpg
http://www.wildlifeofpakistan.com/ReptilesofPakistan/russellsviperdefensive.jpg
http://www.virginmedia.com/images/daboia-430.jpg
2sxMTliZArg
නිශාචරයි, නමුත් දවල් කාලයේද දැකිය හැකි සර්පයෙකි. උස් කදුකරයේ හැර දිවයිනේ අන් සියලු ස්ථානයකම ජීවත් වේ. අප රටේ වැඩිම මරණ සංඛ්යාවකට වගකිව යුතු සර්පයා වෙයි. ප්‍රමාණයෙන් වැලි පොලගාට වඩා විශාල අතර කුඹුරැ ආශ්‍රිතව ජීවත් වීමට කැමැත්තක් දක්වයි.
වහා පහර දීමට පෙලඹේ.
දිග අඩි 5ක් පමණ වේ.
හදුනාගැනීම
ලංවූ කල ඉතා තදින් පිඹී.
පහර දෙන විට දුන්නක් මෙන් එක්වර දිග හැරෙමින් පනින ස්වභාවයක් තිබුණද එය වැඩි වේලාවක් සිදු කල නොහැක.
ත්‍රිකෝණාකාර හිසක් ඇත.
ඉහල පෘෂ්ටයේ ඇති කිරිබත් කැට මෙන් සලකුණු.
ගුලි ගැසී පරිසරයේ වර්ණයට සමාන ආකාරයට සැගවී සිටින නිසා විමසිල්ලෙන් නොබැලුවහොත් හදුනාගැනීම අපහසු වනු ඇත.
tdevinda
02-02-2010, 10:25 AM
ela. keep it up.
හම්බ වෙන හැම සතාවම මරන අයට මේක හොඳ ලිපියක් වෙයි!
Djram
02-02-2010, 10:28 AM
Good post bro
rep +
Planthis
02-02-2010, 10:35 AM
තෙල් කරවලා - Common Krait
http://www.indianetzone.com/photos_gallery/7/common-krait_1560.jpg
http://farm1.static.flickr.com/42/80614655_c74a99e879.jpg
http://www.snakecell.org/wp-content/gallery/snakes/common-krait.jpg
WwkIVoCUhe4
ගොඩබිම වාසය කරන උග්‍ර විෂ සහිත සර්පයින් අතරින් උග්‍රම විෂ සහිත සර්පයායි. නිශාචරයි.
ජලාශ්‍රිතව සිටීමට ප්‍රියකරයි.
පහත රට පමණක් දැකිය හැක.
වියලි තණකොල, දිරාපත් වන කොලරොඩු වැනි දේවල් වල සැගවී සිටීමට ප්‍රියකරයි...
හදුනාගැනීම
කදෙහි උඩ පැත්ත කලු පැහතියි. උදරීයව සුදු පැහැතියි.
තෙල් දමා පිරිමැද්දාක් සේ දිලිසේ.
ශරීරයේ සුදු පැහැති මුදු 2ක බැගින් ඇත.
RajaPassa
02-02-2010, 10:45 AM
Machan Me sampurana Artical Eka PDF Vidihata Hadala Download Kara Ganna Danna Puluwan Da..?
Maxxa Thread aa !!
Planthis
02-02-2010, 10:47 AM
මුදු කරවලා - Ceylon Krait
http://www.news.lk/sinhala/images/stories/Multimedia_Gallery/Photo_Gallery/reptiles/mudu_karavala.jpg
http://www.uoregon.edu/%7Eddardano/snake/topfivedeadliestsnake_files/image013.jpg
o6XftA0pZ7k
නිශාචරයි. තෙල් කරවලා තරම්ම වාගේ විෂ සහිතය. තෙත් කලාපයේ ජීවත් වේ.
කොපමණ පෙලඹුවද දවල් කාලයේ දෂ්ට කිරීමට මැලිකමක් දක්වයි...
හදුනාගැනීම
ශරීරයේ ඇති පැහැදිලි මුදු සලකුණු වලින් පහසුවෙන් හදුනාගත හැක.
මෙම සර්ප විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.
එනම් ශ්‍රී ලංකා මාතාව ලද සජීවී උරැමයකි.
මරා දැමීමට පෙර දෙවරක් සිතන්න...
Planthis
02-02-2010, 11:01 AM
නයා - Cobra
http://news.nationalgeographic.com/news/2007/12/photogalleries/biggest-cobra/images/primary/longest-cobra-pictures-1.jpg
http://www.taoistsecret.com/Images/KingCobra.jpg
dwCX67jCoy4
සුප්‍රසිද්ධ සර්පයෙකි. මිත්යා විශ්වාස රැසක් සහිත සර්පයෙකි.
අප රටේ නම් උස් කදුකරයේ හැර අන් සියලු ස්ථාන වල වාසය කරයි.
දහවල් කාලයේ ක්‍රියාත්මක වුවද රාත්‍රියටද ක්‍රියාශීලීය.
ක්ෂණයකින් කිපේ. එවිට තම පෙනය විහිදුවයි. වේගයෙන් හුස්ම ගනිමින් ශබ්දයක් පිට කරයි. මේවා අනතුරැ හගවන සලකුණු වේ.
අඩි 6ක් පමණ දිගට වැඩේ.
අන්ධයෙක්ට හෝ කුඩා දරැවෙක් අතින් පෑගුනොත් දෂ්ට නොකර යන බවට විශ්වාස පවතී. එසේම පලිගන්නා සර්පයෙක් බවටද විශ්වාස පවතී..
නමුත් ඒවා සියල්ල අසත්යයි...
හදුනාගැනීම
පිරිමි සත්වයාගේ පෙනය හොදින් වැඩී ඇති අතර ගැහැනූ සත්වයාගේ එය හොදින් වැඩී නැත.
ශරීර වර්ණය එක් එක් සත්වයාට හා ජීවත් වන ප්‍රදේශ අනුව වෙනස් වේ...
ශරීරයේ පොල් කුඩු ඉස්සා වැනි සලකුණු ඇත.
snoop_ug
02-02-2010, 11:06 AM
ලංකා භූමිය තුල බහුලව හමුවන උග්‍ර වීෂ සර්පයන් ගණන 7කි. ඔවුන් නම්
වැලි පොලගා
තිත් පොලගා
තෙල් කරවලා
මුදු කරවලා
නයා
දෙපත් නයා
පොලොන් තෙලිස්සා
ඔවුන් පිලිබදව මීලගට දැක්වේ...
Machan ube thread eka sira but depath Naya nirvisha ganayata vatenne.......... mama AL valata kala project eka kale sarpayo gana....... godak hevva zoo eke inna uncle kenek set karagena..........
Planthis
02-02-2010, 11:12 AM
Machan ube thread eka sira but depath Naya nirvisha ganayata vatenne.......... mama AL valata kala project eka kale sarpayo gana....... godak hevva zoo eke inna uncle kenek set karagena..........
සමාවෙන්න. පොඩි වැරැද්දක් සිදුවී තිබෙන්නේ.
එය දෙපත් නයා නොව දෙපත් කලුවා ලෙසට නිවරදි විය යුතුයි.
බොහොමත්ම ස්තූතියි මචං වැරැද්ද පෙන්වලා දුන්නාට.:yes:
bandara77
02-02-2010, 11:22 AM
Good work machan...please keep posting, so curious to read next threads also about snakes.........
Planthis
02-02-2010, 12:44 PM
interesting post!
your efforts shows through the post itself...
thanks for the compilation...keep updating
Thanks Dil....
ela. keep it up.
හම්බ වෙන හැම සතාවම මරන අයට මේක හොඳ ලිපියක් වෙයි!
ඇත්තටම මචං ඒකත් එක හේතුවක්....
Good post bro
rep +
බොහොම ස්තූතියි මචෝ....:)
Machan Me sampurana Artical Eka PDF Vidihata Hadala Download Kara Ganna Danna Puluwan Da..?
Maxxa Thread aa !!
බලමුකෝ මචං..ඒකට වෙලාවක් තිබුනොත් PDF එකක් හදන්නම්...
Planthis
02-02-2010, 01:34 PM
Good work machan...please keep posting, so curious to read next threads also about snakes.........
:yes: I'm gonna post one by one mchn.......Thanx for the cmment....
Planthis
02-02-2010, 05:45 PM
දෙපත් කලුවා - Sri lankan Coral Snake
http://1.bp.blogspot.com/_h9atg7IBry4/SjNzbfGyJzI/AAAAAAAAAkc/s2uYQqukHdg/s320/Calliophis_melanurus.jpg
http://www.pdn.ac.lk/socs/zaup/reptiles/images/snake3/calliophis_melanurus_big1.jpg
http://i46.tinypic.com/2qaobhd.jpg
ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් වාර්ථා වේ. උග්‍ර විෂ සහිතයි. නමුත් මිනිසෙකුට හානිකිරීමට තරම් ශක්තිමත් සතෙකු නොවන නිසා හානිය අවමයි....
හිස හා වලිගය කලු පැහැතියි.
Planthis
02-02-2010, 05:52 PM
පොලොන් තෙලිස්සා ( කුණ කටුවා ) - Hump nosed viper
http://www.lfsru.org/image/lfsrc_hump-nosed--pitviper.jpg
http://4.bp.blogspot.com/_fbieQ6vDebI/SSEYz0lJsBI/AAAAAAAACS4/7Dc7_jbKgFY/s800/01.jpg
http://farm4.static.flickr.com/3246/2442351563_8da33e4b68.jpg
MXrZRYOWZ0E
නිශාචර සතෙකි. කෝපි, රබර්, කොකෝවා වැනි වගා වතුවල බහුලව දැකිය හැක. කිපුණු විට වලිගය අග සොලවති. යම් පෘෂ්ටයක සිටින විට හිස අංශක 45ක් පමණ ඔසවාගෙන සිටී.
අප රට තුල සර්පයන් නිසා සිදුවන මරණ ගණනින් 2%ක් පමණ මෙම සතුන් නිසා සිදුවේ.
මෙම සතුන්ගේ විෂ සදහා ප්‍රති විෂ දැනට ශ්‍රී ලංකාවේ නොමැත. ඒ සදහා මේ සතාගේ විෂහි අඩංගු රසායනිකවලට සමාන රසායනික වලට භාවිත කරන ප්‍රති විෂ භාවිතා කරයි...
හදුනාගැනීම
පැතලි ත්‍රිකෝණාකාර හිස.
හිස අංශක 45ක් පමන ඔසවාගෙන සිටීම.
wow nice thread machan keep postinghttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
Planthis
02-02-2010, 06:08 PM
වැලි පොලගා, තිත් පොලගා යන සර්ප විශේෂ Viperidae යන කුලයට අයත් වේ. මෙමෙ සර්පයන් දෂ්ට කල විට රැධිර ප්‍රවාහයට එකතුවන විෂ ඉතා සෙමින් ගමන් කර වෘක්ක, මොලය, හෘදය, ආහාර මාර්ගය යන ස්ථාන වල තැන්පත් වේ....
පහත ලක්ෂණ ඇති වේ
මූත්‍රා සමග ලේ පිටවීම
වීදුරැමස් වලින් රැධිර වහනය
ඉතා අධික වේදනාව
රැධිර කැටිගැසීමට යන කාලය අධික වීම
http://www.cobraman.net/mediac/400_0/media/Thursday3.jpeg
තෙල් කරවලා, මුදු කරවලා, නයා යන සර්ප විශේෂ Elapide කුලයට අයත් වේ. මොවුන්ගේ විෂ අණු ප්‍රමාණයෙන් කුඩාය. එමනිසා රැධිරය හරහා ඉක්මනින් පරිවහනය වේ. එසේම මෙම විෂ බොහෝ විට ස්නායු පද්ධතියට හානි කරයි....
දෂ්ට කලහොත් පහත ලක්ෂණ ඇතිවේ
ඇස් අඩවන් වීම
ගිලීම කථා කිරීම දුර්වල වීම
ක්ලාන්තය ඇතිවීම
ශ්වසන අපහසුතා ඇතිවීම
අධික බඩේ වේදනාව
විශේෂයෙන් තෙල් කරවලා ( මග මරැවා ) දෂ්ට කිරීමේදී ( බොහෝ විට පාන්දර 1-5ත් අතර ) හදුනා ගැනීමට ඉතා අපහසු වන අතර අධික උදර වේදනාව වයිද්යවරුන් පවා නොමග යවයි. එමනිසා බොහෝ අභිරහස් ලෙස මිය යෑම් වාර්ථා වන්නේ තෙල් කරවලාගේ දෂ්ටනයන් නිසායි.
http://www.venomous.com/snake/armpic.jpg
පොලොන් තෙලිස්සා දෂ්ටනයකදී තුවාලය අවට පේශි විනාශ වීමක් සිදුවේ.
blackcatcyb
02-03-2010, 07:46 AM
good work machan,very important thread...
nwnbs
02-03-2010, 02:33 PM
ෆට්ට ත්‍රෙඩ් එකක්නෙ මල්ලියා... :D නියමයි... ගොඩක් වටින ත්‍රෙඩ් එකක් :)
tchin123
02-03-2010, 02:41 PM
hari watina thread ekak!
somadasa
02-03-2010, 02:45 PM
maxxa thread
Planthis
02-08-2010, 08:42 PM
මෙහි සදහන් කල සර්පයින් හැරැණු විට ලංකාවේ වෙසෙන ඉතිරි සියලුම සර්පයින් මද විෂ හෝ සුලු විෂ සහිත සර්පයින් වන අතර ඔවුන් දෂ්ට කිරීමෙන් මරණ සිදු නොවේ...
පලා පොලගා මද විෂ සර්පයෙක් වන අතර දෂ්ට කලොත් අවට ඉදිමීම වේදනාව ඇතිවීම පමණක් ඇතිවේ..
http://www.survivaliq.com/survival/PIC/img145.jpg
http://www.killeenhousehotel.com/images/7/a304_green_pit_viper.jpg
එමනිසා මෙවැනි සතුන් නිකරැනේ මරා දැමීම ස්වභාවධර්මයාට කරන විශාල අසාධාරණයකි....
Nalindax
02-08-2010, 08:49 PM
woow patta machan very valuable...
Climax
02-08-2010, 08:51 PM
ela ela...........patta thread eka
Planthis
02-08-2010, 09:00 PM
සුලු විෂ සහිත සර්පයින් විශේෂ 12ක් ඇත. ( සමහර සත්වයින් ඉතා දුර්ලභ බැවින් ප්‍රමාණවත් ඡායාරෑප සොයාගත නොහැකි විය...)
1. ලේ මාපිලා
http://1.bp.blogspot.com/__ctho0P_LMc/SqABXx0L_II/AAAAAAAABFc/CKJk0IScr_Y/s400/Forsten%2527s_Cat_Snake_At_Yala%5B1%5D.jpg
http://farm4.static.flickr.com/3216/2799804319_3cb64bf8f1.jpg?v=0
නිලීන විශේෂය ලෙසට රතු පැහැති සතුන් ඇතිවේ. ව්ෂ වෙනසක් නැත....
2. රෑන් මාපිලා
http://www.indianetzone.com/photos_gallery/10/Indian-Gamma_1556.jpg
3. පදුරැ මාපිලා
http://4.bp.blogspot.com/_fbieQ6vDebI/ShaITXO-HrI/AAAAAAAACrs/4qnjPO49pX8/s400/13.jpg
4. නිදි මාපිලා
http://www.ineedcoffee.com/07/snake/images/46.jpg
http://www.ineedcoffee.com/07/snake/images/47.jpg
5. කහ මාපිලා
http://www.ephotocorp.com/lightbox/gallery/Reptiles/Snakes/gallery_B20320.jpg
http://farm4.static.flickr.com/3086/2620889112_6aa8e67ede.jpg?v=0
6. ඇහැටුල්ලා
http://www.xcalak.info/images/florafauna/green_vine_snake_l.jpg
http://www.indiamike.com/photopost/data/503/Friendly_green_vine_snake.JPG
7. හෙන කදයා
http://www.1-costaricalink.com/costa_rica_fauna/wildlife_images/brown_vine_snake.jpg
http://www.drakebayholiday.com/drake_bay_costa_rica_vinesn.jpg
8. කුණු දිය කලුවා
http://www.blogcdn.com/www.diylife.com/media/2008/06/dog-faced-water-snake.jpg
http://4.bp.blogspot.com/_9jTkGowIILg/SHiNA4ga1MI/AAAAAAAAFJM/xq6TXmxJML0/s400/tioman22.JPG
http://www.siamreptile.com/webboard/post_webboard_02/1143454023_7123.jpg
9. පොල්මල් කරවලා
http://members.fortunecity.com/ukp001/naja/colubridae/chrysopelea_ornata_1.jpg
http://myitchyfingers.files.wordpress.com/2009/05/paradise-tree-snake2.jpg
http://www.arachnoboards.com/ab/attachment.php?attachmentid=20526&stc=1&d=1083272963
10. දගර දණ්ඩා
http://m.blog.hu/re/reptile/image/Chrysopelea%20paradisi2%281%29.jpg
11. දිය වර්ණ
http://www.ecologyasia.com/images-a-j/gerards_water_snake_5749.jpg
http://www.ecologyasia.com/images-a-j/gerards_water_snake_5753.jpg
http://www.ecologyasia.com/images-a-j/gerards_water_snake_5756.jpg
12. මල් කරවලා
http://3.bp.blogspot.com/_fbieQ6vDebI/R1XYUWGyQzI/AAAAAAAAAio/WKXN6Pgqlz8/s400/snake2.jpg
Planthis
02-08-2010, 09:04 PM
wow nice thread machan keep postinghttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
good work machan,very important thread...
ෆට්ට ත්‍රෙඩ් එකක්නෙ මල්ලියා... :D නියමයි... ගොඩක් වටින ත්‍රෙඩ් එකක් :)
hari watina thread ekak!
maxxa thread
ස්තූතියි ඔබ සියලු දෙනාටම....
ela_eluwa120
02-13-2010, 06:53 AM
bump
kassaD
02-13-2010, 07:16 AM
patta thread eka machan! keep it up
Planthis
02-13-2010, 08:42 AM
patta thread eka machan! keep it up
බොහොම ස්තූතියි කස්සා...:)
bump
බොහොමත්ම ස්තූතියි සහෝදරයා....:)
Teena@
02-13-2010, 06:39 PM
thankz for informing
DiLakshika
02-13-2010, 07:42 PM
thanks alot for this valuable information
Planthis
02-13-2010, 08:24 PM
thankz for informing
thanks alot for this valuable information
Mostly welcome sisters....:)
IcedEarth
02-14-2010, 04:44 AM
elama thamai!!
kulasingha
02-15-2010, 04:45 PM
Very valuable thread machan.................
thank so much
Planthis
02-15-2010, 06:35 PM
elama thamai!!
Very valuable thread machan.................
thank so much
Thanks a lot for your comments brothers.:)
snowyrivers
03-01-2010, 10:01 AM
Very good work. Thank you very much.
ruwanfer
03-01-2010, 11:02 AM
Bohoma watina thread ekak.. bohoma sthuthi.. rep+
Planthis
03-01-2010, 11:44 AM
Very good work. Thank you very much.
Bohoma watina thread ekak.. bohoma sthuthi.. rep+
දෙයක් ගත්තානම්, එච්චරයි සහෝදරයා. ප්‍රතිචාර වලට ස්තූතියි.:)
nishshankapieris
03-09-2010, 11:08 AM
Patta Thread.....
nishshankapieris
03-09-2010, 11:10 AM
Maxxa....
Planthis
03-09-2010, 05:42 PM
Patta Thread.....
Maxxa....
Thanks bro....
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.