PDA

View Full Version : යුද හමුදා පනත අනුව හිටපු යුද


nasam
03-28-2010, 01:59 AM
යුද හමුදා පනත අනුව හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණයට කැඳවීමට කිසිදු නීතිමය හැකියාවක් නැහැ - විජේදාස රාජපක්‍ෂ


(http://www.unp.lk/portal_si/index2.php?option=com_content&task=view&id=3687&pop=1&page=0&Itemid=1)
(http://www.unp.lk/portal_si/index2.php?option=com_content&task=emailform&id=3687&itemid=1)
http://www.unp.lk/portal_si/images/news3/wijedasar.jpg








යුද හමුදා පනත අනුව හිටපු යුද හමුදාපතිවරයෙකු වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණයට කැඳවීමට කිසිදු නීතිමය හැකියාවක් නැතැයි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා කොළඹදී ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසීය.

යුද හමුදා පනත වැරදි ලෙස අර්ථකතනය කරමින් ඇති කර තිබෙන නීතියේ ව්‍යකූලතාවය නිරවුල් කිරීම පාර්ලිමේන්තුවේ වගකීම බව පෙන්වා දුන් විජේදාස රාජපක්‍ෂ මහතා ව්‍යාකූලවී තිබෙන නීතිව නිවැරදි ලෙස අර්ථකතනය කිරීමේ අරමුණින් තමා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ බව ද සඳහන් කළේය.


හමුදා නිලධාරියෙකුට හෝ සෙබලෙකුට සිය හිතවතෙකු සමඟ වත් දේශපාලනය කථා කිරීමට නොහැකි බවට කර තිබෙන අර්ථකතනය අනුව ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියළු රණවිරුවන්ගේ ජීවිත විශාල අනතුරකට පත්ව තිබෙන බවද පෙන්වා දුන්නේය.


කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක නිලනිවසේ පැවැති මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ විජේදාස රාජපක්‍ෂ මහතා මෙසේද කීය.


ජනාධිපතිවරණයට අප ඉදිරිපත් කළ පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා භාරයේ රඳවා ගෙන මේ වන විට යුද හමුදා අධිකරණයටද ඉදිරිපත් කර තිබෙනවා.


විශේෂයෙන් හමුදා අධිකරණයකට කැඳවිය හැකි පුද්ගලයින් කවුරුන්දැයි කියා 1949 හමුදා පනතේ 34 වන වගන්තියේ අර්ථ නිරූපනය කර තිබෙනවා.


ඒ අර්ථ නිරූපනයට අනුව යුද හමුදා අධිකරණයට කැඳවිය හැක්කේ සාමාන්‍ය හමුදා නිළධාරින් සහ සොල්දාදුවන් පමණයි. ඒ අනුව මේ දෙපාර්ශවයට ඇතුළත් වන කිසියම් පුද්ගලයෙකු වරදක් කළා යැයි කරුණු හෙළිදරව් වුනොත් ඔහු හමුදා අධිකරණයට කැඳවනවාද නැද්ද කියා තීරණය කිරීමේ බලය තිබෙන්නේ හමුදාපතිවරයෙකුටයි.


මේ තත්ත්යට යටතේ හමුදාපතිවරයා චූදිතයෙකු ලෙස යුද අධිකරණයකට කැඳවිය හැකි බව හමුදා පනත මගින් අර්ථ නිරූපනය කෙරෙන්නේ නෑ. කෙසේ නමුත් මේ හමුදා පනතේ කරුණු පිළිබඳව ව්‍යාකූල තත්ත්වයක් ඇති කර තිබෙන නිසා ඒ සඳහා පැහැදිලි අර්ථ නිරූපනයක් නීතියේ සිද්ධ විය යුතුව තියෙනවා.


මෙබඳු අවස්ථාවක දී නීතිය අර්ථ නිරූපනය කරන්නට අධිකරණයට බලය තිබෙනවා. නමුත් අපේ රටේ අධිකරණ ක්‍රියාදාමය අනුව ඒ සඳහා බොහෝ කාලය ගත වන අතර මේ සිද්ධියට දේශපාලන මැදිහත් වීමක් ද තිබෙනවා.


ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුනා නම් මේ තත්ත්වයට ඔහු පත් නොවන බවට පොදුවේ පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නයට දේශපාලනික වශයෙන් පිළිතුරු දීම ප්‍රජාතන්තවාදී රටක සියළුම දේශපාලන පක්ෂවල වගකීමක් බව කිව යුතුයි.


නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනය වන්නේ පාර්ලිමේන්තුව වන නිසා නීතියේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වුණාම ඒ තත්ත්වය නිරවුල් කිරීම ව්‍යවස්ථාදායකයේ යුතුකම සහ වගකීමයි.


ආරක්‍ෂක අංශයේ යම් නිලධාරියෙකු හෝ සෙබලෙකු සිය හිතවතු සමඟ හෝ දේශපාලන කාරණා ගැන කථා කිරීම බරපතල වරදක් ලෙසට අර්ථ දක්වන තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා.


ඇත්ත වශයෙන්ම ඒ නිලධාරීන් සහ සොල්දාදුවන්ට සිය හිතවතෙකු සමඟ හෝ කථා කිරීම නිතී විරෝධි නම් ඒ අයට ඡන්ද බලය ද භුක්ති විදීමේ හැකියාවක් ඇත්තේ නැහැ. කෙසේ නමුත් කථා කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියල්ලන්ට තහවුරු කර දී තිබෙන නිසා එකී අයිතිය අහිමි කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.


මේ තත්ත්වය ගැන කරුණු පැහැදිලි කිරීම ව්‍යාකූල කළ නීතීය ප්‍රකෘති කිරීම අප සියල්ලන්ගේම වගකීමයි. ඒ අනුව මම පුද්ගලික මන්ත්‍රී වරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.