PDA

View Full Version : Manna Lankawe Baluweda...


SLxMAN
02-11-2010, 01:53 PM
http://www.lankatruth.com/sin/images/photos/Oil/ceypetco.jpgලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් 70කට පමණ දේශපාලන හේතු මත ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පෙන්වා දෙන ලංකා ඛනිජතෙල් පොදු සේවා සංගමය මෙම නීති විරෝධී මාරුවීම් වහාම නතර කරන ලෙස ඉල්ලා සිටී. එම සංගමයේ ලේකම් සිරිපාල ගමගේ නමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ තවදුරටත් මෙසේ සඳහන් කර ඇත.
"පසුගිය ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශවීමටත් ප්‍රථම අප සංගමයේ කොළොන්නාව නිමාව තුළ තිබූ කාර්යාලය කඩා බඩුබාහිරාදිය එළියට ඇද දමා විනාශ කිරීමෙන් ඇරඹි ප්‍රචණ්ඩ ක්‍රියා තවමත් අවසන් කොට නොමැත. 28 වන දින සේවයට පැමිණි බොහෝ පිරිසකට ආයතනයට ඇතුළුවීමට ප්‍රථම පාරේ දණගස්වා ජනාධිපතිවරයාගේ පින්තූරයට වඳින ලෙස ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් සහ සභාපති ඇතුළු පිරිස අණ කළ අතර එය ප්‍රතික්ෂේප කළ අයට සේවයට වාර්තා කිරීමට ඉඩ නොලැබුණි. පසුව පහරදීම් ගණනාවක් සිදුවූ අතර මේ වනවිට 05 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස් වී ඇති බවද සඳහන් කර ඇත.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සේවකයන් සේවයට වාර්තා කිරීමට අවශ්‍ය ආරක‍ෂාව තහවුරු කරන ලෙස සභාපතිතුමාටත් පොලිස්පතිතුමාටත් 2010.02.01 දින ලිපි යොමු කළද ඉන් පසු සිද්ධීන් ගණනාවක්ම සිදුවී ඇත. ආසන්නම සිදුවීම ලෙස 2010.02.07 දින අප සංගමයේ මාධ්‍ය ලේකම් ඩී.ජේ.රාජකරුණාට පහරදී සේවා ස්ථානයෙන් ඉවත් කොට ඇත. ඔහු පොලිසියේ පැමිණිලි කළ ද එයට ක්‍රියාකාරී නොවී බලපෑම්වලට යටත්වී රාජකරුණා සහෝදරයා ජනාධිපතිතුමාගේ පින්තූරයට කෙළ ගැසුවේ යැයි අභූත චෝදනා නගමින් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට සැරසේ.

ඉන්පසු 2010.02.09 දින අප සංගමයේ විධායක සභික මනෝජ් විජේවීර සහෝදරයාට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඇතුළු කණ්ඩායමක් පැමිණ දරුණු ලෙස තුවාල සිදුවන තෙක් පහරදී සභාපතිවරයා ඉදිරියට ගෙනගොස් මොහුගේ අඩු කඩන බව ඔහු ඉදිරියේ ප්‍රකාශ කොට ඇත.

ඉන් නොනැවතී සේවකයින් 70 කට පමණ නීති විරෝධී ලෙස මාරුවිම් ලබාදී ඇත. සත්‍ය ලෙස මේ වනවිට ආයතනයේ පාලනය කළමනාකරුවන් අත නොව ශ්‍රිලනිප සේවක සංගමයේ පහළ මැර කණ්ඩායමක් අතට පත්ව ඇති අතර ඔවුන්ට රිසිසේ උසස්වීම් ප්‍රධානය කිරීම මගින් සමස්ත ආයතනය කඩා වැටීමට ලක්වෙමින් පවතී. මෙම තත්වය පාලනය කොට දේශපාලන පලිගැනීම් නවතා වෘත්තීය සමිති නායකයින් දඩයම්කිරීම වහාම නතර කරන ලෙස ඛනිජ තෙල් පොදු සේවා සංගමය ආණ්ඩුවට බලකර සිටී."


More Details:-

Please visit:-
www.kukula.ace.st (http://www.kukula.ace.st)

tharindu143
02-11-2010, 01:57 PM
BALU ANDUWA

love heart
02-11-2010, 02:17 PM
machan pirimi dana gassanawa nan unta konda pana tiyenna one pihi parawal aninna.
ganu dana gassuwanan dana gassapu unge nam adress meke dala publish karannako.eta passe balamu eyalata wena de