yehank
02-11-2010, 10:40 AM
http://www.lankatruth.com/sin/images/photos/Buddhist/asgiri.jpg
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හදිසියේම අත්අඩංගුවට ගැනීම තමන් වහන්සේ කිසිසේත්ම අනුමත නොකරන බවත්, සිදු කළ ක්‍රියාව කිසිසේත්ම නුසුදුසු ක්‍රියාවක් බවත්, රටට විශාල සේවයක් කළ මෙතුමාට මීට වඩා ගෞරවාන්විත ලෙස සැලකිය යුතුව තිබූ බවත් ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියෝ පැවසූහ. පසුගිය 09 දා එක්සත් ජාතික පක්ෂ සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදී නාහිමියෝ මේ අදහස් දැක්වූහ. එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාහිමියෝ මෙසේ ද පැවසූහ.
"මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ හරියට දාමරිකයෙකු අත්අඩංගුවට ගන්නවා වගේයි. ඒ අවස්ථාවේදී ක්‍රියාකරපු ආකාරය අපි කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ. දාමරිකයෙකු වුවත් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් තියෙනවා. වැරදි තිබෙනවා නම් ප්‍රශ්න කිරීමේත් ක්‍රමයක් තියෙනවා. ෆොන්සේකා මහතා පැනල ගිහින් සැගවී සිටියේ නැහැ. එතුමා එළිපිට සිටි කෙනෙක්. අපි කවුරුත් අමතක නොකළ යුතුයි එතුමා රට වෙනුවෙන් යම් සේවයක් කළ කෙනෙක්.
කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කලබල නොකර කලකෝලාහල නොකර අවිහිංසාවාදීව තමන්ගේ විරෝධය පළ කිරීම සුදුසුයි. රට අවුල් කරන තත්ත්වයේ වැඩ නොකර සාමකාමීව කටයුතු කරන්න. ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ක්‍රමය වැරදියි. අයථා විදියට ගත් බව තමයි අපටත් ලැබී තිබෙන තොරතුරු අනුව පෙනී යන්නේ. අපිත් මේවා දැනගත යුතුයි.
පක්ෂ බේද නෑ. ෆොන්සේකා මහතා කවුරුත් ගරු කරපු කෙනෙක්. නීතිය එක හා සමානව පැවතිය යුතුයි. මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමා සමඟ සාකච්ඡා කරන්නම්."
source:http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5578:2010-02-11-03-58-13&catid=34:2008-10-13-08-28-51&Itemid=27