rskkelum
03-19-2010, 12:53 PM
මේ.. අද සමාජයේ මිනිස්සු දුර දිග නොසිතා කරන පව් කම් වල ආදීනව කියාදෙන ලෝ වැඩ සගරාවෙන් බිදකි.....
කරන කලට පව් මිහිරිය මීසේ
විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇදින එ පව් දුර ලන උපදේසේ
නුදුනු මැනවි තුන් දොර අවකසේ
පාපය කරන කාලයෙහි මීපැනි මෙන් මධුරය.එහි දුක්
විදින කල්හි ගිනි මෙන් රුදුරු ය.ඒ පාපය දුරු කරන්න වූ
උපදේශය දැනගෙන කය,වචනය,සිත යන තුන්ද්වාරය පාපයට
අවකාශ නුදුන මැනවි.
සියල් සසර දුක් දුරුකර නොයෙකී
අසල් කරන මොක් සිරිසැප නිසැකී
සියල් සතුනි පින් කරවයි මුනිකී
නොකල් අටෙකි පින්කම් කල නොහකි
සියලු සතුනි,නොයෙක් ආකාර වූ සියලු සසර දුක් නතිකොට
නිසැකවම නිවන් සිරි සැපත ලගා කරන්නා වූ පින් කරවයි
බුදුන් වහන්සේ අපට වදාලේය.එහෙත් කුසල් කිරීමට නොහකි
කාල අටකි.
තිරිසන් ජාතිය උපනත් පව් කොට
අවසන් නොව බිය පවතී පිට පිට
මද සන්සුන් කමකුත් නත හම විට
සල සන්නේ කෙලෙසද සිතු පිනකට
පව් කොට තිරිසන් ජාතියෙහි උපන්නොත් කෙලවරක් නැතිව
නිතොර භය පවත්නේය.සෑම කල්හිම මද සන්සුන් කමකුත් නැත්තේය
එහෙයින් එහි පිනකට සිත යොදන්නේ කෙලෙසද?
උපනොත් පේත් වැ පව් කොට නොපනත්
කලෙ කත් නොලැබෙයි සෙම් සොටු පමනත්
උගුරත් නොතෙමෙයි සුර ගග වැටුනත්
කලෙකත් පින් නොකලැකි මැ යි සිතුනත්
බුද්ධ නියමයට විරුද්ධ වූ පාප කර්ම කොට ප්‍රේතව උපන්නේ නම්
කිසිකලෙක සෙම් සොටු පමනවත් ආහාරයක් නොලැබේ.අහස් ගගේ
වැටුනේ වී නමුත් උගුරවත් නොතෙමෙන්නේ ය.සිතුනේ වී නමුත් එහි
කවර කලෙකත් පින් කිරීමට නොහක්කේ මය.
දිගු පුළුලින් සක්වල සිදු කුස
සියවසකින් උඩ එන කැස්බෑ හිස
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස
තව උපදින්නට බැරි මෙ මිනිස් කුස
දිගින් හා පළලින් සක්වළ වැනි මුහුදෙහි සියක් අවුරුද්දකට
වරක් උඩ එන්නා වූ කැස්බෑවාගේ හිස වියදඩු සිදුරකින් මතු
වෙතත් දුගතියෙ හි උපන්නකු මිනිස් ලොව ඉපදීම ඊටත් වඩා
දුශ්කර වන්නේ ය.
කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙ දෙකෙනි මෙ සසර දුක් දුරැ ලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ
බුදු කෙනෙකුන් උපදින්නේ දිගු කාලයකින් ය.මනුෂ්‍යාත්ම භාවය ලබන්නේ ද
දුකසේ මය.මේ සසර දුක දුරු කරන්නේ මේ කරුනු දෙකිනි.එහේයින් සාදු ජනයෙනි,
මේ දෙක ලැබූ කාළයෙහි වීරිය නොකරන්නේ කිමද?