View Full Version : සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක්
Win Srilanka
02-18-2010, 12:51 PM
සඟ සමුළුව නතර කළේ ආණ්ඩුවේ හිමිවරු පිරිසක් මැදිහත් වෙලා - අත්තංගනේ රතනපාල හිමි2010 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:20
http://lankatruth.com/sin/images/photos/Daily/2010/january_/05/b04.jpgඅද දිනයේ මහනුවරදී ත්‍රෛනිකායික මහා සංගරත්නය මැදිහත්ව පැවැත්වීමට නියමිතව තිබූ මහා සංඟ සම්මේලනය කල් දැමීමට සිදුව ඇත්තේ ආණ්ඩුවට පක්ෂපාතී ස්වාමීන් වහන්සේලා පිරිසක් මැදිහත්ව මහානායක ස්වාමීන් වහන්සේලාට කළ බලපෑම් හේතුවෙන් බව ජාතික භික්ෂු පෙරමුණේ අනුශාසක මහාචාර්ය අත්තංගනේ රතන පාල හිමියෝ අද පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ සඟ සමුළුව කල් තැබීමට හේතු දක්වමින් අද ත්‍රෛනිකායන්හි ස්වාමීන් වහන්සේලා පිරිසක් විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එහිදී අදහස් දැක්වූ අත්තංගනේ හිමියන් පෙන්වාදුන්නේ ආණ්ඩුවට පක්ෂපාත ස්වාමීන් වහන්සේලා පිරිසක් මහා නායක ස්වාමීන් වහන්සේලා හමුවී පැය ගණනාවක් තිස්සේ උන්වහන්සේලාට බලපෑම් කර ඇති බව ප්‍රකාශ කලහ. මහනායක හිමිවරුන්ට සිදුකර ඇති එම තර්ජනයන් උන්වහන්සේලා සඟ සමුළුව කල් තැබීම දැනුම් දෙමින් නිකුත් කළ නිවේදනයෙන්ද පිළිඹිබුවන බව අත්තංගනේ හිමියෝ පෙන්වාදුන්හ.
වැඩිදුරටත් අදහස් දක්වමින් අත්තංගනේ රතනපාල හිමියන් තමන් මෙම ප්‍රකාශයන් සිදුකරන්නේ මහානායක හිමිවරුන් තමන් වහන්සේට පැවසූ කරුණු ආශ්‍රයෙන් ඉතා වගකීම් සහගතව බවද ප්‍රකාශ කළහ.
DJ ASHAN
02-18-2010, 12:56 PM
ane manda mokada den wenne kiyala.....
Win Srilanka
02-18-2010, 01:15 PM
රටේ යහ පාලනය හා ප්‍රජතන්ත්‍රවාදයත්, සංඝ සාමග්‍රියත් වෙනුවෙන් සංවිධානය කළ ත්‍රෛනිකායික මහ සංඝ සම්මෙලනය ආණ්ඩුවට හිතවත් භික්ෂූන් වහන්සේගේ බලපෑමෙන් හා රැස්වන පිරිසගේ ආරක්ෂාවට තර්ජණයක් වන බවට වූ බලපෑම හේතුවෙන් අවලංගු කළ බව ත්‍රෛනිකායින මහ නායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ප්‍රකාශයක් කළ පූජ්‍ය මහාචාර්ය අත්තංගනේ රතනපාල නායක ස්වාමීන් වහන්සේ පැවසූහ. උන් වහන්සේ මෙ බව පැවසුවේ අද දින නාරාහේන්පිට, අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
මහා සංඝ සම්මේලනය අවලංගු කිරීමට හේතුව පැහැදිලි කිරම සඳහා ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අදහස් දැක්වීමට මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ අතර, මේ සඳහා ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝ නායක අතිගරු මීටියාගොඩ ගුණරතන නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික පූජ්‍ය කරපොලේ පියදස්සී නායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ විශේෂාධිකාර මණ්ඩල සාමාජික පූජ්‍ය අත්තංගනේ සාසනරතන නායක ස්වාමීන් වහන්සේ යන නායක ස්වාමීන් වහන්සේ ද සහභාගී වී සිටියහ. මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය අත්තංගනේ රතනපාල නාහිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.
"අද මහනුවර මහ මළුවට විශේෂ සංඝ සම්මේලනයක් කැඳවා තිබුණා. ඒ සංඝ සම්මේලනය කල් දැමීම පිළිබඳව රට දැනුවත් කිරීමටයි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. අපි මේ සාකච්ඡාව පවත්වන්නේ ගෞරවණීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ දැනුවත් කිරීම මතයි.
මේ සංඝ සම්මේලනය කැඳවීමේදී ඒ කැඳවීම් ලිපියේ සඳහන් කළා මේකට හේතුව මොකද්ද කියල. රටේ පවතින වත්මන් වාතාවරණය හේතු කොට ගෙනයි මේ සංඝ සම්මේලනය පවත්වන්න තීරණය කළේ. මේකට මල්වතු මහ නාහිමියෝ මූලිකත්වය ගෙන කටයුතු කළා. රටේ පවතින වත්මන් තතත්වයක්, සංඝ ශාසනයේ වත්මන් තත්ත්වයත් හේතු කොට ගෙන තමයි මේ සම්මේලනය වෙනුවෙන් උන් වහන්සේ මැදිහත් වුණේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වගේම සංඝ සාමග්‍රිය වෙනුවෙන් අද දින මෙම සංඝ සම්මේලනය සංවිධානය කරල තිබුණා.
අනාගත පැවැත්ම වෙනුවෙන් සංවිධානය කරපු මේ කාර්යය වැළැක්වීම සඳහා රටේ කිසියම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. විවිධ මාධ්‍ය ආයතනවලින් විවිධ පුවත් නිර්මාණය කරල මහ නායක ස්වාමීන් වහන්සේලා අපහසුතාවයට පත් කරන ආකාරයේ පුවත්, මහ නායක ස්වාමීන් වහන්සේලාගේ අත්සන් බොරු අත්සන් කියල ප්‍රකාශ වැනි දෑ නිකුත් කළා. මහ නායක ස්වාමීන් වහන්සේලා අගෞරවයට පත් වන ආකාරයේ, අපහසුතාවයට පත් වන ආකාරයේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක වුණා.
නමුත් මහ නායක ස්වාමීන් වහන්සේලා මේ සියල්ල පිළිබඳ තැකීමක් නොකොට, ආණ්ඩුවට සහය දක්වන විවිධ පාර්ශව මහ නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසිලා මේක වලක්වන්න හැම අංශයකින්ම වැඩකටයුතු සංවිධානය කළා. ඒ වගේම ආණ්ඩුව පාර්ශවයේ විවිධ ස්වාමීන් වහන්සේලා පිරිසක් මහ නායක ස්වාමීන් වහන්සේ මුණගැහිල පැය තුනක් තිස්සේ සාකච්ඡා කළා. මහ නායක ස්වාමීන් වහන්සේ මහත් ආතතියට පත් වෙන විදියට බලපෑම් සහිතවයි සිදු කළේ.
මෙහිදී මහ නායක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරල දුන්න මෙක කිසිදු දේශපාලන පක්ෂයක උවමනාවන් වෙනුවෙන් සිදු කරන කාරනාවක් නොවන බව. මේක කෙනෙකුට පක්ෂව සිදු කළ සම්මෙලනයක් නොවන බව. මේක ශාසනයට පක්ෂව කියන වචනයම උන් වහන්සේ පාවිච්චි කරල කිව්වෙ. නමුත් මහ නායක ස්වාමීන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම අර ආණ්ඩුවට හිතවත් ස්වාමීන් වහන්සේලා ගණන් ගත්තෙ නැහැ.
මේ ස්වාමීන් වහන්සේලා මේ රටට විහාල අවැඩක් සිදු කළා. ශාසනයට විශාල අවැඩක් කළා. ඒක ඒ අය භාරගන්න ඕනෙ. මේක විශාල පාපයක්. ඒ වගේම සංඝ භේදයක් ලෙසක් සලකන්න පුළුවන්. මහ නායක ස්වාමීන් වහන්සේලා සියලුම ස්වාමීන් වහන්සේලා එකතු කරල සංළ සම්මේලනයක් පවත්වන්න සූදානම් කරපු වෙලාවේ, සංඝයා සමගි කරන්න සූදානම් වෙච්ච වෙලාවේ, මේ කණ්ඩායමක් ගිහින් ඒකට විවිධ බලපෑම් කළා. මේක නැති කිරීමෙන් සංඝ භේදයට දායක වුණා කියල කියන්න පුළුවන්.
මහ නායක ස්වාමීන් වහන්සේ සමුළුව කල් දමමින් නිකුත කළ ලිපියේ සඳහන් වෙනව රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන මහ මළුවට රැස්වන මහා සංඝයා වහන්සේගේ හා බෞද්ධ ජනතාවගේ ආරක්ෂාව, දළදා මාලිගාවේ ගෞරවය වෙනුවෙන් මෙම සමුළුව කල් දමන බව. මේ රැස්වෙන දසදහස් සංඛ්‍යාත රටේ විවිධ ප්‍රදේශවලින් මෙම සම්මේලනයට සූදානම් වෙච්ච වෙලාවේ මහ නායක ස්වාමීන් වහන්සේලා තීරණය කළා මේ රැස්වන පිරිසගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇති වී ඇති නිසා ඒ පිළිබඳ සැලකිල්ල යොමු කොට මෙම රැස්වීම අවලංගු කිරීමට.
දැන් සැමටම පැහැදිලියි ඇයි මේ රැස්වීම අවලංගු කළේ කියල. ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් තමයි අපි මේ ප්‍රකාශය කරන්නෙ."
http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/February/18/P05_1.jpg
Win Srilanka
02-18-2010, 07:26 PM
සඟ සමුළුව කල් දැම්මේ රජයේ බලපෑමෙන් නම් මහ නාහිමිවරුන් ඒ බව නොකියාවිද? -කැබිනට් ප‍්‍රකාශක
(ලංකා ඊ නිව්ස් -2010 පෙබ.18, ප.ව.5.20)
මහා නායක හිමිවරුන් මහ මළුවේ පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සමුළුව දින නියමයක් නැතිව කල් දැම්මේ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියන පරිදි ආණ්ඩුවේ තර්ජන නිසා නම් උන්වහන්සේලා ඒ බව නොකියා හංගාගෙන සිටීවිදැයි තමන් ප‍්‍රශ්න කරන්නේ යයි අමාත්‍ය මණ්ඩල ප‍්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (18) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී කියා සිටියේය.
මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා එසේ කීය. මෙහිදී මාධ්‍ය වේදීන් නැගූ ප‍්‍රශ්න හා ඒවාට අමාත්‍ය මණ්ඩල ප‍්‍රකාශක අමාත්‍යවරුන් දෙදෙනාගෙන් ලැබුණු පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය: සංඝ සමුළුව පැවැත්වීම මහා නායක හිමිවරුන් කල් දමන ලද්දේ ආණ්ඩුවේ බලපෑම නිසා බවට විපක්‍ෂය කරන චෝදනාව ගැන කුමක්ද කියන්නේ?
පිළිතුර: විපක්‍ෂය මැතිවරණයට පෙර හමුදාව බෙදුවා, පාසල්, ගම් බෙදන්න හැදුවා, දැන් සංඝයා බෙදන්න හදනවා. ෆොන්සේකාට උදව් නොකරන සියලූම භික්‍ෂූන් විපක්‍ෂ වෛතුල්‍යවාදීන් යයි කියා නිගා කරනවා. ඡුන්ද කොල්ලයක් ගැන කීමෙන් ඔවුන් නිගා කළේ මැතිවරණ කොමසාරිස්ට, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා දිසාපතිවරුන්ට. මෙම වගකිව යුතු උසස් නිලධාරීන් හොරුන් බවට විපක්‍ෂය චෝදනා කළා. දේශපාලන බලපෑම් නිසා සංඝ සමුළුව නැවැත්වී යයි විපක්‍ෂය කියනවා නම් ඉන් නිගා කරන්නේ මහා නායක හිමිවරුන්ට. දේශපාලනඥයන්ට නොනැමෙන පෞරුෂයක් උන්වහන්සේලාට ඇති බව අප දන්නවා.
ප‍්‍රශ්නය: මහ නායක හිමිවරුන්ගේ ලිපියෙන් කියා තිබෙන්නේ ජනතාවගේ ආරක්‍ෂාවත් දළදා සමිඳුන්ට නිගරුවක් වන්නටත් ඉඩ තැබිය නොහැකි නිසා සංඝ සමුළුව පැවැත්වීම අත්හිටවූ බවයි. ඝාතන හා බෝම්බ පුපුරණ බවට ඇමැතිවරුන් නාහිමිවරුන්ට තර්ජනය කළ නිසා සංඝ සමුළුව අත්හිටවූ බවට එජාප මහ ලේකම් කළ ප‍්‍රකාශයම නේද එයිනුත් ඇඟවෙන්නේ?
පිළිතුර: මෙවැනි තර්ජනයක් තමන්ට එල්ලවී නම් මහා නායක හිමිවරුන් එවැන්නක් හංගා ගනීවිද? එක් එක් තෝල්කවරුන් කරන ප‍්‍රකාශ අපට නාහිමිවරුන්ගේ අදහස් ලෙස අපට පිළිගන්න බෑ. එවැනි යමක් වී නම් නිසැකයෙන්ම මහා නායක හිමිවරුන් ඒ බව ප‍්‍රකාශ කරාවි. මහ නායක හිමිවරුන්ටම මේ ගැන කතා කරන්නට ඉඩ හැරීමයි වඩා හොඳ.
ප‍්‍රශ්නය: නීතියේ ආධිපත්‍යය සියලූ දෙනාටම සාධාරණයයි කීවත් එය මැරුම් කෑ හා අතවරවලට ලක්වූ මාධ්‍යවේදීන්ට වලංගු නොවන්නේ ඇයි? තිලකරත්න මහත්මියගේ මුදල් ගැන පරීක්‍ෂණ පැවැත්වීමට දක්වන උනන්දුව වෙනත් දූෂණ වංචා හා කෝප් වාර්තාවෙන් නම් කළ දූෂණ සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක නොවන්නේ ඇයි?
පිළිතුර: මාධ්‍යවේදීන්ගෙන් කෙරෙන ප‍්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදියට පෙර ඒ ගැන තමා දැනුවත් කරන මෙන් ජනාධිපතිවරයා පොලිස්පතිට නියෝග කොට තිබෙනවා. සෙසු දූෂණ වංචා හා කෝප් වාර්තාවේ සඳහන් කරුණු ගැනත් පියවර ගෙන තිබෙනවා. ඒවා ප‍්‍රමාණවත්ද යන්න වෙනම ප‍්‍රශ්නයක්.
Smartm
02-18-2010, 07:33 PM
me wena dewal wala 100% sure news danaganna widiyak attema nadda?
dan rate wena dewal harima amutui.... kawru atta kiyanawada kiyala hitaganna ba...
peparazi wage set 1k hitiyot hodai kiyalai mata hitenne...
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.