yehank
02-11-2010, 11:06 AM
http://www.lankatruth.com/sin/images/photos/Buddhist/MN_thithbatuwave.jpg
ලංකාවේ වත්මන් පාලකයා රට රවටන බවත්, තමන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නා බවට කියමින් බොරුවක් කරන බවත්, දැන් ඇතිවී ඇති තත්ත්වය උඩ සිය විහාරස්ථානයට නොපැමිණෙන ලෙස දැන්වීමට තරම් තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ අතිගරු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ පැවසූහ. උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් කරුණු පැවසීමට ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මල්වතු මහා විහාරයට ගොස් නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ නායක හිමියෝ මෙසේ ද පැවසූහ.
"ලියන්න එපායැ. රටේ තියෙන තත්ත්වය ගැන දැනගන්න ලියන්න ඕන. මාධ්‍යවේදියෙකුගේ යුතුකමක් ඇත්ත කීම. ඒ ඇත්ත දැන ගන්න අයිතියක් තියෙනව අපි කාටත්. ඒව වසංගන්න නෙමෙයි. එවැනි ලියන අය නැති කරනවනම් ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් නෙමෙයි. කාටත් ලියන්න නිදහස තියෙන්න ඕන. ඇත්ත කියන්නත් ඕන. ඒ අය අතුරුදහන් කරනවනම් ඒක වැරදියි. අනුමත කරන්න බෑ.’
අද වෙලා තියෙන්නෙ මේ රටට විශාල කීර්තියක් ගෙන දුන් යුද නායකය හිර කරන්. ලොකු අපරාධයක් ඒක. ඒ සිද්ධියෙ හැබෑ තත්වයක් නෑ මට පේන හැටියට. කොහොම නමුත් වරදක් කරල තියෙනවනම් සමාව දෙන්න වටිනව.’
රටේ දේශපාලන නායකයො රට රැවැට්ටීමක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ. අවවාද අනුශාසනා ගන්න එනව කියල බොරුවක් කරන්නෙ. අපි කියන දේ කරන්නෙ නෑ.
අපේ දුප්පත් මිනිස්සු ඉන්නව. මා ලඟ සම්පූර්ණ ෆයිල් එකක් තියෙනව. දුප්පත් අය අනිත් පැත්තට ඡන්දෙ දුන්න කියල නිදාගන්න නෑ කියල. ඒ අය ගෙනියන්න රෑට එන නිසා නිදා ගන්න නෑ කියල ඒ අය නිදා ගන්නෙ කැළේ. හරියට භීෂණ කාලෙ වගේ. අනුරාධපුරේ, දඹුල්ලෙ, මාතර පැත්තෙ ආදී නොයෙකුත් ප‍්‍රදේශවල. අපිටත් තියෙන්නේ රටට කියන්න විතරයි. අපටත් වෙන කරන්න දෙයක් නෑ.
ඡන්දයක් වෙලාවෙදි ඡන්දදායකයොත් දැනගන්න ඕන මේ වගේ මිනිස්සු මේ වගේ තැන්වලට නොයව ඉන්න.මේවයින් මේ තත්ත්වයක් උඩ දියුණුවක් නම් දකින්න ලැබෙන්නේ නෑ.
ඔයගොල්ලො ඇවිල්ල හිතේ අමාරුවට මට කියනව. මටත් කරන්න දෙයක් නෑ. අපි කියන දේ අහන පාලකයො නෑ. රටට පෙන්නුම් කරනව අපි කියන දේ අහන හැටියට. එයාට එහෙම දෙයක් නෑ. මට කියන්න හිතිල තියෙනව දේශපාලකයො මගේ පන්සලට එන්න එපා කියල. වැඩක් නෑ නේද?
ඒ වගේම අහිංසක මිනිස්සුන්ට කරදර කරනවනම් මොටද ඒ පාලකයො? අපි කියන ඒව සැලකිල්ලකට අරගෙන නැති බවනෙ අපට පේන්නෙ."
අදාළ වීඩියෝ දරශණ පහත පළවේ
<object width="425" height="349"><param name="movie" value="http://www.youtube.com/v/QHxjaeZwhuo&border=1&color1=0xb1b1b1&color2=0xcfcfcf&hl=en_US&feature=player_embedded&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowScriptAccess" value="always"></param><embed src="http://www.youtube.com/v/QHxjaeZwhuo&border=1&color1=0xb1b1b1&color2=0xcfcfcf&hl=en_US&feature=player_embedded&fs=1" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="425" height="349"></embed></object>
<object style="height: 344px; width: 425px"><param name="movie" value="http://www.youtube.com/v/cQDdZflECek"><param name="allowFullScreen" value="true"><param name="allowScriptAccess" value="always"><embed src="http://www.youtube.com/v/cQDdZflECek" type="application/x-shockwave-flash" allowfullscreen="true" allowScriptAccess="always" width="425" height="344"></object>
source:http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5567:2010-02-10-04-50-34&catid=35:2008-10-13-08-30-14&Itemid=63