akalanka_yapa
02-02-2010, 11:43 AM
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5475:2010-02-01-18-40-09&catid=35:2008-10-13-08-30-14&Itemid=63
http://www.lankatruth.com/sin/images/photos/Organizations/Local/IHR/nem_ihr_logo%20copy.jpgපූර්ව මැතිවරණ ක‍්‍රියාවලියත් මැතිවරණ දිනය තුළ සිදුවීම් පිළිබඳවත් විශ්ලේෂණය කිරීමේදී ජනාධිපතිවරණය නිදහස් සාමකාමී සාධාරණ මැතිවරණයක් නොවන බව පසුගිය ජනාධිපතිවරණ මැතිවරණය සම්බන්ධයෙන් තම නිගමනය බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය නිවේදනය කරයි.
2010 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරක්‍ෂණ සහ නිගමන ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.
2010 ජනාධිපතිවරණය නිළ වශයෙන් ප‍්‍රකාශයට පත් කළ 2009 නොවැම්බර් 23 දින සිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ල පාහේ ආවරණය වන පරිදි මැතිවරණ නිරීක්‍ෂකයින් 3781 ක් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය විසින් පත්කරන ලද අතර ඡන්ද විමසීම පැවති 2010 ජනවාරි 26 දින නිරීක්‍ෂකයන් 5782 ක් යොදවන ලදී. එම නිරීක්‍ෂකයන්ගෙන් ලද වාර්තා මෙන්ම මහජනතාවගෙන් සහ රාජ්‍ය සේවයේ නොයෙකුත් නිලධාරීන් ගෙන් ලද සනාථ කරනු ලැබූ තොරතුරු අප විසින් විශ්ලේෂණය කරන ලදි. ඒ අනුව 2010 ජනවාරි 26 වන දින පවත්වනු ලැබූ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පහත නිගමන වලට ඒමට හැකිවිය.
රාජ්‍ය දේපළ, සම්පත් හා නිලධාරීන් ආණ්ඩු පක්‍ෂ අපේක්‍ෂකයාගේ මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් යොදවා ගැනීම මැතිවරණ, පරිපාලන හා මූල්‍ය නීති උල්ලංඝනය කිරීමකි. එසේ ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සියලූම අපේක්‍ෂකයන්ට තිබිය යුතු සමාන අවස්ථා අහිමි කිරීමකි. එසේ ම එමඟින් මැතිවරණ ව්‍යාපාරයේදී අනෙකුත් අපේක්‍ෂකයන් අභිබවා ඉදිරියට යාමට ආණ්ඩු පක්‍ෂ අපේක්‍ෂකයාට අවස්ථාව හිමි විය.
සිව් දෙනෙකු ඝාතනය වෙමින් වර්ධනය වූ පූර්ව මැතිවරණ ප‍්‍රචණ්ඩත්වය ඒ ඒ අපේක්‍ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරය අඩාල වීමට ප‍්‍රබල බලපෑමක් ඇති විය. විශේෂයෙන් මැතිවරණ ප‍්‍රචාරක කාර්යාල වරින් වර ප‍්‍රහාරයට ලක්වීම නිසා අපේක්‍ෂකයන්ගේ ප‍්‍රතිපත්ති හා අදහස් ඉදිරි වැඩපිළිවෙල ඡන්දදායකයන් වෙත ගෙන යාමේ දුර්වලතා ඇති විය. මෙහිදී ප‍්‍රධාන විපක්‍ෂ අපේක්‍ෂකයාගේ මැතිවරණ කාර්යාල 296 ක් ප‍්‍රහාරයට ලක්වීම සැළකිල්ලට ගත යුතුය.
නාමයෝජනා භාරදුන් දිනයේ සිට රාජ්‍ය මාධ්‍ය සියලූ උපමාන හා ප‍්‍රතිමාන බිඳ දමමින් ආණ්ඩු පක්‍ෂ අපේක්‍ෂකයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම ජනමතය කෘතිමව නිර්මාණය වීමට ප‍්‍රබල බලපෑමක් එල්ල කරලීය. එසේ ම විපක්‍ෂ ප‍්‍රධාන අපේක්‍ෂකයා ඉලක්ක කරගනිමින් ගෙන ගිය අපහාසාත්මක ප‍්‍රචාරයත් එම චෝදනාවට පිළිතුරු දීමට අවස්ථාව අහිමි කිරීමත් නිසා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට විශාල වශයෙන් අවාසි සිදුවිය.
පොලිසියේ පක්‍ෂග‍්‍රාහීත්වය හා අකාර්යක්‍ෂමතාවය නිසා නීතිය හා ආරක්‍ෂාව පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටිණි. කිසියම් කණ්ඩායමකින් හෝ පුද්ගලයකුගෙන් අසාධාරණයක් සිදුවූ විට නීතියෙන් තමන්ට ආරක්‍ෂාවක් නොලැබේය යන මනෝභාවයට ඡන්ද දායකයන් පත්වීම ඔවුන් විශාල වශයෙන් මැතිවරණ ක‍්‍රියාවලියෙන් ඉවත් වීමට හේතු විය.
වසර ගණනාවක් තිස්සේ ත‍්‍රස්තවාදය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි කර තිබූ උතුරේ ජනතාවට රාජ්‍ය නායකයා තෝරන 2010 ජනාධිපතිවරණ දින ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී බාධා එල්ල වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය තහවුරු කිරීමට තිබූ මහඟු අවස්ථාව අහිමි කරලීය. ඒ වෙනුවට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට ප‍්‍රධාන ප‍්‍රවාහයෙන් ඉඩක් නැත යන අහිතකර පණිවිඩය ඔවුන් වෙත ලබාදෙන ලදි.
ඡන්දය ප‍්‍රකාශ කළ දිනයේ දකුණේ ස්ථාන කිහිපයක ඡන්ද නීති උල්ලංඝනය කිරීම, ඡන්ද පොළ නියෝජිතයන් පලවා හැරීම සහ ඡන්දදායකයන්ට බාධා කිරීම මගින් සිදුවූ බලපෑම් නොසලකා හැරියද උතුරේ ඡන්දදායකයන් විශාල ප‍්‍රමාණයකට ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වීම අවසන් ප‍්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් එල්ල කරලීය.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන විශාල ප‍්‍රමාණයක විපක්‍ෂයේ නියෝජිතයන්ට තර්ජනය කොට පහර දී පලවා හැරීම අවසන් ප‍්‍රතිඵලයේ සුජාතභාවය සම්බන්ධයෙන් සැක සංකා උපදවන්නකි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් ගත් කළ යහපත් ප‍්‍රවණතාවයක් නොවේ.
පූර්ව මැතිවරණ ක‍්‍රියාවලියත් මැතිවරණ දිනය තුළ සිදුවීම් පිළිබඳවත් විශ්ලේෂණය කිරීමේදී 2010 ජනාධිපතිවරණය නිදහස් සාමකාමී සාධාරණ මැතිවරණයකන් බව නිගමනය කළ නොහැකිය යන්න මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලයේ අදහසයි.