View Full Version : උඩරට ගිවිසුම
archirasika
03-08-2010, 07:09 PM
archirasika
03-08-2010, 07:13 PM
1796 දී මෙරට මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් අල්ලාගත් ඉංග්රීසිහු උඩරටට ඇතුළුව 1815
පෙබරවාරි 18 වැනි දින ශ්රීී වික්ර්ම රාජසිංහ රජු අල්ලා ගැනීමත් සමග සමස්‌ත දිවයිනේම
ස්‌වාමීත්වයට පත්වූහ. 1796 සිට 1815 දක්‌වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනයට ඔවුන්ට
ගිවිසුම් හෝ සම්මුතීන් අවශ්යහ නොවූවත් 1815 දී උඩරට යටත් කිරීමත් සමග මෙවැනි ගිවිසුමක් අවශ්යට
වූයේ එවකට බලවත්ව සිටි උඩරට සිංහල ප්රවධානීන් අවනතව තබා ගැනීමට අවශ්යි වූ හෙයිනි.
සිංහල ප්රේධානීන් වටා ජනතාවද, ආගමද, සිංහල සිරිත් විරිත්ද, සම්ප්රමදායන්ද ඇඳී බැඳී තිබුණ
හෙයින් දෙපාර්ශ්වීය ගිවිසුමක අවශ්යදතාව ඉංග්රීදසිහු වටහාගෙන සිටියහ.
ශ්රීන වික්රිම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන සති දෙකක් යැමට පෙර උඩරට ගිවිසුම සිංහල
ප්රීධානීන් ඉදිරියේ කියවීමෙන් මේ සඳහා වූ ඉංග්රීුසින්ට වූ හදිසිය කැපී පෙනේ. මෙම ගිවිසුම
සකස් කිරීමට සිංහල පාර්ශ්වය වෙනුවෙන් ඇහැලේපොල, කපුවත්තේ (පිළිමතලව්වේ), මොල්ලිගොඩ
හා මිල්ලෑව දිසාවද සහභාගි වී අති බවක් ඉංග්රී සි පාර්ශ්වය වෙනුවෙන් සිංහල භාෂාව පිළිබඳ
මනා පරිචයක් ලබා සිටි ඉංග්රී්සි ආණ්‌ඩුවේ ප්ර ධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි මහතාත්
ආණ්‌ඩුවේ නියෝජ්යල ලේකම් වූ ඡේම්ස් සදර්ලන්ඩ් මහතාත් ක්රිභයාකර ඇති බව පෙනේ.
උඩරට ගිවිසුම ආරම්භ වන්නේ “ක්රිකස්‌තු වර්ෂ එක්‌වා දහස් අටසිය පහළොහක් වූ මාර්තු මස දෙවැනි
දින නොහොත් සිංහල වර්ෂ ප්රබමාණයෙන් ශක වර්ෂ එක්‌වා දහස් සත්සිය තිස්‌හයට පැමිණි අවුරුද්දේ
නවම් මස අවසනවක් තීර්ථය ලත් ගුරු දින…” යනුවෙන් සඳහන් කරමිනි. මෙයට උඩරට මහජනතාව
වෙනුවෙන් ඇහැලේපොල මහ නිලමේ, මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව වූ මොල්ලිගොඩ,
දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව වූ පිළිමතලව්වේ (කපුවත්තේ) සතර කෝරළේ දිසාව වූ
පිළිමතලව්වේ (කනිෂ්ඨ) ඌවේ දිසාව වූ මොණරවිල, මාතලේ දිසාව වූ රත්වත්තේ, තුන් කෝරළේ
දිසාව වූ මොල්ලිගොඩ (කනිෂ්ඨ), වලපනේ දිසාව වූ දූල්ලෑවේ, වෙල්ලස්‌සේ හා බින්තැන්නේ
දිසාව වූ මිල්ලෑව, තමන්කඩුවේ දිසාව වූ ගලගම, නුවර කලාවියේ දිසාව වූ ගලගොඩ අත්සන් කළ
බව සඳහන් වේ. මෙයට එංගලන්තයේ මහ රජු වෙනුවෙන් රොබර්ට් බ්රසවුන්රිග් ආණ්‌ඩුකරු අත්සන් තැබූ
බවත්, එම අත්සන් සහතික කරමින් ඉංග්රී සි ආණ්‌ඩුවේ ප්රබධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි හා
ඉංගී්රනසි ආණ්‌ඩුවේ නියෝජ්යං ලේකම් ඡේම්ස් සදර්ලන්ඩ් අත්සන් තැබූ බවත් සඳහන් වේ.
archirasika
03-08-2010, 07:13 PM
1815 මාර්තු දෙවන දින සිදු වූයේ උඩරට ගිවිසුමේ වගන්ති කියවීම පමණක් බවත් අත්සන් කරන
ලද්දේ පසුව බවත් ඇතැම්හු පෙන්වා දෙති. මෙම ගිවිසුමට අත්සන් කළ මිල්ලව කරුණාධාර
ඒකනායක ධර්මකීර්ති හෙවත් පණ්‌ඩිත මුදියන්සේ හෙවත් මිල්ලව දිසාව එම තනතුරට පත්කරන ලද්දේ
1815 මාර්තු පස්‌වන දිනයේය. අනෙක් උඩරට ප්රරධානීන් එම තනතුරුවලට පත්කරන ලද්දේ 1815
මාර්තු තුන්වන දින ගැසට් පත්ර.යෙනි. ඒ අනුව ඔවුන් එකී නිලතලවලට පත්වීමට පෙරාතුව එම
නිලතල නාම යොදා අත්සන් තබන ලද්දේ යයි පිළිගැනීමට හැකියාවක් නැත. 1815 මාර්තු 15
දින නිකුත්වූ රජයේ නිල ප්ර කාශනයට අනුව උඩරට ගිවිසුමට අත්සන් තබන ලද්දේ 1815 මාර්තු මස
10 වන දින බව පෙනේ.
උඩරට ගිවිසුම අත්සන් පිටපත් කරමින් පිටපත් ගණනාවක් නිකුත්වූ අතර සැබෑ පිටපත හෙවත් මුල්
පිටපත සොයා ගන්නා තෙක් මෙම ගිවිසුමේ අත්සන් ගැන නිගමනයක් දීම දුෂ්කර වී තිබුණි. 1984
වර්ෂයේ හිටපු ජාතික ලේඛනාගාර අධ්යමක්‌ෂ ආචාර්ය හරිස්‌චන්ද්රෂ ද සිල්වා මහතා විසින් මෙම මුල්
පිටපත සොයා ගන්නා ලදී. එම පිටපත අනුසාරයෙන් හා වෙනත් පිටපතක් අනුසාරයෙන් පිටපත්
දෙකක් නිකුත් වී ඇති බව පෙනේ. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා උඩරට මහ කැරැල්ල
තුන්වැනි කාණ්‌ඩයට ඇතුළත් කළ පිටපතත් ජාතික ලේඛනාගාරයේ ඇති මුල් පිටපතත් සසඳන විට
පැහැදිලි වෙනසක් හතර කෝරළේ දිසාව වූ පිලිමතලව්වේගේ අත්සන සම්බන්ධයෙන් පෙනේ.
මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ ග්රින්ථයේ හතර කෝරළේ දිසාවේ වශයෙන් ඇති
පිළිමතලව්වේ (කනිෂ්ඨ) අත්සන හුදකලාව ඇති අතර ජාතික ලේඛනාගාරයේ ඇති මුල් පිටපතේ මෙය
වටා පොල් ගෙඩියක මෙන් පෙනුම ඇත. මෙයින් පෙනී යන්නේ මෙම ගිවිසුමේ පිටපත් දෙකක්
දෙයාකාරයෙන් පිටපත් වී ඇති බවයි.
archirasika
03-08-2010, 07:14 PM
මෙම ගිවිසුමේ වම් පසින් ඇති බ්රිලතාන්යල ආණ්‌ඩුකරු වූ රොබර්ට් බ්රිවුන්රිග් ගේ අත්සන සමකාලීන
ලේඛනවල ඇති ඔහුගේ අත්සන් හා සැසඳීමේදී සමාන බව පෙනේ. දකුණු පසින් ඇති ඇහැලේපොල
මහ නිලමේගේ අත්සන ඔහුගේ පුරුදු අත්සනට වඩා හාත්පසින් වෙනස් බව පෙනේ. ඇහැලේපොල මහ
නිලමේ 1811-1819 වර්ෂ අනතුර සබරගමුව මහ දිසාව වශයෙන් කටයුතු කරන අවධියේ නිකුත් කළ
සන්නස් ගණනාවක ඇති ඒකාකාරී අත්සන් හා මෙම අත්සන් අතර බරපතල වෙනස්‌කම් ඇත. මෙම
සන්නස්‌වල ඇහැලේපොලගේ නම සඳහන් වූයේ සබරගමු දිසාව ඇතුළුව මහනුවර මහ අධිකරණ නිලමේ
කරවන ඇහැලේපොල විජයසුන්දර වික්රනමසිංහ චන්ද්රුසේකර සෙනෙවිරත්න අමරකෝන් වාසල පණ්‌ඩිත
මුදියන්සේ රාළහාමි නමිනි.
ඒ අනුව මෙම ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සන ව්යා්ජ අත්සනක් බව පෙනේ. උඩරට ගිවිසුම
කෙටුම්පත් කළ පුරෝගාමියා වූ ජෝන් ඩොයිලිගේ දිනපොත අනුව ඇහැලේපොල මහ නිලමේ 1815
මාර්තු 03 සිට 11 දක්‌වා අසනීපව සිටි අතර ඔහු සුවපත් වන 11 වන දින බ්රතවුන්රිග් ආණ්‌ඩුකරු
අසනීප වී ඇත. මාර්තු 18 වන දින ආණ්‌ඩුකරු පුද්ගලිකව මුණගැසුන විට ඇහැලේපොල එම අත්සන
යෙදූ බව සඳහන් වේ.
සබරගමුවේ සන්නස් හා සීaට්‌ටුවල ඇති අත්සන් හඳුනාගැනීම සඳහා බ්රිැතාන්යො සිවිල් සේවාවේ
නිලධාරියෙක් වශයෙන් රෙජිස්‌ට්රාර් ජෙනරාල් තනතුර දැරූ එච්. ඩබ්ලිව්. කොඩ්රින්ටන් මහතා
දේශීය ප්රකධානීන්ගේ සහාය ඇතිව විශේෂ ලිපි ගොනුවක් සකසන ලදී. පුරාණ ලංකාවේ ඉඩම්
භුක්‌තිය, පුරාණ ලංකාවේ කාසි හා සංක්ෂිලප්ත ලංකා ඉතිහාසය යන ග්ර්න්ථ රචනා කරමින්
රාජකීය ලංකා ආසියාතික සමිති කලාපයන්ට ශාස්‌ත්රී්ය ලිපි සැපයූ විද්වතෙකු වූ මොහු විසින්
පිළියෙළ කරන ලද මෙම ලිපිගොනුව මෙහිලා සුවිශේෂ මූලාශ්රීයක් වේ.
කොඩ්රින්ටන් මහතාගේ ලිපිගොනුව අනුව සබරගමු සන්නස්‌වල වම්පසින් ඒකාකාරීව දකින්නට ඇති
ඇහැලේපොලගේ අත්සන නිවැරැදිය. අහැලේපොලගේ අත්සනට උඩින් රවුමට නැවී ඇති අර්ධ කවය
හා එය දෙපැත්තේම ඇති කෙටි හා දිගු කොකුවලින් සංකේතවත් වන්නේ සබරගමු දිසාවේ තනතුරට
අයත් නිල ලාංඡනයයි. මෙම තනතුර දැරූ වෙනත් පුද්ගලයන්ගේ නම් වටාද මෙම නිල ලාංඡනය
දක්‌නට ඇත. මෙම අර්ධ කවයට පහළින් ඇති පූර්ණ කවය තුළ ඇති ඇහැලේපොලගේ අත්සන හා
උඩරට ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සන හා කිසිදු සමාන කමක් නොමැතිවීමෙන් පෙනී යනුයේ
උඩරට ගිවිසුමේ ඇති ඇහැලේපොලගේ අත්සන ව්යාිජ එකක් බවයි. උඩරට රාජධානියේ 1 වන
අදිකාරම් හා 2 වන අදිකාරම් ධුරය දැරූවන්ගේ අත්සන් වටා පූර්ණ කවයක් ඇත. ඒ කවය වටා
සබරගමු දිසවේ තනතුරට අදාළ නිල ලාංඡනය ඇහැලේපොල විසින් නිකුත් කරන ලද හැම සන්නසකම
ඇත.
archirasika
03-08-2010, 07:14 PM
මෙම වකවානුවේ ව්යා8ජ අත්සන් යෙදීම බහුලව පැවති බවට සාක්‌ෂියක් මහාචාර්ය තෙන්නකෝන්
විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල ග්රෙන්ථයේ 3 වැනි කාණ්‌ඩයේ 383 පිටුවේ දැක්‌වේ.
මොල්ලිගොඩ මහ නිලමේ විසින් ඇහලේපොලත් රජුත් භේද කිරීම සඳහා රජුට ආක්රොිෂ පරිභව කරන
ලද හසුනකට ඇහලේපොලගේ ව්යා්ජ අත්සන යෙදූ බවත් ඒ නිසා ඒ දෙදෙනා භේද වූ බවත් සඳහන්
වේ. උඩරට ගිවිසුම සකස් කිරීමට දායකත්වය දැක්‌වූ අයකු වන මොල්ලිගොඩ මහ නිලමේට උඩරට
ගිවිසුම සම්බන්ධයෙන්ද මෙවැන්නක් කිරීම අපහසු නොවන බව ඔහුගේ චරිතාපදානය සාක්‌ෂි දරයි.
උඩරට ගිවිසුමට ඇහැලේපොල අත්සන් තැබී නම් ඔහුට උසස් තනතුරක් පිරිනමා ගෞරවනීය තත්ත්වයක
තැබීමට ඉංග්රීලසින් ක්රිනයා කරනු නිසැකය. එහෙත් එවැන්නක් සිදු නොවීය. උඩරට ගිවිසුම් අත්සන්
කර වසර 3 ක් පිරුණු 1818 මාර්තු 02 වන දින සිට සිර අඩස්‌සියට පත් අහැලේපොල 1825
දක්‌වා කොළඹ සිරකර පසුව මුරිසි දිවයිනේ සිර කඳවුරට යවන ලදුව එහිදී කාලක්රිනයා කළේය.
උඩරට ගිවිසුමට අත්සන් නොකළ කන්ද උඩරට ෙද්රනdaහියාට ඉංග්රී්සින් සැලකුවේ එසේය.
සබරගමු සන්නස් වෙළුමේ ඇති උඩරට ප්රනධානීන්ගේ අත්සන් අඩංගු මුල් සන්නස් විවිධ ඉඩකඩම් නඩු
සඳහා දිසා අධිකරණයන්ට ඉදිරිපත් වූ අවස්‌ථාවලදී ඒවා හඳුනාගෙන සාක්‌ෂි දීමට අවස්‌ථා
ගණනාවකදීම මට සිදුවිය. කරකොල නමින් හඳුන්වන පදම් නොකළ තල්කොළවල වම්පස මුදුනේ අදාළ
නිල දරුවන් විසින් අත්සන් තබන ලද්දේ පන්හිඳක ආධාරයෙනි. අඟල් 12 ක් පමණ දිගින් යුතු පන්හිඳක
ආධාරයෙන් අත්සන් තබන විට කරකොළ හෑරී යයි. ඇතැම් වචන ගැඹුරට හෑරී ඇතැම් වචන
මතුපිටට හෑරී ඇත. සමහර අත්සන් හෑරී ඇත්තේ අනෙක් පසින් මතු වන පරිදිය. සන්නස ලියන ලද
පුද්ගලයා එය ලියන්නේ කරකොළයේ දෙපැත්තම පාවිච්චියට ගත හැකි පරිදි ඒකාකාර සමාන්තර
මට්‌ටමකට අකුරු හෑරීමෙනි. එහෙත් අත්සන්වල එවැනි ස්‌වරූපයක් නැත. ඒවා ගැඹුරට සිනිඳුවට හා
රළුවට වැදී ඇත්තේ අදාළ ප්රරධානීන් විසින් අත්සන් තැබීමේ හේතුවෙනි.
උඩරට ගිවිසුමේ දෙවනුවට අත්සන් කර ඇතතේ මොල්ලිගොඩ අදිකාරම්ය. ඔහු පළමුවන අදිකාරම් හා
සත් කෝරළේ දිසාව වශයෙන් මෙයට අත්සන් තබා ඇත.
සබරගමු සන්නස් වෙළුමේ මොල්ලිගොඩගේ නම සඳහන්ව ඇත්තේ මොල්ලිගොඩ රාජකරුණා සෙනෙවිරත්න
අභයකෝන් හේරත් වාසල මුදියන්සේ වශයෙනි.
කොඩ්රින්ටන් ගොනුවේ මෙම නම යටතේ ඇති මොල්ලිගොඩගේ අත්සනත්, සබරගමුව සන්නස් වෙළුමේ ඇති
මොල්ලිගොඩගේ අත්සන් ගණනාවද එක හා සමානය. ඉහතින් දකුණු පසින් දක්‌වා ඇත්තේ උඩරට
ගිවිසුමට පසු 1816 වර්ෂයේදී මොල්ලිගොඩ විසින් නිකුත් කළ සන්නසක අත්සනකි. ඒ අනුව මේ අත්සන්
පරස්‌පරය.
archirasika
03-08-2010, 07:15 PM
උඩරට ගිවිසුමේ තෙවනුවට ඇති පිළිමතලව්වේගේ අත්සනද ගැටලු සහගතය. මොහු හඳුන්වා අත්තේ
දෙවැනි අදිකාරම හා සබරගමු දිසාවේ හැටියටය. මොහුගේ නම සඳහන් කර ඇත්තේ පිළිමතලව්වේ
විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න වාසල අභයකෝන් පණ්‌ඩිත මුදියන්සේ හැටියටය.
ශ්රීස වික්රසම රාජසිංහ රජු අතින් හිස් ගැසුම් කෑ පිළිමතල්වේගේ සහෝදරයෙක් වන මොහු කපුවත්තේ
අදිකාරම්ගේ දියණිය විවාහ කර ගැනීම නිසා කපුවත්තේ යන නමද භාවිතා කළේය. උඩරට
ගිවිසුමේ ඇති ඔහුගේ අත්සනත් සබරගමු සන්නස් වෙළුමේ ඇති ඔහුගේ අත්සනත් අතර පරස්‌පරතා
ගණනාවකි.
උඩරට ගිවිසුමේ සිව්වෙනුවට ඇත්තේ කනිෂ්ඨ පිළිමතලව්වේගේ අත්සනයි. මොහු 1812 දී හිස්‌ගැසුම්
කෑ පිළිමතල්වේ මහ අදිකාරම්ගේ පුත්රියාය. මොහු මෙම වකවානුවේ සතර කෝරළේ දිසාපති
පදවිය දැරූ බව සඳහන් වුවත් කපිල පතිරණ විමලධර්ම මහතා විසින් රචිත උඩරට ප්රරධානීන්ගේ
තනතුරු දැරූවන්ගේ නාමලේඛනයට අනුව මෙම වකවානුවේ සතර කෝරළේ දිසාව පදවියත්, සත්
කෝරළේ දිසාව පදවියත් යන පදවි දෙකම ජ්යෙකෂ්ඨ මොල්ලිගොඩ විසින් දරා ඇත. උඩරට ගිවිසුමේ
මොහුගේ අත්සන වට කොට ඇති පොල් ගෙඩියක ස්‌වරූපය ගත් සලකුණ සතර කෝරළේ දිසාවගේ නිල
ලාංඡනය වේ.
මෙම නිල ලාංඡනය තුළ ඇත්තේ ඔහුගේ අත්සන නොව සබරගමුව දිසාව වශයෙන් කටයුතු කළ
පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ අත්සනයි. ඒ අනුව සබරගමු දිසාවගේ නමට කෙලින් ඇත්තේ කනිෂ්ඨ
පිළිමතලව්වගේ අත්සනයි. ඒ අනුව මෙම අත්සන් උඩ යට මාරුවී ඇති බව පෙනේ. කනිෂ්ඨ
පිළිමතලව්වගේ අත්සන සමකාලීන වෙනත් පැරැණි ලේඛනයකින් මෙතෙක් හමු නොවූ නිසා ඒ ගැන
කරුණු දැක්‌විය නොහැකිය.
උඩරට ගිවිසුමේ පස් වෙනුවට ඇත්තේ මොනරවිල හෙවත් කැප්පෙටිපොල දිසාවගේ අත්සනයි.
මොනරවිල කැප්පෙටිපොල රාජපක්‌ෂ වික්රනමසේකර බණ්‌ඩාරනායක නමින් හැඳින්වූ ඔහු ඌවේ දිසාව
වශයෙන් මෙයට අත්සන් කර ඇත. උඩරට ගිවිසුමට සිංහලෙන් අත්සන් කළ තිදෙනාගෙන් කෙනෙක්
හැටියට මොහු හඳුන්වයි.
කැප්පෙටිපොල 1803 මාතලේ දිසාව වශයෙන් කයටුතු කරන අවධියේ නිකුත් කරන ලද සන්නසක ඇති
ඉහත අත්සනත් උඩරට ගිවිසුමේ අත්සනත් වෙනස්‌ය.
උඩරට ගිවිසුමේ සය වෙනුවට ඇත්තේ මාතලේ දිසාව කරවන රත්වත්තේගේ අත්සනය. රත්වත්තේ
පණ්‌ඩිත මුදියන්සේ රාළහාමි වශයෙන් හැඳින්වූ මොහු මාතලේ දිසාවේ පදවිය දැරූ 1767-73
අතර කාලයේ නිකුත් කළ නඩු තීන්දු දෙකක ඇති සමාන රූපී අත්සනත් උඩරට ගිවිසුමේ අත්සනත් අතර
පරස්‌පරතා ඇත.
archirasika
03-08-2010, 07:15 PM
මෙම අත්සන් සමස්‌තයක් වශයෙන් ගෙන බලන විට සිංහල හා දෙමළ අක්‌ෂරවලින් මිශ්රඉව ඇති බව
පෙනේ. රත්වත්තේ දිසාවගේ අත්සන තනිකරම දෙමළ භාෂාවෙනි. මේ අත්සන් තුළ හඳුනා නොගත්
අක්‌ෂරද දක්‌නට ඇත.
උඩරට ගිවිසුම අත්සන් කළ සෙසු ප්රතධානීන් සතර දෙනාවූ දූල්ලෑව, මිල්ලව, ගලගම හා ගලගොඩ
දිසාවවරුන්ගේ අත්සන් දැක්‌වෙන ලේඛන ඉදිරියේදී සොයාගෙන කරුණු දැක්‌වීමට බලාපොරොත්තු
වෙමි.
උඩරට ගිවිසුම අත්සන් කර 3 වසරක් ගිය තැන ඉංග්රීැසින්ට එරෙහිව ඇති වූ 1818 කැරැල්ලේ
නායකත්වය ගත්තේ මෙම ගිවිසුමට අත්සන් කළ මොනරවිල කැප්පෙටිපොලය. පිළිමතලව්වේ, මිල්ලව
ඇතුළු තවත් නායකයන් ගණනාවක් මෙම කැරැල්ලට නායකත්වය දුන් නිසා ඉංග්රීලසින්ගේ අත්අඩංගුවට
පත්ව සමහරක් මැරුම් කෑහ. සමහරු රටින් පිටිවහල් කරන ලදී. සමහරු සිරකරුවන් බවට පත්වූහ.
උඩරැටියනුත්, රටත් රැවටූ උඩරට ගිවිසුමට අත්සන් කළ නායකයෝම තමන් රැවටූ ඉංග්රීමසින්ට
එරෙහිව 1818 දී අවි අමෝරා ගත්තද එවකට ශක්‌තිමත්ව තිබූ ඉංග්රිැසි බලය ඉදිරියේ පරාජය
වීමට ඔවුනට සිදුවිය.
ලලිත් ගුණවර්ධන
ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ
සහකාර අධ්යාක්ෂ
samithbuddhika
03-08-2010, 09:01 PM
watina kiyana lipiyak macho rep+
wisal
03-08-2010, 09:47 PM
ma lipiya dammata isthuthi eath mata ma siddi gana thiyanna udaseena tharahak
archirasika
03-09-2010, 04:50 PM
ma lipiya dammata isthuthi eath mata ma siddi gana thiyanna udaseena tharahak
ithihasaya gana udaasenna weema yanu anagathaya wikurthi wenawa kiyana ekai mama hitanne.....:):):)
sudunone
03-09-2010, 05:12 PM
1815 මාර්තු දෙවන දින සිදු වූයේ උඩරට ගිවිසුමේ වගන්ති කියවීම පමණක් බවත් අත්සන් කරන
ලද්දේ පසුව බවත් ඇතැම්හු පෙන්වා දෙති. මෙම ගිවිසුමට අත්සන් කළ මිල්ලව කරුණාධාර
ඒකනායක ධර්මකීර්ති හෙවත් පණ්‌ඩිත මුදියන්සේ හෙවත් මිල්ලව දිසාව එම තනතුරට පත්කරන ලද්දේ
1815 මාර්තු පස්‌වන දිනයේය. අනෙක් උඩරට ප්රරධානීන් එම තනතුරුවලට පත්කරන ලද්දේ 1815
මාර්තු තුන්වන දින ගැසට් පත්ර.යෙනි. ඒ අනුව ඔවුන් එකී නිලතලවලට පත්වීමට පෙරාතුව එම
නිලතල නාම යොදා අත්සන් තබන ලද්දේ යයි පිළිගැනීමට හැකියාවක් නැත. 1815 මාර්තු 15
දින නිකුත්වූ රජයේ නිල ප්ර කාශනයට අනුව උඩරට ගිවිසුමට අත්සන් තබන ලද්දේ 1815 මාර්තු මස
10 වන දින බව පෙනේ.
මේ කියන්නෙ මේ අයට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් තනතුරු දුන් බවද? මං හිතුවෙ උඩරට දැනටමත් ප්‍රාදේශීය ප්‍රධානීන් ලෙස කටයුතු කළ පුද්ගලයන් කැඳවා ඔවුන් සමග ගිවිසුමක් ගැහුවා කියල.
silentsahan
12-05-2010, 02:26 PM
අපිත් එක්ක මේක බෙදා ගත්තට මගෙන් ඔබටඋපහාරය....
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.