PDA

View Full Version : මාවන් යළි


cj4ever
10-22-2007, 05:51 PM
“කමක් නැහැ... මාවන්...”

මාවන්... මීට ටික කලකට ඉස්සරත් මාවන් ගැන කතා කළා. ඒ එක දිගට බිංදු ගහපු කාලයේ. ඊට පස්සෙත් මාවන් ගැන කතා කළා. ඒ එක දිගට පනහේ ඒවා සියයේ ඒවා ගහපු කාලයේ. අදත් මාවන් ගැන කතා වෙනවා. ඒ මාවන්ට කපලා තියෙන කැපිල්ල ගැන.

කාලෙන් කාලෙට කැපෙන කි*්*රකට් කී*්*රඩකයො ඉන්නවා. රොෂාන් මහානාම කාලෙක කැපුණා. පිතිකරු ලැයිස්තුවේ අතෙන්ට දැම්මා.. මෙතෙන්ට දැම්මා. උඩට ඉස්සුවා. පහළට බැස්සුවා. කි*්*රකට් එපා වෙනකල් රිද්දෙව්වා.

අන්තිමේදී රොෂාන් ඕනැ කුදයක් ගහගනිල්ලා කියලා යන්ඩ ම ගියා.

උපුල් චන්දනත් ඔන්න කැපිලා ගිහිල්ලා. දැන් හතර අතේ ගහන චාමර සිල්වාත් කාලයක් කැපිලා හිටියා. තරුණ කාලෙදි පැත්තකින්ම තියලා තිබුණා. දැන් ඉතින් කපන්ඩ බැරි ගාණට චාමර ශක්තිමත් වෙලා. කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ කොඳු ඇටයක් බවට පත්වෙලා.

චාමර කපුගෙදර කපලා කොහේදෝ දාලා වගේ. සද්දයක් නෑ. ඔහොම ඉඳලා ඉඳලා ඔන්න චාන්ස් එකක් දෙනවා. ඉතින් එදාට අම්මා මෝ නැතුව ගහන්ඩ ඕනෑ. දහයක් පහළොවක් ගැහුවොත් කැපුවා පැත්තකින් තිබ්බා.

කී*්*රඩකයො සදාකාලික වෙන්නේ නැහැ. එහෙම වුණා නම් රෝයි ඩයස්ලා.. සිදත්ලා.. තෙන්නකෝන් ලා දැනුත් ඉන්ඩ ඕනැ. ඒ අය තරම් ලස්සනට බෝලෙට ගහන අය අද නැති තරම් ගාණයි. ඒත් කාලෙකදි කාට කාටත් යන්ඩ වෙනවා.

ඒත් කී*්*රඩකයෙකුට සමුගන්ඩ ඉඩ දෙන්ඩ ඕනෑ. හතරවැනි තට්ටුවෙන් පහළට තල්ලු කරලා දානවා වගේ තල්ලුකරලා දාන්ඩ හොඳ නැහැ. මාවන් සමුගත්තා නෙමෙයි යන තැනට වැඩ සිද්ධ කළා.

රෝයිලා ගෙන් සිදත්ලා ගෙන් පසු අලංකාර විදියට පන්දුවට පහර දුන් කී*්*රඩකයා මාවන් බව කවුරුත් පිළිගන්නවා. පන්දුව පිත්තෙන් මිදිලා ගියේ බිලියඩ් මේසෙ බෝලයක් වගේ. "තණ නිල්ල දිගේ ඇදිලා යනවා..." සිංදුව හරියට ම ගැළපෙන්නෙ මාවන්ලට.

ශී*්*ර ලංකාවේ නායකයා පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී වතුර අදින්නා සහ තුවාය ගෙන යන්නා බවට පත්වුණා. දෙසිය ගණන් ගහපු මාවන් නියපොතු කකා කී*්*රඩාගාරයේ බලාගෙන හිටියා.

කාලෙකට කාගෙ කාගෙත් නරක කාලවල් එනවා. ඒ කාලෙට වදින්නෙ නෑ තමයි. හැබැයි එතැනින් ගොඩ එන්ඩ චාන්ස් එකක් දෙන්ඩ ඕනැ. විශේෂයෙන් මාවන් වගේ කී*්*රඩකයෙකුට.

මේ සටහන මාවන් සදාකාලික කරන්ඩ දරන උත්සාහයක් නෙමෙයි. මාවන් වුණත් යන්ඩ වෙනකොට යන්ඩ ඕනැ. ඒත් අවුරුදු ගණනාවක් ශී*්*ර ලංකා කණ්ඩායම වෙනුවෙන් කී*්*රඩා කරපු කී*්*රඩකයෙක් හතරවැනි තට්ටුවෙන් පහළට ඇද දමන්ඩ හොඳ නැහැ.

ගෞරවනීය සමුගැනීමකට ඔහුට ඉඩකඩ ලබාදෙන්ඩ ඕනැ. කාටත් ආත්ම ගෞරවය කියල එකක් තියෙනවා. හරියට නිකං කුරුම්බා කෝම්බ වගේ. වතුර බීලා මඳ සූරගෙන කාල පස්සේ පැත්තකට වීසි කරලා දානවා.

මාවන්ටත් වුණේ ඒ වගෙ දෙයක්. මේක කී*්*රඩාව පිළිබඳ ප*්*රශ්නයක් නෙමෙයි. සදාචාරය පිළිබඳ ප*්*රශ්නයක්. ශී*්*ර ලංකාවේ නායකයා හැටියට පෙ*්*ර්ක්*ෂකයන් ගේ අප්පුඩියක් මැද්දෙන් කී*්*රඩාවෙන් සමුගෙන කී*්*රඩාගාරය වෙත යන්නට ඔහුටත් ඉඩක් ලබාදෙන්ඩ තිබුණා.

දැන් ආරංචි වෙන අන්දමට හුටපට ගොඩක්. හැමදාම කි*්*රකට් ගොඩ දැම්මෙ කී*්*රඩකයො. කි*්*රකට් කී*්*රඩාව කාල දැම්මෙ ලොක්කො.

මාවන් හිත කරදර කර ගන්ඩ එපා. ශී*්*ර ලංකාවෙ හැටි ඔහොම තමයි. ඒත් ඔබ ඔය විදියට කලකිරිලා අයින් වෙන්ඩ ඕනැ කී*්*රඩකයෙක් නෙමෙයි. ඔබට ගෞරවනීය සමුගැනීමක් ලැබෙන්ඩ ඕනැ කී*්*රඩකයෙක්.

බලධාරීන් ඔබව කපලා දැම්මට පෙ*්*ර්ක්*ෂකයන්ගේ සිත්වලින් රසිකයින්ගේ හදවත් වලින් ඔබව කපල දාන්ඩ බෑ. කි*්*රකට් ලොකු ලොක්කන්ට අමතක වුණත් ඔබේ 'එක්ස්ට*්*රා කවර්' හතරේ පහරවල් ලාස්ට් මෑන්ලා ට තාම මතකයි.

අමතක වෙන්නෙත් නෑ. කමක් නැහැ මාවන් අපි ඔබ වෙනුවෙන් නිහඬව අප්පුඩියක් ගහන්නම්.

හැබැයි එකක්... ලබ්බට තැබූ අත පුහුලටත් තබන බව අනෙක් කී*්*රඩකයනුත් දැනගත්තොත් හොඳයි.


ලාස්ට් මෑන්

DRAM
10-22-2007, 05:55 PM
??????????

shalinda
10-22-2007, 06:06 PM
ela ela

DRAM
10-22-2007, 06:17 PM
kohomada ban meka balanne...
sinhala font mama gawa nene

cj4ever
10-22-2007, 06:35 PM
??????????
penne nethinam sinhala unicode install karaganin
plz install sinhala unicode pack
or install vista

chamika123
10-22-2007, 07:45 PM
?????????????????????????????????????????????????? ?????