PDA

View Full Version : ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු සෑහෙන පි&


Win Srilanka
02-13-2010, 10:34 AM
අපේක්‍ෂක ලැයිස්තුවල රාජපක්‍ෂ බලාධිකාරය තහවුරු කර ගැනීම නිසා ගිලටීනයට යන අහිංසකයෝ
නාමල්ගේ නිල් බලකායෙන් 30 ක් ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2010 පෙබ.13, පෙ.ව.11.15)

එළැඹෙන මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරන අපේක්‍ෂකයින් තෝරා ගැනීමට පත් කළ නාමයෝජනා මණ්ඩල තුනෙන් කුමන තරා තිරමක පුද්ගලයකු නිර්දේශ වුවත්, අපේක්‍ෂකයින් තෝරාගනු ලබන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පමණක් බව වාර්තාවේ.

එක් නාමයෝජනා මණ්ඩලයක ප‍්‍රධානත්වය දැරූ ඇමැතිවරයකු පවසා තිබෙන්නේ ටයිකෝට් ඇඳන්, ෆයිල් උස්සාගෙන අපේක්‍ෂකත්වය ලබා ගන්න මොන සුදුසුකම් ඉදිරිපත් කළත්, අපි මොන නිර්දේශ කළත්, අන්තිමට අපිම මෝඩයෝ වන බවයි.

සන්ධානය තුළ ප‍්‍රධාන පක්‍ෂය වන ශ‍්‍රීලනිපයටත්, එජාපයෙන් ආණ්ුවට එකතු වූ ඇමැති තනතුරු දැරූ අයටත් සමසමාජ කොමියුනිස්ට්, ශ‍්‍රී ලංකා මහජන, හෙළ උරුමය, විමල් වීරවංශ කණ්ඩායම, ලංකා කම්කරු කොංග‍්‍රසය, ෆේරියල් අෂ්රොෆ් කණ්ඩායම, රිසාද් බදුර්දීන් කණ්ඩායම, අතාවුල්ලා කණ්ඩායම, දේවානන්දා කණ්ඩායම ආදී වශයෙන් සන්ධාන ගතවී සිටින පක්‍ෂවලටත් අඩුවැඩි වශයෙන් අපේක්‍ෂකයන් ලබාදීමට සිදුව තිබීමත්, විශේෂයෙන් ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂගේ නිල් බලකායේ 30 දෙනකුට පමණ අපේක්‍ෂක ධූර ඉල්ලා තිබීමත් නිසා, මෙවර ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු සෑහෙන පිරිසකට පක්‍ෂය වෙනුවෙන් ‘පරිත්‍යාඟ’ කරන්නට සිදුවන ලකුණු පහළ වී තිබේ. අමාත්‍යංශ දැරූ ශ‍්‍රීලනිපයේ කීප දෙනකුට ද, ජාතික ලැයිස්තුවේ කීපදෙනකු ද මෙවර රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ‘ගිලටීනයට’ හසුවන ලකුණු දැනටමත් ප‍්‍රදර්ශනය වන්නට පටන් ගෙන තිබේ.
විශේෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට සන්ධාන අපේක්‍ෂක ලැයිස්තුවට පුද්ගලයින් තෝරා ගැනීම බරපතල ප‍්‍රශ්නයක් වී තිබේ. කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තෝරා පත් කර ගන්නා මුළු මන්තී‍්‍ර සංඛ්‍යාව 20 කි. අපේක්‍ෂක ලැයිස්තුව ඉදිරිපත් කළ හැක්කේ එම සංඛ්‍යාවට වඩා තිදෙනෙකි. ඒ අනුව අපේක්‍ෂක ලැයිස්තුව 23 කට සීමාවේ. සන්ධාන ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් සමඟ ඒ.එච්.එම් ෆවුසි, ජීවන් කුමාරතුංග, මිලින්ද මොරගොඩ, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, අචල ජාගොඩ, දිනේෂ් ගුණවර්ධන, එම්.එච්. මොහොමඞ් මහත්වරුන් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරු වන අතර, විමල් වීරවංශ මහතා සහ හෙළ උරුමයේ අක්මීමන දයාරත්න හිමි ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත‍්‍රීවරු වෙති.
මෙයට අමතරව දුමින්ද සිල්වා, තිලංග සුමතිපාල, චන්දන කත‍්‍රිආරච්චි, හඞ්සන් සමරසිංහ, කීර්ති උඩවත්ත, උපාලි කොඩිකාර, ලිලන්ත පෙරේරා, සුමිත් විජේමුනිසොයිසා, අජ්මාල් මවුජුඞ්, ලලිත් ද සිල්වා, රොජර් සෙනවිරත්න, හරිගුප්ත රෝහණදීර මහත්වරුන්ටද කොළඹ දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු ලබාදී තිබෙන අතර, ඔවුහුද දිස්ත‍්‍රික් අපේක්ෂකත්වය අපේක්ෂා කරති. පසුගියදා එජාපයෙන් සන්ධානයට එකතුවූ කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි මහතාටද කොලඹ දිස්ත‍්‍රික්කයට තරග කිරීමට අවස්ථාවක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.

මේ සියල්ල මැද නාමල් රාජපක්‍ෂගේ නිල් බලකායටද අවම වශයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක් අපේක්ෂක ධූරයක්වත් ලැබාදීමට සිදුවේ. සියල්ල එකතු වු විට දිස්ත‍්‍රික්කයේ තරග කළ හැකි අපේක්ෂකයින්ගේ සීමාවද ඉක්මවා යන බැවිනුත්, අලූත් මුහුණු එකතු කරන්නට යාමෙන් පරණ මුහුණු කැපී යන තත්ත්වයක් ද මතුව තිබේ. මේ තත්ත්වය මැද කොළඹ දිස්ත‍්‍රික්කයේ අපේකෂක ලැයිස්තුවෙන් ජ්‍යෙෂ්ඨයන් කීපදෙනකු කැපී යාමට ඉඩ ඇති බව පැවසේ.

මේ අතර, විශ්වා වර්ණපාල, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ගීතාංජන ගුණවර්ධන, අගමැති රත්නසිරි වික‍්‍රමනායක, මර්වින් සිල්වා, එම්. මුසාම්මිල්, ඩලස් අලහප්පෙරුම, චම්පික රණවක, නවීන් දිසානායක, බැසිල් රාජපක්‍ෂ, විනයාග මූර්ති මුරලිදරන්, ජී.එල්. පීරිස්, පුත‍්‍ර සිගාමනි, ශ‍්‍රී රාධ ක‍්‍රිෂ්ණන්, කේ. බායිස්, හුසේන බහිලා, එස්. නිජමුඞීන් මහත්වරුන් සහ එල්ලාවල මේධාන්න්ද හිමියන් ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රීවරුන් වන අතර, මෙවර මේ පිරිසෙන් කීප දෙනකුම කැපීයාමට ඉඩ තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ජාතික ලැයිස්තුවෙන් පත්කර ලැනීමට අවශ්‍ය සුවිශේෂ පුද්ගලයින් කීපදෙනකු සිටින බවද වාර්තා වේ.

මේ සියල්ල අස්සේ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයකු නම් නොකිරීමට ගෙන ඇති තීරණය හමුවේ වාර්තමාන අගමැතිවරයාගේ දේශපාලන ඉරණම ගැන තීන්දුවක් වීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. කාලන්තරයක් තිස්සේ අගමැති පදවියේ සිහිනය දකිමින් සිටින දි.මු. ජයරත්න මහතා ද මහනුවර දිස්ත‍්‍රික්කයට තරඟ කරනු ඇත්තේ බලාපොරොත්තු සුන්කර ගෙනය.

ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ ඉදිරිපෙල සටන්කාමියා’ ලෙස පෙනී සිටි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද තරමක දේශපාලන කලකිරීමකින් පසුවන බවද වාර්තා වේ.

ලබන මහ මැතිවරණයේදී සෘජුවම ජනාධිපතිගේ සටන් සගයන්ට ප‍්‍රමුඛස්ථානයක් ලැබෙනවිට ශ‍්‍රීලනිපයේ බොහෝ දෙනකු අපේක්‍ෂා භංගත්වයට පත්වීම වැළැක්විය නොහැකි තත්ත්වයක්ද මතුවෙමින් තිබේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම අහඹු සිද්ධියක් නොවේ. විශාල මැතිවරණ දිස්ත‍්‍රික්කයක් වන කුරුණෑගල මැතිවරණ කටයුතුවල නියැලිමට සිදුව තිබෙන නිසා මාධ්‍ය ඇමැති ධූරයෙන් ඉවත්වන බව ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කරමින් කීවේ, කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස සහභාගී වන අවසන් මාධ්‍ය හමුව මෙය විය හැකි බව වුවත් රජයේ අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වන්නේ ඔහුට මාධ්‍ය ඇමැති තනතුරෙන් ඉවත්වන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි.

මහ මැතිවරණයේදී නිල් බලකායෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයිනට සුවිශේෂී ප‍්‍රචාරයක් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ලබාදීටත්, පුතාගේ කණ්ඩායම පාර්ලිමේන්තුවට පත්කර ගෙන පවුල් ‘ශක්තිය’ ගොඩ නගා ගැනීමත් මාධ්‍ය ඇමැති පැත්තකට තල්ලූ කිරීමේ අරමුණ බව කියති.

එසේම, නාම යෝජනා බාරගැනීම අවසන්වීමට පෙර, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවලින් ඉල්ලා අස්වු අයගේ පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් පෙර එම අධ්‍යක්‍ෂවරුනට හා සභාපතිවරුනට ඉල්ලා අස්වන ලෙස දැනුම්දී ඇත්තේ ජනාධිපතිට අවශ්‍ය අය පමණක් එම තනතුරුවලට පත්කර ගැනීමට බවත්, එසේ පත්කිරීමෙන් පසු මහා මැතිවරණයෙන් ආණ්ඩුව ජයග‍්‍රහණය කළහොත් පත්කරන නව ඇමැතිවරුනට ඔවුන් යටතේ පාලනය වන සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපති හා අධ්‍යක්‍ෂවරුන් ලෙස ඔවුනට හිතවත් අය පත්කර ගැනීමට අවස්ථාවක් ද ලැබෙන්නේ නැත. මෙයද සම්පූර්ණයෙන්ම බලාධිකාරය ඒකපාර්ශවීය තැනකට ගෙන ඒමක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.

shammee
02-13-2010, 10:40 AM
ඔය මොකා ආවත් රටට වෙන යහපතක් නෑ

arun60
02-13-2010, 10:44 AM
Kohenda machan me info labune???

DJ ASHAN
02-13-2010, 10:45 AM
mala jone...

eranga_rama
02-13-2010, 11:00 AM
thawa parliment 10k withara hadala okkoma tika damuda????

Win Srilanka
02-13-2010, 11:04 AM
Kohenda machan me info labune???

මේ සම්බන්දයෙන් මුල සිටම විවිධ මතබේද තිබුනා

එජාපයෙන් ආණ්ුවට එකතු වූ ඇමැති තනතුරු දැරූ අයටත් සමසමාජ කොමියුනිස්ට්, ශ‍්‍රී ලංකා මහජන, හෙළ උරුමය, විමල් වීරවංශ කණ්ඩායම, ලංකා කම්කරු කොංග‍්‍රසය, ෆේරියල් අෂ්රොෆ් කණ්ඩායම, රිසාද් බදුර්දීන් කණ්ඩායම, අතාවුල්ලා කණ්ඩායම, දේවානන්දා කණ්ඩායම ආදී වශයෙන් සන්ධාන ගතවී සිටින පක්‍ෂවලටත් අඩුවැඩි වශයෙන් අපේක්‍ෂකයන් ලබාදීමට සිදුව තිබීමත්,ජනාධිපතිවරණයට විශාල වශයෙන් වැඩ කල කලාකරුවන්ටත් සමහර ජනමාධය්‍යකරුවන්ටත් අපේක්‍ෂකත්වය දීම පිලිබදවත් කලාකරුවන්ට ඡන්දයේදී වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා ගතහොත් ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු සෑහෙන පිරිසකට පක්‍ෂය වෙනුවෙන් ‘පරිත්‍යාඟ’ කරන්නට සිදුවන ලකුණු පහළ වී තිබේ.

තොත්තබබා
02-13-2010, 12:11 PM
අනේ පව් :(:(:(

akalanka_yapa
02-13-2010, 01:12 PM
ඔය මොකා ආවත් රටට වෙන යහපතක් නෑ

True