PDA

View Full Version : ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයට යොදා ‘විජය කුව#


somadasa
02-13-2010, 06:56 AM
ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයට යොදා
‘විජය කුවේණි’ කතාව සිනමාවට නඟනවා

http://img12.imageshack.us/img12/3219/av100214191.jpg



රංජිත් කුරුප්පු එක චිත්‍රපටයකින් හා එක පරිවර්තන කෘතියකින් රසිකයන්ගේ නොමඳ ප්‍රශංසාව දිනාගත් කලාකරුවෙකි.

‘පවන රළු විය’ ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයයි. ‘කාන්තාරයේ කුසුම’ ඔහු පරිවර්තනය කළ සාහිත්‍ය කෘතියයි. රංජිත් ඉන්පසුව තවත් පොත් කීපයක් ම සිංහලට නැඟුවේ ය. ‘මරණයේ දොරටුව‘ ‘යුද්ධයේ අතුරු කතාවක්’ හිට්ලර් ගේ අවසානය’ ‘ගිනි මැද සක්මන’ ‘කාන්තාරයේ දරුවෝ’ ඔහුගේ සෙසු පරිවර්තන ය. රංජිත් මේ දිනවල වෙසෙන්නේ ජර්මනියේ ය.


රංජිත් ඔබ මෑත අවදියේ පොත් කීපයක් ම පළ කළා. ඒත් අලුත් චිත්‍රපටයක් නම් අධ්‍යක්ෂණය කළේ නැහැ. ඒ ඇයි?

එක අතකට සතුටු වෙනවා හරසුන් චිත්‍රපට නොකර එකම එක චිත්‍රපටයක් පමණක් නිර්මාණය කිරීම ගැන. ඔබ දන්නවා, ‘පවන රළුවිය’ සම්මානීනය සිනමා පටයක් බවට පත්වුණා. එය ජර්මන් දෙබස් කවා එරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවක් වන ඒඅච් නාලිකාවෙන් දෙවතාවක් විකාශය කළා. අපේ රටේ චිත්‍රපට අතරින් ජර්මනියේ රූපවාහිනියෙන් එතෙක් විකාශය කරලා තියෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට විතරයි.

කොහොම වුණත් මම සිනමාවෙන් ඉවත්වෙලා නැහැ. මගේ මීළඟ චිත්‍රපටය වශයෙන් ‘දෝන කැතරිනා’ කතාව සිනමාවට නඟන්න සැලසුම් කරගෙන ඉන්නවා. දැනටමත් ඒ ගැන මට ජර්මන් හා පෘතුගාල චිත්‍රපට නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සඳහා රුපියල් මිලියන 90 ක පමණ මුදලක් වැයවෙතැයි ගණන් බලා තිබෙනවා. එම මුදලින් බාගයක් පමණ මා දැනටමත් සොයාගෙන අවසන්.

ඔබ හින්දි සුපිරි නළු ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයට යොදා ‘විජය කුවේණි’ පුරාවෘත්තය සිනමාවට නැඟීමටත් අදහස් කරගෙන සිටිය නේද?

පැරිසියේ පැවති අන්තර්ජාතික චිත්‍රපට උලෙළක දි මට යුරෝපීය චිත්‍රපට නිෂ්පාදකවරයකු මුණ ගැසුණා. ඔහු බොලිවුඩ් චිත්‍රපටවලට සුවිශේෂ ඇල්මක් දක්වන්නෙක්. මා මගේ මේ යෝජනාව ඔහුට ඉදිරිපත් කළා. ශාරුක් ඛාන් මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැති නම් ඔහු සූදානම් ඒ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න. ඒත් මේ සඳහා අපේ රටෙන් මට සහයෝගයක් නොලැබුණු නිසා මා තරමක කලකිරීමකිනුයි ඉන්නේ.


ඇයි සහයෝගයක් නොලැබුණයි කියන්නේ?

මට මේ සම්බන්ධයෙන් සිනමාවට අදාළ එක් ආයතනයක බලධාරියකු හා කතා කළා. කතා කළා විතරක් නෙමෙයි ගිහිල්ලා මුණ ගැසුණා. මම මගේ ව්‍යාපෘතිය පිළිබඳ ලිපි ගොනුව ඔහුට භාරදුන්නා . එහෙත් ඊට පස්සේ ඔහු මගේ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නේ නැහැ. ඕකයි තත්ත්වය.


ඔබ අන්තර් ජතික මට්ටමේ චිත්‍රපට නිෂ්පාදනවලට සුවිශේෂ කැමැත්තක් දක්වන්නකු වග පෙනෙනවා.

එහෙම නැතුව අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනියන්න බැහැ. මගේ ‘පවන රළුවිය’ චිත්‍රපටයට මුදල් ආයෝජනය කළේ ජර්මනියේ ප්‍රධාන පෙළේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක්. (එහි ශ්‍රී ලාංකේය නිෂ්පාදකවරයා වුණේ එච්.ඩී. ප්‍රේමසිරි මහතා) ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ජර්මන් සමාගමක් සිංහල චිත්‍රපටයක් සඳහා මුදල් ආයෝජනය කළ ප්‍රථම සහ එකම අවස්ථාව ‘පවන රළුවිය’.

ගාමිණි ෆොන්සේකා වගේ නළුවෙක් නිසැකවම අන්තර්ජාතික මට්ටමේ ප්‍රතිභාසම්පන්න නළුවෙක්. නමුත් ඔහු කැලේ පිපුණු මලක් වගේ. ඔහුගේ රංග කුසලතා ලෝකය දැක්කේ නෑ. දැන් බලන්න ශාරුක් ඛාන් මුළු ලෝකයම ඔහුගේ දක්ෂතා අගය කරනවා. ඒ වගේමයි ඔහුගේ ජනප්‍රියත්වය.

වරක් මම බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උලෙළට සහභාගි වුණා. ඒ උලෙළට ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයත් සමඟ ශාරුක් පැමිණ සිටියා. ඔහු දැකීමට ආ පේ‍්‍රක්ෂක පිරිස හසුරුව ගන්න බැරිව පොලිසියට සිද්ධ වුණා, බර්ලින් නගරයේ කොටසක් වසා දැමීමට. අපේ නළුවනුත් පිටරට සංචාරවලට යනවා තමයි. ඒත් මොකාද ඔවුන් ව හඳුනන්නේ?


අපේ චිත්‍රපට කර්මාන්තය, එහි ආයතනික ව්‍යුහය ගැන ඔබට තියෙන්නේ කිසියම් කලකිරීමක් ද?

මූලික ප්‍රශ්නය මේකයි. අපේ සිනමා කර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා තමයි ඇතමුන් යම් යම් දේවල් තමන්ගේ පෞද්ගලික දේපළක් ලෙස සලකා කටයුතු කරන්නේ. අපේ සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙන යෑමට නායකත්වය දිය හැකි එකම එක පුද්ගලයයි මම දකින්නේ. ඒ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ.


ජර්මනියේ පවතින චිත්‍රපට කර්මාන්තය කොයිවගේ ද?

ජර්මනියෙ මම ජීවත්වන්නෙ ගොඩර්ස්බර්ග් කියන ඉතා කුඩා නගරයක. ඇත්තෙන්ම එය නගරයකට වඩා ගමක් හැටියට හැඳින්වීම වඩාත් උචිතයි. මේ ගමේ තියනවා සිනමා සංකීර්ණයක්. එය ‘කිනෝපොලිස්’ නමින් හඳුන්වනවා. මෙම සිනමා සංකීර්ණයේ සිනමා ශාලා දොළහක් තිබෙනවා. මෙම සිනමා ශාලා දොළහේ විවිධ සිනමා කෘති දොළහක් සෑම දිනකම ප්‍රදර්ශනය කරනවා. සෑම දවසකම ඒ සිනමා ශාලා දොළහ ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යනවා.

දැන් ජර්මනියේ ඕනෑම අයෙකුට සතයක්වත් නොගෙවා රූපවාහිනි නාලිකා විස්සට වැඩි ප්‍රමාණයක් නරඹන්නට පුළුවන්. මාසයකට යුරෝ 15 ක් වැනි සුළු මුදලක් ගෙව්වොත් නාලිකා සීයක් පමණ නරඹන්නට පුළුවන්. ඊට අමතරව යුරෝ 60 ක් පමණ ඉතා සුළු මුදලක් දීලා සැටලයිට් එකක් අරගෙන එය නිවසේ සවිකර ගත්තාම සතයක්වත් නොදී රූපවාහිනී නාලිකා 600 වඩා ප්‍රමාණයක් නැරඹිය හැකියි.

අනෙක මෙකියන නාලිකාවල ලෝකයේ නිෂ්පාදනය වූ අග්‍රගණ්‍ය චිත්‍රපට විකාශය වෙනවා. එපමණක් නොවෙයි ඉහළ පෙළේ වාර්තා චිත්‍රපට, සංගීත සංදර්ශන, අධ්‍යාපනික වැඩසටහන්, ළමා චිත්‍රපට, සජීවී විකාශන එපමණක් නොවෙයි කාමුක චිත්‍රපටත් විකාශය වෙනවා.

එහෙත් මේ සියල්ල ගෙදර සිට නැරඹීමට ජර්මන් ජනතාවට අවකාශය තිබියදී අර මා ඉහත සඳහන් කළ ‘කිනෝපොලිස්’ නමැති සිනමා සංකීර්ණයේ තිබෙන සිනමා ශාලා සෑම දිනකම ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී යනවා. ඊට හේතුව මා පෙර සඳහන් කළ ආකාරයට නියම සිනමා කෘතියක් නරඹා ලබන අත්දැකීම රූපවාහිනියෙන් යමක් නරඹා ලබන අත්දැකීමකට වඩා සිය දහස් ගුණයකින් වැඩියි. එය සුවිශේෂ අත්දැකීමක්.

රූපවාහිනිය සිනමාවට කොහෙත් ම බාධකයක් නොවෙයි. ඊට ප්‍රධාන හේතුව රූපවාහිනියෙන් අපි යමක් නරඹා ලබන අත්දැකීමට වඩා වෙනත් අත්දැකීමක් අපි සිනමාවෙන් ලබාගන්නෙ. අන්න ඒ නිසා තමයි නියම සිනමා කෘතියක් නැරඹීමට අපි සිනමා ශාලාවකට ගොස් එම සිනමා නිර්මාණය සුවිසල් තිරය මතින් දැකගන්නට උත්සුක වන්නෙ.

ඒ සඳහා පළමුවෙන් ම අපි සිනමාත්මක කෘති නිර්මාණය කළ යුතුයි. සිනමා කැමරාවකින් රූපගත කළ පළියට එය සිනමා කෘතියක් වෙන්නෙ නෑ. සිනමාවේ නාමයෙන් ලංකාවෙ නිපදවන්නෙ ටෙලි නාට්‍ය. ඒ අනුව සිය ගණනක් ටෙලිනාට්‍ය ගෙදර ඉඳන් නැරඹීමට අවකාශය තිබියදී ප්‍රේක්ෂකයා සිනමාහල්වලට යන්නට උත්සුක වන්නෙ නෑ.

මේ දිනවල ඔබ පරිවර්තනය කරන පොත් ගැනත් යමක් දැනගන්නට අපි කැමැතියි.

මේ වසරේ ‘සාතන්ගේ දරුවෝ’ නමින් නව පරිවර්තනයක් කරන්නට පටන්ගෙන තිබෙනවා.

පොත් ගැන කතා කරද්දී මා කෘතවේදීව සිහිපත් කළ යුතු කෙනෙක් සිටිනවා. ඒ තමයි ප්‍රේම් දිසානායක. ඔහු තමයි මගේ පොත් කීපයකම ප්‍රකාශකයා. අපේ රටේ සිංහල පොත් පමණක් කියවන පාඨකයන්ට විශ්ව සාහිත්‍යයේ එන වැදගත් කෘති ප්‍රකාශනයට පත්කිරිමෙන් ඔහු ඉටුකරන මෙහෙවර ඇත්තටම ප්‍රශංසනීයයි.


හේමමාලා රන්දුනු

ඡායාරූපය- විමල් කරුණාතිලක

nshrinith
02-13-2010, 07:01 AM
ela ela

somadasa
02-13-2010, 07:02 AM
ela ela

man nam hithanne man ta pissu ban:oo:

Hayao
02-13-2010, 07:03 AM
Oh....

shammee
02-13-2010, 07:05 AM
ශාරුක් ඛාන් මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැති නම් ඔහු සූදානම් ඒ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න. ඒත් මේ සඳහා අපේ රටෙන් මට සහයෝගයක් නොලැබුණු නිසා මා තරමක කලකිරීමකිනුයි ඉන්නේ.
:(

somadasa
02-13-2010, 07:06 AM
ශාරුක් ඛාන් මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැති නම් ඔහු සූදානම් ඒ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න. ඒත් මේ සඳහා අපේ රටෙන් මට සහයෝගයක් නොලැබුණු නිසා මා තරමක කලකිරීමකිනුයි ඉන්නේ.
:(

den oya mokatada ekata andanne?:eek: karanna puluwan weda nemene mewa!:no::nerd:

shammee
02-13-2010, 07:11 AM
den oya mokatada ekata andanne?:eek: karanna puluwan weda nemene mewa!:no::nerd:ඇයි බැරි-මොකද්ද නොහැකියාව?අපේ මිනිස්සුන්ගේ පලවෙනි වචනය තමයි නෑ බැ.
ශාරුක් දාලා ෆිල්ම් එකක් කලොත් ඒක සිංහල කියලා පාඩුවක් වෙන්නෑ.ලෝකෙ වටේම මින්ස්සු බලයි.ඒ වගේ හිතන්න තරම්වත් හය්ය තියන මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ඕන.:)

somadasa
02-13-2010, 07:13 AM
ඇයි බැරි-මොකද්ද නොහැකියාව?අපේ මිනිස්සුන්ගේ පලවෙනි වචනය තමයි නෑ බැ.
ශාරුක් දාලා ෆිල්ම් එකක් කලොත් ඒක සිංහල කියලා පාඩුවක් වෙන්නෑ.ලෝකෙ වටේම මින්ස්සු බලයි.ඒ වගේ හිතන්න තරම්වත් හය්ය තියන මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ඕන.:)
:D:D;)

nrjayasinghe
02-13-2010, 07:13 AM
Patta

ela_eluwa120
02-13-2010, 07:14 AM
Is it him. RuwinRTY (http://www.elakiri.com/forum/member.php?u=65433)

ra20002
02-13-2010, 07:17 AM
ane manda .... vade venavanam ithin hodai...

cmtwap
02-13-2010, 07:18 AM
Shahrukh never come again Sri Lanka, If he remember 2004!
:(:(:(:(

ela_eluwa120
02-13-2010, 07:19 AM
Temptation

cmtwap
02-13-2010, 07:19 AM
http://www.legend-movies.de/Ebay/temptation2004-cover.jpg

shammee
02-13-2010, 07:25 AM
Shahrukh never come again Sri Lanka, If he remember 2004!
:(:(:(:(:lol::lol::lol:

somadasa
02-13-2010, 07:28 AM
:lol::lol::lol:

ow shahrukh aythlankawata enne ne kiyala thbba:(

sandun_kg
02-13-2010, 10:01 AM
man nam hithanne man ta pissu ban:oo:

:shocked::shocked::lol::lol:

yasasrd
02-13-2010, 10:08 AM
tikak amaaru wei me wade

Hiranchandima
02-13-2010, 10:21 AM
ඇයි බැරි-මොකද්ද නොහැකියාව?අපේ මිනිස්සුන්ගේ පලවෙනි වචනය තමයි නෑ බැ.
ශාරුක් දාලා ෆිල්ම් එකක් කලොත් ඒක සිංහල කියලා පාඩුවක් වෙන්නෑ.ලෝකෙ වටේම මින්ස්සු බලයි.ඒ වගේ හිතන්න තරම්වත් හය්ය තියන මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ඕන.:)

:yes: :yes:

Kronic
02-13-2010, 10:23 AM
shak aparade
MAXXA FILM EKAK WENNA THIBBA EKA NAM

somadasa
02-19-2010, 12:07 PM
pissu athal

Planthis
02-19-2010, 12:15 PM
ඒක කෙරෙනවා නම් හොද වැඩක් විදිහටයි මම දකින්නේ. මොකද ඒක හොද අතට මා'කට් වෙන එක ශ්‍රී ලංකාවට හොදයි. අපේ ඉතිහාසයෙන් කොටසක් ලෝකෙට අරන් යනවා වෙනවා....

samithbuddhika
02-19-2010, 02:20 PM
ඇයි බැරි-මොකද්ද නොහැකියාව?අපේ මිනිස්සුන්ගේ පලවෙනි වචනය තමයි නෑ බැ.
ශාරුක් දාලා ෆිල්ම් එකක් කලොත් ඒක සිංහල කියලා පාඩුවක් වෙන්නෑ.ලෝකෙ වටේම මින්ස්සු බලයි.ඒ වගේ හිතන්න තරම්වත් හය්ය තියන මිනිස්සුන්ට ධෛර්යය දෙන්න ඕන.:)

ශාරුක් ඛාන් මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැති නම් ඔහු සූදානම් ඒ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න. ඒත් මේ සඳහා අපේ රටෙන් මට සහයෝගයක් නොලැබුණු නිසා මා තරමක කලකිරීමකිනුයි ඉන්නේ.
:(


naha oke thiyana prasnayak thamay owata anumathiya denna enna ayath kamathi wenna ona neda?.....ethin lanakwe enna minissu akinekata erisiya karanawa ne.....ethin oyawage akak karakla anith miniha jathiyantharawa prasidda wewi kiyala baya athi

ඇයි සහයෝගයක් නොලැබුණයි කියන්නේ?

මට මේ සම්බන්ධයෙන් සිනමාවට අදාළ එක් ආයතනයක බලධාරියකු හා කතා කළා. කතා කළා විතරක් නෙමෙයි ගිහිල්ලා මුණ ගැසුණා. මම මගේ ව්‍යාපෘතිය පිළිබඳ ලිපි ගොනුව ඔහුට භාරදුන්නා . එහෙත් ඊට පස්සේ ඔහු මගේ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නේ නැහැ. ඕකයි තත්ත්වය.

anika ohoma jathiyanathara wanija sinamawata lanakawa geniyanna chithrapati karanna puluwan ethihasa katha katha kochchara apita thiyanawada?

TakurZ
02-19-2010, 02:23 PM
:)

vidura99
09-11-2010, 01:18 AM
I dnt like this kind of things