ronsilva
02-16-2010, 07:54 AM
සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයත් සමඟ සිංහල ජනමාධ්‍ය විශේෂයෙන් පුවත්පත් මුල් කොටගෙන ඇතිවූ කතා-බහත් සමඟ ප්‍රේමසිරි කේමදාසයන් ලංකාවේ සිංහල කතා කරන සමාජය තුළ වැදගත් සමාජ සංසිද්ධියක් ලෙසින් ප්‍රකාශයට පත්විණි.
මීට පෙර ගුණදාස කපුගේ, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම ආදී කලාකරුවන් ගේ අභාවයන් ද සිංහල සමාජයේ සාමූහික අවධානය ඉහළින්ම දිනා ගත්හ.
ගුණදාස කපුගේ ගේ අභාවයේ දී ඔහුගේ ගායනා හෝ සංගීත හැකියාවට වඩා ජන අවධානය දිනා ගත්තේ ඔහුගේ වාමාංශික බව යැයි පෙනී ගියේය. සුගතපාල ද සිල්වා සහ සයිමන් නවගත්තේගම ගේ අභාවයන් හිදී ද ජන අවධානය යොමුවූයේ ඔවුන්ගේ කලා ශිල්පමය හැකියාවන්ට නොව වෙනත් දේටය, නවගත්තේගම ගේ අසම්මත සමාජ චර්යාවට, සහ සුගතපාල ද සිල්වා තුළ තරුණයන් දුටු මනුස්සකමටය.
කේමදාසගේ අභාවය සිංහල සමාජයේ අවධානය දිනා ගත්තේ ඔහු තුළ පැවැති අසම්මතවාදීත්වය නිසා යැයි කියනු ලැබේ. නමුත් ඉහත සඳහන් කළ අවස්ථාවන්හි දී මෙන් නොව කේමදාසගේ අභාවය මෙරට සිංහල සමාජයේ අවදි කරනු ලැබූයේ, කේමදාස නැමැති සංගීතඥයා පිළිබඳත් සිංහල සංගීතය පිළිබඳත් උනන්දුවකි. මේ උනන්දුව මූලිකවම සිංහල කතා කරන, කියවන සමාජයට සීමා වූවකි.
ඉංග්‍රීසියෙන් කේමදාසයන් පිළිබඳ පළවූ ලිපි සංඛ්‍යාව අල්පය. ඉංග්‍රීසියෙන් කටයුතු කරන ලාංකේය මැද පන්තිය තුළ කේමදාසගේ සංගීතයට ඉහළ වටිනාකමක් නොලැබුණි.
ඊට හේතුව කේමදාසයන් බටහිර සංගීත සම්ප්‍රදාය අනුකරණයේ නොයෙදීම විය හැකිය. රොහාන් ජෝශප් සේරම්, ලලනාත් ද සිල්වා ප්‍රමුඛ, කේමදාසයන්ගේ සංගීතය අගය කළ බටහිර සංගීත නිර්මාණකරුවන් සහ ශිල්පීන් පිරිසක් ලංකාවේ සිටියද, සිංහල සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා නිර්මාණය පිළිබඳ අදහස ඉංග්‍රීසි කතාකරන ලාංකිකයන්ට පිළිගත නොහැකි වුවා විය යුතුය. අනෙක, කේමදාසයන්ගේ සමජවාදී දේශපාලන අදහස් ද ඊට හේතු වූවා විය හැකිය.
ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවය හේතුවෙන් ලංකාවේ මහත් ප්‍රාතිහාර්යයක්, මහත් අසිරිමත් දෙයක් සිදුවුණි... එය නම් කලාව කියා දෙයක් නැතැයි පෙර කියා සිටි ලාංකීය පශ්චාත් නූතනවාදීන් කලාව පිලිබඳ කථා බහට යලි ප්‍රවිශ්ඨ වීමයි.. ඔවුනට කලාව පිලිබඳ නැණ නුවණ පහල වීමයි...
කේමදාසයන් බටහිර සංගීතයෙන් සිංහල සංගීතයට හඳුන්වා දෙන්නට උත්සාහ කළ සංධවනිය, ඔපෙරාව, කැන්ටාටාව යනාදිය බටහිර සංගීතය විවිධ කලාපයන්හි, විවිධ යුගයන්හි අත්පත් කරගත් සාධනයන්හි විශිෂ්ඨ අග්‍රඵලයන්ය. ඒවා අනුකරණය කිරීම නොව සිංහල සංගීතයේ නිර්මාණ ආකෘති ලෙස ස්වාධීනව යොදා ගැනීම ඔහුගේ අරමුණ වූ බැව් පෙනී යයි.
අද සිටින, තම ශිල්පීය හැකියාවන් වෙළඳපොලේ ඉහළම මිලට අලෙවි කිරීම කලාව වශයෙන් තරුණ තරුණියන්ට උගන්වන, ඊනියා කලාකරුවන් මෙන් නොව ඔහුට කලාව පිළිබඳව වූයේ මහත් ලාලාසාවකි.
‘හැම කෙනෙකුටම මිලක් ඇත. මම මට ලැබෙන ඉහළම මිලට අලෙවි වෙමි’ යනුවෙන් පශ්චාත්-නූතනවාදීන් තරුණ තරුණියන් අතර ජනප්‍රිය කළ ධර්මය කේමදාස තරුණයන්ට ඉගැන්වූ දෙය සමඟ කිසිසේත් නොගැළපේ.
ගැමි දරු-දැරියන්ගේ ගායනා කුසලතාවන් ඔප් නංවා, පුහුණු කොට ඔවුන් ජාත්‍යන්තර ගායනා තලයට ගෙනයාම, ජගත් විශිෂ්ඨයන් අතරට ගෙනයාම කේමදාසයන්ගේ අපේක්ෂාව සහ උත්සාහය විය.
ඔහු තරුණ තරුණියන් පතන දෙය ඔවුන්ට ඉගැන්වූයේ තම බඩ ගෝස්තරය සඳහා හෝ ඔහුගේ අනුගාමිකයන් තනා ගැනීමට නොවේ. “මා කියන දෙය නොපිළිගන්නැයි” ඔහු තම සිසුනට නිතර කීබව ප්‍රසිද්ධය.
දැනටමත් ඇතැමුන් පෙන්වා දී ඇති පරිදි, ඔහු තුළ කලාව පිළිබඳ වූයේ දැවෙන ගින්නකි. ඔහු කලාව මුදලට, බඩ ගෝස්තරයට අලෙවි නොකළේය. ඔහුටත් අන්සැම මිනිසෙකුට මෙන් යැපීමට, කුටුම්භ සංරක්ෂණයට මුදල් අවශ්‍ය වූවා විය යුතුය.
නමුත් ඔහු මුදල් පසුපස හඹාගිය කලාකරුවෙකු නොවීය. ඔහු ගතකළ චාම් සරල ජීවිතය එයට උදව් විය. මුදලේ සම්භවය රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන කුමන අංශයක වුවද ඔහු තම ආත්මය මුදලට නොවිකිණීය. ඔහු මූල්‍යාධාර සපයන්නන්ගේ ඉල්ලුමට “කලා නිර්මාණ” බිහි කළේ නැත.
ප්‍රකාශයට පත් කිරීම සඳහා දැවෙන යමක් ඔහු තුළ සැමවිටම තිබුණි. එය ව්‍යාපෘති, අරමුදල් වල අරමුණු වලින් කුළු ගැන්වුණු කලා නිර්මාණයක් නොවීය. තමා ශාස්ත්‍රාලීය සංගීත අධ්‍යාපනයක් නොලැබුවද, ඔහු සංගීතය තමන්ම ශාස්ත්‍රීයව හැදෑරීය. උසස් ලෙස ගායනය ප්‍රගුණ කරන්නට නම් බාල සංගීත සේවනයෙන් මිදිය යුතු යැයි ඔහු තම ශිෂ්‍යයන්ට අවවාද කළේය. මිනිසුන්ට පෞරුෂය අහිමිකරන වැඩවසම් සම්ප්‍රදායන්ට එරෙහි වූ ඔහු ඒ අතරම ශික්ෂණය ද අගය කළේය.
ඔහු ශිෂ්‍යයන්ට ඉගැන්වූයේ තමන්ගේ ලකුණ (එවැනි ලකුණක් ඔහු ගොඩනඟාගෙන තිබුණි) ශිෂ්‍යයන් මත ඔබ්බවා ඔවුන් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක (ඔහුට එවැනි දේශපාලන ව්‍යාපෘතියක් නොතිබුණි) කාඩර්වරුන් කිරීමට නොව, ඔවුන්ට තමන්ගේම වන ස්වාධීන යමක් ගොඩනඟා ගන්නටය.
ඔහු තුළ විරල මානව ගුණාංග විය. ඔහු තමන් සමඟ සංගීත ශිල්පයෙහි යෙදුණවුන්ට බෙහෙවින් ගරු කළේය. ඔහු සමාජයේ වැරදි, අගතීන් කෙරෙහි වූ තම කෝපය තම අදහස් සමඟ එකඟ නොවූවන් හෝ ඒවා විවේචනය කළවුන් මත ශාරීරික වදා හිංසා ලෙසින් මුදාහැරීමට යොමු වූයේ නැත.
දෙපා දැවෙන රළු පොලොව ඔහුට හොඳ හැටි හුරුය...ඔහුගේ සංගීත ලකුණ එක් දේශයකට හා එක් ජන කොටසකට වෙන්වුවක් හෝ සීමාවුවක් නොවේ..
හෙළ දේශයේ මහා ගාන්ධර්වයා ප්‍රේමසිරි කේමදාසයාණෝ මතු මතුත් අප අතරම ඉපදිය යුතු මානව හිතවාදියෙකි...