PDA

View Full Version : එදා පෙන්නපු ඉඩිඅමීන් රූප රාමු අද සජීවීව ‍ş


akalanka_yapa
02-05-2010, 01:24 PM
http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5521:2010-02-05-06-34-08&catid=34:2008-10-13-08-28-51&Itemid=27
එදා රූපවාහිනියේ පෙන්වූ ඉඩිඅමීන් චරිතය මේ වන විට රටේ සජීවීව දක්වට ලැබෙන බවත්, විපක්ෂයට හිතවත් පුද්ගලයින් මර්දනය කරමින්, මාධ්‍ය මර්දනය කරමින් පැහැදිලිවෙමින් තිබෙන බවත්, මීනිනරුවන් සුදු ඇඳගෙන එම මළ ගෙදරටම ගොස් කණගාටුව පළ කරමින් එය තහවුරු කරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. අද පැවැති හදිසි නීති විවාදයට සම්බන්ධවෙමින් ඒ මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා මෙසේ ද පැවසීය.
"අද ‍මේ කතා කරන මොහොතේ අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු සහෝදරයා අවසන් ගමන් යන අවස්ථාව. අද මේ හදිසි නීතිය නැවත වරක් සම්මත කරන්න හදන මොහොත. මේ මරණය සිදු කළේ කවුද? ඒකට වගකිව යුත්තේ කවුද? ඒ මිතීවරුවේ වෙන කවුරුත් නෙමෙයි මේ ආණ්ඩුවමයි.

පෙනුමෙන් සිල්වත් වුණත් වැඩක් නැහැ හරයෙන් සිල්වත් විය යුතුයි. සිවුරෙන් හෝ රෙදි වලින් ඇත්ත හරයේ නැහැ. මේ පාලනයක් ඒ වගේමයි. දේශපාලන වශයෙන් වෙනස් අදහස් දරන අය ඝාතනය කරන්නේ ඒ වගේ තත්වයක. අවුරුදු 62 ක නිදහස මේකද? විරුද්ධ මත දරන්න මේ රටේ අද නිදහසක් නැහැ. අයිතියක් නැහැ.

මේ ආණ්ඩුව වෛරය වපුරනව. 26 වෙනිදා මැතිවරණය අවසන් වුණ මොහොතෙම මැතිවරණ ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි පිරිස්වලට තිරිසන් ලෙස පහර දුන්න. නීතිය සාමය ආරක්ෂා කරන ‍පොලිසියට ඒ තත්ත්වය පාලනය කරන්න බැරි වුණා. අද මේ හදිසි නීතිය සම්මත කරන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් ඇවිත් ඉන්නව. අපි ඔබට කියනව ඔබ‍ගේ ඔය නීතියට, කබායට බැරි වුණා ඒ තත්ත්වය පාලනය කරන්න. නීතිය සාමාය ආරක්ෂා කරන්න. අපිට බොහොම කණගාටුයි ඒ ගැන. මේ තත්ත්වය දිගින් දිගටම ගෙනි යන්න බැහැ. අපි එයට එරෙහිව මැදිහත් වෙනවා.

පසුගියදා ලංකා පත්තරේ සීල් තිබ්බ. ඒකෙ ප්‍රධාන කර්තෘ මාස තුනකට අත්අඩංගුවට අරන් තියෙනව. හේතුව තමයි ආණේඩුවේ වංචා දූෂණ හෙළි කිරීම. මේකටද හදිසි නීතිය දීර්ග කරන්නෙ. අතීතයේදී යාපනය පුස්තලකාලය ගිනි තිබ්බ පාලකකයෝ මහ ඉහළින් උදම් ඇණුවා අපි දින්න කියල. නමුත් ඒකෙ ප්‍රතිපල මේ රටම වින්ද. අද මේ ආණ්ඩුව ලබා ගත්ත ජයග්‍රහණයත්, උදම් ඇනීමත් ඒ වගේමයි.

තිස්සමහාරාම ප්‍රා‍දේශීය සභාව රටටම ආදර්ශයක් දුන්න. මුළු රටේම ප්‍රාදේශිය සභාවල සභාපතිවරු තිස්සට ගිහින් ඒක බැළුව. අද මේ ආණෟඩුවේ වෛරී දේශපාලනය නිසා ඒක බලහත්කාරයෙන් පවර ගන්න හදනව. මේකද ආණෟඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය.

ඒ විතරක් නෙමෙයි අපි ඉතිහාසයේ කවදාවත් නොදැකපු දේවල් රාජ්‍ය මාධ්‍යවල දැක්ක. තමන්ට හිතවත් පිරිස් යොදවල මාධ්‍ය මෙහෙයුමන් කළා. මේ ආණ්ඩුව පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළා නම් කුමන්ත්‍රණයක් කරල ඒ ජයග්‍රහණය උදුර ගන්නත් උත්සහ කළා. ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්ගේ හෘද සාක්ෂිය මේ ගැන දන්නව. මේක තමයි නියම ක්‍රමන්ත්‍රණය. අන්තිමේදී මේ ඡන්දෙ මංකොල්ල කෑව. මේ රටේ මුළූ මහත් ජනතාව ඒක දැක්ක. මහ දවාලේ කාන්තාවකට පිහියක් පෙන්නල මාලේකඩා ගන්නව වගේ මේ ආණ්ඩුව ඡන්දය කොල්ල කෑව. දැන් විවිධ සාටෝප දාල ඒක වහන්න හදනව. ඒක වහන්න බැහැ.

මේ හොරකමේ කොටස්කරුවො බවට අද හෙළ උරුමයේ හාමුදුරුවරුත් ලක් වෙලා. මේ ආණ්ඩුවේ හොරකම් වහල, ඒ ගැන නිහඬව ඉඳල ඒ ස්වාමීන් වහන්ස්ලත් මෙකෙ කෙටස්කරුවො වෙලා. නිවන් යන්න ගිහින් දැන් ආපස්සට ගිහින් තියෙනව.


අදවනතුරුත් ප්‍රගීත් ගැන කිසිදු සඳහනත් නැහැ. වයසක අම්ම කෙනෙක් "ගෙදර බුදුන්" කියල කියපු අම්මව මරල දැම්ම. මේ ආණ්ඩුව ආපහු යන්නේ ප්‍රභාකරන්ගෙ තැනට. තැඹිලිමුල්ල පන්සලේ හාමුදුරුවො වෙඩි තියල මැරුව. දැන් ඒ මිනීමරුවම සුදු ඇඳගෙන මළ ගෙදර යනව. මේකයි අද රටේ තත්වය.

අද වෙනකොට ආරක්ෂක ලේකම්වරයා දේශපාලන පක්ෂ නායක‍යින්ට දුරකතන ඇමතුම් දීල තර්ජනය කරනව. ඔහුට ඒකට නියෙන අයිතිය මොකද්ද? ප්‍රභාකරන්ගෙ කාලෙ මෙහෙම දේවල් සිද්ධ වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි ආරක්ෂක ලේකම් මාධ්‍ය ආයතනවලට තීනි දාල. දැන් කිසිදු දෙයක් පළ කරන්න තහනම්. මේව රටේ තිබුණු නීති නෙමෙයි. ආරක්ෂක ‍ලේකම් මාධ්‍ය ආයතනවලට ලියුම් එවල මගේන අහන් නැතුව ප්‍රවෘත්ති පළ කරන්න එපා කියල තර්ජනය කරනව. මෙතනටයි අද රට ගිහින් තියෙන්නෙ.

එදා රූපවාහිනයේ ඉඩිඅමීන්ගෙ චිත්‍රපටයෙ රූප රාමු දැන් අපේ ඇස් ඉදිරිපට සජීවීව දකින්න තියෙනව. විපක්ෂයේ රාජ්‍ය සේවකයෝ මර්දනය කරනව. මාධ්‍ය මර්දනය කරනව. මේක තමයි ඉඩිඅමීන්. මෝඩයට බලය ලැබුණම හරියට අශ්වයට අං ලැබුණ වගේ. මේ රටේ දැන් තියෙන්නේ එබඳු තත්ත්වයක්. මේ තත්ත්වය අපි වහාම වෙනස් කළ යුතුයි.

ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුව ජාතිවාදය වපුරනව. කොමියුනිස්ට් පක්ෂ නායකයෝ, සම සමාජ නායකයෝ මේ ජාතිවාදය වපුරද්දි නිහඬව සිටිය. මොකද බලයට, වරප්‍රසාදවලට තියෙන කෑදරකම වෙනුවෙන් නිහඬව සිටිය. අපි ඉල්ලා සිටිනව මේ තත්ත්වය වෙනස් කළ යුතුයි, ඒ වෙන්වෙන් දැන් වත් එක් වෙන්න කියල. මේ ජාතිවාදී තුච්ඡ දේශපාලනයට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්. ඒකට අපි බලලෝභීව කටයුතු කරන්නේ හෝ, බලලෝභීව මේ ගමන ආපස්සට හරවන්න අපි සූදානම් නැහැ. අපි මේ රටට අහිතකර මතවාද හා ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිෂ්ඨානශීලීව කටයුතු කරන්න සූදානම්."

sandun_kg
02-06-2010, 11:35 PM
thota wadak naththnam hukapan huththo ube ammata

:no::no::no::no::no: Mind ur language boy
Every single person in EK has the right to express what he feels

Nalindax
02-06-2010, 11:39 PM
:no::no::no::no::no: Mind ur language boy
Every single person in EK has the right to express what he feels

:yes: