Treveen
03-04-2010, 04:24 PM
ෆොන්සේකා මැරුණොත් නම් මරේ මරු :angry:
2010 මාර්තු 04 වෙනි බ්‍රහස්පතින්දා, 12:18 lanka C news .
- ෆොන්සේකා ගැන ජවිපෙ සැබෑ ස්ථාවරය හඳුන්නෙත්ති හෙළි කරයි
තමන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය බිහි කිරීමට හැකිවූයේ සරත් ෆොන්සේකා අත්අඩංගුවට පත්වීම නිසා බවත් අයහපත් සෞඛ්‍ය තත්වය නිසා ඔහු ඉදිරියේ දී මරණයට පත්වුවහොත් එය උපරිම වාසි සහගත අයුරින් භාවිත කිරීමට තම පක්‍ෂය සමත්විය යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කර ඇත්තේ පසුගිය දිනෙක ජවිපෙ කොළඹ දිස්ත‍්‍රික් ක‍්‍රියාකාරීන් සමග පැවැත්වූ පක්‍ෂ අභ්‍යන්තර සාකච්ඡවක දීය.
‘‘අත්අඩංගුවට පත් වුණේ නැත්නම් ජවිපෙ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානයකට ෆොන්සේකා කවදාවත් එකග වෙන්නේ නෑ. ඒ වගේම මිනිහා නායකකම නොලැබෙන නිසා යූඑන්පී එකට යන්නෙත් නෑ. ෆොන්සේකාගේ ඉලක්කය තිබුණේ යූඑන්පී එකේ ඉන්න රනිල් විරෝධී පිරිසකුත් ගලවගෙන මිනිහගෙ නායකත්වයෙන් රාජාලියා හරි හංසයා ලකුණින් හරි සන්ධානයක් හදන්න. සමහරවිට අපටත් ඒකට ආරාධනා කරයි. හැබැයි එහෙම වුණා නම් අපට ජනරාල්ට යටවෙලා වැඩකරන්න වෙනවා. අපට වැඬේ මෙහෙයවන්න හම්බ වෙන්නෑ. ඒත් අත්අඩංගුවට ගැනීම නිසා ෆොන්සේකාගෙන් මුකුත්ම කරගන්න බැරුව ගියා. මිනිහ ඡන්දෙ ඉවරවෙනකම්ම හිරේ හිටියොත් තමයි අපට හොඳ. එතකොට අපට ඕන විදියට වැඬේ මෙහෙයවන්න පුළුවන්. ෆොන්සේකා මේ සන්ධානෙ නායකයා විදියට දාල තිබුණට ඒක නිකං නාමික තනතුරක් විතරයි. වැඬේ මෙහෙයවන්නෙ අපි. අද ෆොන්සේකා නායකත්වයට පත් කිරීම ගැන අපේ සමහර සහෝදරවරු එකග නෑ. නමුත් ඒ වැරදි ආකල්පය ඇති කරගන්න එපා. මේක මේ මොහොතේ පක්‍ෂය තෝරපු ඉතාම සාර්ථක උපක‍්‍රමයක්’’ යනුවෙන් හඳුන්නෙත්ති මහතා මෙහිදී තම කුසලාන සන්ධානය පිළිබඳව සාමාජිකයන්ට කරුණු දක්වා තිබේ.
ෆොන්සේකාගේ අයහපත් සෞඛ්‍ය තත්වය මත ඔහු යම් හෙකින් මරණයට පත්වුවහොත් රජයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල බලපෑමක් කිරීමටත් ෆොන්සේකාට පැවරූ නාමික නායකත්වය යළි පක්‍ෂය අතට ගැනීමටත් ඔහුගේ මරණය මනා පිටුවහලක් බව මෙහිදී හඳුන්නෙත්ති මහතා අවධාරණය කර තිබීම ද විශේෂත්වයකි.