PDA

View Full Version : ඡන්දය සුපිරිසුදු යයි කියන අය මේ ගැන කියන්Ş


nismok
02-06-2010, 11:15 AM
රත්නපුර කාර්මික විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය අසල කාණුවක තිබී හමුවූ ජනාධිපතිවරණ නිල ඡන්ද පත්‍රිකාවක ඡායා පිටපතකි මේ. පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා මහතාගේ ‘හංසයා’ ලකුණට ඡන්දය පාවිච්චි කර ඇති මෙම ඡන්ද පත්‍රිකාව අව්‍යාජ ඡන්ද පත්‍රිකාවක් බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ඔහුගේ නිල මුද්‍රාව සමඟ අත්සන ද යොදා සහතික කොට තිබෙනු මේ පත්‍රිකාවේ දැක්වේ.

ඡන්ද ප්‍රතිඵලය දූෂිත බවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයින් මෙන්ම ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් කෙනකු වන ජෙනරාල් ෆොන්සේකා මහතා ද පුන පුනා ප්‍රකාශ කරමින්, මෙය කොල්ලකෑ ඡන්දයක් බවට චෝදනා කරති.

එසේ තිබියදී ආණ්ඩුවේ ඇතැම් ප්‍රමුඛ පෙළේ ඇමැතිවරුන් කියන්නේ විපක්‍ෂයට ගණන්වත් එකතු කරගන්නට බැරි බවයි. ගණන් එකතු කිරීමට නොදන්නා විරුද්ධ පක්‍ෂය ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල සම්බන්ධව නිකරුණේ ආණ්ඩුවට චෝදනා එල්ල කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කර තිබිණි.

ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී කියා තිබුණේ ජනාධිපතිවරණ ප්‍රතිඵල දූෂිතයි පවසමින් විපක්‍ෂය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සටන් පාඨ එකතු කරමින් සිටින බවයි. ජනාධිපතිවරණය දූෂිතයි කියා බොරු ප්‍රචාර යවමින් උද්ඝෝෂණ කළාට ජනතාවගෙන් ඡන්දය ලබා ගන්න බැරි බවද ඇමැතිවරයා පවසා ඇත.

මැතිවරණ කොමසාරිස් මැතිවරණ ප්‍රතිඵල කිසිදු දූෂණයක් නොමැති බව කියා සිටියදීත් විපක්‍ෂය මෙවැනි ප්‍රචාර ගෙන යන්නේ ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව කෙරෙහි වැරැදි චිත්‍රයක් නිර්මාණය කිරීමට බවද ඇමැතිවරයා මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇත.

ඇමැතිවරයා මැතිවරණ කොමසාරිස්ගේ ප්‍රකාශය ගැන කරන ප්‍රකාශය මැතිවරණ කොමසාරිස්වරයාම නිශේධ කර ඇති බව මෙම අව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ කොමසාරිස්වරයාගේ අත්අකුරින් කර තිබෙන සටහනින් පෙනේ.

ජනාධිපති ඡන්දයේදී දූෂණයක් සිදුවූයේ නැතැයි පොළවේ පස් කකා කියන අය ඡන්දය සලකුණ කළ අව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් අසල කාණුවක තිබී හමුවීම ගැන කියන්නේ කුමක්ද යන ප්‍රශ්නය අපි මේ රටේ ඡන්ද දායකයින්ගේ අවධානයට යොමු කරවමු.


(ඡායා පිටපත පැහැදිලිව බැලීමට පහත ඡායාරූපය බලන්න)


http://www.unp.lk/portal_si/images/news3/Balet_Paper_J.jpg

Source : http://tinyurl.com/yz9p7ev