PDA

View Full Version : අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් ......


nismok
02-10-2010, 04:13 PM
අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ - මල්වතු මහ නායක හිමියෝ

වත්මන් පාලකයන්ගේ රඟ සොබාව සම්බන්ධයෙන් සෑම දෙනෙකුගේම ඇස් අරවන ප්‍රකාශකයක් ඊයේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ මුවින් දේශනා කෙළේය.

ඒ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් කරුණු කියා පෑමට ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මහනුවර පන්සලට ගොස් ඒ හිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මදක් කලකිරුණු ස්වරයකින් දෙසූ එම දේශනාව මහ නාහිමියන්ගේ වදනින්ම කියනවානම් මෙසේය.


‘ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’


‘අද වෙලා තියෙන්නෙ.. මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’


‘රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.’


‘අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ’


‘ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.’


‘ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?’


‘ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ.’

cQDdZflECek

akalanka_yapa
02-10-2010, 04:14 PM
Denwath sathyaya therum ganna
Oba wahanseta hisa namaa aachara karami

nismok
02-10-2010, 07:55 PM
Video Added :)

janaka33
02-10-2010, 10:28 PM
hmmmmmmmmmmmmm:(