PDA

View Full Version : යෝජිත මහා සඟ සමුළුව අවලංගුයි


Win Srilanka
02-16-2010, 06:30 PM
යෝජිත මහා සඟ සමුළුව අවලංගුයි
http://www.lankaenews.com/Sinhala/files/2096MahaSanga_Samuluwa_Cancel_letter_J.jpg

issi
02-16-2010, 06:32 PM
Suba AnagathaYak!!!! :( :( :(

thm14
02-16-2010, 06:34 PM
ජෙෂ්ඨත්වයෙන් අඩු සංඝයාවහන්සේලා ගේ සැර කතා විලාසය හින්දා වෙන්නැති?

samithbuddhika
02-16-2010, 06:45 PM
ජෙෂ්ඨත්වයෙන් අඩු සංඝයාවහන්සේලා ගේ සැර කතා විලාසය හින්දා වෙන්නැති?

oya liyala thiyenne ban....hamuduru warunge arakshawa saha dalada maligawe gawrawaya gana hithala kiyala...

තොත්තබබා
02-16-2010, 07:12 PM
ලියුමෙ හේතුව තියනවනේ :yes::no::no::no:

gpnuwan
02-16-2010, 07:23 PM
අපි හිතුවා අපේ රටෙ යම් තීරණ ගැනීම් වලදී.. නොසැලී තීරණය ගන්නා ගරුතර මහනායක ස්වාමීන් වහන්සේලාටවත් කෙලින් තීරණයක් ගන්නට හැකියැයි කියා..:no::no::no::no:

අනේ අපේ රටට ගිය කලක්:lol::lol::lol::lol:

සුභ අනාගතයක්

Win Srilanka
02-17-2010, 11:10 AM
බලපෑම් හමුවේ - සඟ සමුළුව කල් යයි
http://www.lankatruth.com/sin/images/photos/Buddhist/MAHANAYAKA.jpgරටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල් දැමීමට මහා නායක හිමිවරුන් තීරණය කර තිබේ.

ඒ පිළිබඳව ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා විසින් දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට නිවේදනයක් මගින් දැනුම්දී තිබේ. අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා පමණක් අත්සන් තබා අමරපුර මහ නිකායේ හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරුන්ගේ නම් පමණක් සහිතව නිකුත්කර ඇති එම නිවේදනය මගින් රටේ පවතින වත්මන් තත්වය සහ
වහන්සේලාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට තමන් වහන්සේලාට සිදුවූ බව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම්දී තිබේ.

ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින් සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ දැවැන්ත ප්‍රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය. මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත. යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ. මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.

shammee
02-17-2010, 11:13 AM
සුබ අනාගතියක්!:rofl:

Puzhi
02-17-2010, 11:16 AM
හරිම සුබයි

sudunone
02-17-2010, 11:25 AM
ජෙෂ්ඨත්වයෙන් අඩු සංඝයාවහන්සේලා ගේ සැර කතා විලාසය හින්දා වෙන්නැති?

හ්ම්. එතනත් දරුණු විදිහට කතා කළොත් වැඩිහිටි හිමිවරුන්ට අගෞරව වෙන විදිහට, ඊට පස්සෙ තව සමුලුවක් තියන්න වෙනවා ඒකට ගන්න ඕනෙ පියවර සාකච්ඡා කරන්න.