Win Srilanka
02-14-2010, 08:03 PM
බෝධි පූජාවට ආණ්ඩුවෙන් මැර ප්‍රහාරයක්
දේශීය (http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63) 2010 පෙබරවාරි 14 වෙනි ඉරිදා, 20:11 Lanka Truth
http://www.lankatruth.com/sin/images/photos/Crime/conspiracy.jpg
අතුරුගිරිය, පෝරේ ශ්‍රී මහා විහාරයේ පැවති බෝධි පූජාවකට සහභාගිවීමට පැමිණි බැතිමතුන්ට ආණ්ඩුවේ මැර කණ්ඩායමක් විසින් පහර දෙනු ලැබ තිබේ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බැතිමතකු අතුරුගිරිය රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු සූදානමි කරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
චමින්ද කොළඹගේ නොහොත් ලාරා නමැති මැරයා පිරිස අතර සිටි බවත් ඔහු ආණ්ඩුවට ගැතිකම් කරන පුද්ගලයකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සරත් පතිරණ මහතා පැවසීය.
මැරයින් පැමිණි වාහනයේ අංකය 53-3881 ලෙස සටහන් වී තිබූ අතර පහරදීම සිදුවී ඇත්තේ විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසලදීය.
අද දිනය පුරා අවස්ථා කිහිපයකදීම විහාරස්ථානාධිපති ස්වාමීන් වහන්සේගේ දුරකතනයටද මැරයින් විසින් ඇමතුම් ලබා දෙමින් බෝධි පූජාව නතර කරන ලෙස බලපෑම් කර ඇත.
නීති විරෝධීවත් ප්‍රජාතන්ත්‍ර විරෝධීවත් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සෙත් පතා මෙම බෝධි පූජාව පැවැත් විණි.