yehank
02-05-2010, 07:20 PM
මහින්ද චින්තනයේ මතට තිති වැඩසටහන ක්‍රියාත්මනක වෙමින් තිබියදී රටේ මත්පැන් පානය කිරීමෙන් සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවී ඇති බව හෙළී වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ වාචික පිළීතුරු අපේක්ෂෘ කරන ප්‍රශ්න විමසීමේ අවස්ථාවේදීය.
මේ අවස්ථාවේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ප්‍රශ්නයක් නගා තිබුණේ 2006 වර්ෂයේ සිය 2009 වර්ෂය දක්වා දිවයින පුරා සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව කොපමණද? එයින් මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසු රිය ධාවනය කිරීමෙන් සිදුවූ රිය අනතුරු හා මාරක අනතුරු කොපමණද? යන්න පිළීබඳවයි.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ මන්පැන් පානය කර රිය පැදවීම හේතුවෙන් 2006 වසරේ 1205 ක්, 2007 වසරේ 1461 ක්, 2008 වසරේ 1522 ක්, 2009 වසරේ 1047 ක් බවයි.
මෙහිදී නැගී සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ මහින්ද චින්තනයේ මතට තිති ක්‍රියාත්මක වුවත් වාර්ෂිකව මත්පැන් පානය කර රිය පැදවීමෙන් ඇතිවූ රිය අනතුරු සංඛ්‍යාව වැඩිවී ඇති බවයි. මේ අවස්ථාවේදී පිළිතුරු දීමට නැගී සිටි දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ "චුට්ටක් ගත්තට කමක් නෑ කියල නේද කිව්වෙ" යනුවෙනි. මෙහිදී නැගී සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ "සුරාමේරය මජ්ජපමාදට්ඨානා එයාලට හොඳයි, අපිට නරකයි. යකෝ මේක මාර වැඩක්නෙ. අර මන්දිරයට ගෙනත් බොන්න දෙන්න හොඳයි. අපිට නරකයි. කමන් නෑ අපේ ස්වාමීන් වහන්සේලත් මේක අනුමත කරලනෙ තියෙන්නේ" යනුවෙන් පැවසීය.
http://www.lankatruth.com/sin/images/photos/Political/Parties/UNP/dayasiri_jayasekara.jpg
source:http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5514:2010-02-05-05-14-15&catid=35:2008-10-13-08-30-14&Itemid=63